බුද්ධාගම හා භෞතික විද්‍යාව

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සමුද්දේශ රාමුවට සාපේක්ෂව වස්තුවක චාලක ශක්තිය වෙනස් උනාට සමීකරණය වැරදි කියන්න පුලුවන්ද? අපි පොලවෙ පුටුවක වාඩිවෙලා ඉන්නකොට
පොළවෙ ඉන්න කෙනෙක්ට පේන්නෙ චාලක ශක්තිය 0 වගේ. ඒත් අබ්යවකාශේ ඉඳන් බැලුවොත් එයාට චාලක ශක්තියක් තියෙනව වගේ පෙන්ව. ඒක
අපිට ඔය සුත්‍රයෙන් හොයාගන්න පුළුවන් නේද හරියටම. ශක්ති සංස්ථිතිය වැරදුනොත් පද්දතියක චා.ශ = වි.ශ.වගේ උපකල්පන ඔක්කොම බොරුවෙනව.
සදාචලිත යන්ත්‍රයක් උනත් හදන්න පුළුවන් වෙනව නේද මේ විදියට බැලුවොත්.

නෑ. මං කියන්නේ සාපේක්ශතාවාදයට අනුව යම් ස්කන්ධයක් ඉතා ඉහල වේග වලින් චලිත වන විට එහි ස්කන්ධය ඉහල යනවා. එතකොට අපි ඔය සමීකරණය නිකන් යෙදුවොත් ස්කන්ධයේ වෙනස් වීම සලකන්නේ නැති නිසා වැරදි චාලක ශක්තියක් ලැබෙන්නේ. හරියටම ගනණය කරනවනම් ඒකේ ස්කන්ධයේ වෙනස් වීම අයින්ස්ටයින්ගේ සමීකරණ වලින් ගනණය කරලා ඒ ස්කන්ධයේ අගය mට ආදේශ කරන්න වෙනවා. පහලින් තියෙනෙනේ මේ විචල්‍ය ස්කන්ධය ගනණය කරන සමීකරණය.

Relativistic_Mass_Equation.gif
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඒ කියන්නේ ඔයාගෙන් මේක අහල වැඩක් නෑ. මොකද වීඩියෝ එක හරියට බලල නෙවෙයිනේ කතා කරන්නෙ.
හරියට බැලුවනම් ඔයා "මං හිතන්නේ" කියල කියන්නේ නෑනේ.

අපි මේක වීඩියෝ එක දාපු Madyastha ගෙන්ම අහමු.

මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. මට කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.

බොහොම පිං.

මේක මං බැලුවේ නෑ. ඒත් මං මේ සාකච්ඡාව තියෙන දවසේ එතන හිටියා. :) මට හරියටම මතක නෑ ඒක කිව්වද කියලා.
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    අප මහා බුදු පියාණන් දේශනා කලා "විඥානය විජ්ජාකාරයෙක්, සංඥාව මායාවක්" කියා. ඇහැට පේන්නවත් නැති ෆොටෝන්, ක්වාර්ක්, ප්‍රෝටෝන් "තිබේ" කියා නිත්‍ය සඥාවෙන් අරන් ඒ ගැන ප්‍රවාද හදන එක බුදුන් වදාල ධර්මයට එකඟ ද? විඥානයේ සහ සඥාවේ පිහිටෙන් ගොඩ නගන සෑම විද්‍යාත්මක ප්‍රවාදයකටම ලෝකයේ යතා භූත ස්වභාවය විස්තර කරන්න තියා ඒකට ලං වෙන්න වත් බැහැ. ඒවා ඔක්කෝම නිත්‍ය සඥාවෙන් "ලෝකය තිබේ" කියල අරන් කරන මනෝ විකාර පමණයි.

    මේ අභය වගේ ස්වාමීන්වහන්සෙලාත්, ඒ පසු පස යන අය ගැනත් යමක් කියන්නම්. මේ ගොල්ලන්ගේ අද්‍යාපනය තුල මූලික විද්‍යාව හදරලා නැති කම ලොකු අඩුවක්. උදාහරණයකට උපපරමානුක භෞතික විද්‍යාව (Particle Physics) ලංකාවේ ඉන්ජිනියරින් ෆැකල්ටිවල උගන්නන්නේ නැහැ. අනිත් එක ඒ නැති අඩුව පුරවගන්න ගොඩක් පොත්පත් හෝ ඉන්ග්‍රීසි දැනුම නැති කමත් නිසා බුද්ධාගම අර තමන්ට "ආගන්තුක" විද්‍යාවට තුල "වැලිඩේට්" කරගන්න මේ අයට ලොකු හීනමානයක් තියෙනවා. ඒකෙන් මේ ගොල්ලන්ගේ අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙනවා. එකක් තමන් ඇත්තටම නොදන්න ( ඒ නිසාම ලංකාවේ බහුතරයකට ආගන්තුක කියල ඒ ගොල්ල හිතන ) විද්‍යාවක් දන්නවා කියලා පිරිසක් ඉදිරියේ පොර වෙන්න ලැබීම. අනිත් එක බුද්ධාගමට "සයන්ටිෆික් වැලිඩේශන් එකක්" අරන් දුන්නේ අපි, කොහොමද අපේ ඥානය , දැනුම කියලා පොරක් වෙන එක. ඇත්තම කතාව මේ ගොල්ල කරන වැඩෙන් වෙන්නේ බුද්ධ වචනය විද්‍යාවට යට කරන එකයි.

    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මං මාන්කඩවල සුදස්සන හිමියන්ගේ බණ අසා නැහැ. ඉහත ඔබතුමා කියල තියෙන දේවල් දැක්කම උන්වහන්සේගේ දේශනාවන් අහන්න හිතුනා.
    ඒ ඔබතුමා කියල තියෙන්නේ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනාවලින් අහපු ආකාරයටද නැතිනම් ත්‍රිපිටකයේ තැනකින් උපුටාගෙනද කියල කියන්න පුලුවන්ද?

    මාන්කඩවල හිමියන් ත්‍රිපිටකයෙන් පරිභාහිරව යමක් කියවනවානම් ඒක පැහැදිලිව කියනවා. ත්‍රිපිටකයම පදනම ලෙස අරන් තමයි එතුමා දේශනා කරන්නේ. මම බොහෝ විට සදහන් කරන්නේ එතුමාගේ බන දේශනා වල කරුනු තමයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අප මහා බුදු පියාණන් දේශනා කලා "විඥානය විජ්ජාකාරයෙක්, සංඥාව මායාවක්" කියා. ඇහැට පේන්නවත් නැති ෆොටෝන්, ක්වාර්ක්, ප්‍රෝටෝන් "තිබේ" කියා නිත්‍ය සඥාවෙන් අරන් ඒ ගැන ප්‍රවාද හදන එක බුදුන් වදාල ධර්මයට එකඟ ද? විඥානයේ සහ සඥාවේ පිහිටෙන් ගොඩ නගන සෑම විද්‍යාත්මක ප්‍රවාදයකටම ලෝකයේ යතා භූත ස්වභාවය විස්තර කරන්න තියා ඒකට ලං වෙන්න වත් බැහැ. ඒවා ඔක්කෝම නිත්‍ය සඥාවෙන් "ලෝකය තිබේ" කියල අරන් කරන මනෝ විකාර පමණයි.

    මේ අභය වගේ ස්වාමීන්වහන්සෙලාත්, ඒ පසු පස යන අය ගැනත් යමක් කියන්නම්. මේ ගොල්ලන්ගේ අද්‍යාපනය තුල මූලික විද්‍යාව හදරලා නැති කම ලොකු අඩුවක්. උදාහරණයකට උපපරමානුක භෞතික විද්‍යාව (Particle Physics) ලංකාවේ ඉන්ජිනියරින් ෆැකල්ටිවල උගන්නන්නේ නැහැ. අනිත් එක ඒ නැති අඩුව පුරවගන්න ගොඩක් පොත්පත් හෝ ඉන්ග්‍රීසි දැනුම නැති කමත් නිසා බුද්ධාගම අර තමන්ට "ආගන්තුක" විද්‍යාවට තුල "වැලිඩේට්" කරගන්න මේ අයට ලොකු හීනමානයක් තියෙනවා. ඒකෙන් මේ ගොල්ලන්ගේ අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වෙනවා. එකක් තමන් ඇත්තටම නොදන්න ( ඒ නිසාම ලංකාවේ බහුතරයකට ආගන්තුක කියල ඒ ගොල්ල හිතන ) විද්‍යාවක් දන්නවා කියලා පිරිසක් ඉදිරියේ පොර වෙන්න ලැබීම. අනිත් එක බුද්ධාගමට "සයන්ටිෆික් වැලිඩේශන් එකක්" අරන් දුන්නේ අපි, කොහොමද අපේ ඥානය , දැනුම කියලා පොරක් වෙන එක. ඇත්තම කතාව මේ ගොල්ල කරන වැඩෙන් වෙන්නේ බුද්ධ වචනය විද්‍යාවට යට කරන එකයි.

    "ඇහැට පේන්නවත් නැති ෆොටෝන්, ක්වාර්ක්, ප්‍රෝටෝන් "තිබේ" කියා නිත්‍ය සඥාවෙන් අරන්"
    මේක ගොන් කතාවක්. මේ විඥ්ඥානය රහතන් වහන්සේලාටත් තියෙනවා. උදාහරණයක් ලෙස හිතන්න රහතන් වහන්සේ කෙනෙක් අඹ ගහක් දැක්කා කියලා. රහතන් වහන්සේටත් ඒ දැක්ක දේ අඹ ගහක් කියලා හඳුනාගන්නවා. මේක වෙන්නේ අව්‍යාකුත පටිච්චසමුප්පාදයෙන්. මෙහෙම හඳුනාගැනීම කෙලෙස් නෙවෙයි.
    ඒ වගේම ඒ රහතන් වහන්සේ දන්නවා තමන් ඒ දැක්ක දේ අඹ ගහක් කියලා හඳුනාගත්තේ සමාජ සම්මුතියකට සාපේක්ෂව. සමාජ සම්මුතියේ තියෙනවා මේ වගේ කොළ තියෙන, මේ විදියේ ගෙඩි එන ගහකට කියන්නේ අඹ ගහක් කියලා. ඉතින් රහතන් වහන්සේත් මේක අඹ ගහක් කියලා හඳුනාගන්නේ ඒ සමාජ සම්මුතියට සාපේක්ෂව.

    "ඒවා ඔක්කෝම නිත්‍ය සඥාවෙන් "ලෝකය තිබේ" කියල අරන් කරන මනෝ විකාර පමණයි. "
    ලෝකය මගේ කියලා නිත්‍ය සංඥාවෙන් ගන්න නම් ඒ ගන්න සිතිවිල්ල තුල රාගයක්, ද්වේශයක් හෝ මෝහයක් තිබිය යුතුමයි. ඒසේ නොවන සිතිවිලි සියල්ල නැතිකරොත් අසඤ්ඤ වෙලා අසඤ්ඤ බ්‍රහ්ම තලයට යනවා. අසඤ්ඤ බ්‍රහ්ම තලය කියන්නේ ශරීරයක් පමණක් ඇති නමුත් සිතක් නොමැති උපතක්. (රූපය ඇති නමුත් නාමය නැති ) මේ අසඤ්ඤ බ්‍රහ්ම තලයේ ආයුෂ කල්ප 64ක්. ඉතින් ඔය වගේ ගොන් ක්‍රම අනුගමනය කරලා මේකට ගියොත් මීට පසු පහල වන බොහෝ බුදුවරුත් මඟහැරුනට පස්සේ තමයි ආයේ එන වෙන්නේ.

    "උදාහරණයකට උපපරමානුක භෞතික විද්‍යාව (Particle Physics) ලංකාවේ ඉන්ජිනියරින් ෆැකල්ටිවල උගන්නන්නේ නැහැ."
    ඉතින් හරි ඔබ මේවා හදාරලා තියෙනවද? අනික තමයි ඕවා ඔක්කොම හදාරලා ආපු කෙනෙක් ආවත් කියන්නේ ඔය ටිකම තමයි.

    "එකක් තමන් ඇත්තටම නොදන්න ( ඒ නිසාම ලංකාවේ බහුතරයකට ආගන්තුක කියල ඒ ගොල්ල හිතන ) විද්‍යාවක් දන්නවා කියලා පිරිසක් ඉදිරියේ පොර වෙන්න ලැබීම. අනිත් එක බුද්ධාගමට "සයන්ටිෆික් වැලිඩේශන් එකක්" අරන් දුන්නේ අපි, කොහොමද අපේ ඥානය , දැනුම කියලා පොරක් වෙන එක."
    ගොන් ටෝක් දාන්න එපා. අභය හිමි මේ දේවල් ඉදිරිපත් කරන්නේ පොර වෙන්න නෙවෙයි. අපි ඕන කෙනෙක් දන්න දෙයක් තමයි අද සමාජයේ ඉන්න බොහෝ පිරිස් බුදුදහම ගැන සැකයෙන් ඉන්නේ. බොහෝ පිරිස් දැන් බුදුදහම කියන්නේ පරන වෙලා ගිය දහමක් කියලා හිතනවා. හිතලා බලන්න දැන් මිනිහෙක් පංසලකටවත් යනවද කියලා. සමහර උගත් ගැයි සම්මත පිරිස් දැන් බුදුදහමේ එන මූලික ඉගැන්වීම් වන කර්මය, නැවත ඉපදීම, අපාය, දිව්‍ය ලෝකය වගේ සංකල්ප විහිළුවට ලක් කරමින් මේවා නැතැයි හඬ නගනවා. ඉතින් මේ ආකාරයට ඔය කිව්ව වගේ මහා Partical Physics PHD තියෙන අය අද ඉන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ. දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක් අනිවර්යයෙන්ම මරණින් මතු අපාගත වනවාමයි. ඉතින් මෙහෙම විද්‍යාවෙන් ඔලුව උදුම්මාගත් පිරිස් ඉද්දි ඒ අයගේ මිත්‍යා දෘෂ්ටිය බිඳින්න පාවිච්චි කරන්න වෙන්නේ ඒ අයගේ විද්‍යාවම තමයි. නැතුව පොර වෙන්න හදනවා නෙවෙයි.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ විඥ්ඥානය රහතන් වහන්සේලාටත් තියෙනවා.

    අරහතුන් වහන්සේලා විඥ්ඥානයෙන්(විකෘති වූ ඥානය ) කටයුතු කරන්නෙ නෑ.අරිහත් බවට පත්වීමත් සමගම විඥ්ඥානය මියැදෙනව.නැවත විඥ්ඥානයක් හටගන්නෙ නෑ.අරහතුන් වහන්සේ තුල පවතින්නෙ ප්‍රඥ්ඥාවයි(ප්‍රකෘති ඥානය ).උන්වහන්සේලා හැමවිටම පවත්වන්නෙ ක්‍රියාසිත් පමණයි.ක්‍රියාසිත් සංචේතනා වලින් තොරයි.ඒ කියන්නෙ රාග ද්වේශ මෝහ වලින් වෙන්වූ සිත්.එසේ වන්නෙ උන් වහන්සේලා තුල ආයතන වෙනුවට ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන නිසා.අරහතුන් වහන්සෙත් ඇහෙන් රූප දකිනව.කනෙන් ශබ්ද අහනව.පිරිනිවන් පාන තුරුම සියලු ඉන්ද්‍රියන් භාවිත කරනව.නමුත් ඒ ඉන්ද්‍රිය වලට එන අරමුණු දිගේ රෝද ගසමින් සංචේතනා පවත්වන්නෙ නෑ.ඒ නිසා නැවත විඥ්ඥානයක් හටගන්නෙ නෑ.
     
    "අරහතුන් වහන්සෙත් ඇහෙන් රූප දකිනව.කනෙන් ශබ්ද අහනව"

    මේකට තමයි අව්‍යාකුත පටිච්චසමුප්පාදයේ විඥ්ඥානය (consciousness) කියන්නේ. මේක කෙලෙස් රහිත විඥ්ඥානයක්. අව්‍යාකුත පටිච්චසමුප්පාදය ටිකක් හදාරලා බලන්න.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "අරහතුන් වහන්සෙත් ඇහෙන් රූප දකිනව.කනෙන් ශබ්ද අහනව"

    මේකට තමයි අව්‍යාකුත පටිච්චසමුප්පාදයේ විඥ්ඥානය (consciousness) කියන්නේ. මේක කෙලෙස් රහිත විඥ්ඥානයක්. අව්‍යාකුත පටිච්චසමුප්පාදය ටිකක් හදාරලා බලන්න.

    කෙලෙස් රහිත වූ විට විඥ්ඥානයක් හටගැනීම සිදුවෙන්නෙ නෑ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කෙලෙස් රහිත වූ විට විඥ්ඥානයක් හටගැනීම සිදුවෙන්නෙ නෑ.

    වෙනවා. කෙලෙස් සහිත එකට ඇත්තටම කියන්නේ අභි විඥ්ඥාන කියලා. ඒ කියන්නේ රාග විඥ්ඥාන, ද්වේෂ විඥ්ඥාන හා මෝහ විඥ්ඥාන.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වෙනවා. කෙලෙස් සහිත එකට ඇත්තටම කියන්නේ අභි විඥ්ඥාන කියලා. ඒ කියන්නේ රාග විඥ්ඥාන, ද්වේෂ විඥ්ඥාන හා මෝහ විඥ්ඥාන.

    ඥානය විකෘති වූ විට,ඥානයෙන් වෙන්වූ විට වි+ඥ්ඥා.ඥානය ප්‍රකෘති වූ විට ප+ඥ්ඥා.බුදු පසේබුදු අරිහත් බුදු යන සියලු බුදුවරුන් සතුව ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රඥ්ඥා මිසක් විඥ්ඥා නොවෙයි.නමුත් සියලු පෘතක්ජනයො කටයුතු කරන්නෙ විඥ්ඥානයෙන්
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විඥ්ඥානයට පැවැත්ම පවත්වගෙන යාමට ආහාර අවශ්‍යයි.රාග ද්වේශ මෝහ කියන්නෙ විඥ්ඥානයෙ ආහාර.ආහාර නොමැති වූ විට විඥ්ඥානයට පැවැත්ම පවත්වාගෙන යාමට නොහැකි වෙනව.එවිට විඥ්ඥානය මියැදෙනව.විඥ්ඥානය මියයාමත් සමගම ඥානය ප්‍රකෘති තත්වයට පත්වෙනව.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විඥ්ඥානයට පැවැත්ම පවත්වගෙන යාමට ආහාර අවශ්‍යයි.රාග ද්වේශ මෝහ කියන්නෙ විඥ්ඥානයෙ ආහාර.ආහාර නොමැති වූ විට විඥ්ඥානයට පැවැත්ම පවත්වාගෙන යාමට නොහැකි වෙනව.එවිට විඥ්ඥානය මියැදෙනව.විඥ්ඥානය මියයාමත් සමගම ඥානය ප්‍රකෘති තත්වයට පත්වෙනව.

    හඳුනාගැනීමේ විඥ්ඥානය රහතුන්ටත් තියෙනවා. ඒකට කැමති වචනයක් දාගන්න.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    හඳුනාගැනීමේ විඥ්ඥානය රහතුන්ටත් තියෙනවා. ඒකට කැමති වචනයක් දාගන්න.

    ඥානය - සැමටම ඇත
    ප්‍රඥ්ඥානය - අරිහතුන් වහන්සේලාට පමණක් ඇත
    විඥ්ඥානය - පෘතක්ඥන අය භාවිතා කරන එක

    ඔය තුන තිපරිවට්ටයක්.

    අනිකුත් තිපරිවට්ට මොනවද? මෙතනින් දැනගන්න -> තිපරිවට්ටය

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඥානය - සැමටම ඇත
    ප්‍රඥ්ඥානය - අරිහතුන් වහන්සේලාට පමණක් ඇත
    විඥ්ඥානය - පෘතක්ඥන අය භාවිතා කරන එක

    ඔය තුන තිපරිවට්ටයක්.

    අනිකුත් තිපරිවට්ට මොනවද? මෙතනින් දැනගන්න -> තිපරිවට්ටය

    හරි. රහතන් වහන්සේ ගහක් දැක්කම, ඒක ගහක් විදියටෙ හඳුනාගන්නේ නැද්ද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    හරි. රහතන් වහන්සේ ගහක් දැක්කම, ඒක ගහක් විදියටෙ හඳුනාගන්නේ නැද්ද?

    අරිහතුන් වහන්සේට තේරෙනවා, හදුනා ගන්නවා. නමුත් ඇලීමකින් සහ ගැටීමකින් තොරව.

    උදාහරණ

    - අර පොල් ගහ හරි සරු පටයි - ඇලීමක්
    - මේ ගහ හරි කරදරයක් මට - ගැටීමක්

    ඔය දෙකම නැහැ. උත්තමයෝ ඉන්නේ උපේඛා සිතකින්.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    අරිහතුන් වහන්සේට තේරෙනවා, හදුනා ගන්නවා. නමුත් ඇලීමකින් සහ ගැටීමකින් තොරව.

    උදාහරණ

    - අර පොල් ගහ හරි සරු පටයි - ඇලීමක්
    - මේ ගහ හරි කරදරයක් මට - ගැටීමක්

    ඔය දෙකම නැහැ. උත්තමයෝ ඉන්නේ උපේඛා සිතකින්.

    එහෙනං ඔය ගහක් කියලා හඳුනාගන්න එකට තමයි අව්‍යාකුත පටිච්චසමුප්පාදයේ සංකාර, විඥ්ඥාන කියලා කියන්නේ. අභය හිමිගේ බණ ටිකක් අහන්න.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113

    1 - කුසල මුල පටිච්ච සමුප්පාද ධර්මය -> ප්‍රඥ්ඥාව -> ක්‍රියා සිත් නිපදනවා (අරිහත්)

    2 - අවිද්‍යා මුල සමුප්පාද ධර්මය -> විඥඥාව -> සංකාර සිත් නිපදනවා

    අරිහතුන් වහන්සේලා සංකර සිත් නිපදනවන්නේ නැහැ. ඒ අය නිපදවන්නේ ක්‍රියා සිත්.

    සංකාර (අභි-සංකාර) කියෙන්නේ යමී කිසි පෙලිමක්. නැවත, නැවත සිතීමක්. ඒක වෙන්නේ රාගය, මෝහය හෝ ද්වේශය තියන අයට පමණයි.

    ක්‍රියා සිත් කියලා වචනයක් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ?

    අව්‍යාකුත පටිච්චසමුප්පදය කියන්නේ කෙලෙස් වලින් තොරව බාහිර ලෝකය (පංචස්කන්දය ) තේරුම් ගැනීම සඳහා පමණක් අවශ්‍යව පචිච්චසමුප්පදයයි.
    උදාහරණයක් ලෙස ගන්න ඔබ යම්කිසි රූපයක් දැක්කා කියලා (ගසක් ). අව්‍යාකුත පටිච්චසමුප්පාදයෙන් කරන්නේ ඒ ඔබ දුටුවේ ගසක් කියන එක තේරුම් ගැනීමයි. මේ ආකායරට දකින රූපය හඳුනාගැනීම නැවත් නැවත ඉපදීමට හේතුවන කෙලෙස් නෙවෙයි. මේසේ හඳුනාගත් රූපය නැවත අවිද්‍යාවෙන් (කැමැත්ත ඉෂ්ට කරන සාර දෙයක් යැයි ගැනීම ) ගැනීමෙන් නැවත කෙලෙස් සහිත පටිච්චසමුප්පාදය පටන් ගන්නවා. මේ මොහොතේ දුක ඇතිකරන ක්‍රියාවලිය වෙන්නේ මේ අවිද්‍යාවෙන් සංකාර කරන ක්‍රියාවලියයි.

    පළමුව අව්‍යාකුතව (කෙලෙස් වලින් තොරව )
    සංස්කාර
    විඥ්ඥාන
    නාම
    ඡට්ටායතන
    ඵස්ස
    වේදනා
    භව

    ඉන් පසු (කෙලෙස් සහිතව)
    අවිද්‍යා
    සංස්කාර
    විඥ්ඥාන
    නාම රූප
    සලායතන
    ඵස්ස
    වේදනා
    තන්හා
    උපාදාන
    භව
    ජාති
    ජරා

    අව්‍යාකුත පටිච්චසමුප්පදය රහතන් වහන්සේලාටත් තියෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදුනොත් පමණක් මේ ක්‍රියාවලියත් නවතිනවා. එසේනම් දුකින් මිදීම සඳහා අප දුරු කල යුත්තේ මේ අවිද්‍යාවයි. සියළු ආස්වාදයක් අනිච්ඡ, දුක්ඛ, අනත්ත ලෙස දකින්නේ මේ සඳහායි.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    ක්‍රියා සිත් කියලා වචනයක් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ?

    ත්‍රිපිටකයේ තියෙන තැන හොයන්න ඕනෙ. දැනට මේක කියවන්න.

    "ක්‍රියා සිත්, සංකාර සිත් හෝ අව්‍යාකත සිත්" හට ගන්නේ කෙසේද​?

    ඒකනෙ කිව්වෙ අර බුද්ධෝසෝ භගවා බෝදියාමි ධම්මං දේසේති, සංතෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති, දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේසේති, තින්නෝසෝ භගවා තරනයාමි ධම්මං දේසේති, පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බනයාමි ධම්මං දේසේති. එතකොට මේකෙ තේරුම තමා අර ක්‍රියා සිත් පැවැත්වීම කියන එක. ඔය කරුණු 5හේම තියනව .ඉතින් ඒක නිසා මේ ක්‍රියා සිත් පවත්වන පුද්ගලයා තමන් අවබෝධ කරගත් ධර්මය තමන් නිවුණු බව, ඒ නිවීම අනිත් අයටත් ඒ නිවීමට මග පාදා දෙනව. ඒකයි ක්‍රියා සිත්. -> මෙතැන කියවන්න