ඒකත්_හබක් වගේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒකත්_හබක් වගේ

    ශ්‍රී ලංකාවට ඍජු රැකියා අවස්ථා 22,460ක් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දී අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තශාලා 34ක් අරඹා, බටහිර රටවල සමාගම් 22ක සහභාගීත්වයෙන් සිලෝන් හයිස්පිඩ් රේල්වේස් සමාගම යුරෝපා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා මෙරටට අහිමිවී වියට්නාම් රජයට යෑමේ අවදානමක් මතුවී ඇතැයි එම සමාගම අනතුරු හඟවයි.

    ඩොලර් මිලියන 537ක ආයෝජනයකින් ඇරැඹීමට බලාපොරොත්තු වන මෙම විදේශ ආයෝජනයෙන් අපේක්ෂිත ඍජු විදේශ ආදායම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බවත්, 2016 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට භාර දුන් එම ව්‍යාපෘතියේ ආයෝජන අනුමැතිය සඳහා වූ අයැදුම්පත සහ ව්‍යාපෘති යෝජනාව පිළිබඳව මෙතෙක් විධිමත් පියවරක් ගෙන නොමැති බවත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. අවස්ථාවන් ගණනාවකදී ආයෝජන මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසූ විට එම අයැදුම්පත ස¼දහා ජාතික ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ අනුමැතිය හා ආර්. පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “සින්ගල් වින්ඩෝ” කමිටුවේ අනුමැතිය අවශ්‍ය බව පැවැසූ බවද ඇය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි උත්සාහයක යෙදෙන පසුබිමක ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය 2017.08.18 දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමුකර ඇතත් එය ආයෝජන මණ්ඩලයේ හිරවී ඇති බවද ඇය පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය 2017.09.24 සහ 2017.09.25දා තමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාටත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යවන ලද ලිපිවලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි.

    ඇය සඳහන් කරන ආකාරයට එම සමාගම් සමූහයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අධිවේගී විදුලි දුම්රියයන් නිෂ්පාදනය කොට යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව හා ආසියාවේ සමහර රටවලට අපනයනය කිරීමයි.

    එමෙන්ම එම ව්‍යාපෘති යෝජනාවට අනුව අධිවේගී විදුලි දුම්රියයන්ට අමතරව සියලුම වර්ගයේ ලොකෝමෝට්විස්, ට්‍රෑම්ස්, මෙට්ට්‍රොස්, වැගන්, නගරාන්තර දුම්රියයන්, බහාලුම් ගැල්, නිදන මැදිරි නිෂ්පාදනය, දුම්රිය මාර්ග ඉදිකිරීම, ආරක්ෂක උපාංග නිෂ්පාදනය, වානේ පාලම් නිෂ්පාදනය, දුම්රිය මාර්ග නිරීක්ෂණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා පූර්ණ විසඳුම් ගැනුම්කරුවන්ට ලබාදෙන බවද අනුෂ්කා රේණු මහත්මිය සඳහන් කරයි. දුම්රිය ගේට්ටු 1000ක් නොමිලයේ සවිකිරීම ඊට ඇතුළත් වෙයි.
    මෙවැනි සමාගමක් පිහිටුවීමට තම යුරෝපීය ආයෝජකයන් තීරණය කළේ ඉදිරියේදී ලෝක දුම්රිය වෙළඳපොළට චීනයේ ඛ්අඅඛ් දුම්රිය නිෂ්පාදන සමාගමෙන් සිදුවිය හැකි තරගකාරිත්වයට මුහුණදී තම වෙළෙඳපොළ රැක ගැනීමට බව එහි යුරෝපා අධ්‍යක්ෂ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දෙයි.

    මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කර්මාන්තකරණයෙන් දූෂණය නොවූ කන්‍යා ගණයේ රටක්වීම, මෙරට බුද්ධිමය දේපළ නීතිය ඉතා දැඩි හා බලවත් වීම, ලංකාව අනිකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් අස්සන් කර තිබීම, ලංකාවේ සුහද විදේශ ප්‍රතිපත්තිය, ලංකාව ලෝකයේ කළු ලියවිල්ලක් සටහන් නොවූ පිරිසුදු රටක් වීම, සිවිල් යුද්ධය අවසන්වී සාමාකාමී වාතාවරණයක් නිර්මාණය වීම, දේශපාලනික ස්ථාවර භාවය හා ශ්‍රමිකයන් තාක්ෂණික වශයෙන් දියුණු කිරීමට හැකිවීම යන කරුණුය.

    මීට අමතරව ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවන මෙම ව්‍යාපෘතිය වෙනත් රටකට යෑමට නොදී එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.

    – Info Sri Lanka News

    • Like
    Reactions: pga
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල>>>>>ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.
    මිට කලින් විෂය බාර ඇමතිව දැනුවත් කොරන්න ඕනි නේද ? හරිනන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ ඉන්න සොන්න ජැක් කාරයොන්ටයි,මානසික ලෙඩ්ඩුන්ටයි,මුලත් හපයොන්ටයි මොන හයිස්පිඩ් ට්‍රේන්ද බන්.:rofl:ඕවා යකෝ ඕන මනසින් දියුණු තැනක හැසිරෙන්න දන්න උන්ට.අපේ උන් ඕක මාසෙන් විනාස කරලා දයි.පේන්නේ නැද්ද බස් වල කෝච්චි වල කුරුටු ගාලා තියෙන හැටි:growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ ඉන්න සොන්න ජැක් කාරයොන්ටයි,මානසික ලෙඩ්ඩුන්ටයි,මුලත් හපයොන්ටයි මොන හයිස්පිඩ් ට්‍රේන්ද බන්.:rofl:ඕවා යකෝ ඕන මනසින් දියුණු තැනක හැසිරෙන්න දන්න උන්ට.අපේ උන් ඕක මාසෙන් විනාස කරලා දයි.පේන්නේ නැද්ද බස් වල කෝච්චි වල කුරුටු ගාලා තියෙන හැටි:growl:

    අලුත් රටක ඉදිරියට යන්න හිතන එල බුවෙක්........
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ලංකාවේ ඉන්න සොන්න ජැක් කාරයොන්ටයි,මානසික ලෙඩ්ඩුන්ටයි,මුලත් හපයොන්ටයි මොන හයිස්පිඩ් ට්‍රේන්ද බන්.:rofl:ඕවා යකෝ ඕන මනසින් දියුණු තැනක හැසිරෙන්න දන්න උන්ට.අපේ උන් ඕක මාසෙන් විනාස කරලා දයි.පේන්නේ නැද්ද බස් වල කෝච්චි වල කුරුටු ගාලා තියෙන හැටි:growl:

    මුලින්ම මෙන්න මේ වගේ උන්ගේ වලිගේ කපලා අමුඩේ ගලවලා කලිසමක් අන්දවලා ගන්න ඕන.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත් රටක ඉදිරියට යන්න හිතන එල බුවෙක්........

    රට අලුත් වෙලා වැඩක් තියෙනවද ඕයි රටේ ඉන්නේ ගොන් හරක් නම්?ඉන්දියන් උන් හොදයි අපේ උන්ට වඩා.උන්ට අඩු ගානේ උන්ගේ රටේ දේවල් ගැන උන්ගේ ජාතිය ගැන හරි ආඩම්බරයක් තියෙනවා.අපේ උන්ගෙන් අහලා බලපියකෝ රටේ තියෙන වැදගත් තැනක් ගැන.:rofl:සුද්දන්ගේ රටවල් ගැන දන්නවා තමන්ගේ රට ගැන දන්නේ නැහැ.එහෙම උන්ට මොන හයිස්පීඩ් ද බන්.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුලින්ම මෙන්න මේ වගේ උන්ගේ වලිගේ කපලා අමුඩේ ගලවලා කලිසමක් අන්දවලා ගන්න ඕන.

    මම ඕන නැහැ.තොපේ මහ එකා උගේ පාලන කාලේ ඒක කරානේ තොපි වගේ හාල්පාරුවන්ට.ඒකනේ ඔය තාමත් එනකන් බලන් ඉන්නේ උගේ දුන්තෙල් බත් දන්සලට ගිහින් ගිලින්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ඉන්න සොන්න ජැක් කාරයොන්ටයි,මානසික ලෙඩ්ඩුන්ටයි,මුලත් හපයොන්ටයි මොන හයිස්පිඩ් ට්‍රේන්ද බන්.:rofl:ඕවා යකෝ ඕන මනසින් දියුණු තැනක හැසිරෙන්න දන්න උන්ට.අපේ උන් ඕක මාසෙන් විනාස කරලා දයි.පේන්නේ නැද්ද බස් වල කෝච්චි වල කුරුටු ගාලා තියෙන හැටි:growl:

    නිදහස් අධ්‍යාපනය ගේන කොටත් සමහරු එහෙම කිව්වා.දැන් ඕක නොකෙරෙන නිසානෙ උඹ ඔහොම කියන්නේ,හදිස්සියෙ වත් ඕක කළා නම් මෙතන 50යි,උඹයි,monsonනුයි තරගෙට thread දාවි:rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නිදහස් අධ්‍යාපනය ගේන කොටත් සමහරු එහෙම කිව්වා.දැන් ඕක නොකෙරෙන නිසානෙ උඹ ඔහොම කියන්නේ,හදිස්සියෙ වත් ඕක කළා නම් මෙතන 50යි,උඹයි,monsonනුයි තරගෙට thread දාවි:rofl::rofl:

    මට ඕක කරත් එකයි නොකරත් එකයි.මම කිව්වේ ලංකාවේ ඉන්න අපතයෝ ගැන.මැනර්ස් කියලා නාමයක් තියෙන උන්ද.:baffled:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මට ඕක කරත් එකයි නොකරත් එකයි.මම කිව්වේ ලංකාවේ ඉන්න අපතයෝ ගැන.මැනර්ස් කියලා නාමයක් තියෙන උන්ද.:baffled:
    ane ubawath manners kiyala deepanko munta
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට ඕක කරත් එකයි නොකරත් එකයි.මම කිව්වේ ලංකාවේ ඉන්න අපතයෝ ගැන.මැනර්ස් කියලා නාමයක් තියෙන උන්ද.:baffled:

    ඔය කොරියාවේ මීට අවුරුදු 30/40 කලින් හිටියෙත් මේ වගේ මිනිස්සු තමයි,තාමත් ඒ පරම්පරාව ඉන්නවා,නමුත් වෙනසක් වෙලා නැද්ද ඒ රටේ,:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය කොරියාවේ මීට අවුරුදු 30/40 කලින් හිටියෙත් මේ වගේ මිනිස්සු තමයි,තාමත් ඒ පරම්පරාව ඉන්නවා,නමුත් වෙනසක් වෙලා නැද්ද ඒ රටේ,:yes:

    :rofl:ඒ කොරියාවේ.උබ කොරියන් උන්ට ලංකාවේ බත් ගොට්ටන්ටද කම්පෙයාර් කරන්නේ.:rofl::rofl:බලපන් ලංකාවේ පිරිමි කී දෙනෙක් ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්නවද කියලා.ගෑණු තමා උන්ට කන්න දෙන්නෙත්.මේකෙම ත්‍රෙඩ් කීයක් යනවද සල්ලි තියෙන කෙල්ලෝ සෙට් කරගන්න ක්‍රමයක් ගැන අහලා.උබ කියන්නේ ඒ වගේ කම්මැලි ගෑණුන්ගෙන් කන පොන්නයෝ එක්ක රටක් දියුණු කරන්න පුළුවන් වෙයි කියලද.
     
    96g9wh.png

    :P:P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rofl:ඒ කොරියාවේ.උබ කොරියන් උන්ට ලංකාවේ බත් ගොට්ටන්ටද කම්පෙයාර් කරන්නේ.:rofl::rofl:බලපන් ලංකාවේ පිරිමි කී දෙනෙක් ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්නවද කියලා.ගෑණු තමා උන්ට කන්න දෙන්නෙත්.මේකෙම ත්‍රෙඩ් කීයක් යනවද සල්ලි තියෙන කෙල්ලෝ සෙට් කරගන්න ක්‍රමයක් ගැන අහලා.උබ කියන්නේ ඒ වගේ කම්මැලි ගෑණුන්ගෙන් කන පොන්නයෝ එක්ක රටක් දියුණු කරන්න පුළුවන් වෙයි කියලද.

    Sharma හිටිය නම් උඹට උත්තර දේවි ලංකාවේ කෙල්ලො ගැන:P
    උඹ පිළිගන්න කැමති නෑ,මේක අපිට නැති වෙන්නේ රජයේ වැරැද්ද නිසා කියලා
    ඒකයි මෙතන වැල් බයිලා ගහන්නේ
     
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයාගේ නොසැලකිල්ල>>>>>ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරයි.
    මිට කලින් විෂය බාර ඇමතිව දැනුවත් කොරන්න ඕනි නේද ? හරිනන්

    හොඳ වැඩේ ඇමැතිතුමා ඇවිත් rep කපලා :P

    ඇමැටි තුමත් මේක ඉන්නවද ?
    :rolleyes:
     
    • Like
    Reactions: sidathsaumya