Elakiri Film Makers Club
අළුත් වැඩක් පටන් ගන්න කියල හිතුණා. කාලීන වගේම හැමෝටම වැදගත් මාතෘකාවක් කතාබහට ලක් කරන්නයි ප්‍රධාන අරමුණ උණේ. මාතෘකාව දැක්කහම අදහසක් එන්න ඇතිනේ මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා.
ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට/ටෙලි නාට්‍යය කර්මාන්තයට/music video/කෙටි චිත්‍රපට, මේ කියන ඕනෑම ක්ෂේශ්ත්‍රයකට සම්බන්ධ අය කිරියේ ඉන්න පුළුවන්. ඒ වගේම අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න/හීන දකින වගේම මේ ක්ෂේශ්ත්‍රයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න/හීන දකින අය බොහොමයක් ඉන්න පුළුවන්. ඒ හැමෝම වෙනුවෙන් තමා මෙහෙම වැඩක් පටන් කියලා හිතුනේ.
තමන්ට මේ සම්බන්ධව තිබෙන අත්දැකීම්, ප්‍රශ්න වගේ ඕනෑම දෙයක් මේ හරහා සංවාදයට ලක් කරන්න පුළුවන්. රංගනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය, ආලෝකකරණය වගේම මේ සම්බන්ධ ඔබට ඇති තාක්ෂණික ගැටළු වැනි ඕනෑම දෙයක් මෙහිදී කතාබහට ලක් කරන්න පුළුවන්.
එහෙනම් ඔන්න මම ආරම්භයක් අරන් දුන්නා. මෙය ඉදිරියට අරගෙන යාම ඔබට භාරයි. හැමෝටම ජය.
