නොවැම්බර්_19_පෘතුවි_විනාශය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නොවැම්බර්_19_පෘතුවි_විනාශය

    :shocked:ප්ලැනට් X නිසා නොවැම්බර් 19 පෘතුවිය විනාශ වෙයිද ?

    yxftc4D.png


    එළැඹෙන නොවැම්බර් 19 වැනි දින හෝ ආසන්න දිනකදී අබිරහස් “නිබිරු” ග්‍රහ ලෝකය ඝට්ටනය වීම හේතුවෙන් පෘථිවිය විනාශයට පත්වන බව සෞරග්‍රහ මණ්ඩලයේ මතුවන අර්බුද පිළිබඳ මත
    පළකරන න්‍යායවාදීන් කණ්ඩායමක් විසින් අනාවරණය කොට තිබෙනවා.


    මීට පෙරද සැප්තැම්බර් 23 වන දින මේ අන්දමින් ලෝක විනාශය සිදුවන බව ක්‍රිස්තියානි ගණිත ශාස්ත්‍රඥයකු විසින් ප්‍රකාශ කොට තිබිණි. මෙම පුවත මාධ්‍යවල විශාල අවධානයකට ලක්ව ඇති නමුත් නාසා ආයතනය පවසන්නේ එවැන්නක් සිදුවීමට කිසි ලෙසකින් ඉඩ නොමැති බවයි.

    ඉහත මතය පළ කරන න්‍යායවාදීන් පවසන්නේ නොවැම්බර් මස 19ට ආසන්නයේ නිබිරු මත අති ප්‍රබල භූකම්පන රැසක් හට ගන්නා අතර ඒ හේතුවෙන් පෘථිවියේ ජීවය සහමුලින්ම විනාශ වී යන බවයි.

    “ප්ලැනට් ×” යනුවෙන්ද හඳුන්වන නිබිරු අප සෞරග්‍රහ මණ්ඩලයේ අෑත කොනක පිහිටා ඇතැයි පැවැසෙන උපකල්පිත ග්‍රහ ලෝකයක්. එය හිරු වටා වරක් භ්‍රමණය වීම ස¼දහා වසර 3600ක් ගතවන බව සඳහන් වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අර්බුද පිළිබඳ මත පළ කරන න්‍යාය වාදීන් විශ්වාස කරන අන්දමට නිබිරු නම් “රළු ග්‍රහයාගේ” ගුරුත්වාකර්ෂණ බලපෑම මඟින් මීට වසර සිය ගණනකට පෙර ද සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන්ගේ කක්ෂයට බාධා පමුණුවා තිබෙනවා.

    ඊළඟ විනාශකාරී පියවර ඕනෑම අවස්ථාවක සිදුවීමට ඉඩ ඇති බව පවසන එම න්‍යායවාදීන් එය සෘජුවම පෘථිවියේ ගැටීමට හෝ පෘථිවිය මත විනාශකාරී කාලගුණික රටා මතු කරනු ඇතැයි සඳහන් කරනු ලබනවා.

    වසර 20ක පමණ කාලයක සිට මෙම උපකල්පිත ග්‍රහ ලෝකය පිළිබඳ න්‍යායවාදීන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳ නවතම අදහස් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ර්ථීතචදඥබයදඥඹඵ.ජධථ වෙබ් අඩවිය මඟිනුයි. මේ පිළිබඳව අදහස් දක්වන ඔවුහු සඳහන් කරන්නේ මෑත භාගයේ පෘථිවියේ ඇතිවූ භූකම්පන සහ ගිනි කඳු පිපිරීම් ආදියට හේතුව, පෘථිවි කක්ෂයට සමීප වෙමින් පවතින නබිරු ග්‍රහයා විසින් ඇති කළ ගුරුත්වාකර්ෂණ බලපෑම බවයි.

    කෙසේ වුවද මේ පිළිබදව තම අදහස් දක්වන නාසා ආයතනය සඳහන් කරන්නේ න්‍යායවාදීන් විසින් සඳහන් කරන අන්දමේ ලෝක විනාශයක් වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. එසේම නිබිරු නම් ග්‍රහ ලෝකයක් නොමැති බවත් එය හුදු “අන්තර්ජාල මවාපෑමක්” පමණක් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

    “නිබිරු එහෙමත් නැතිනම් ප්ලැනට් × නම් ග්‍රහලෝකය සැබෑවක් නම් සහ එය ඝට්ටනය වීමට පෘථිවිය කරා ඇදී එනවා නම් ගගන විද්‍යාඥයන්, තාරකා ශාස්ත්‍රඥයන් අඩුම ගණනේ ඒ පිළිබඳ යම් හෝඩුවාවක් මීට අවුරුදු 10කටවත් පෙර සොයා ගන්නවා. ඒ වගේම මේ වන විට එය යාන්තමින් හරි පියවි ඇසට පෙනිය යුතුයි. මේ අනුව එහෙම ග්‍රහ ලෝකයක් නැති බව අපට ස්ථීරවම කිව හැකියි.” නාසා ආයතනය එසේ පවසනවා.

    මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රිස්තියානි ගණිත ශාස්ත්‍රඥයකු වන ඩේවිඩ් මීඩ් විසින් 2017 සැප්තැම්බර් 20 හා 23 අතර නිබිරු ග්‍රහයා පෘථිවියේ ඝට්ටනය වන අතර ඒ බව පුරාණ ඊජීප්තු පිරමීඩයක සඳහන්ව තිබූ බව ප්‍රකාශ කොට තිබුණා. නමුත් එය එසේ සිදු වූයේ නැහැ. එසේ වුවත් මෙවැනි මත පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරන බොහෝ සංඛ්‍යාවක් ලොව පුරා සිටිනවා

    ---------------

    Source
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කලින් වතාවේ වගේ ලෝක විනාසෙට කලින් කාලා බීලා පිස්සු කෙලලා අදාළ දවසට පහු වෙනිදා විනාස උනේ නෑ කියල කුං කුං ගායිද දන්නේ නෑ..:rofl:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    දවස් 6න් කෙල්ලෙක් සෙට් කරගන්න විදිය කියපල්ලකො ලෝක විනාසෙට කලින්.. :shocked: