බොහෝ අය "විනය" නැතිනම් "විනය පිටකය" ගැන අහලා තියෙනවා. නමුත් පුරුදු වෙලා තිය්නෙනේ බික්ෂු විනය සදහා යොදා ගන්නා දෙයක් බව. බික්ෂු විනය පොඩි කොටසක් පමණයි.
ඔබ හිතන, කියන, කරන සෑම දෙයකින් යම් විදියකට නය වෙනවා. එසේත් නැතිනම් අනෙත් අය ඔබට නය වෙනවා.
ඔබ වටේ රොක් වෙන අය ඔබත් සමග සංසාර නය ගනු දෙනු තියෙන අය. ඔබට යම් විදියකට ඒ අය කරදර භාදා කරන්න පෙළබි ඇතිනම් ඔබ ඒ අයට නය වෙලා. උදව් කරනවනම් අනෙක් පැත්ත - ඒ අය ඔබට නය ගැතියි. නය ගනු දෙනු තියෙන තාක් කල් සංසාර ගමන නිම කරන්න අමාරුයි.
ඔබේ යුතුකම් නොකරන සෑම් මොහොත්කම ඔබ අනෙක් අයට නය වෙනවා. ඔබ ඔබේ දෙමව්පියන්ට, දු දරුවන්ට, ගමට, ලෝක ප්රජාවට, ස්වභාව ධර්මයට පවා නය වෙනවා යුතුකම් නොකරන අවස්ථාවල.
ඔබ යම් තැනක නොසුදුසු අන්දමින් කුණු කසල විසි කලොත් එතන නය වෙනවා. අසාදාරන අන්දමෙන් මරපු සතෙකුගේ මස් අනුභව කලොත්, එම සතාට නය වෙනවා.
බුදු හාමුදුරුවෝ "විනය" දේශනා කරේ නය වලින් මිදීමේ උපක්රම. ඒ කියන්නේ වි-නය, නැතිනම් නය වලින් මිදීම්.
Last edited:
