කොපි කෙරුව මිස්ලත්
මුව මැරුවා තිස්සත්
උන් උගේම ලෝකෙට
ගුණ ගරුකයි පිස්සත්
අපි හෙලාදකින්නේ
නාය යනවාටත් වඩා වේගෙන්
කදු කඩා වැටෙන්නේ
අපිත් එක්ක පුදුම ආවේගෙන්
ගස් කැපුවා මස් කැපුවා මම
ඉත්තෑවෙක් කෑවා පත්තැයෙක් කෑවා
කවුද මැරුණේ කවුද නොමැරුනේ
ඔය පෝයට වැහුණු මස්කඩ
අමාවකටද ඇරුනේ?
ඇබ්බැහි වෙයන්
අම්මට තාත්තට සලකන්න
කම්මැලි වෙයන්
පොළොවේ ඉදන් අහසට පාවෙන්න
දැන් ඔක්කොම හදේ
හාවා මරන් කාලා ලේ පොරොවෙ
උබල උඩ නිසා
තිස්තුන් කෝටියක්ම දැන් පොළොවේ
ඉස්සර රොටිය පහයි
දැන් විසිපහයි ඉස්කෝලේ කැන්ටිමේ
ඇමතුම ඉස්සුවා දහතුනයි ඉස්සර
දැන් එන ඒවා නොමිලේ
තාක්ෂනය දියුණුයි
බඩට වෙන ආක්රමණ තියුණුයි
අපි කන්නේ මැරෙන්නේ
අකාලේ මැරෙන්න
අපි යන්න හදන්නෙම
අපායේ ඇරෙන්න
කාටවත් අඩගහයිද
අල්ලට කෙල ගහයිද
පොඩි එවුන් මහපාරේ
බොල බලන්නේ
අරූ බල්ලට ගහයිද
මහායාන ථේරවාදී
සුන් ඉෂියා
කතෝලික ක්රිස්තියානි
සිංහල දෙමල මුස්ලිම් ඉංග්රීසි
සුදු කළු තලෙළු
රට පළාත දිස්ත්රික්ක
ප්රාදේශීය කොට්ටාශ
කුල මල වැඩිහිටි පොඩිහිටි
දුප්පත් පෝසත්
පරමාණු දක්වාම බෙදෙන අපේ ජිවිත
කොයි වෙලේද දන්නේ නෑ
දැන් තොග සීමිත
වැඩට යන්න කලින් වැදලා පලයන්
මුනට මුනිච්චි වෙන එකා මුසලනම්
මග ඇරපන්
මල් දාපු වතුර බීපන්
පොල් ගහලා ගස් ගල් වැදපන්
ශිෂ්යත්වේ අසමත්ද
පොඩි එකෝ බොරු කියපන්
පොල් ගහනකොට දෙයියෝ තියා
ගලවත් බලන් නෑ
මැද්දෙන් බිදුනේ නැත්නම්
කසාදෙනුත් වැඩක් නෑ
ගමම මුසලයි
රටම මුසලයි
ඉන්න එවුන්ගේ හිත කුහකයි
උන් කන බතුත් කුහකයි
දන්නවද?
පිස්සව උබට පිස්සෙක්
පිස්සට උබව පිස්සෙක්
මේක යන එකම රවුමක්
උබත් මාත් මේකේ ඉත්තෙක්
අපි කන්නේ මැරෙන්නේ
අකාලේ මැරෙන්න
අපි යන්න පතන්නෙම
අපායේ ඇරෙන්න
විව්ධාකාර රිදෙනාකාර වේදනා
අත්දැකීම් ඕන වෙනවා
ඊලග පාර
උබට හුරු පාර
බොරු පාර
පොඩි කාලේ ඉදන්
බොරු කිව්වා පාර
නිසි පාර
කවුරු කියපුවද
පොත් ලිව්වා එකා හරිද?
ගෙදර බත් ඉව්ව කෙනා හරිද?
උබ තෝරාගත්තද ආගම්?
උබ තෝරාගත්තද කුල?
හිතපන් ආපස්සට
හොයපන් මේකේ මුල
ඇයි උබට බැරි ආදරෙන් පැරදෙන්න?
ඇයි උබට ඕනේ ඒක නිසා වැලලෙන්න?
දැන් බැලුවොත් උන්ගේ කටේ සෙට් වෙලා ගොස්තියට
පොඩි දෙයක් උන ගමන් ඔලු තියනවා කෝච්චියට
හැත්තෑව අසුව අනූව කාලේ මිනිස්සු
බැලුවේ දවසක් හරි ජිවත් වෙන්න
මන්නෙන් කොටද්දී අමුවෙන් පුච්චද්දී
උන් ඇඩුවේ ජීවත්වෙන්න
කළු ජූලි බටලන්ද වදකාගාර
උබේ හිතට අවුල්නම් ගනින් මුලින් ප්රතමාදාර
සිංහලේ යුද්ද ඉල්ලනවා පන්සලේ
රණවිරුවොයි වෙඩි කන්නේ
අපි ගෙදර ඉන්නේ හාමුදුරුවනේ
කොනි හෙළ බලපන් යාන්තමට
මේක නරක හීනයක් වෙන්නත් පුළුවන්
යකඩය ඇදෙන්නේ කාන්දමට
මේක කරුමයක් වෙන්නත් පුළුවන්
අපි කන්නේ මැරෙන්නේ
අකාලේ මැරෙන්න
අපි යන්නේ පතන්නම
අපායේ ඇරෙන්න