රාවණා රජු සහ අතීත ලංකාවේ තාක්ෂණය ......
රාවණාගේයානාව,දඩුමොනරය-
රාවනාචරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්" ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,ලoකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.
මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස්යාත්රා )
ඉහතින්සදහන්කළබැබිලෝනියන්මැටිපුවරුවලසිoහමිනිසුන්සහරාවනාරජුගේදඩුමොණරයටසමානඅහස්යාත්රාවලරූපදඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,
බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප
ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.
මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.
ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවා, එම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්ත, වෘතාකාර ,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්රාවකි.
එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග 4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්, කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්, නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.
තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්, විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.
2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්රන්ථ පරිහරනය කරමින්, එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.
<A href="http://en.wikipedia.org/wiki/1938-1939_German_Expedition_to_Tibet" target=_blank><img border="0">
<A href="http://www.berzinarchives.com/web/e...hambhala/nazi_connection_shambhala_tibet.html" target=_blank><img border="0">


