කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ්

    කනට දරුණු හානි සිදුකරන කොට්‌න් බඩ්


    fShare

    suwa6-1.jpg
    නයිස්‌ ආයතනය මගින් සකස්‌ කර ඇති මාර්ගෝපදේශන මාලාව අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක්‌ වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත

    කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත් කිරීම සඳහා කොට්‌න් බඩ් එකක්‌ කන තුළට ඇතුළු කළ විට කලාඳුරු ඉවත් වීම වෙනුවට සිදු වනුයේ කලාඳුරු තවත් කන ඇතුළතට තල්ලු වීම බව පෙන්වා දෙන එම ආයතනය එම බඩ් හරහා කනට හානි වීම හැරෙන්නට එය භාවිත කරන්නට කිසිදු වාසියක්‌ අත් නොවන බව අවධාරණය කර සිටී

    කන්වල බැඳී ඇති කලාඳුරු (වැක්‌ස්‌) ඉවත් කිරීම සඳහා බොහෝ දෙනා භාවිත කරනු ලබන පුළුන් යෙදූ ඉරටු විශේෂය හෙවත් "කොට්‌න් බඩ්" කන් කුහරයට හා කන් බෙරය කොටසට (ඉයර් ඩ්‍රම්) හානි සිදු කරන බැවින් ඒවා කන් ශුද්ධ පවිත්‍ර කිරීමට කිසිසේත් නුසුදුසු බව බටහිර සෞඛ්‍ය ආයතනයක්‌ වන සෞඛ්‍ය හා රැකවරණය පිළිබඳ ජාතික මධ්‍යස්‌ථානය (නයිස්‌) උපදෙස්‌ නිකුත් කර තිබේ.

    කන්වල බැඳී ඇති කලාඳුරු ඉවත් කිරීම සඳහා කොට්‌න් බඩ් එකක්‌ කන තුළට ඇතුළු කළ විට කලාඳුරු ඉවත් වීම වෙනුවට සිදු වනුයේ කලාඳුරු තවත් කන ඇතුළතට තල්ලු වීම බව පෙන්වා දෙන එම ආයතනය එම බඩ් හරහා කනට හානි වීම හැරෙන්නට එය භාවිත කරන්නන්ට කිසිදු වාසියක්‌ අත් නොවන බව අවධාරණය කර සිටී.

    කොට්‌න් බඩ් හරහා කන්වල ඇති කලාඳුරු පහතට තල්ලු වී යැම මෙන්ම කනෙහි ආසාදනයන් ඇති වීම සිදු විය හැකි බව එම ආයතනය කියයි.

    සෞඛ්‍ය වෘත්තිකයින්ට මාර්ගෝපදේශන මාලාවන් සකස්‌ කරනු ලබන නයිස්‌ ආයතනයට අනුව කන් තුළ කලාඳුරු ඝන වී තිබෙන අවස්‌ථාවකදී එම කලාඳුරු ඉවත් කිරීම සඳහා දැනට වෛද්‍යවරුන් හා රෝහල් විසින් බහුලව භාවිත කරනු ලබන එම ඝන වූ කලාඳුරු දිය කර හැරීමට කන තුළට ජලය මුදා හරිනු ලබන විශාල ප්‍රමාණයේ ලෝහමය සිරින්ජරයද (මෙටල් සිරින්ඡ්) කනට හානි කර බැවින් එයද භාවිතයෙන් ඉවත් කළ යුතුව ඇත. නයිස්‌ ආයතනය මගින් සකස්‌ කර ඇති මාර්ගෝපදේශන මාලාවට අනුව කන් කුහරය තුළ ඇති කලාඳුරු ඉවත් කිරීම ඉබේම සිදු විය යුතු ක්‍රියාවක්‌ වන අතර එකතු වන අමතර කලාඳුරු ප්‍රමාණය කන විසින්ම ඉබේම ඉවත් කර යවනු ඇත.

    කෙසේ වුවද කන්වල ඇති කලාඳුරු ඉවත් කිරීමට අවශ්‍ය නම් ෆ්ලැනල් රෙදි කැබැල්ලක්‌ ඒ සඳහා භාවිත කළ හැකි බව එම ආයතනය කියයි.

    දැනට කලාඳුරු ඉවත් කිරීම සඳහා කනට ජලය මුදා හරිනු ලබන මෙටල් සිරින්ඡ් නමැති ලෝහමය සිරින්ජරය හරහා රෝගියාට දැඩි මානසික අසහනකාරී තත්ත්වයක්‌ උදා කරන නිසා ඒ වෙනුවට "ඉයර් ඉරිගේෂන්" නමැති කනෙහි කලාඳුරු දිය කරලීම සඳහා ජලය ආරක්‌ෂිත ලෙස කන තුළට යොමු කරනු ලබන ඉලෙක්‌ට්‍රොනික යන්ත්‍රයට අඩු පීඩනයක්‌ යටතේ ජලය ආරක්‌ෂිතව කනට මුදා හැරී මටත් එයින් කනෙහි කලාඳුරු ඉවත් කිරීමටත් හැකි බව විශේෂඥයින්ගේ මතයයි.

    කොට්‌න් බඩ්වල පවතින ප්ලාස්‌ටික්‌ ආධාරක කොටසද විද්වතුන්ගේ මතභේදයට ලක්‌ව ඇති අතර එම කොටස්‌ මේ වන විට බටහිර රටවල වෙරළබඩ ප්‍රදේශවල පවතින ප්‍රධාන පෙළේ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය බවට පත් වී තිබේ.

    කන තුළ පවතින කලාඳුරු සැහැල්ලු තත්ත්වයට පත් කිරීම සඳහා කන්වලට කන් බිංදු (ඉයර් ෙඩ්‍රාප්) යෙදිය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

    මෙම මාර්ගෝපදේශන මාලාව ලබන ජනවාරි මැද භාගය දක්‌වා විශේෂඥයින්ගේ අධීක්‌ෂණය සඳහා යොමු කර තිබේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පේපර් ටිශූ එකක් රොල් කරලා ගත්තම වැඩේට අගනේය..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    good thread
    mama dawasata deparak hari eka parak hari owa use kara, hodata athulata dala karakawanawa :P

    anthime eka kanakin blood awa, ita passe dana eka nawatthuwa, dan sathiyakata sarayak wage thamai :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම දාන්නේ toothpick එකක්. හැබැයි උල් පැත්ත :shocked:
    ඔව් ඔව් ඒක හෙන ගොන් වැඩක් තමයි :yes:. හැබැයි ඒක කලාවට කරන්න ඔ්න :rolleyes:
    විශේෂයෙන්ම කාමරේක තනියෙන් ඉදන් කරන්න ඔ්න මොකද ගෙදර අනිත් අය එහෙම ලග පාත ඉදලා අතේ වැදුනොත් කණ ඉවරයි :confused::confused:
    ඒක යාන්තන් දාලා වටේ හිමීට සූරලා කලාදුරු සට සට ගාලා ගත හැකි. හැබැයි මේකත් එක්තරා කලාවක් හැමෝටම බෑ :cool::cool:. කන්ඛෙරේට ඇනගත්තොත් ඔන්න මම නැහැ :rofl::rofl:

    මම කාවවත් උනන්දු කරන් නෑ මේක කරන්න :). ඒක නිසා හවසට පාන් ගෙඩියක් ගන්න තියෙන රෙප් ටික කපන්න එපා පීස් :sorry::sorry:
     
    Last edited: