Sony XB950 N1 Sinhala Review

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    maxresdefault.jpg



    කාලෙකට පස්සේ thread එකක් දාන්න හිතුනා.අද thread එක දාන්නේ Head Phones පාවිච්චි කරන අය වෙනුවෙන්. හැමෝම දන්නවා Sony වල Head Phones වල තත්වේ කොහොමද , Sounds වල කොහොම Quality එකක් ද තියෙන්නේ කියලා. මම මේ Review එක කරන්නේ සතියක් මම මේක පාවිච්චි කරලා ගත්ත Experience එකත් එක්ක.මේක Genuine එකක්. ගෙන්නුවේ සිංගප්පුර් Sony එකෙන් අරගෙන.මේක නිතරම පාවිච්චි කරේ Train එකේ යන ගමන් Bus එකේ යන ගමන් .මොකද Noise Cancelling තියන නිසා ඒක Check කරගන්න ලේසි වෙන නිසා. මම මේක පාවිච්චි කරන්නේ Huawei P8 Lite එකත් එක්කමම මේක Testing වලට Apple iPhone 7 Plus එකත් එක්ක බැලුවා. දෙකෙන් අහනකොට Apple iPhone 7 Plus එකෙන් එන Audio Quality එක පට්ට.තව ටික දවසකින් Samsung S8 එකයි Sony එකේම High End එකක් එක්ක ට්‍රයි කරන්න තමා හිතන් ඉන්නේ.මේක Connect කරන්න තියෙන්නේ Bluetooth වලින් නැත්තම් NFC වලින්.සාමාන්‍යයෙන් මේක දවස් 5 විතර පැය 4ක් වගේ දවසට පාවිච්චි කරලා අහන්න පුළුවන්.

    මම අද කතා කරන්නේ Sony XB950N1 Head Phone එක ගැන.මේක XB950 BT Version එකේ Upgraded Version එකක් කියන්නත් පුළුවන්. XB950BT Version එක තියන අය ඉන්න පුළුවන්.මම ඒක තාම පාවිච්චි කරලා නැති නිසා ඒක ගැන මොකුත් කියන්න නම් විදියක් නෑ.හැබැයි ගොඩක් Reviews වල හැටියට නම් XB950 BT Version එකේ තියන Bass එක අසාමාන්‍ය විදියට වැඩි කියලා තමා කියන්නේ.එයාලා විදියට XB 950N1 එකේ වැඩිත් නැති අඩුත් නැති Deep යන Bass එකක් තියනවා කියලා කියනවා .ඒක නම් හැබැයි ඇත්ත.Bass එක වදිනවා පට්ටට.


    xb950n1gfoldable-large.jpg





    Extra Bass
    ----------------


    201701190729025707.png


    Sony එයාලගේ Headphones Market කරන්නේ Extra Bass මුල් කරගෙන.හරියට Sony Digital Camera වල Cyber Shot වගේ තමා.හැබැයි මේකෙන් Headphone එකේ නොර්මල් එන Bass වඩා ටිකක් වැඩිපුර කිව්වා වගේ ගානට bass එක එනවා. හොද Audio Quality එකක් තියන 320kbps වගේ තියනවා නම් ඇහෙන විදිය ආයේ කතා කරන්න දෙයක් නෑ. නිතරම හොද Audio Experience එකක් ගන්න නම් හොද Quality එකක් තියන සිංදුම අහන්න වෙනවා.අනික තමා Bass එක දැනෙන්න තියනවා කිව්වොත් මම වැරදි නෑ. Skull Candy එකේ Crusher එක පාවිච්චි කරලා තියනවා නම් අන්න ඒ වගේ තමා මේකත්.කන් දෙකට Bass එක දැනෙනවා.Massage කරනවා වගේ Vibration වෙනවා Bass එක වදිනකොට







    Noise Cancelling Feature
    ----------------------------------


    Sony-2529467812-8938b7dad919f7a00adb554d09210a2dfmtpngscl1-mobile.png

    Noise Cancelling Feature එක ගැන අහලා ඇතිනේ හැමෝම.මම ඒක ගැන විස්තර කරන්න නම් යන්නේ නෑ. මේකේ Noise Cancelling එන්නේ Digital Noise Cancelling විදියට. මේකට පස්සේ ආපු Sony MDR-1000X එකේ මීට වඩා හොදට Noise Cancelling තියනවා කියලා කියනවා. Sony XB950N1 එකේ Noise Cancelling Feature එක 95% වගේ තමා තියෙන්නේ.හැබැයි සමස්ථයක් විදියට ගත්තාම හොදම මට්ටමකට තියනවා කියල කියන්න පුළුවන්.





    Price
    -------

    හොද Headphone එකක් කොහොමත් ඉතින් ගාණ නම් ටිකක් වැඩි. පොඩි පොඩි ගණන් දීලා headphone අව්රුද්දට හතර පස් පාර මාරුකරනවට කරනවට වඩා එක පාර කීයක්හරි වැඩිපුර ගෙවලා හොද එකක් ගන්න එක වටිනා නිසා මම මේක ගත්තා.මට මේකට ලංකාවේ මුදලින් රු23000 වගේ ගියා.ලංකාවේ ගන්නවා නම් රු35000 වගේ වෙනවා මම දන්න විදියට.ගන්නවා නම් ඩුබායි හරි සිංගපුර් වලින් ගෙන්න ගන්න. ගොඩක් ලාබයි




    Design & Build Quality
    ---------


    Design එක ගත්තාම අනිත් Headphone වගේ නෙමෙයි ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි.හැබැයි එහෙමයි කියලා මේක දැම්මාම පිටසක්වල ජීවිය වගේ නම් පෙන්නේ නෑ.හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින් ඒක නිසා සැහැල්ලුයි.ඇළුමිනියම් පටියක්යනවා headphone එකේ උඩ පැත්තෙන් මෙන්න මේ විදියට.
    images




    තාම Buttons ටික හුරු නැති හින්දද මන්දා පැටලෙනවා වෙලාවට.මේකේ Bass Boost කරන්න තියන Button එක හරියට අහුවෙන්නේ නෑ.අනික Volume Button එක.ඒක තියන තැනයි Play Pause Next Previous Button තියන තැනයි එක්ක මාරු වෙන වෙලාවල් එනවා.

    sony-xb950n1-test-2.jpg




    මේක ඇත්තටම මට Comfortable කණ් දෙකට. Headphone එකක් දාගෙන ඉන්නවා කියලා තේරෙන්නේ නැති තරම්.ඒ තරම් සනීපයි.Headphone Foam Pads උනත් පට්ට සොෆ්ට්.හිතාගන්න පුළුවන් නේ.XB 950BT එකේ මම දන්න විදියට Fold-able නෑ.හැබැයි මේක Fold-able නිසා ගෙනියන්න එහෙම ගොඩක් ලේසියි.XB 950BT එකේ නාපු පොඩි bag එකක් එනවා. Aux Cable, Micro USB Charging Cable එකක් එනවා අනිත් Documents එක්ක . මම ගත්තේ Green Colour.මේකේ Colours විදියට එන්නේ Green & Black.එකක් අනික මේකට App එකක් එනවා. එකෙන් Headphone එක Control කරන්න පුළුවන්.ඒක ගොඩක් වටිනවා Button හොය හොයා ඉන්න ඕන වෙන්නේ නෑ ඒ නිසා.App එක එන්නේ මෙන්න මේ වගේ.


    maxresdefault.jpg




    අන්තිමට කියන්න තියෙන්නේ මම ගත්ත පාවිච්චි කරපු Headphone වලින් සුපිරිම Headphone එක.
    10/10 ම දෙන්න පුළුවන්
    හැමෝන්ටම වටින කියල හිතුන නිසා මමම දැම්මා
    මේක කොහෙන්වත් Copy කරේ නෑ
    මට Pictures ගන්න වෙලාවක් තිබ්බේ නෑ
    එක නිසා net එකෙන් අරන් තමා දැම්මේ
    පුළුවන් වෙච්ච වෙලාවක මම මගේ Headphone එකේ pics වලින් Update කරන්නම්
    තව දවසක මේ වගේ Review එකකින් එන්නම්
     
    Last edited: