කබ්බෝ

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කබ්බෝ ෆෝම් කරන්න එපා කියලා කතාවට කිව්වට බොහෝ අය " කබ්බෝ " දැකලා නෑ....
    ඕං ඉන්නවා කබ්බෙක්...
    ටීක් බෝලයක් කාලයක් සෙල්ලම් කරන විට මතුපිට සීරිලා, කුඩා සිදුරු සහිත රළු ස්වභාවයක් ගන්නවා , ඒවා තමා කබ්බෝ....
    25552105_2023674174583633_3648376543174279309_n.jpg

    ඔට්‍ටුවට " වියත් දානවිට " කබ්බෝ තමා පිහිටට ඉන්නේ...
    කබ්බාගෙන් " ඉස්කුරුව " දාන්න ලේසියි....
    කබ්බෝ කැපෙනවා අඩුයි අලුත් ටීක් බෝලවලට සාපේක්ෂව...
    ටීක් ගැසීමේදී සම්මත පහරවල් තිබේ....
    " ඇදිල්ල "
    " හුක් ෂොට් " එක
    " ඉස්කුරුව "
    වඩාත් ජනප්‍රියම පහරවල් ය...
    ඔට්ටුවට ටීක් ගැසීමේදී වඩාත් අපහසුම ක්‍රීඩාව " ඩන්කා " ගැසීමය..
    ඩන්කා ගැසීමේදී ගෙවන්නේ වදින " ලවුඩ් " ප්‍රමානය මතය...
    ටීක් තුනක් කොටුවෙන් පනින්න ගැහුවොත් " ලවුඩ් 3 " ය , එනම් එක් අයෙකු ටීක් තුන බැගින් එකවර ජයග්‍රාහකයාට ගෙවිය යුතුය....
    ටීක් ගැසීමේ උන්මාදය 90 දශකයේ මැද භාගයෙන් පසු ගමේ කොල්ලො කුරුට්ටන්ගෙන් කෙමෙන් කෙමෙන් ඈත් විය...
    එතෙක් ටීක් ගසමින් කෙළිදොලෙන් සහෝදරත්වයෙන් සිටි ලාංකීය කොලු ගැටයන් අතට ටීක් බෝල වෙනුවට ,
    " සීදේවී "
    " ප්‍රියාදරී "
    වැනි පත්තර ළගාවිය....
    කොහේ හරි මුල්ලකට වී වැඩිහිටියන්ට හොරෙන් " සීදේවී " පත්තරයේ පිටු බෙදාගෙන සමුහ වශයෙන් කිය වු ගමේ තරුණයන් , ඊ ළගට සොයා ගියේ
    " කොට්ටාවේ සදරාජ් " වැනී වීඩියෝ ඩෙක් පීස් කඩ සොයාගෙනය...
    ඩෙක් පීස් එකක් රුපියල් 10 ක් වු අතර හැදුනුම්පතක් ඇපයට තැබීමටද සිදු විය.....
    90 දශකයේ මැද භාගයේ ලාංකීය නව යොවුන් තරුණයා මුලාවට ගොදුරු වු හැටි ,
    " මී හරකා " චිත්‍රපටයේ ලින්ටන් සේමගේ ගේ විශිෂ්ඨ රංගනයෙන් ප්‍රතිමුර්තිමත් විය.......




    25354074_2023674197916964_6089929253772150077_n.jpg
     
    Last edited: