මුත්තර_බල්ලා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුභූති හිමියන් ජපකොට එවූ මුත්තර බල්ලා


    චාල්ස් හෙන්රි සොයිසාගේ පිළිරු
    07-page-11-Rasa-5.jpg



    ටවුන් හෝල් හන්දියේ වටරවුම මැද තුනටියට දකුණු අත තියාගත් ප‍්‍රතිමාව! ඕව් ඉතිහාසය නොදත් වුන්ට සැරසිලිි කරන්නට යතුරක් අතින් ගත්, තම පිළිමයේ ඕනෑ තැනක සැරසිලි ගැට ගසා ගැනීමට ඉඩදී නිහඬව සිටින ඒ ප‍්‍රතාපවත් ප‍්‍රතිමාව කාගේද? මේ ප‍්‍රතිමාව නොදුටු කෙනෙක් සිටී නම් ඉතා අල්ප වශයෙන් විය යුතුය


    අවමංගල පෙරහර
    07-page-11-Rasa-1.jpg



    මොහු අන් කිසිවකු නොව ලංකා ඉතිහාසයේ ජීවත් වූ අංක එකේ ධනවතකු, දානපතියකු මෙන්ම සමාජ සේවකයකු වු චාල්ස් හැන්රි ද සොයිසා ය.
    1904 දී හෙවත් මීට වසර 105කට පෙර සී. දොන් බස්තියන් විසින් ”චාල්ස් හැන්රි ද සොයිසා ගේ ජීවිත කතා ශරීරය’’ නම් පිටු 991ක කෘතියක් පළ කරණු ලැබ තිබේ. පොත මුද්‍රණය කර ඇත්තේSINHALESE DAILY NEWSPRESS, PETTAH යන තැනය. පොතේ කතුවරයා දිනපතා ප‍්‍රවෘත්ති ආරංචි පත‍්‍රයේ කතුවරයා බවත් දාසයුර, සිරිසඟබෝ චරිතය, අක්‍ෂර ශික්‍ෂාව, කව්මිණි වරණ කතුවරයාගේ වෙනත් කෘති ලෙසද සටහන් කොට ඇත. 1877 දෙසැම්බර් 27 වැනි දින ‘රොලිනා’ නමින් ප‍්‍රථම සිංහල නූර්ති නාටකය පිටකොටුවේ දී වේදිකාගත කොට ඉතිහාසගත වූයේ මේ සී. දොන් බැස්ටියන් ය. මෙයින් පෙනී යන්නේ ඔහු වසර සියයකට එහා සිංහල පත‍්‍ර කලාවේ මෙන්ම විවිධ කලාංගයන්හි දැවැන්තයකු බවය.
    1836 මාර්තු මස 03 වැනි දින උපන් චාල්ස් හැන්රි ද සොයිසා මහතාගේ උප්පත්තිය ගැන ජීවන කතා ශරීරයේ 42 වැනි පිටුවේ සඳහන් කොට ඇත. තම පරම්පරාවෙන් තමාට උරුම වූ ධනය පොදු ජනතාවට වඩාත් ‘උපයෝගීතාවක්’ ඇති දේ සඳහා නොමසුරුව පරිත්‍යාග කිරීමට සොයිසා මහතා මැලි වූයේ නැත. සොයිසා පරපුරේ මේ පිරී ඉතිරී ගිය ‘මහා ධනස්කන්ධයේ’ මූලාරම්භය ගැන ඇති කට කතා බොහෝය. සොයිසා මහතාගේ පියාට නිධානයක් පහළ වූ බව ඉන් ප‍්‍රකට කට කතාවකි. සොයිසා චරිතයේ 54 වැනි පිටුවේ ‘නිධාන කතාවේ’ හැබෑ තතු පෙළගස්වා ඇත.සිටුතුමා ආරාධනා කළේ ආණ්ඩුකාරතුමා මගිනි. රාජ කුමාරයා ආරාධනය සතුටින් පිළිගත්තේ ආරාධිතයා තමන්ගේ පෞද්ගලික මිතුරකු ද වූ නිසාය.

    චාල්ස් සොයිසා ලංකාවේ පමණක් සල්ලි විසිකළ පුද්ගලයකු ලෙස ලඝු කොට තැකිය යුතු නොවේ. එංගලන්තයේ ‘හොස්පිටල්’ විසි ගණනකට රන් පවුම් පොදි පිටින් පරිත්‍යාග කර ඔහු රජ පවුලේ ගෞරවාදරයට පත් වූවෙකි. ලංකාවේ විශාලතම මාතෘ රෝහල නොහොත් ‘වදන වාට්ටුව’ වූ ‘සොයිසා ලයිනින් හෝම්’ එකද ඔහුගේම පරිත්‍යාගයකි.

    මොරටුවේ උපන් චාල්ස් හැන්රි ද සොයිසා සිටුතුමා පසුකලෙක ජීවත්ව ඇත්තේ කොල්ලූපිටියේ ඇල්ෆ‍්‍රඞ් හවුස් මන්දිරයේ ය. එම මන්දිරයේ උද්‍යානය ඇතුළුව මුළු ඉඩමේ ප‍්‍රමාණය අක්කර 112ක් විය. මේ මුල් ඉඩමේ ඔප්පුව ගාලූ පාරේ සිට තර්ස්ටන් පාරටත් අනෙක් පැත්තෙන් බගතලේ පාරේ සිට පාසල් මාවත දක්වාත් පැතිරුණු දැවැන්ත ඉඩමකි. මීට වසර 33කට පෙර කළ සංගණනයකදී එම මුල් ඉඩම කොටස් 208කට කැඞී වෙන් වී ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ.

    කාමර සියයකින් යුතු ඇල්ෆ‍්‍රඞ් හවුස් මන්දිරය ඉදිකර ඇත්තේ ඇල්ෆ‍්‍රඞ් කුමරුගේ ලංකා ගමන නිමිති කරගෙනය. එඩින්බරෝහි ආදිපාදවරයා වූ ඇල්ෆ‍්‍රඞ් කුමරු වික්ටෝරියා මහ රැුජිනගේ දෙටු පුත් විය.1870 මාර්තු 30 වැනි දින ඇල්ෆ‍්‍රඞ් කුමරු ‘සිලෝන්’ නම් තම යටත් විජිතයට සැපැත්වීමට නියම කරගත් දිනයයි. වසර 143කට පෙර එවකට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත්තේ සර් හර්කියුලස් රොබින්සන් ය. රාජ කුමාරයාට රාත‍්‍රි භෝජනයකට සොයිසා


    බස්තියන් අප්පුහාමි
    07-page-11-Rasa-4.jpg


    පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන
    07-page-11-Rasa-3.jpg



    රජ කුමරා ආරාධනය පිළිගත් සැනින් ඔහු වෙනුවෙන් පවත්වන උත්සවය පැවැත්වීමට විශේෂ මන්දිරයක් ගොඩනැගීම අරඹා ඇත. සොයිසා චරිතයේ සඳහන් පරිදි ගෘහ නිර්මාණ ශිල්පීන්, කම්කරුවන් දිවා රෑ නොබලා දින 80ක් තුළ මන්දිරය නිමවා ඇත. මන්දිරයට අවශ්‍ය බොහෝ දේ නැවක් පිටින් එංගලන්තයෙන් සහ බෙල්ජියමෙන් ගෙන්වා ඇති අතර එංගලන්තයෙන් ගෙන්වූ ‘විශේෂ ලැකර් සායම්’ බිත්තිවල උලා ඊට ‘ඇල්ෆ‍්‍රඞ් හවුස්’ යන නම තබන ලද්දේ ද සොයිසා සිටුතුමාම බවද දොන් බස්තියන් සටහන් කොට ඇත.

    ඇල්ෆ‍්‍රඞ් කුමරුට අවශ්‍ය හැඳි ගෑරුප්පු නිමැවුමට රන්කරුවකු ගෙන්වූ අතර හැඳි ගෑරුප්පු ආදී සියල්ල රත‍්‍රනින් නිම කිරීමට නියෝග කොට ඇත. රනින් කළ භාණ්ඩ අතර තැටි දෙකක්, ෂැම්පේන් පානයට භාජන තුනක්, ගෑරුප්පුවක්, පිහියක් සහ හැන්දක් ද ඇතුළත් විය. රන් හැඳිවල මිටේ මිදි කොළ කොටා වටිනා රතු කැට ඔබ්බවා මිදි පල වෙනුවට දුර්ලභ මුතු ඔබ්බවා සරසා තිබූ බව සඳහන්ය.

    1870 අපේ‍්‍රල් 22 දින ඇල්ෆ‍්‍රඞ් හවුසියේ පවත්වා ඇති සාදය ඇල්ෆ‍්‍රඞ් කුමරුගේ සිත්ගත් එකක් වූ බවද එය කුමරුගේ දින පොතේ පවා සටහන් කොට ඇති බවද රාජකීය ලේඛනාගාරයේ සඳහන්ය. ‘සිලෝන්’ එකේ ශිල්පීන් විසින් පවත්වනු ලැබ ඇති නැටුම් - ගැයුම් - වැයුම් නොඅඩුව මුළු රැුයක් පහන්වන තුරු පැවැත්වූ අතිශය චමත්කාර ජනක වූද ඓතිහාසික වූද සැණකෙළිය බි‍්‍රතාන්‍ය කිරීටයේ ආරාධිතයන්ගේ නිබඳ ගෞරවාදරයට බඳුන් වූ බව ඇල්ෆ‍්‍රඞ් කුමරුගේ සටහන්වල ඇත.

    එම සැණකෙළියේ දී සිංහලයේ ප‍්‍රථම නාඩගම වූ ‘ඇහැලේපොළ නාඩගම’ රඟදැක්වූ බවට සාක්‍ෂි ඇත. කොල්ලූපිටියේ පිලිප්පු සිඤ්ඤෝ එය රචනා කොට ඇත. කම්මල්කරුවකු වූ ඔහු නාඩගමේ මුල් පිටපත ලියා ඇත්තේ කම්මලේ බිත්තියේ අඟුරු කෑලිවලිනි. හිතට එන එන වේලාවට මයින හම අතැර වානේ රත්වන ගිනිගෙඩිත් නිවුණු අඟුරු කැබලි මේ සඳහා ඔහු උපයෝගි කරගෙන ඇත.

    ‘‘බගතලේ වලව් භූමියේ තැනූ දර්ශනීය මණ්ඩපයක රඟදැක්වූ ඇහැලේපොළ නාඩගම එදා රාජකීය සිත් සතන් පුබුදු කොට රාජ සම්මාන ලැබීය.’’ යනුවෙන් ඊට වසර 115කට පමණ පසු 80 දශකයේ දී නුවරඑළියේ හේමපාල විසින් සඳහන් කොට ඇත. මේ අනුව පෙනී යන්නේ මෙරට නාඩගම් ඉතිහාසයට ‘සොයිසා’ චරිතය අනුපමේය සේවයක් කොට ඇති බවය.

    නාඩගමට අවශ්‍ය ඇතැම් අධි මිල මුතු මැණික් එබ්බවූ රජ ඇඳුම් නියෝජිතයකු එංගලන්තයට ඇණවුම් කොට නැව් මගින් ගෙන්වූ බවද ‘සොයිසා චරිතයේ’ සඳහන් වේ.

    චාල්ස් සොයිසා ‘කේන්දර’ ගැන දක්වා ඇත්තේ දැඩි විශ්වාසයකි. නිතර තම ‘වේලාව’ බලා ගැනීම ඔහුගේ සිරිත විය. ගල්කිස්සේ තම්බි අප්පු ගුරුතුමා වෙලාව බැලීම සඳහා නිතිපතා ඇල්ෆ‍්‍රඞ් හවුස් මන්දිරයට ආගිය පුද්ගලයා විය.

    1870 දී 34 හැවිරිදි චාල්ස් හැන්රි ද සොයිසා නැව් නැග එංගලන්තයට ගිය අතර නැවත ලංකාවට ඒමට නැව් නැග ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයකු ලෙසය. ලංකාවට පැමිණි සැණින් තම්බි අප්පු ගුරුතුමා පණිවුඩයක් යවා ගෙන්වා ගත් ඔහු තම කේන්දරය පරීක්‍ෂා කරවා බලන්නට විය.

    ‘‘සිටුතුමාට ඉතාම අපල කාලයක් උදාවෙලා තියෙන්නෙ. විෂ දෝෂ - සිවුපා සතුන්ගෙන් අනතුරු බහුලයි’’ කේන්දරය බැලූ තම්බි අප්පු ගුරුතුමා පවසන්නට වූයේ ඇහි බැම ඉහළට ගනිමින් බැ?රුම් ලෙසය. 1890 ජුලි 30 වැනිදා පුලිනතලාරාමාධිපති වැලිගම ශ්‍රී සුමංගල ගණාචාර්ය නායක සථවිරපාදයන් සහ තම්බි අප්පු ගුරුතුමා සමග ආගිය තොරතුරු විමසමින් සිටි සොයිසා මහතා හිටි අඩියේම පවසා ඇත්තේ එම සතියේ කෙසේ හෝ ව්‍යාපාර කටයුත්තකට උඩරටට යාමට අවශ්‍ය බවය.

    ‘‘සිටුතුමා මේ සතියේ කේන්දරේ ප‍්‍රකාරව නපුරු දවස් කීපයක්ම තියෙනවා! උඩරට බිස්නස් වලින් කොතරම් ලාභ තිබුණත් මාරකේ පන්නන්න ඈත එපිට ගෙනයෑමයි සුදුසු! යි තම්බි අප්පු ගුරුතුමා පැවසූ දෙය සුමංගල හිමියන්ද හිස වනා අනුමත කරන්නට විය.

    සොයිසා මහතාට ඉතා හිතවත් සේවකයා වූයේ ‘ධමරු බාස් ය’. ඔහු මරක්කල ජාතිකයකු විය. පසුදා අලූයම සොයිසා මහතා සිහිනෙන් බියවී කෑගසනු ඇසී ධමරු බාස් වහා දිව එන්නට විය.

    ‘‘උස්වූ දත් - මහත් වූ නිය ඇති කළු දැවැන්ත මිනිසකු ආයුධ අතැතිව විත් මාව හපා කන්නට පැන්නා’’යි සොයිසා මහතා බියපත්ව ධමරු බාස්ට කියන්නට විය. ගෙන්වා ගත් රිදී වතුර සෙම්බුව උගුරට දෙකට ඇද බෑ සොයිසා මහතාගේ සිරුර දාඩියෙන් තෙත්වන්නට විය.

    සොයිසා මහතා බල්ලන්ට දැක්වූයේ දැඩි ඇල්මකි. විවේක වේලාවේදී බගතලේ පාරේ සිට ගාලූ මුවදොර දක්වා ඇවිදීම එතුමාගේ සිරිත විය.

    ‘‘දම්වැලෙන් ගැට ගැසූ බල්ලා මිනිස් ගතිගුණ වල දෙපැත්ත සංඛේතවත් කරන්නේ අපූරුවටය. දම්වැලේ කොන අල්ලාගෙන යන මම නොදැනුවත්වම අනෙක් කෙළවරේ බැඳී සිටි බව නොදනිමි’’. යනුවෙන් සී. දොන් බස්තියන් මන·කල්පිතයක් සොයිසා චරිතයට එක්කාසු කර ඇත.

    සොයිසා මහතා ගෙදර ආදරයට ඇති කළේ බැල්ලකි. ‘ටැරිටර්’ වර්ගයේ එකියක වූ ඌට සුපිරි ආහාරපානාදියෙන් අඩුපාඩුවක් නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත.


    චාල්ස් හෙන්රි සොයිසාගේ මෘත දේහය
    07-page-11-Rasa-2.jpg



    දිනය හරියටම කිවහොත් මීට වසර 123කට පෙර 1890 අගෝස්තු 2 වැනිදාය. සොයිසා මහතාගේ යහන් ගැබ පිහිටි උඩුමහලට ඇතුළු වීම සේවකයන්ට තහනම්ය. උදෑසන අවධි වූ සොයිසා මහතා ලී තරප්පුවේ පඩි එකින් එක බහින්නට විය. ‘ටැරියර්’ බැල්ල බිම්මහලේ සිට බලාසිටියේ සොයිසා මහතා එනතුරුයි. බැල්ල ක්‍ෂනයකින් වියරු වැටී එක හැල්මේ සොයිසා මහතාගේ බෙල්ලට පනින්නට විය. අන්දමන්ද වූ සොයිසා මහතා බැල්ලගේ බෙල්ලෙන් තදින් අල්ලාගන්නට විය. සොයිසා මහතා පැහැදිලි ලෙස වටහාගත් කරුණක් වූයේ බැල්ල වියරු වැටී පැන්නේ මිතුරුකමකට, හෝ හුරතලයට නොවූ බවය. වියරු වැටුණු බැල්ලිය වම් අත ලේ එනතුරු සපා කන්නට වූවාය.

    ‘‘මේ බැල්ලි දාන්න කූඩුවක් ගෙනෙන්! සොයිසා මහතා බියපත්ව කෑගන්නට විය. මන්දිරයේ මුරකරු වූ ‘බුම්පි’ වහා යකඩ කූඩුවක් ගෙන වැර යොදා ධමරා බාස් ගේ ද සහයෙන් බැල්ලිය කූඩුවට දමා ඉබි යතුරු දමන්නට විය. වියරුවෙන් සිටි බැල්ලිය යකඩ කූරු හපා කමින් සෙම බේරන්නට වූවාය.
    සොයිසා මහතාගේ බෑණනුවන් වූයේ දොස්තර සලමන් ප‍්‍රනාන්දු ය. සපා කෑ තුවාල වලට බේත් දැමූ දොස්තර බෑනා x මාමන්ඩියට ඔවදනක් ද දුන්නේය. ‘‘කූඩු කොට ඇති බැල්ලියගේ හැසිරීම හොඳින් නිරීක්‍ෂණය කළ යුතුයි’’ යැයි දොස්තර සලමන් පවසා සිටියේ හපා කෑමට පෙර බැල්ලියගේ හැසිරීම සම්පූර්ණ නිරීක්‍ෂණයකින් පසුවය.



    හිටි අඩියේ වියරු වැටුණු බැල්ලිය මුලින්ම ගොස් ඇත්තේ මන්දිරයේ කුස්සියට ය. එය දෙතුන් සියයකට වුවත් ආහාර පිසිය හැකි පන්නයේ එකකි. බැල්ලියගේ හැසිරීම නොඉවසූ අරක්කැමියා බැල්ලියට දර පොල්ලකින් පහර දී එලවා දමා ඇත. මන්දිරයේ එවකට සේවකයෝ විසි ගාණක් සිටි අතර විශාල ගෙවත්තේ සත්ව උද්‍යානයක් ද තිබී ඇත. නමුත් ඒ කිසිවකු සපා කන්නට බැල්ලිය ගියේ නැත. තරප්පු පෙල යට බැල්ල පැයකට වඩා කුරුමානම් අල්ලමින් සිට ඇත්තේ සොයිසා මහතා බිම් මහලට එනතුරුය.

    සොයිසා මහතාගේ රෝගී තත්ත්වය කෙමෙන් ජලභීතිකා තත්ත්වයකට පෙරළෙන්නට විය. දොස්තර සලමන්ගේ නිර්දේශය වූයේ සොයිසා මහතා එවකට ලෝකයේ අංක එකේ ජලභීතිකා විශේෂඥ වෛද්‍යවරයාට යොමු කිරීමයි. වෛද්‍යවරයා සිටියේ ප‍්‍රංශයේ බැවින් ප‍්‍රංශයට නැව් නැගීමට සොයිසා මහතා ඇතුළු පිරිසට ටිකට් පත්ද මිලදීගත් පසු ගමනට එරෙහි වූයේ සිංහල වෛද්‍යවරුන් පිරිසකි.

    ‘‘මුහුදේ ගමන ‘ජලභීතිකා’ රෝගීන්ට අකැපයි. අතරමඟ අලූත් බේත් අවශ්‍ය වුනොත් කොහෙන් හොයාගන්නද? පිස්සු බලූ රෝගයට හොඳම බේත් ඇත්තේ හෙළ වෙදකමයි.’’

    සොයිසා මහතා බලන්නට ආ සුප‍්‍රකට වෙද මහතකු පවසන්නට විය. ප‍්‍රංශ ගමන අත්හල ‘නඩය’ සිංහල බේත් කරන්නට වෙද මහතා එකඟ කරගන්නට විය. මේ අතර කූඩු කළ බැල්ලියට සිදුවූයේ කුමක්ද? දිනෙන් දින උගේ පිස්සු බලූ ලක්‍ෂණ ඔඩු දුවන්නට විය. ඇස් බලන්නට බැරි තරම් රෞද්‍ර විය. ජල වීදුරුවක් වත් කූඩුව අසලින් ගෙන යන්නට බැරි විය. සොයිසා මහතා හපා කා හත්වැනි දිනට එළිවිය. පැය ගණනාවක් පළාතම දෙදුරුම් කවමින් විලාප දුන් බැල්ලිය එක්වරම යකඩ කූරක් වියරුවෙන් හපා කමින් සෙම පෙරාගෙන කූඩව තුළම මැරී වැටුණි. කූඩුවේ තිබූ එංගලන්ත චීස්, බේකන් මුද්දරස්පලන් කිසිවක් නොකෑ බැල්ලිය දින හතක් නිරාහාරව සිට ඇත.

    සිංහල වෙදකම් කිරීමට බේත් හේත් සොයා ගැනීමට ඇති අපහසුව නිසා ‘මොරටුවේ සුවිසල් මන්දිරයට’ සොයිසා මහතා රැුගෙන ගිය බවත් ඒ 1890 අගෝස්තු 06 වැනි දින බවත් ‘සොයිසා ජීවිත කතා ශරීරයේ’ අච්චු ගස්වා ප‍්‍රසිද්ධ කොට ඇත. මොරටු වලව්වේ වෙදමහත්තුරු තුන්දෙනෙක් සඳහා නවාතැන් සකස් කළ ළමා තැනී සොයිසා මහතාගේ රෝගී තත්ත්වය මොහොතින් මොහොත විමසන්නට වූවාය. 1890 අගෝස්තු 9 වැනි දින මධ්‍යම රාත‍්‍රියේ මොරටු වලව්වම දෙවනත් කරමින් මහ හඬින් කෑ ගසමින් සොයිසා මහතා නින්දෙන් අවදි විය.

    ‘‘කුරුල්ලන් කීප දෙනෙක් පියාසර කරමින් ඇවිත් මගේ තුවාලවලට කොටමින් හාරා කන්නට පටන් ගත්තා.’’ සොයිසා මහතා ? නිදිවරමින් තම කුටියේ සිටි වෙද මහතුන් තුන්දෙනාට පවසන්නට විය. වෙද මහත්වරු මුහුණට මුහුණ බලාගන්නට වූහ. සිහින පලාපල හොඳින් දත් වෙද මහත්වරුන්ට සිහිනයේ ‘අසුබ පල’ අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය වූවේ නැත. නමුත් සිහින පලාපල අර්ථකථනයක් දීමට නොගිය වෙද මහත්වරු වෙනදාටත් වඩා උනන්දුවෙන් බේත් කරන්නට වූහ.

    ‘‘රෝගය සුව වීමේ සුබ ලකුණක් සිටුතුමා දැක ඇතැයි’’ වෙදමහත්වරු සොයිසා මහතා සනසන්නට විය. කෙමෙන් බේත් වේල සැරකරත්දී සපා කෑ අතේ තිබූ තුවාල සුව විය. ඊළඟට ශරීරය තුළ ඇති ජලභීතිකා රෝගය සුවපත් කළ යුතුය. සිංහල වෙදකම අනුව රෝගියාගේ සිරුරට බේත් ඇතුළු කොට පිස්සු වැට්ටිය යුතු විය. බේත් වඩිය වැඩිකර දුන් මුත් සොයිසා මහතාට පිස්සු වැටුණේ නැත.

    1890 සැප්තැම්බර් 28 වැනි ඉරු දිනට උදා විය. සොයිසා මහතා එදා නියම පිස්සු බලූ ලක්‍ෂණ පෙන්වීය. බැල්ලිය සපා කෑ අත බලා ඉඳිත් දී ඉදිමෙන්නට වූ අතර වේදනාව ඉවසාගත නොහැකිව සොයිසා මහතා විලාප දෙන්නට විය. වතුරට බියවීම, වතුර ගිලීමට අමාරුව, එළිය අප‍්‍රිය වීම, අඳුර ප‍්‍රියවීම ආදි සියලූ ලක්‍ෂණ පෙන්නුම් කරන බැවින් තමා මේ කෙමෙන් ළඟා වන්නේ මරණයට බව සොයිසා මහතා තේරුම් ගන්නට ඇත. ඔහු වහාම දෙදෙනකු නම් කර ඒ දෙදෙනා රැුගෙන එන ලෙස දන්වන ලදී. එය දැන්වීමකට වඩා නියෝගයක් විය.

    මොරටුව ශුද්ධ එම්මානුවෙල් දේව මන්දිරයේ අධිපති ජොහානස් ද සිල්වා පූජකතුමා, නීතිඥයන් වූ ලෝස් වැන්කියු ලැන්බර්ග් එම දෙදෙනාය. පූජකතුමා ලවා ආගමික චාරිත‍්‍ර ඉටු කරවාගත් සොයිසා මහතා නීතිඥයින්ට නියෝග කළේ තම අලූත්ම අන්තිම කැමැති පත‍්‍රය සකස් කරන ලෙසය. මරණය දැක දැක අන්තිම මොහොතේත් සොයිසා මහතා තම දේපළ නිරවුල්ව පවරා දීම නීතිඥයින් ද විමතියට පත් කරන්නට විය.

    අන්තිම කැමති පත‍්‍රය අත්සන් කර ටික වේලාවක් ගිය විට සොයිසා මහතා සියලූ පිස්සු බලූ ලක්‍ෂණ පෙන්නන්ට වූයේ බලා සිටින්නන් බියපත් කරමිනි. වියරු වැටීම වැළැක්වීමට ශරීර ශක්තිය අඩපණ කිරීමට දුන් බේත් වඩියක් හක්කේ තබාගෙනම සොයිසා මහතා නින්දට සම වැදෙන්නට විය. එදින රාත‍්‍රි 9ට එනම් 1890 සැප්තැම්බර් 29 වැනි සඳු දින සොයිසා මහතා තම සියලූ සබ්බ සේසතම අතහැර සුර කුමරුන් වෙත පියාපත් සැලූවේය. එදිනට ඔහුගේ වයස අවුරුදු 54කුත් මාස 6ක් විය.

    මොරටු වලව්වේ මෘත කලේබරය තබා පැවැත්වූ අවමංගල්‍ය උත්සවය ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගි වූ බව ‘සොයිසා ජීවිත කතා ශරීරයේ’ සඳහන් ය. එංගලන්තයේ රජ මාලිගයෙන් පවා නියෝජිතයෝ පිරිසක් අවමංගල්‍යයට එක්වී සිට ඇත.

    චාල්ස් හැන්රි ද සොයිසා ගේ මේ අභිරහස් මරණය ගැන මුඛ පරම්පරාගතව කට කතා බොහොමයක් ඇත. බලගතු පිල්ලියක් කළ මන්ත‍්‍ර ගුරුකමක් එම මරණයට හේතු වූ බව ප‍්‍රකට මතයයි.

    සී. දොන් බස්තියන් සොයිසා මහතා ගැන කතා ශරීරයම ලියුවත් මේ ‘පිල්ලි’ කතාව සටකපට ලෙස වහන්කොට ඇත. ඒ ගැන ජීවිත කතා ශරීරයේ ඇත්තේ එකම එක පරිච්ඡේදයකි.

    ‘‘තවද මේ වියරු සතාගේ හදිසි පහළ වීමෙන් සිදුවූ අනතුර කර්මපලයක් නොවේ යයි කීමටද එකද සමර්ථයෙක් මේ මිහිපිට නොමැති බව ස්ථිර ලෙස සිතීමට ඉඩ බොහෝය. ඒ කෙසේවී නමුත් යම් යම් ව්‍යසනයන්ට යම් යම් ඖෂධ, මන්ත‍්‍ර තන්ත‍්‍රාදී කර්ම ඇතැම්විට සහය වීමට හේතු වාසනා ඇද්ද නැද්ද යනු නිශ්චය කිරීමට වර සර්වඥ නොවූ කිසිවකුට වඩා ප‍්‍රවේසමෙන් බෙහෙත් ආදිය කිරීමට පටන් ගන්නා ලදී.’’

    බස්තියන් මහතා මේ නොකියා කියන්නේ සොයිසා මහතාගේ මරණයට මන්ත‍්‍ර තන්ත‍්‍රා දී කර්ම ඇතැම්විට සහයවීම ද හේතු පාදක වී ඇති බව නොවේද?
    මුඛ පරම්පරාගතව එන කතාව නම් බත්තරමුල්ලේ ශ්‍රී සුභූති නාහිමියෝ ‘පිල්ලියක්’ එවා සොයිසා මහතා මරා දැමූ බවය. මේ පිල්ලිය ගැන පුවත නිරවුල්ව දැන සිටි අවසන් පුද්ගලයා වූයේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතාය. ඔහු අපේ ජාතික ගීයේ නීත්‍යානුකූල අයිතිකරු විය. මරදානේ ප‍්‍රකට පොත් ප‍්‍රකාශකයකු වූ ඔහු ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ලවා ජාති මමත්වය සඳහා කවි ලියවා එවා පොත් වගයක් පළ කළේය.1894 දී පානදුරේ උපත ලත් සිරිවර්ධන මහතාගේ මාපියන් සොයිසා පවුලේ සමීපතමයන් විය. පාසල් වියෙන් පසු එවකට තිබූ ඉහළම පොත් ප‍්‍රකාශන ආයතනයක් වූ ඩබ්ලිව්.ටී. බැස්ටියන් සමාගමේ සේවයට බැඳුණු සිරිවර්ධන මහතා 1921 දී තමාගේම පොත් ප‍්‍රකාශන ආයතනයකට අත ගසා ඇත. මහා කවි ආනන්ද රාජකරුණා, ආනන්ද සමරකෝන්, සාගර පලන්සූරිය (කේයස්*, මීමන පේ‍්‍රමතිලක වැනි කවීන් බොහොමයකගේ පොත් පළ කරන ලද්දේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසිනි. සිරිවර්ධන මහතා පොත් ප‍්‍රකාශයට පත් කළ හිමිනමක් වූයේ බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියන් ය.

    සුභූති හිමියන් එවකට මන්ත‍්‍ර ගුරුකම් ගැන උසුලා ඇත්තේ ඉමහත් කීර්තියකි. චාල්ස් හැන්රිද සොයිසා ඔය ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූ පුද්ගලයකු නොවීය. එහෙත් ඔහු සුභූති හිමියන්ගේ කෙරුවාව ගැන හොඳින් දැන සිට ඇත.

    දිනක් තම මන්දිරයේ සඳලූතලයට වී පාර දෙස බලා හුන් සොයිසා මහතාට දැකගත හැකි වූයේ පාරේ වඩින බත්තරමුල්ලේ සුභූති හිමියන්ය. සුභූති හිමියන් තම මන්දිරය අසලින් යන විට හීන් හඬින් මෙසේ කියා ඇත.

    ‘‘මුත්තර බල්ලන් යන්නේ!’’ සොයිසා මහතා හීන් හඬින් කියූ දේ පාරේ වඩිමින් සිටි සුභූති හිමියන්ට ඇසී මහත් කෝපයට පත්විය. සොයිසා මහතා හොඳින් පෙනෙන තැනකට පාරේ තැනකට ගිය සුභූති හිමියන් දබර ඇඟිල්ල දිගු කොට මෙවැනි අභියෝගයක් කොට ඇත.

    ‘‘හොඳයි මම උඹට මුත්තර බල්ලෙක් එවන්නම්!’’

    සුභූති හිමියන්ගේ අභියෝගය සොයිසා මහතාට හරිහැටි ඇසුනේ නැති මුත් උද්‍යානයේ මල්වලට සාත්තු කරමින් සිටි ‘ධමරු බාස්’ ට හොඳ හැටි අසාගත හැකි විය. හාමුදුරුවන්ගේ කෙරුවාව දත් ධමරු බාස් බියපත්ව සිද්ධිය සොයිසා මහතාට සැල කර සිට ඇත.

    1982 නොවැම්බර් 13 දක්වා අවුරුදු 88ක් ජීවත්වූ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා රස කර කියා ඇති පරිදි නැවත පංසලට වැඩම කළ සුභූති හිමියන් තම කුටිය වසාගෙන දින ගණනාවක් ජප කරන්නට විය. අවසානයේ ජපකොට සොයිසා මන්දිරයට බලගතු පිල්ලියක් එවා ඇත. චාල්ස් හැන්රි ද සොයිසා මහතාගේ බැල්ලියට වැසී ඇත්තේ එම පිල්ලියයි.. පිල්ලියෙන් වියරු වැටුණු බැල්ලිය ඇඟට පැන සපා කෑම නිසා සොයිසා මහතාගේ මරණය සිදුවී ඇත. බත්තරමුල්ලේ සුභූති හිමියන්ගෙන්ම පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා මේ සිදුවීම පැහැදිලි ලෙස අසා දැනගෙන ඇත. නමුත් මේ සිද්ධියට සම්බන්ධ කිසිවකු ජීවතුන් අතර සිටීදැයි සැක සහිතය.


    වජිර ලියනගේ
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Thanks for Sharing....
    මම අහල තියෙන විදියට මාරවිල - මූදුකටුවෙ 'ද සොයිසාරාමය' හදවලා තියෙන්නෙත් මෙතුමා විසිනි.
    You must spread some Reputation around before giving it to maxboysl again.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හාමුදුරැ‍ෙවෝ මැජික් කාරයෙක්ද?

    කව්ද බන් දන්නේ, ජනප්‍රවාදයේ එන කතාවක්නේ රසවත් නිසා දැම්මේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කව්ද බන් දන්නේ, ජනප්‍රවාදයේ එන කතාවක්නේ රසවත් නිසා දැම්මේ

    බල්ලට පිස්සු හැදුනම ඒකත් හාමුදුරැවන්ගේ පිටින් යවලා... කොහොමද සොයිසාගේ පලිගැනිල්ල.... :lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බල්ලට පිස්සු හැදුනම ඒකත් හාමුදුරැවන්ගේ පිටින් යවලා... කොහොමද සොයිසාගේ පලිගැනිල්ල.... :lol::lol::lol:

    :lol::lol: pilli hadi huniyam gon talksne ban. owa hena boruwa newspapers karayo balanne owa rasa katha karala paththre wikunaganna
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: pilli hadi huniyam gon talksne ban. owa hena boruwa newspapers karayo balanne owa rasa katha karala paththre wikunaganna

    සමාජෙට කෙල වෙලා තියෙන්නේ ඕකනේ.. මිනිස්සුන්ට ඕනා බය වෙන්න දෙයක්... නැත්තන් ආතල් එකක් නෑ ව‍ගේ... මං නන් කියන්නෙ ඔය පිල්ලි/යක්කු/පෙරේතයෝ ඔ්නි එකෙක් අල්ලලා ගස් බැදලා බූවල්ලකින් තැලුවනන් ඔය බය ඇරිලා යයි:lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජෙට කෙල වෙලා තියෙන්නේ ඕකනේ.. මිනිස්සුන්ට ඕනා බය වෙන්න දෙයක්... නැත්තන් ආතල් එකක් නෑ ව‍ගේ... මං නන් කියන්නෙ ඔය පිල්ලි/යක්කු/පෙරේතයෝ ඔ්නි එකෙක් අල්ලලා ගස් බැදලා බූවල්ලකින් තැලුවනන් ඔය බය ඇරිලා යයි:lol::lol::lol:

    ow eka nam aththa. godak welavata oluwahila mithya mathavalin eth patta rasawth katha ne thiyenne
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මම ඉගෙනගත්හ prince of wales college moratuwa හදලා තියෙන්නේ මෙයා.


    ඇයි සොයිසාරාමය - මොරටුවේ.. ඔය හිටියැයි කියන ඇල්ෆ්‍රඩ් හවුස් එක මොකද්ද දන් නෑ දැන්.. කොළඹ කැම්පස් එකේ කොලේජ් හවුස් එකද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඉගෙනගත්හ prince of wales college moratuwa හදලා තියෙන්නේ මෙයා.


    මොරටුවේ සොයිසාරාමය, සොයිසාපුරට එහෙමත් මෙතුමාගේ සම්බන්දයක් තියනවද?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මොරටුවේ සොයිසාරාමය, සොයිසාපුරට එහෙමත් මෙතුමාගේ සම්බන්දයක් තියනවද?

    ඇයි සොයිසාරාමය - මොරටුවේ.. ඔය හිටියැයි කියන ඇල්ෆ්‍රඩ් හවුස් එක මොකද්ද දන් නෑ දැන්.. කොළඹ කැම්පස් එකේ කොලේජ් හවුස් එකද?

    ඔව් ඒ ඉඩම් දීලා තියෙනවා ගෙවල් හදා ගන්න
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි සොයිසාරාමය - මොරටුවේ.. ඔය හිටියැයි කියන ඇල්ෆ්‍රඩ් හවුස් එක මොකද්ද දන් නෑ දැන්.. කොළඹ කැම්පස් එකේ කොලේජ් හවුස් එකද?

    ඔය ඇල්ෆ්‍රඩ් හවුස් එක දැන් නෑ. හැබැයි ඒ පාරට තාමත් කියන්නෙඇල්ෆ්‍රඩ් හවුස් පාර කියලා. තියෙන්නෙ බම්බලපිටියේ බ්රිටිශ් කවුන්සිල් එක ඉස්සරහා.