සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    උමා ඔය ජල කාන්දුව පාලනය කරමින්උමගේ කැණීම් ඉදිරියටම

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගය කැණීම් කටයුතු ජල කාන්දු වීමේ අනතුර මඟ හරිමින් සාර්ථකව මේ වන විට අවසන් අදියරෙහි පවතින බව ඉදිකිරීම් කටයුතු සිදුකරන µරාබ් ඉරාන ඉදිකිරීම් සමාගම සඳහන් කරයි.

    කිලෝමීටර් 23 ක්‌ දිග භූගත ජල විදුලි උමං මාර්ගය සහ උමා ඔය හරහා ඉදිකළ පුහුල් ඔය සහ ඩයරබා වේලි දෙක මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම්ය.

    භූගත උමං මාර්ගය කිලෝමීටර් 15 ක්‌ දක්‌වා කැණීම් කටයුතු සිදුකළ පසු ඉතිරි කිලෝමීටර් 08 කැණීම් කටයුතු සිදුකරන විට ඇතිවූ භූගත විෂමතාව නිසා ජල කාන්දු වීමක්‌ සිදුවිය.

    ඒ සමඟම මෙම ව්‍යාපෘතිය අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ ජලය ලබාගන්නා ළිං හිඳී යැම, භූගත ජල කාන්දු වීම්, නිවාස ගිලා බැසීම් ආදී අහිතකර බලපෑම් මතුවිය.

    මෙම අහිතකර බලපෑම් පිළිබඳව වාර්තා වීමත් සමඟ µරාබ් සමාගම වහාම ඊට විසඳුම් ලබාදීමට පියවර ගනු ලැබීය.

    ඒ අනුව ස්‌විට්‌සර්ලන්තය සහ නෝර්වේ රටවල භූගත කැණීම් පිළිබඳ විශේෂඥයන් ගෙන්වා කැණීම් කටයුතු පරීක්‌ෂා කර ජල කාන්දු වීම්වලට බලපා ඇති ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබාදෙනු ලැබීය.

    නවීන තාක්‌ෂණයෙන් යුතු කැණීම් උපකරණ යොදාගැනීම සහ කැණීම් සිදුකරන විට කළ යුතු බදාම ගැල්වීම සඳහා නවීන මිශ්‍රණ භාවිත කිරීම ආරම්භ කළ බව ව්‍යාපෘතියේ ප්‍රධාන පරීක්‌ෂක නිලධාරි ඩේවිඩ් ලීස්‌ මහතා සඳහන් කළේය.

    µරාබ් සමාගමේ ප්‍රධාන ඉලක්‌කය භූගත උමගෙහි ඉතිරි කිලෝමීටර් 05 ක පමණ වූ කැණීම් කටයුතු කිසිදු ජල කාන්දු වීමකින් තොරව අවසන් කිරීම බව ද ලීස්‌ මහතා පැවසීය.

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අවසන් වූ විට ජාතික විදුලි පද්ධතියට මෙගා වොට්‌ 120 ක විදුලි උත්පාදනයක්‌ එක්‌වේ.

    විදුලි උත්පාදනයෙන් ඉතිරි වන ජලය බණ්‌ඩාරවෙල, බදුල්ල, මොනරාගල ඇතුළු ගිනිකොණ දිග ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදේ.

    එසේ කෘෂිකර්මාන්තය සඳහා යොදාගත හැකි ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර් 30,000 කට අධික බව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඊට අමතරව උමා ඔය වාරි ජලය මඟින් අලුතින් ඉඩම් හෙක්‌ටයාර් 5000 ක කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ද අවස්‌ථාව උදාවේ.

    ඒ අනුව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මඟින් ගිනිකොණ ප්‍රදේශයේ ජනතාවට නව පිබිදීමක්‌ ඇතිවනු නොඅනුමානය.

    උපාලි ද සේරම්


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/4385-2017-12-11-16-58-48
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම

    - 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016-2020) යටතේ ක්‍රියාත්මක කෙරෙන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා කිලෝමීටර 84ක දිගින් යුත් නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් හෙක්ටයාර 300ක පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට සිදු වේ. මෙම ඉඩම් පවරා ගැනීමේ කටයුතු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීමේ අරමුණින්, ඉන් බලපෑමට ලක්වන පවුල් වෙත වඩාත් සාධාරණ වන්දියක් පිරිනැමීමට හැකිවන පරිදි, විශාල පරිමාණයේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගන්නා ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට යොදා ගනු ලබන විශේෂ ක්‍රමවේදය අනුගමනය කරමින් වන්දි ගෙවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ වරාය නගරයට ගමනාගමන යටිතල පහසුකම් සැපයීම - භූගත මුහුදු මාර්ග දිගුව ඉදි කිරීම

    - යෝජිත කොළඹ වරාය නගරයේ යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යොදාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, කොල්ලුපිටිය දුම්රිය පොළ අසල සිට කොළඹ චෛත්‍ය පාර දක්වා වරාය නගරයට ප්‍රවේශය සහිතව භූගත මාර්ගයක් ලෙස සමුද්‍ර මාර්ගය (Marine Drive) දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය, වරාය නගර ව්‍යාපෘති සමාගම සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    '1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම

    - ඉන්දියානු රජයේ ආධාර ඇතිව දකුණු සහ බස්නාහිර පළාත්හි ආරම්භ කරන ලද හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර, එම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා '1990 සුවසැරිය පදනම' පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

    මෙහි දෙවන අදියර යටතේ, අමතර ගිලන් රථ 209ක් යොදවමින් මෙම ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් 07 තුළ ද ව්‍යාප්ත කිරීම සඳහා අමතර ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී ඇත. ඒ අනුව, '1990 සුවසැරිය පදනම' ස්ථාපිත කරනු ලබන තෙක්, මෙම ගිලන් රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, GVK EMRI ලංකා (පෞද්ගලික) සමාගම (GEL) සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම


    - වසර 196කට වඩා පැරණි පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය අක්කර 147ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, ශාක විශේෂ 3,500කට අධික සංඛ්‍යාවක් එහි දක්නට ලැබේ. ජාත්‍යන්තර කීර්තියට පත් මෙම උද්භිද උද්‍යානය නැරඹීම සඳහා වර්ෂයකට දෙස්-විදෙස් සංචාරකයින් මිලියන 1.6ක් පමණ ඒ වෙත පැමිණෙන අතර, ඔවුන්ගේ අධ්‍යාපන, පර්යේෂණ හා විනෝදාස්වාද අරමුණු සැලකිල්ලට ගෙන එහි පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරි වර්ෂ 05ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 385ක අරමුදල් සලසා ගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නිනිති - චන්ද්‍රිකා තාක්ෂණය සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණතාවන් අත් කරගැනීම

    - අභ්‍යවකාශ තරණය සඳහා යොමු වී නොමැති රටවල් සඳහා මූලික චන්ද්‍රිකා තාක්ෂණය අත් කරගැනීමේ හැකියාව ලබා දීම අරමුණු කරගත් වැඩසටහනක්, ජපානයේ ජාතික විශ්වවිද්‍යාලයක් වන කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙමඟින් නිනිති චන්ද්‍රිකාවක් (nano-satellite) සැලසුම් කිරීම, නිර්මාණය, වැඩිදියුණු කිරීම, තැනීම, පරීක්ෂා කිරීම, දියත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ලබා දෙනු ලැබේ. මෙහි පළමු අදියර යටතේ ජපානය, මොංගෝලියාව, ඝානාව සහ බංග්ලාදේශය යන රටවල ඉංජිනේරුවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් දියත් කරන ලද චන්ද්‍රිකාවක් මේ වන විට සාර්ථකව කක්ෂගත කරනු ලැබ තිබේ.

    මෙම වැඩසටහන යටතේ නිනිති චන්ද්‍රිකාවක් නිර්මාණය හා කක්ෂගත කිරීමේ මීළඟ පියවර සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් දෙදෙනෙකුද තෝරාගනු ලැබ ඇති අතර, එමඟින් මෙම ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇත. ඒ අනුව, මෙම නිනිති චන්ද්‍රිකා සංවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (KYUTECH) සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT) අතර සහයෝගිතා පර්යේෂණ ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම

    - යාපනය නගරයට කිලෝමීටර 15ක් පමණ උතුරින් පිහිටා ඇති කන්කසන්තුරේ වරාය කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලවට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ගොඩනඟන ලද්දකි. මීටර 06ක පමණ ගැඹුරින් යුත් මෙම වරායට, නැව් භාණ්ඩවල බර ටොන් 2,500ට වඩා අඩු නෞකා මෙහෙයවිය හැකිය. මෙම වරාය, ඉන්දියානු වරායන්ට ආසන්නව පිහිටා තිබීම නිසා අන්තර්ජාතික නාවික කටයුතු හා සම්බන්ධ වීමටත්, ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමටත්, උතුරු හා උතුරු මැද පළාත්වලට අවශ්‍ය සේවා සපයමින් කලාපීය වරායක් ලෙස සංවර්ධනය කිරීමටත් හැකියාව පවතී.

    ඒ අනුව, කන්කසන්තුරේ වරායේ දියකඩනය ප්‍රතිසංස්කරණය, නව ජැටියක් ඉදි කිරීම හා එහි වාණිජ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සැලසුම් සකස් කරනු ලැබ තිබේ. මෙම වරායේ වාණිජ මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වරාය ගුදම් ස්ථාපනය කිරීමට හා පරිපාලන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අක්කර 50ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙතින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම සඳහා ලංසු කැඳවීම

    - ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ. එහෙත් එම ආයෝජකයින් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම් සඳහා නැවත අයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.

    ඒ අනුව, එක් ඉඩම් කොටසක තරු හතර (4 - Star) ගණයේ ගුවන් තොටුපොළ හෝටලයක් ඉදි කිරීම සඳහා යෝජනා දැනටමත් කැඳවනු ලැබ ඇති අතර, අනෙක් ඉඩම් කොටසෙහි තරු දෙක (2 - Star) ගණයේ ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලේ මගී මෙහෙයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම

    - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් මගී පර්යන්තයෙහි සැලසුම්ගත මෙහෙයුම් ධාරිතාව වර්ෂයකට ගුවන් මගීන් මිලියන 6 කි. නමුත් 2016 වර්ෂයේදී ගුවන් මගීන් මිලියන 9.5ක් එහි හසුරුවා ඇති අතර, මෙම සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතී. එබැවින් මෙම ගුවන්තොටුපළෙහි වාර්ෂික මගීන් හැසිරිවීමේ ධාරිතාව මිලියන 15ක් දක්වා වැඩිදියුණු කිරීම සඳහා නව මගී පර්යන්තයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ තිබේ.

    එම පර්යන්තය ඉදි කිරීමේ කටයුතු 2022 වර්ෂය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එතෙක් ගුවන් මගී තදබදයට මුහුණු දීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන් පෙර සවි මගී පර්යන්තයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කාර්ය බහුල අවස්ථාවන්හිදී පැයකට පිටත්වීමේ මගීන් 400ක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය හැකි පෙර සවි මගී පර්යන්ත ගොඩනැඟිල්ලක් 2018 වර්ෂය අවසන් වන විට ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Cabinet decisions 2017.12.12
    Read more:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-12-12
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    25289587_523333301398807_8593093891317039443_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමුව පළාත් කාර්යාලය -හා සම්පත් මධ්‍යස්ථානය අද දින (2017-12-16) විවෘත කරන ලදී.

    25396145_1181699001961954_6146952235115330622_n.jpg

    25354139_1181698991961955_8052321398142002141_n.jpg

    25353884_1181699138628607_6679977750996010970_n.jpg


    - https://www.facebook.com/thalatha.atukorale.unp/posts/1181701078628413

    වසර 20කට අධික කාලයක් රත්නපුර නිවිතිගල නගරයේ මහත් අඩුපාඩුවක් ව පැවති බස්නැවතුම්පල හා සතිපොළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ රු. ලක්ෂ 1200කබ මුදල් ප්‍රතිපාදන මත ඉදිකල නිවිතිගල බස්නැවතුම්පල හා සතිපොල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් අද දිනයේ දී ජනතා අයිතියට පත්කරන ලදී.

    25395778_1181678131964041_176915440399372057_n.jpg

    24899937_1181678288630692_62488302702220093_n.jpg


    - https://www.facebook.com/thalatha.atukorale.unp/posts/1181689298629591
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉඳිකිරීම් ආරම්භය ගැන අගමැතිගේ අවධානය...

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    මහනුවරට දැවැන්ත සංවර්ධනයක්

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන සැළසුම් ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක කරන මහනුවර නගරය සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය නවීකරණය කිරීම ආරම්භය, මහනුවර වැව වටා පදික මංතීරු වැඩිදියුණු කිරීම, වන්දනාකරුවන්ගේ පොදු පහසුකම් මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භය, මහනුවර රථවාහන අංගනයේ ඉහල මහලය පොදු එළිමහන් උද්‍යානයක් ලෙස වැඩිදියුණු කිරීම සහ මහනුවර දුම්රිය ස්ථානය ඉදිරිපිට ප‍්‍රජා තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කිරීම අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

    25445908_1998466167101558_5740368051814688848_n.jpg

    25446100_1998466780434830_1302936052145395929_n.jpg

    25396271_1998474407100734_565361391878492187_n.jpg

    25353783_1998466643768177_7271539892313892579_n.jpg

    25398876_1998467033768138_5171898244519703165_n.jpg

    25398798_1998466963768145_3647367119871361042_n.jpg

    25396168_1998466500434858_4339652707922736652_n.jpg

    25507687_1998465740434934_1091693972844960656_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1998465713768270


    24910099_527646524257332_4578564938481018495_n.jpg

    24909868_527644087590909_2269605896171658629_n.jpg

    24910068_527640074257977_6208294307784284492_n.jpg

    25299264_527635590925092_660858549552295194_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    25395930_364827087313456_1931284158901805018_n.jpg

    25445965_364827067313458_4562441586422395363_n.jpg

    25395858_364827060646792_7877427203212511109_n.jpg


    Construction progress of the Upper Elahera Canal Project ICB 1 ( Section 1,2 and 3) under the ICB 1 contract.

    -https://www.facebook.com/uecpro/posts/364827480646750
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    Kandy Multimodal Transport Terminal

    banner3.jpg

    Kandy Multimodal Transit Terminal (KMTT) is to provide a facility to eliminate the spatial scatteredness of the three existing bus terminals in Kandy namely (1) Good-shed, (2) Clock-tower and (3)Torrington by bringing all existing terminal operations under one roof at Good-shed area of nearly three acres of land adjacent to Kandy railway station. Terminal facility spanning over three levels, connected through an underground passageway and an overhead skywalk.

    It is expected to handle 330000 passenger per day with over 5000 bus trips from 193 bus routes from mainly from 3 bus corridors. There will be IT based Terminal Operating system to control bus operation as well as to provide information to passengers with respect to time of departure location of respective bus bay. Out of 5000 bus trips around 2100 bus trips will be terminated at the KMTT at boarding and alighting bays. All other bus trips will be converted to touch and go trips where they will have bays to unload and pick passengers and continue the trip to other end of the trip or back to origin. By this rearrangement, demand for bus parking within city will be reduced and parking requirement will be provided within KMTT.

    With the construction there will be 13 bays for Touch and Go, 32 bays for boarding and alighting, 2 bays for maintenance and 94 bus parking slots for bus operation. In addition to that there will be 40 parking slots for three wheelers and 40 parking slots for private cars.

    As passenger facility all facilities required in a terminal including Public conveniences- washrooms & toilets, rest rooms, seating area, ticketing area public information displays and centers, food and shopping outlets are provided within the terminal. There will be facilities for bus cruses and operation and administrations. There will be stair cases, Elevators and Lifts for the passenger movement including facility for disable persons.

    There will be elevated pedestrian connection between Peradeniya road and William Gopallawa Mawatha through KMTT over Railway premises. This will provide easy and short distance movement between two roads and KMTT and Railway station. This pedestrian sky walkway will be connected to second floor level of the building where passenger concourse is located.


    Facilities at Ground Floor

    pic01.jpg


    i. 22 Bus Parking bays, 5 Boarding & Alighting bays and 13 Touch & Go bays
    ii. Provision for 1 dedicated O & M Bay
    iii. Emergency vehicle bay
    iv. Vertical circulation cores- elevators, staircases and public utilities
    v. Rest areas for bus drivers
    vi. Area for operations and administration
    vii. Areas for commercial activities (6’X6’ shops)
    viii. Circulation ramps for busses
    ix. Parking area for 40 cars and 40 three-wheelers
    x. Information Centre and Food Court
    xi. Service connections to first floor Bus Parking
    xii. Connection to the underground pedestrian walkway

    Facilities at First Floor

    kmtt_1st_floor.jpg


    i. 72 ‘Bus Parking’ bays, 22 ‘Boarding and Alighting’ bays and 1 ‘O&M’ bay
    ii. Emergency vehicle bay
    iii. Vertical circulation cores – elevators, staircases and public utilities
    iv. Circulation ramps for busses

    Facilities at Second Floor

    kmtt_2nd_floor.jpg



    i. Arrival Plaza & Public Concourse
    ii. Passenger ticketing and waiting areas
    iii. Lounge and food court
    iv. Passenger utilities
    v. Area for administration and operations of terminal
    vi. Staff utilities & amenity area
    vii. Vendors’ Square (8’X8’ consisting of shops and stores)
    viii. Other commercial area (16’X16’ cubicles)
    ix. Pedestrian connection towards Peradeniya Road through the Vendors’ Square
    x. Pedestrian connection towards William Gopallawa Mawatha through the Sky Walk


    ROOF TERRENCE

    Landscaped roof tersest public space.

    - http://www.scdp.lk/kmtt/index.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    පුත්තලමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියකට අනුමැතිය

    අජන්ත කුමාර අගලකඩ

    පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහා විසිනි.

    චයිනා හාබර් සමාගම - China Harbour Engineering Company Ltd. (CHEC) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ආයෝජන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන සියයකි.

    ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කෙරෙන අතර මාස 13ක් තුළ එය නිම කිරීමට අපේක්ෂා කෙරේ.

    කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන කසළ දිනකට මෙට්‍රික් ටොන් 1200ක් පමණ කැලණියේ සිට පුත්තලමට දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් සැලසුම් කර ඇත.


    - http://www.lankadeepa.lk/latest_news/පුත්තලමේ-කසළ-කළමනාකරණ-ව්‍යාපෘතියකට-අනුමැතිය/1-521785
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    පිටකොටුව මැනිං වෙළඳපළ පෑලියගොඩ ප්‍ර‍ෙද්ශයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම

    - පිටකොටුව ප්‍රදේශයේ මැනිං වෙළඳපොළ පිහිටි භූමි ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්, එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ අදාළ භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ කාර්යයන් මේ වන විට අවසන් වීමට ආසන්නව තිබේ.
    ඒ අනුව, එහි ඊළඟ අදියර ලෙස සැලසුම් කරනු ලැබ ඇති උපරිව්‍යූහය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 4,507ක මුදලකට මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ වරාය නගරයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම

    - කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය. මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ. යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ.

    යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය - ව්‍යාපෘති සැකසීමේ විශේෂ අරමුදල සඳහා ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම

    - කොළඹ නාගරික ප්‍රදේශය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, මේ යටතේ පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 115 බැගින් අරමුදල් සපයනු ලබන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44ක් වැය කරනු ලබයි.

    ඊට අමතරව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට ඇමරිකානු ඩොලර් 700,000ක ප්‍රදානයක් ලබා දීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී තිබේ. එම මූල්‍ය ප්‍රදානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම


    - 'සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා‍ ගනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ අදියර 02 යටතේ, ග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මත, මෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර 60 ක් ඉදි කිරීම සඳහා, පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි තෝරාගනු ලැබූ ආයෝජකයින් වෙත අදාළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත උමං ඇළ මාර්ගයන්හි ඉදි කිරීම් සඳහා උපදේශක සේවා ලබාගැනීම

    - ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ 2018 වර්ෂයේදී, කළු ගඟ - මොරගහකන්ද හැරවුම් උමං ඇළ මාර්ගය සහ ඉහළ ඇළහැර ඇළෙහි 3 හා 4 උමං ඇළ මාර්ග ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් කළමනාකරණය, ඉදි කිරීම් අධීක්ෂණය, ප්‍රාරම්භය සහ මෙහෙයුම් සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, දැනට මෙම වැඩසටහනෙහි උපදේශකවරුන් වන Lhameyer International Gmbh GeoConsult ZT GmbH ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිණුම් පහසුකම් සැපයීම ඇතුළු‍ව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව


    - මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිනුම් පහසුකම් සැපයීම ඇතුළු‍ව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,576.9ක මුදලකට, China Gezhouba Group Company Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියෙහි ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් තවත් පාලම් 44 ක් ඉදි කිරීම


    - ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගමනාගමන දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින් වානේ පාලම් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබ ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2018 මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන හා තුන්වන අදියර යටතේ වෙන් කරනු ලැබ ඉතිරි වී ඇති අවිනිශ්චිත වියදම් උපයෝගි කරගනිමින්, අතිරේක ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතකටම එක බැගින් තාවකාලික පාලම් 09ක් සැලසුම් කර ඉදි කිරීමටත්, ඒ අනුව ව්‍යාපෘතියේ කාලසීමාව 2018 අගෝස්තු මස 31 දින දක්වා දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීම

    - අලුත්වැඩියා කිරීම් හා වැඩිදියුණු කිරීම්ද ඇතුළත්ව, හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ ධාවන තීරු නවයකින් යුත් මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඇතිරීම සහ පාපන්දු, හොකී හා රගර් ක්‍රීඩා කිරීමට මධ්‍යයෙහි තණ පිටියක්ද සහිතව, මලල ක්‍රීඩා සඳහා පිටිය පහසුකම් ඇති කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 310ක මුදලකට CML- MTD Construction Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 2017.12.19


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-12-19
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    හෙද නිලධාරීන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් සංඛ්‍යාත්මක වශයෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට එකතු කිරිම සදහා කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ ඉදිකෙරෙන විශේෂ හෙද පීඨයට අද (20) දින පස්වරුවේ මුල්ගල් තබන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙනි.

    මෙම හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. හෙද පීඨය සදහා වැය කරන මුදල රුපියල් බිලියන 8 කි. එකවර හෙද හෙදියන් 2000 ක් පුහුණු කිරීමට නියමිතය. එම හෙද හෙදියන් සදහා නේවාසිකාර ඉදිකරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේයි. නේවාසිකාගාර ඉදිකිරීම සදහා රුපියල් බිලියන 6.5 ක මුදලක් වැය කරයි. එහි ක්‍රීඩා පහසුකම්, පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ද ඇතුලත් වෙයි. මෙම හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද හෙදියන් සදහා බ්‍රිතාන්‍ය යේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් ද ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇත. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හෙද හෙදියන් බිහි කිරීමෙන් අනතුරුව අතිරික්තය විදේශීය හෙද සේවාව සදහා යොමු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    25446266_10155544483669130_2841452020032434941_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10155544485969130

    pg02_0.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    Cabinet awards contract for construction of first phase of Ruwanpura Expressway
    December 20, 2017, 10:35 pm

    by Maheesha Mudugamuwa

    The cabinet, chaired by President Maithripala Sirisena has approved the awarding of the contract for the construction of the first phase of the 73.9 km Ruwanpura Expressway to China National Technical Import and Export Corporation (CNTIC) on Tuesday (19), according to Higher Education and Highways Minister Lakshman Kiriella.

    Minister Kiriella told The Island yesterday that the construction of the Ruwanpura expressway would be carried out by four Chinese companies namely CNTIC, China National Aero-Technology International Engineering Corporation (CATIC-ENG), Human Construction Engineering Group Corporation (HCEGC) and China Harbour Engineering Corporation (CHEC) as per the cabinet approval granted on August 15 last year.

    The four companies would handle the construction of four sections of the expressway— Kahatuduwa to Ingiriya, Ingiriya to Kahengama, Kahengama to Bela and Bela to Pelmadulla respectively, the Minister said.

    The construction of the first section (26.3 km) from Kahatuduwa to Ingiriya would commence soon and it was expected to be completed in three years, Kiriella said.

    According to the Road Development Authority (RDA), the Ruwanpura Expressway will be Sri Lanka’s sixth E Class highway linking the Kahathuduwa exit on the Southern Expressway with Pelmadulla, a major city in the Sabaragamuwa Province, via Ratnapura, the provincial capital of Sabargamuwa Province.

    It is anticipated that the new expressway will reduce commuting time between Colombo and Ratnapura to 45 minutes and Colombo and Pelmadulla to one hour.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=176916
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    Manning Market contract awarded to MAGA

    Thursday, 21 December 2017 00:13

    By Skandha Gunasekara

    The Cabinet yesterday approved the final stages of the relocation of Pettah’s Manning Market to Peliyagoda costing Rs. 6.6 billion, awarding the contract to Maga Engineering as the Ministry of Megapolis finalises the blueprint for the Multi-model Transport Hub to be set up in Pettah at an estimated cost of Rs. 459 billion ($ 3 billion)

    Megapolis and Western Development Ministry Secretary N. Rupasinghe told the Daily FT that the relocation of the Manning Market would take another two and half years to complete and the construction of the Multi-model Transport Hub was to begin thereafter.

    “The feasibility study for the Transport Hub is currently ongoing,” Rupasinghe said, adding that the Environmental Impact Assessment too was presently being conducted.

    According to the Cabinet proposal submitted by Megapolis and Western Development Minister Champika Ranawaka, the Urban Development Authority (UDA) has undertaken overall project management while the Sri Lanka Land Reclamation and Development Corporation (SLLRDC) has undertaken the development of the proposed land at Peliyagoda.

    The land development work, including infrastructure, has been awarded to the SLLRDC at a cost of Rs. 500 million, inclusive of VAT, and work is nearing completion,

    The Central Engineering Consultancy Bureau (CECB) has been appointed as the design consultant for the project.

    Furthermore, it was revealed that the architectural and engineering designs and Bill of Quantities have been completed by the CECB.

    Meanwhile, the UDA has awarded the pilling contract to Nawaloka Pilling Ltd. following a national competitive bidding process at a cost of Rs. 500 million. Pilling has concluded.

    The Cabinet of Ministers gave its approval to allocate funds from the Treasury for this development project.

    - http://www.ft.lk/front-page/Manning-Market-contract-awarded-to-MAGA/44-645691