උමා ඔය ජල කාන්දුව පාලනය කරමින්උමගේ කැණීම් ඉදිරියටම
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගය කැණීම් කටයුතු ජල කාන්දු වීමේ අනතුර මඟ හරිමින් සාර්ථකව මේ වන විට අවසන් අදියරෙහි පවතින බව ඉදිකිරීම් කටයුතු සිදුකරන µරාබ් ඉරාන ඉදිකිරීම් සමාගම සඳහන් කරයි.
කිලෝමීටර් 23 ක් දිග භූගත ජල විදුලි උමං මාර්ගය සහ උමා ඔය හරහා ඉදිකළ පුහුල් ඔය සහ ඩයරබා වේලි දෙක මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම්ය.
භූගත උමං මාර්ගය කිලෝමීටර් 15 ක් දක්‌වා කැණීම් කටයුතු සිදුකළ පසු ඉතිරි කිලෝමීටර් 08 කැණීම් කටයුතු සිදුකරන විට ඇතිවූ භූගත විෂමතාව නිසා ජල කාන්දු වීමක් සිදුවිය.
ඒ සමඟම මෙම ව්‍යාපෘතිය අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ ජලය ලබාගන්නා ළිං හිඳී යැම, භූගත ජල කාන්දු වීම්, නිවාස ගිලා බැසීම් ආදී අහිතකර බලපෑම් මතුවිය.
මෙම අහිතකර බලපෑම් පිළිබඳව වාර්තා වීමත් සමඟ µරාබ් සමාගම වහාම ඊට විසඳුම් ලබාදීමට පියවර ගනු ලැබීය.
ඒ අනුව ස්‌විට්‌සර්ලන්තය සහ නෝර්වේ රටවල භූගත කැණීම් පිළිබඳ විශේෂඥයන් ගෙන්වා කැණීම් කටයුතු පරීක්‌ෂා කර ජල කාන්දු වීම්වලට බලපා ඇති ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබාදෙනු ලැබීය.
නවීන තාක්‌ෂණයෙන් යුතු කැණීම් උපකරණ යොදාගැනීම සහ කැණීම් සිදුකරන විට කළ යුතු බදාම ගැල්වීම සඳහා නවීන මිශ්‍රණ භාවිත කිරීම ආරම්භ කළ බව ව්‍යාපෘතියේ ප්‍රධාන පරීක්‌ෂක නිලධාරි ඩේවිඩ් ලීස් මහතා සඳහන් කළේය.
µරාබ් සමාගමේ ප්‍රධාන ඉලක්‌කය භූගත උමගෙහි ඉතිරි කිලෝමීටර් 05 ක පමණ වූ කැණීම් කටයුතු කිසිදු ජල කාන්දු වීමකින් තොරව අවසන් කිරීම බව ද ලීස් මහතා පැවසීය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අවසන් වූ විට ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 120 ක විදුලි උත්පාදනයක් එක්‌වේ.
විදුලි උත්පාදනයෙන් ඉතිරි වන ජලය බණ්‌ඩාරවෙල, බදුල්ල, මොනරාගල ඇතුළු ගිනිකොණ දිග ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදේ.
එසේ කෘෂිකර්මාන්තය සඳහා යොදාගත හැකි ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර් 30,000 කට අධික බව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අමතරව උමා ඔය වාරි ජලය මඟින් අලුතින් ඉඩම් හෙක්‌ටයාර් 5000 ක කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ද අවස්‌ථාව උදාවේ.
ඒ අනුව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මඟින් ගිනිකොණ ප්‍රදේශයේ ජනතාවට නව පිබිදීමක් ඇතිවනු නොඅනුමානය.
උපාලි ද සේරම්
- http://divaina.com/daily/index.php/pradeshiya-puwath/4385-2017-12-11-16-58-48

ohoma lide danna epa yako