තව පොඩ්ඩෙන් සිරිල් වික්රමගේට බඩුම තමයි
ගල්කිස්සේ ටේම්පලර් පාරේ කලාපුර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින සිරිල් තම ජීවිතයේ සිත සසල කළ හා කම්පනය කළ සිද්ධියක් අපට විස්තර කළේය.
එය නම් 1988 වසරේ ඔක්තෝබර් 12 වැනිදා කුරුණෑගල නිවසට රාත්‍රියේ දමා ගොස් තිබු අභිරහස් ලිපියක් නිසා ඔහුගේ සිත කැළඹිණ. හෙණයක් පතිත වුවා සේ ගෙදර අය කම්පනය වූහ. විජය කුමාරතුංගයන් සිරිල්ගේ කල්‍යාණ මිත්රයෙකි. ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කුරුණෑගල සංවිධායකවරයා වුයේ සිරිල්ය. විජය ඝාතනයට ලක් වූවෙන් සිරිල් පක්ෂය අත හැරියේය.
එදා ලැබුණු බිහිසුණු ලිපිය මෙසේය.
සිරිල් වික්‍රමගේ
වෑපිටිය
කොහිලගෙදර
සිරිල් වික්‍රමගේ වන තමා මෙතෙක් කාලයක් දේශද්‍රෝහියකු වශයෙන් කටයුතු කර ඇත.
චෝදනා
(1) එක්සත් සමාජවාදී පෙරමුණ ගොඩ නැගීමට හවුල්කරුවකු වීම සහ එහි සංවිධාන කටයුතු කිරීමත් තරුණ සංවිධානයේ නිලතල දැරීම.
(2) දේශප්‍රේමීන්ට විරුද්ධව කටයුතු කිරීම.
(3) දේශප්‍රේමී නියෝග කඩ කිරීම.
(4) දේශදෝහී ක්‍රියා කිරීම
(5) අවලාද නැගීම
මේවා මරණීය දඬුවම් ලැබිය යුතු වරදවල්ය.
ඒ අනුව 1988/10/14 වන දිනම 5.00 ට ප්‍රථම සියලු නිලතල වලින් ඉවත් වු බව දේශප්‍රේමී ජනතාවට දැන්විය යුතුය. මහව හන්දියේ සහ නිවස අසල පාර මායිම්ව සියලු නිලතල වලින් සහ සංවිධාන කටයුතු වලින් ඉවත් වු බව දන්වා බැනරයක් ප්‍රදර්ශනයක් කළ යුතුය. එසේ නොකිරීම අවසාන දඬුවම ලැබිය යුතුය.
මෙයට
දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ සන් හඬ අංශය.
වයඹ පළාත කුරුණෑගල.
මේ ලිපිය ලැබුදාම ලිපියේ කී පරිද්දෙන්ම බැනරයක් ප්‍රදර්ශනය කළ ද එදින රාත්‍රීයේ ආයුධ සන්නද්ධ පිරිසකගෙන් සිරිල්ලාගේ නිවසේ දී ත්‍රාසජනක අත්දැකීම තම ජිවිත කාලයේ දුටු භීෂණ චිත්‍රපටයක් බව වික්‍රමගේ යුවළ අපට පැවසුවේ ද එදා තිබු මානසික තත්ත්වයෙනි.