කුවේණී

Sep 4, 2015
3,212
269
0
රවටන්නට මේ.. තරම් කළ වරද මෙමා...
නික්මෙන්නට පෙර තව එක සැරයක් කියන් ළං වෙලා..
ඉකි ගසා.. හැඬුවත් කඳුළු සල සලා...
එක්වන්නට බෑ රත්තරනේ කළ පවක් නිසා...
:love:
 
  • Like
Reactions: BadGirlPerk

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    රවටන්නට මේ.. තරම් කළ වරද මෙමා...
    නික්මෙන්නට පෙර තව එක සැරයක් කියන් ළං වෙලා..
    ඉකි ගසා.. හැඬුවත් කඳුළු සල සලා...
    එක්වන්නට බෑ රත්තරනේ කළ පවක් නිසා...
    :love:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    REP ++
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,305
    642
    113
    පට්ටම සිංදු මෙන්න.Ayth may sinduvata meta වඩා visual effects දාන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද.මට sinduvee අර්ථය තේරෙන්නේ ne,ayka නිසා visual එක thereneth nee.
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    පට්ටම සිංදු මෙන්න.Ayth may sinduvata meta වඩා visual effects දාන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද.මට sinduvee අර්ථය තේරෙන්නේ ne,ayka නිසා visual එක thereneth nee.

    මේ ගීතයේ අන්තර්ගතයේ සිටින්නේ ඔබ අප හඳුනන සත්සියයක් මල් මාලා ගෙතූ කුවේණිය පමණක් නොවන බව මුලින්ම සඳහන් කල යුතුමයි. මැය මෙසේ නොවඩින්නට ආයාචනා කරන විජයලාද ඊයේ අද මෙන්ම හෙටත් මේ ලංකාව මත තවත් මවකගේම කුසකින් ගොඩබැස තවත් කුවේණියන් හට බොහෝ විපත් සිදුකරනු ඇත.
    බඹරුන් පසුපස දිව නොගියද අවමන් විඳින මල් කුලය⁣ට අයත් කුවේණිය හුදෙක් කලු පැහැති නපුරු යක්ෂ රැජිනක් ලෙස ඉතිහාසය අපට උගන්වනු ඇත. කපටි ආත්මාර්ථකාමී විජයාවරංගනය හුදෙක් බඹරෙකුගේ සෙල්ලක්කාරකමක් ලෙස නොසළකා හැරෙනු ඇත. නිරිඳෙකු ලෙස ගරු බුහුමන් ලබනු ඇත.
    දරුවන් සමග කුවේණියගේ තනිවීම කිසිදු ඉතිහාස පොතක සංවේගය දනවන ලෙස රචනා වී නොමැත. කුවේණියගේ කැපවීම, ස්වාමි භක්තිය සහ දාරක ස්නේහය කිසිවෙකු අගය කලේද නැත. එසේ තනිවන පලමු කුවේණියගෙන් මේ රටේ පීතෘමූලික සමාජය බිහිවේ. ගැහැණිය හුදෙක් වින්දනය සපයන්නියක්, දරුවන් බිහිකරන්නියක් පමණක් ලෙස සලකන්නට පටන් ගැනේ. එමෙන්ම කුවේණියගෙන් රටේ රැජිණි පෙලපතද අහවරවේ.
    ගැහැණියකගේ සමාජයීය භූමිකාව කොතරම් පහත් තැනක පවතීද යන්න අපට හොඳින්ම පැහැදිලි වන්නේ ඇයගේ මල්වර වීම හෙවත් දරැවන් පිලිසිඳීමට සූදානම්බව අඬබෙර ගසා සැමරීමෙන්ය. එදිනම ඇයගේ අනෙකුත් ගැහැණු නෑදෑයන් සහ යෙහෙළියන් එකතුව ඇයගේ නිදහස් මනස⁣ට ගැහැණුබව නම් විෂබීජය කවනු ඇත.
    ඇය ආදරය නම් ගැටලුව⁣ට සමීප වන්නේ මෙවන් පසුබිමක් හරහාය.
    ගැහැණියකුගේ අතීතය හොයන පිරිමියෙකු සහ පිරිමියෙකුගේ අනාගතය හොයන ගැහැණියෙකු අතර මේ නොගැලපීමම මේ ආදරය නම් අර්බුදකාරී ඇලීම ඇයට තවත් සුන්දර කරයි. මේ නොගැලපීම පවතිනා තාක් කල් ආදරය පවතිනු ඇත. නමුත් තම වර්තමානය සහ අනාගතය ගැන හිතන අසංවේදී ආත්මාර්ථකාමී පිරිමියෙකු ආලයෙන් අන්ද වුනු සංවේදී ගැහැණියක හා පැටලීම බොහෝ අර්බුදවලට හේතුවනු ඇත. එදා, අද සහ හෙට ඇසෙන බොහෝ කුවේණියන්ගේ කතාවල යථාර්ථය මෙයයි.

    අවසානයේදී එක් පිරිමියෙක් වස්තුව ලෙසද තවත් පිරිමියෙකු බඩුව ලෙසද ගැහැණියව වාස්තවීකරණය කරනු ඇත. එසේ වන්නට ඇයව රැජිණක් කලේද වෛශ්‍යාවක් කලේද තමාම බව ඔවුහු කිසිදිනක පිලිනොගනු ඇත.
    මේ ගීතය අසා පමණක් තිබූ බොහෝ දෙනෙක් මෙම ගීතයේ රෑප රචනාවෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඉතිහාසගත ජවනිකා රැගත් නූතන සිංහල සිනමාවේ දක්නට ඇති ඒකාකාරී රජකතාවකට සමාන යමක්ය. නමුත් ඒ බොහෝ දෙනා ගීතය අසා තිබෙන්නේ වැරදියටය. වන්ද්‍රසේන තලංගමයන් මේ ගීතය රචනා කිරීමේදී පැරණි කාව්‍යමය වහරක් භාවිතා කොට තිබුනද චරිත අත්ලගේ විසින් ඒ සඳහා යොදාගන්නේ ඉතා නූතන Drum N Bass සංගීත රටාවයි. රිද්ම වීරවර්ධනගේ ගායනයේ ගැබ්ව ඇත්තේ උතුරු ඉන්දියානු ශෛලියයි. සර්වකාලීනව අදාල කතා වස්තුවක් හරහා අතීතය හා වර්තමානය යා කරමින් ගොඩනැගෙන මේ නිර්මාණය මෙතරම් විශිෂ්ට වන්නේම මේ එකිනෙකට නොගැලපීමයි.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda

    Kawru leewath kiyala wedak nehe. samajaye aththa mekai geheniya ge iranamath mekai. hithata weduna me udin thiyana wachana tika