Kamaj Silva (ලෝකෙට ගිය ලංකාවේ නමක්)

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Kamaj Silva (ලෝකෙට ගිය ලංකාවේ නමක්)

    ලෝකය දිනන අපේ කොල්ලෙක්​

    ලංකාවේ කොච්චර මහන්සිවෙලා බ්‍රෑන්ඩ් එකක් හැදුවත් එක ලෝකෙට ගෙනියන එක ඉතාමත් අමාරු වැඩක් නමුත් එහෙම වැඩක් කරපු ලංකාවේ අපේ කොල්ලෙක් ගැන තමයි මේ. ඔහු නමින් කමාජ් සිල්වා. එයාගේ රස්සාව නැති වුණ දවසේ ඉඳන් තමයි මේ වැඩේට අතගහලා තියෙන්නේ එය හදපු බ්‍රෑන්ඩ් එකේ නම තමයි Sneakertub කියන්නේ

    http://sneakertub.com/

    2tuGB5s.jpg


    “ මන් කමාජ් සිල්වා. වයස දැන් නම් අවුරුදු 34ක්. අවුරුදු හතක විතර ඉදන් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. නමුත් ලංකාවට යනවා එනවා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු කරලා මන් එංගලන්තයට යන්නේ මගේ උපාධිය හදාරන්න. එහිදී මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවත ලංකාවට ඇවිත් තමයි කැනඩාවට එන්නේ. ඒ මාස්ටර්ස් කරන්න. මන් ඉගෙන ගත්තේ චිත්‍රපටි නිෂ්පාදන කටයුතු සහ ප්‍රවර්ධනය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයේම අවුරුදු 5ක් තිස්සේ වැඩ කරා. එහෙම වැඩ කරගෙන ඉද්දි එක මොහොතකදී ඒ ආයතනයේ හිටපු 450ක් විතර පිරිසකගේ රැකියාව නැවතුනා. එතැන තමයි හැරවුම් ලක්ෂය වුනේ.

    රැකියාව නැවතිලා දවස් දෙකක් ගත වෙද්දී මන් sneakertub පටන් ගන්නවා. මේ සංකල්පය අනුව අපේ සයිට් එකෙන් කවුරු හරි සල්ලි දීලා පැකේජ් එකක් ගන්නකොට සපත්තු ජෝඩුවකට අමතරව තව මොනා හරි ඇදුම් තොප්පි වගේ දේවල් ටිකක් අපි ඒ පුද්ගලයාට ගැලපෙන විදියට යවනවා. තමන්ගේ පැකේජ් එක ගෙදරට එනකම් එයා දන්නේ නැහැ එයාට සපත්තු වලට අමතරව වෙන මොනවද ලැබෙන්නේ කියලවත්. හැබැයි ඒක ආස හිතෙන කුතුහලයක් තියෙන වැඩක්.


    JLFDWal.jpg


    එදා රැකියාව නැති වෙලා ගෙදර එන ගමන් මන් මගේ බැංකුවේ ගිණුම් ශේෂය බැලුවා. ඒකෙ තිබුනේ ඩොලර් 700ක් විතරයි. මොකද ඒ කාලේ අලුතින් ගෙයක් ගත්තු නිසා මගේ අතේ ඉතුරු වෙලා තිබුනේ එච්චරයි. ඒ 700 තමයි වැඩේට යෙදෙව්වේ. මන් පෞද්ගලිකව සපත්තු වලට එහෙම ආසයි. මට ඒ පැත්තෙන් මොකක් හරි කරන්න ඕනි කියලා අයිඩියා එකක් තිබුනා. මහා ලොකුවට සැලසුම් කරලා පටන් ගත්තු දෙයක් නෙවෙයි. නමුත් කරන වැඩේට සැහෙන්න මහන්සි වුනා. මුල් මාසේ ලාබයක් තිබුනෙම නැහැ. ලාබයක් ලැබෙන්න මාස දෙකක් විතර ගියා. මොකද කරන්න ඕනි කියලා හිතලා පටන් ගත්තට ඒ වෙද්දී ක්ෂේත්‍රයවත් ක්ෂේත්‍රයේ අයවත් මන් දන්නේ නැහැ. emailම 1000කට වැඩිය යැව්වා. ෆෝන් නම්බර් හොයාගෙන කම්පැනි වලට කතා කරා 250කට වැඩිය. ගොඩක් අවස්ථාවල වුනේ ප්‍රතික්ෂේප වුන එක. මට ලැබුණු පලවෙනි බ්‍රෑන්ඩ් එක පුමා බ්‍රෑන්ඩ් එක. ඒක ගන්නත් මාස තුනක් විතර එයාල පස්සෙන් ගියා. කොච්චර ප්‍රතික්ෂේප වුනත් මට වැඩේ අතහරින්න ඕනි වුනේ නැහැ. මන් කරන වැඩේට උපරිම මහන්සි වුනා.

    මේ වෙද්දී පටන් අරගෙනත් අවුරුදු දෙකකට ලං වෙන්න එනවා. තාමත් දවසට පැය 18ක් විතර කරන වැඩේට මහන්සි වෙලා මන් වැඩ කරනවා. මුලින්ම පටන් අරගෙන ගෙදරම තමයි වැඩ කරේ. මේ වෙද්දී පොඩි ඔෆිස් ප්ලේස් එකක් තියෙනවා. ඒ වගේම මගේ ආයතනයේ හතර දෙනෙක් වැඩ කරනවා. හැබැයි බඩු ගේන වැඩේ ඉදන් ගොඩක් වැඩ තවම කරන්නේ මන්.

    මිට ටික කාලෙකට CBC කියන ආයතනය හරහා තිබුණු රියලිටි තරගයකට සහභාගී වෙලා ජයග්‍රහණය කරන්නත් මට පුළුවන් වුනා. ක්ෂේත්‍රයන් වල විශිෂ්ටයන් කිහිප දෙනෙක් ඇවිත් තමන්ගේ බිස්නස් එක ඉදිරිපත් කරලා එයට ආයෝජනය කරන්න කියලා තමන්ගේ අදහස ඉදිරිපත් කරන එක තමයි එතැනදී කරන්නේ.





    මේ වෙද්දී sneakertub යුරෝපයේ සහ අනිත් රටවල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉස්සහරට තව තවත් ව්‍යාප්ත කරන්න , ව්‍යාපාරය පුළුල් කරන්න සහ ලංකාවට ගේන්න අදහසක් තියෙනවා. මන් ලගදි අලුත් ව්‍යාපෘතියකුත් පටන් ගත්තා. ඒකෙ වැඩත් තියෙනවා. ඒ සේරම දේවල් එක්ක තමයි මේ වෙද්දී ජිවිතේ ගෙවෙන්නේ.

    5Q1CzTg.jpg


    මන් හැමෝටම කියන්නේ තමන්ගේ ආසාවයි හැකියාවයි තියෙන ක්ෂේත්‍රය හරහා දෙයක් කරන්න. තමන්ගේ ආසාව උනන්දුව හැකියාව තියෙන ඕනි දෙයක් කට්ට කාගෙන මහන්සි වෙලා කරොත් ඉදිරියට යන්න පුළුවන්.. මොකද කිසිම දෙයක් කකුල් දෙක ගාවට නිකම්ම එන්නේ නැහැ. අපි ඒකට වැය කරන කාලය මහන්සිය කැපවීම අනුව තමයි අපිට ප්‍රතිපල ලැබෙන්නේ. ඒ වගේම නිර්මාණශීලිව හිතන්න ඕනි. කොහොම නමුත් නිකම්ම ඉන්නේ නැතිව එක පියවරක් හරි ඉස්සරහට තියලා වැඩක් කරන එක තමයි වටින්නේ. “

    කමාජ් තමන්ගේ ජිවිතය ගෙවුණු සහ ගෙවෙන හැටි ගැන කියාගෙන ගියේ අතරින් පතර මන් අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන ගමන්මයි. සාමන්‍යයෙන් කරනවා වගේ මන් පෙරවදනක් නොලියාම කමාජ්ට තමන්ගේ කතාව කියන්න ඉඩ හරින එක හොදයි කියලා මට හිතුනේ ඒ ජිවිත ගමනේ පියවර වල තිබුණු අපුර්වත්ය නිසා. ආසාවයි කැපවීමයි කාලයයි තියෙනවා නම් මොනවා ද කරන්න බැරි.. වෙන කිසිම දෙයක් නැතිව ඩොලර් 700කින් විතරක් තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් නම්.. වෙනස් නොවෙන අධිෂ්ඨානයක් සහ ඉවසීමක් එක්ක කොයි තරම් නම් දුර ගමනක් යන්න පුළුවන් ද .

    Original Article - අරුණි කළුපහන
    උපුටා ගැනීම - http://www.thecolombopost.net/ලෝකෙටම-යන-නමක්-හදපු-ලංකාව
     
    Last edited: