බැඳුම්කරය_ක්යනු_කුමක්ද_?

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    බැඳුම්කරය_ක්යනු_කුමක්ද_?

    Bill.jpg

    බැඳුම්කරයක් යනු කුමක්ද ?

    සරළව කිව්වොත් රජයට ණය ලබා ගන්නා උපකරණයක්. විදුලි බලාගාරයක් හදන්න සල්ලි නැත්නම් රජය මහ බැංකුව හරහා බැදුම්කර නිකුත් කරනවා. ඒ කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් වගේ එකක් කියලා හිතන්නකෝ.

    treasury_bill_1923.jpg

    ඒවා මිලදී ගන්න මිනිස්සුන්ට වගේම බැංකු වලටත් පුලුවන්. ඒවට පොලියක් ගෙවනවා. ඒ නිසා බැදුම්කර මිලදී ගන්න මිනිස්සුන්ට හෝ බැංකුවකට ඒක ආයෝජන මාර්ගයක්.

    බැංකු ඇයි මේ බැදුම්කර මිලදී ගන්නේ? සමහර විට ඔබ එහෙම හිතනවා ඇති. බැංකු ශාඛා වලට ලැබෙන තැන්පතු ණයට දීලනේ එයාලා ලාභ ලබන්නේ.

    ඉතිං එයාලා ණය දෙනවා ලාභ ලබන්න හිතාගෙන. ණය දීලා ඉවර උනාට පස්සේ තවත් සල්ලි ඉතිරි වෙලා තිබුනොත් ඒවා නිකන්ම සේප්පුවේ තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ඒ මුදල් බැදුම්කර වල ආයෝජනය කරනවා. බැදුම්කර කියන්නේ අවුරැද්දට වැඩි කල් පිරීමක්‍ සහිත ඒවා.

    භාණ්ඩාගාර බිල්පත් කියන්නේ අවුරැද්දකට වඩා අඩු කල් පිරීමක් තියන ඒවා.

    ඉතිං X කියන කෙනා රැ. ලක්ෂයක් දීලා බැදුම්කරයක් ගත්තා කියමුකෝ. එයාට මහ බැංකුවෙන් සහතිකයක් දෙනවා. කාලය අවුරැද්දක් නම් ඒ අවුරැද්ද අවසානයේ පොලියත් එක්ක ආපහු ගෙවන්න මහ බැංකුව එකඟ වෙනවා.

    රජයට සල්ලි දෙන නිසා රජය සල්ලි අච්චු ගහලා හරි ඒ මුදල දෙන බව මහජනයා දන්නවා. ඒ නිසා බැදුම්කර වල ආයෝජනය අවධානම අඩුම ආයෝජන මාර්ගයක්. ඒ නිසා ගොඩක් අය බැදුම්කර වල ආයෝජනය කරනවා.

    දැන් X නැමති පුද්ගලයා ළඟ බැදුම්කර සහතිකයක් තියනවා. ඒකේ මුහුණත වටිනාකම ලක්ෂයක් කියමුකෝ.

    මේ බැදුම්කර වලට තියන ඉල්ලුම හා සැපයුම අනුව ඒවා ද්විතීයික වෙළෙඳපොලේ විකුනන වෙලාවේ මුහුණත වටිනාකමට වඩා වැඩි හෝ අඩු මිලක් තීරණය වෙන්න පුලුවන්. ඒක අපි මෙහෙම තේරැම් ගමු. සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රැ. 50 යි කියමුකෝ.

    අසාමාන්‍ය පොල් ඉල්ලුමක් තියන දවසට ඒ පොල් ගෙඩිය රැ. 60 ක් 70 ක් වෙන්නත් පුලුවන්. ඒ වගේම 30 ක් 40 ක් වෙන්නත් පුලුවන්. තේරැනාද ?

    මහ බැංකුව මේ බැදුම්කර වෙන්දේසියේ විකිණීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ වෙන්දේසිය 100% ක් ස්වාධීනයි. ඒකට යන්න මහ බැංකු අධිපතිට අවසර නැහැ.

    මොකද කොයි කාලෙත් මහ බැංකු අධිපති කියන්නේ දේශපාලන පත්වීමක් නිසා. ඒවෙනුවට වෙන්දේසිය මෙහෙයවන්නේ නියෝජ්‍ය අධිපති කෙනෙක්. මේක රටක ආර්ථිකයට දැඩිව බලපාන දෙයක් නිසා හරි පරෙස්සමින් කරන වැඩක්. කාටවත් ඇගිලිගහන්න බැරි වැඩක්.

    දැන් තමයි නියම කතාව එන්නේ !!!

    අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට සභාපති වෙලා එනවා. මෑන් සිංගප්පූරැ පුරවැසියෙක්. රටේ මුදල් නෝට්ටු වල අත්සන් තියන්නෙත් මුදල් ඇමතියි මහ බැංකු අධිපතියි නේ. ඉතිං අපේ මුදල් නෝට්ටු වලට අත්සන් තිබ්බේ සිංගප්පූරැ පුරවැසියෙක්. අපේ ලංකාවේ ඒකට සුදුසු කෙනෙක් හිටියෙම නැද්ද ? ඒක ලොකු ගැටළුවක්.

    එතකොට මොකක්ද සමූපකාර කතාවක් මාතෘකාවට දාන්න හේතුව ????

    ඒක මෙහෙමයි. බැදුම්කර වෙන්දේසියේ කතාව ටිකක් නෙවෙයි ගොඩක් සංකීර්ණයි. ඒ නිසා අපි ඒ සංකීර්ණ කතාව සමූපකාරයෙන් තේරැම් ගමු. දැන් ඒ වැඩේට බහිමු !!

    ඔන්න අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව කියන සමූපකාරේ සභාපති.සමූපකාරේ බැදුම්කර නැමති පොල් විකුනනවා කියලා හිතන්න. අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනා පොල් බිස්නස් කරනවා. මම කලින් කීවා වගේ, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල සමහර කාල වලදී වැඩි වෙනවා. සමහර කාල වලදී අඩු වෙනවා.දැන් මේ බැදුම්කර හෙවත් පොල් වල මිල රැ.100 ක් උනාට ඒක 120 ක් දක්වා මිල වැඩි වෙච්ච වෙලාවක්.

    ඉතිං සමූපකාරෙට සභාපති ආදරේනම් 120 ට පොල් ගෙඩිය විකුනලා ලාභ ලබනවනේ. අර්ජුන් මහේන්ද්‍රන් මේ රැ. 120 පොල් ගෙඩිය එයාගේ බෑනට රැ. 80 ට විකුණන්න අර බැදුම්කර වෙන්දේසිය නැමති පොල් වෙන්දේසියේ දී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිට බලපෑම් කරනවා.

    එයාට වෙන්දේසිය පවත්වන ස්ථානයට එන්න අවසර නැතත් එයා එතෙන්ට ගිහින් දැඩි ලෙස බලපෑම් කරලා රැ. 120 පොල් ගෙඩිය රැ. 80 ට බෑනට දෙනවා. පොල් ගෙඩි මිලියන ගානක් සමූපකාරෙන් දෙනවා මේ විදිහට. ඒ පොල් ගෙඩි මිලියන ගානම එකක් 120 ගානේ විකුනනවා බෑනා විසින්. එකකින් රැ 40 ක් දැන් මෑන්ට ලාබයි.

    ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 4000 ක් හා ශාඛා 200 ක් තියන ..කොමර්ෂල් බැංකුවේ සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි. හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??

    ඔබ සභාපතිත්වය දරන සමූපකාරේ රැ.120 ක පොල් ගෙඩිය ඔබේ හිතවතෙකුට රැ. 80 ට වික්කාම අනිවාර්යෙන්ම ඒ සමූපකාරේ පාඩු ලබනවනේ. දැන් ඔබට ලාභ ලබන්න අවශ්‍ය නම් මොකක්ද විකල්පය?

    ඔබේ සමූපකාරේ සැමන් ටින් එකක් රැ.150 ට වික්කා නම් දැන් ඒක රැ.200 ට විකුනන්න ඕන. ඇයි? පොල් වල පාඩුව පියවන්න ඕන නේ. ඒ වගේම සමූපකාරෙට සැමන් සපයන කෙනාට කලින් එක ටින් එකකට රැ.130 ක් ගෙව්වා නම් ඒක රැ.110 කරන්න ඕන. දැන් රැ.110 ට අරගෙන රැ. 200 ට විකුනලා පොල් වල පාඩුව සැමන් වලින් පියවනවා. ඒකයි සිස්ටම් එක.

    ඉතිං සමූපකාරෙට සැමන් සපයන කෙනා වගේ තමයි බැදුම්කර වලට සල්ලි දාන අය. ඒ කියන්නේ මිනිස්සු හා බැංකු වැඩි සල්ලි මහ බැංකුවේ බැදුම්කර වලට සපයනවනේ. ඒවට ගෙවන ගාන අඩු කරනවා. හරියට රැ. 130 සැමන් ටින් එකට පස්සේ රැ. 110 ක් ගෙව්වා වගේ.

    ඒවගේම මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට ණය දෙද්දි අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.රැ.150 පොල් ගෙඩිය රැ.200 ට වික්කා වගේ. මහ බැංකුවෙන් සල්ලි මදි බැංකු වලට දැන් වැඩි පොලියට ණය දෙනවා.එතකොට ඒ වැඩි පොළිය ගෙවලා බැංකු වලින් ගන්න සල්ලි වලින් මිනිස්සුන්ට ණය දෙනකොට අය කරන පොළිය වැඩි කරන්න වෙනවා.

    තේරෙනවද වැඩේ? මහ බැංකුවේ මේ වංචාව නිසා සාමාන්‍ය මිනිහෙක් ණය ගන්න ගියාම අය කරන පොලිය වැඩි කරන්න වෙලා. හරියට රැ. 150 ක සැමන් ටින් එක රැ. 200 උනා වගේ. ඒ වගේම බැංකු වල මුදල් තැන්පත් කලාම ගෙවන පොලිය අඩු කරන්න වෙලා. හරියට සමූපකාරෙට සැමන් සපයපු කෙනාට ගෙවපු රැ.130 ක මුදල රැ.110 කට අඩු කලා වගේ.

    දැන් සමූපකාරෙට සැමන් සපයපු අය පාඩු ලබනවා. ඇයි ? රැ.130 ක් දෙන්නම් කියලා ගත්ත සැමන් ටින් එකකට ගෙවන්නේ රැ.110 ක් විතරනේ. ඒ වගේ තමයි මහ බැංකුවේ බැදුම්කර වල ආයෝජනය කරපු සේවක අර්ථසාධක අරමුදලට වෙලා තියෙන්නේ. එයාලට ගෙවන්න හිටිය ගානට වඩා අඩුවෙන් තමයි දැන් ගෙවන්නේ. ඒ කියන්නේ මිලියන ගානක් වෙච්ච වැඩ කරන ජනතාවට ගෙවන අර්ථසාධක පොළිය මේ වැඩේ නිසා අඩු වෙනවා. සිංගප්පූරැ පුරවැසියාගේ බෑනාට බිලියන ගණනක් ලාභ ලබන්න, සාමාන්‍ය වැඩ කරන ජනතාවට ලැබෙන්න නියමිත පොළිය අඩු කරනවා.

    ඒ වගේම ඒ ලාභය ලබන්න මිලියන ගානක් බැංකු වලින් ණය ගන්න එන අයගෙන් අය කරන ණය පොළිය වැඩි කරනවා. සරළව කියනවා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා ලබපු ලාභය හෙවත් මහ බැංකුව ලබපු අලාභය පියවන්න සාමාන්‍ය ජනතාව මත බර පටවනවා. මේ පාඩුව පියවන්න ඕන නම් තව අවුරැදු 7 ක් 8 ක් මේ විදිහට යන්න ඕන.

    වෙනදා අවුරැද්ද අවසාන වෙන්න කිට්ටු වෙද්දී ටාගට් එක ගහන්න විවිධ බැංකු පොළිය වැඩි කරලා විශේෂ පොළී අනුපාත දීලා මිනිස්සුන්ගේ තැන්පතු ගන්නවා මතක ඇතිනේ. දැන් මේ 2017 අවුරැද්දේ අවසාන කාලය නේ. දැකලා කියනවද කිසිම බැංකුවකින් මේ වතාවේ එහෙම විශේෂ පොළී අනුපාත දෙනවා ? නැහැ නේද ?

    රාජ්‍ය හා පෞද්ගලික හැම බැංකුවකම සල්ලි බැදුම්කර වල දානවා. ඒ හැමෝටම දැන් පාඩු ලබන බැංකු කොහොමද වැඩි පොළී දෙන්නේ තැන්පත් කරැවන්ට ? ඒ වෙනුවට ණය පොළිය නම් වැඩි කරනවා නහුතෙට.

    ඔන්න ඕකයි මහ බැංකු බැදුම්කර වංචාව කියන්නේ? තේරැම් ගත්තා නම් ෂෙයා කරලා තව කෙනෙක් දැනුවත් කරමු.

    උපුටා ගැනිමකි

    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    උපුටා ගත්තේ .....

    http://upullive.blogspot.com

    images

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේ දේ පොඩ්ඩක් පැහැදිලි කරනවද.බැඳුම්කරයක් කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් නම් ඒ මුල්‍යමය සහතිකයක්නේ.බැඳුම්කර මිළදී ගන්න අයට ඒකට පොළියක් රජය විසින් ගෙවනවා නම් ඒ පොළිය හැදෙන්නේ එහි මුහුණත වටිනකමට වෙන්න ඇති නේද? එතකොට එහි මුහුණත වටිනාකමට වඩා වැඩි මිළකට වෙන්දේසි කරත් ගන්න අය ඉන්නවද?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,455
    113
    මචන් උඹේ කතාව 90% විතර හරි , එත් වැදගත් වැරදි කිහිපයක් මම නිවැරදි කරන්නම් ( මම දන්නා විදියට )

    මේක මම උඹට පොල් කතාවෙන්ම කියන්නම්කො

    සමූපකාරයෙන් නිවේදනය කරනවා අපේ ගාව පොල්ගෙඩි 1000ක් තියෙනවා අපි වෙන්දේසියේ විකුනනවා කියලා , එතකොට අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනා ඇතුළු කිහිපදෙනෙක් යනවා වෙන්දේසියෙන් පොල්ගන්න

    දැන් අරකට්ටිය විවිධ ගණන් වලට තමන්ට ඕන ප්‍රමාණ වලට bid කරනවා , මහිදී bid එකක් හෝ කිහිපයක් කරන්න පුළුවන් මොකද වෙන්දේසියක් නේ .

    eg;-

    xyza - පොල්ගෙඩි 300ක් රූ 120 ගානේ
    බෑනා - පොල්ගෙඩි 400ක් රූ 115 ගානේ
    weda - පොල්ගෙඩි 300ක් රූ 117 ගානේ
    poky - පොල්ගෙඩි 500ක් රූ 109 ගානේ
    xyza - පොල්ගෙඩි 100ක් රූ 121 ගානේ
    බෑනා - පොල්ගෙඩි 600ක් රූ 113 ගානේ
    weda - පොල්ගෙඩි 550ක් රූ 116 ගානේ

    **නමුත් කවුරුවත් පොල්ගෙඩි 1000කට වඩා ඉල්ලන්නේ නෑ , මොකද විකුනන්න තියෙන්නේ 1000යි නේ ***

    මෙතැනදී තමයි වැඩේ වෙන්නේ

    අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනා අසාමාන්‍ය bid එකකුත් දානවා එකියන්නේ " පොල්ගෙඩි 35000ක් රූ 70 ගානේ " හැබැයි බෑනාට මේවගේ අසාමාන්‍ය bid දැමීමේ ඉතිහාසයක් තියෙනවා , ඒවායින් කනාවට වගේ කිහිපයක් 2008 සිටම හරිගිහිල්ලා ලාබ ලැබිලත් තියෙනවා. ( 35000ක් ඉල්ලුවට 100ක් ලැබුනත් 70වට ගොඩනේ )

    ඔන්න වෙන්දේසිය යන අතරේ ඔන්න ලබන සතියේ එන්න තිබුන පොල් 40000ක තොගයක් දැන් අවා , කරන්න දෙයක් නෑ එටිකත් අර 1000ත් සමගම විකුනන්න ඕන එකයි නිතිය.

    ඔන්න නිවේදනය කරනවා තව පොල් 40000ක තොගයක් තියෙනවා දැන් විකුනන්න කියලා , එත් කවුරුවත් ගාව සල්ලි නෑ මොකද පොල්ගෙඩි 1000ක් ගන්න බලාගෙන නේ අවේ.

    කරන්න දෙයක් නෑ අර්ජුන්‍ මහේන්ද්‍රන්ගේ බෑනාගේ අසාමාන්‍ය bid එකට එකියන්නේ " පොල්ගෙඩි 35000ක් රූ 70 ගානේ " දෙන්න සිද්ද වෙනවා

    ඊට ටිකදවසකට පස්සේ බෑනා ඒටික කට්ටියට 100ට වැඩි මිලකට විකුනනවා

    ඕක තමයි සරලව කතන්දරේ ,

    තියරියේ හැටියට ඔතන කිසිම වැරද්දක් වෙලා නෑ

    නමුත්

    ඔතන තියෙන තියෙන ප්‍රශ්නේ හැමෝටම තේරෙනවනේ

    ලබන සතියේ එන්න තිබුන පොල් අද ආවේ කොහොමද ?:baffled::baffled::oo:

    පොල් එනබව කවුරුවත්ම දන්නේ නැද්ද ?:P:P

    මේ ඔක්කොම සැලසුම් සහගතව කරපු දෙයක් නේද ?
    :yes::yes::yes:

    ලොකුම ප්‍රශ්නේ ඔය දේවල් උසාවියක ඔප්පු කරන එක හරි අමාරු වැඩක් , ගොඩක් වෙලාවට වංගෙඩිය මිනිමරපු වගේ තීන්දු එන්නේ

    ගෙඩි මිලියන ගානක් නිසා මෑන්ගේ ලාභය බිලියන ගානක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒලාභය සේවකයන් 4000 ක් හා ශාඛා 200 ක් තියන ..කොමර්ෂල් බැංකුවේ සමස්ථ ලාභයටත් වඩා වැඩියි. එච්චර ලාභයක් ලබපු බෑනාගේ කොම්පැනියේ සේවකයන් 20 ක් පමණක් සිටින අතර ශාඛාවන් 01 කි. ගොඩනැගිල්ල අඩි 20 x 20 කාමරයකි. හිතාගන්න පුලුවන්ද ලාභය කොච්චර ලේසියෙන් ගත්තද කියලා ??

    තරහ වෙන්න එපා මචෝ මේ කතාව වැරදියි

    අඩි 20 x 20 කාමරයක් කියන්නේ වර්ග අඩි 400 යි , ඒ කියන්නේ එක සේවකයෙක්ට වර්ග අඩි 20යි ඒ කියන්නේ අඩි 4.5 x 4.5 ද ?

    ඕව ගැලරිය චුන් කරන්න කියන කතා බන්

    මමත් ඔය ක්ෂේස්ත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන නිසයි මෙහෙම ලියන්න හිතුනේ
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,455
    113
    මේ දේ පොඩ්ඩක් පැහැදිලි කරනවද.බැඳුම්කරයක් කියන්නේ ස්ථාවර තැන්පත් සහතිකයක් නම් ඒ මුල්‍යමය සහතිකයක්නේ.බැඳුම්කර මිළදී ගන්න අයට ඒකට පොළියක් රජය විසින් ගෙවනවා නම් ඒ පොළිය හැදෙන්නේ එහි මුහුණත වටිනකමට වෙන්න ඇති නේද? එතකොට එහි මුහුණත වටිනාකමට වඩා වැඩි මිළකට වෙන්දේසි කරත් ගන්න අය ඉන්නවද?

    මෙහමයි මචන් වටිනාකම 100 යි කියල හිතන්නකෝ , එකකොට පොලිය 10% ඒ කියන්නේ ලාබය රුපියල් 10යි .

    නමුත් උඹ ගන්නකොට ගෙවන්නේ රුපියල් 100 න් ලාබය 10 අඩුකරලා 90යි . කල්පිරිමේදී උඹට 100ක් ලැබෙනවා.

    වැඩි මිලකට විකුනනවා කියන්නේ උඹ 90ට ගනිපු ගමන් එක 91 ට වික්කොත් උඹට රුපියලක් ලබයි , නමුත් කල්පිරෙනකන් ඉන්න ඕන නෑ
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඕක තමයි අර්ජුන් මහේන්ඩ්‍රන් දෙවෙනි පාර කලේ.. EPF එක පාවිච්චි කරල secondary market එකෙන් perpetual treasuries එකේ තිබුන බැදුම්කර ටික වැඩි ගානට EPF එකට විකුනුව.. :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඕක තමයි අර්ජුන් මහේන්ඩ්‍රන් දෙවෙනි පාර කලේ.. EPF එක පාවිච්චි කරල secondary market එකෙන් perpetual treasuries එකේ තිබුන බැදුම්කර ටික වැඩි ගානට EPF එකට විකුනුව.. :yes:

    ඒ කියන්නේ perpetual treasuries සමාගම එයාලා මහබැන්කුවෙන් ගත්ත බැඳුම්කර ටික EPF එකට වැඩි ගානට විකිණුවද? perpetual treasuries සමාගමට අයිතියක් තියෙනවද එහෙම කරන්න.මේක පියවර ගානක් යන ගනුදෙනුවක්නේ.පළවෙනියට රජයෙන් බැඳුම්කර නිකුත් කරනවා,ඊට පස්සේ මහබැන්කුවෙන් ඒවා වෙන්දේසි කරනවා,ඒවා ගන්න අය ආපහු ඒවා වෙන අයට විකුනනවා. :baffled:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    මෙහමයි මචන් වටිනාකම 100 යි කියල හිතන්නකෝ , එකකොට පොලිය 10% ඒ කියන්නේ ලාබය රුපියල් 10යි .

    නමුත් උඹ ගන්නකොට ගෙවන්නේ රුපියල් 100 න් ලාබය 10 අඩුකරලා 90යි . කල්පිරිමේදී උඹට 100ක් ලැබෙනවා.

    වැඩි මිලකට විකුනනවා කියන්නේ උඹ 90ට ගනිපු ගමන් එක 91 ට වික්කොත් උඹට රුපියලක් ලබයි , නමුත් කල්පිරෙනකන් ඉන්න ඕන නෑ

    පැහැදිලියි.එතකොට උදාහරණයේ හැටියට අර්ජුන් ඇලෝෂියස් ට මුහුණත වටිනාකමට ලැබෙන පොළිය තමයි වැඩි කරලා තියෙන්නේ.එතකොට එයා අඩු ගාණකට අරන් වැඩි ගානකට විකුණලා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කියන්නේ perpetual treasuries සමාගම එයාලා මහබැන්කුවෙන් ගත්ත බැඳුම්කර ටික EPF එකට වැඩි ගානට විකිණුවද? perpetual treasuries සමාගමට අයිතියක් තියෙනවද එහෙම කරන්න.මේක පියවර ගානක් යන ගනුදෙනුවක්නේ.පළවෙනියට රජයෙන් බැඳුම්කර නිකුත් කරනවා,ඊට පස්සේ මහබැන්කුවෙන් ඒවා වෙන්දේසි කරනවා,ඒවා ගන්න අය ආපහු ඒවා වෙන අයට විකුනනවා. :baffled:

    එහෙම අයිතියක් නැති නිසයි ඒක හොරකමක් උනේ බන්.. පොඩ්ඩක් එදා ජනාදිපති ප්‍රකාශේ බලපන්කො. EPF එකේ පාඩුව ගැන එහෙම කියනව.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පැහැදිලියි.එතකොට උදාහරණයේ හැටියට අර්ජුන් ඇලෝෂියස් ට මුහුණත වටිනාකමට ලැබෙන පොළිය තමයි වැඩි කරලා තියෙන්නේ.එතකොට එයා අඩු ගාණකට අරන් වැඩි ගානකට විකුණලා.

    මට මතක විදිහට 13.5 % පොලියට තමයි ඒ අරන් තිබුනෙ.. හැබැයි ඒ දවස් වල market එකේ bond වල එහෙම සාමාන්‍ය පොලිය තිබුනෙ 6.5% - 7% ක් විතර.. :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    එහෙම අයිතියක් නැති නිසයි ඒක හොරකමක් උනේ බන්.. පොඩ්ඩක් එදා ජනාදිපති ප්‍රකාශේ බලපන්කො. EPF එකේ පාඩුව ගැන එහෙම කියනව.. :yes:
    මං ඒක බැලුවා.නමුත් මේක වංචාවක් වෙන්න හේතුව කව්රුත් හරියට කියන්නේ නෑනේ.එතකොට බැඳුම්කර මිලදී ගන්න ඒ අයට ආය ඒවා විකුණන්න අයිතියක් නෑ කියන්නේ ඒ අයට ලැබෙන ලාබය වෙන්නේ රජයෙන් ගෙවන පොලිය විතරද?
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මට මතක විදිහට 13.5 % පොලියට තමයි ඒ අරන් තිබුනෙ.. හැබැයි ඒ දවස් වල market එකේ bond වල එහෙම සාමාන්‍ය පොලිය තිබුනෙ 6.5% - 7% ක් විතර.. :yes:

    :shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මං ඒක බැලුවා.නමුත් මේක වංචාවක් වෙන්න හේතුව කව්රුත් හරියට කියන්නේ නෑනේ.එතකොට බැඳුම්කර මිලදී ගන්න ඒ අයට ආය ඒවා විකුණන්න අයිතියක් නෑ කියන්නේ ඒ අයට ලැබෙන ලාබය වෙන්නේ රජයෙන් ගෙවන පොලිය විතරද?

    බැදුම්කර මිලදී ගන්න අයට ඒව ආපහු විකුනන්න පුලුවන් බන්.. :yes:

    මුන් හොරකම් කරන්න ඔය ක්‍රමේම හොයගන්න හේතුවත් ඕකමයි බන්.. financial sector එක ගැන හොද දැනුමක් තියන එකෙක්ට ඇරෙන්න වෙන එකෙක්ට ඔතන උනේ මොකක්ද කියල හිතාගන්න බෑ.. ලේසියෙන් කාටවත් හොරකම උන විදිහ කියල දෙන්නත් බැ බන්.. හොරකම උන විදිහ තේරුම්ගන්නව තියා Bond එකක් කියන්නෙ මොකක්ද කියලවත් සාමාන්‍ය මිනිහෙක්ට තේරුම් ගන්න අමාරුයි බන්.. :yes:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    බැදුම්කර මිලදී ගන්න අයට ඒව ආපහු විකුනන්න පුලුවන් බන්.. :yes:

    මුන් හොරකම් කරන්න ඔය ක්‍රමේම හොයගන්න හේතුවත් ඕකමයි බන්.. financial sector එක ගැන හොද දැනුමක් තියන එකෙක්ට ඇරෙන්න වෙන එකෙක්ට ඔතන උනේ මොකක්ද කියල හිතාගන්න බෑ.. ලේසියෙන් කාටවත් හොරකම උන විදිහ කියල දෙන්නත් බැ බන්.. හොරකම උන විදිහ තේරුම්ගන්නව තියා Bond එකක් කියන්නෙ මොකක්ද කියලවත් සාමාන්‍ය මිනිහෙක්ට තේරුම් ගන්න අමාරුයි බන්.. :yes:
    :yes:අයිතියක් නැත්තන් විකුනන්නේ කොහොමද?මටත් මේක තේරෙන්නේ නෑ. නීතිය දන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්ණේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    පට්ට මචන් හොඳට තේරුණා වැඩේ මොකක්ද කියල... මේක නිකන් කරකවල අතහැරිය වගේ ඉස්සෙල්ල
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes:අයිතියක් නැත්තන් විකුනන්නේ කොහොමද?මටත් මේක තේරෙන්නේ නෑ. නීතිය දන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්ණේ

    විකුනන්න අයිතියක් තියනව මචන්..

    මුලින්ම බැදුම්කර නිකුත් කරන්නේ primary market එකට. ඒකේ ඉන්නේ සේරම ලොකු company ටික.. EPF එකත් primary market එකේ ඉන්නව.. එහෙම primary market එකෙන් ගන්න බැදුම්කර එයාල කැමතිනම් secondary market එකට ඇවිත් ආපහු විකුනන්න පුලුවන්.. හැබැයි සාමාන්‍යෙන් primary market ඉන්න අය secondary market එකට ඇවිත් bond ගන්නේ නෑ, එයාලට primary market එකෙන් ගන්න පුලුවන් නිසා..

    දන්න ආරන්චි විදිහට EPF එක secondary market එකට හරහා perpetual එකේ bond ටික වැඩි ගානක් දීල අරගෙන තියනව..

    Bond market එක ගැන තේරුම් කරන්න අමාරුයි බන්.. අනික් එක මුන් ටික ක්‍රම 2 ක 3 ක්ම පාවිච්චි කරල තියනව බන්.. උන පාඩුව හරියටම කවදාවත් කියන්න බැ.. bond scam එක හින්ද bank වල loan , finance වල පොලිය එහෙමත් වැඩි උනා බන්..
     
    EPF eka moda wadak karala thiyenne.
    harima sankeernay