අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිච්ඡ කියන්නේ ඥානයක්. විශේෂ අවබෝදයක්. එය ස්ථිර නැත යන සරල පදය මත පනවන්න බැහැ. පාලියෙන් අද්ධුවං කියන්නෙ අස්ථිර කියන එක පැහැදිලිවම සදහන් වෙනව.

    කෙසේ වුවත් මේ ගැන කතා කරන්න හරි සාම්ප්‍රදායික හදුන්කුරු බෞද්ධයන්ට වඩා ඔබ අප සිටින එකම ලොකු වාසනාවක්. ඔබ අප සැමට තෙරුවන් සරණයි
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් පොඩි සිද්දියක්;
    ඔය වැරදි දිගින් දිගටම වෙනකොට ඒක සම්ප්‍රදාය වෙනවා ඊටස්සේ ඕක හරි කියල පිලිගන්නවා ඕක නවත්තන්න ඕන නැද්ද?? පොත් කොච්චර තිබ්බත් ඕව කියවනවා අඩුයි නේ.. අපිට මොනව හරි කරන්න පුලුවන් වෙන්න ඕන ඔය මිත්‍යා මත වාද අයින් කරන්න.. බුදු දර්ශනය රැක ගන්න
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මචන් පොඩි සිද්දියක්;
    ඔය වැරදි දිගින් දිගටම වෙනකොට ඒක සම්ප්‍රදාය වෙනවා ඊටස්සේ ඕක හරි කියල පිලිගන්නවා ඕක නවත්තන්න ඕන නැද්ද?? පොත් කොච්චර තිබ්බත් ඕව කියවනවා අඩුයි නේ.. අපිට මොනව හරි කරන්න පුලුවන් වෙන්න ඕන ඔය මිත්‍යා මත වාද අයින් කරන්න.. බුදු දර්ශනය රැක ගන්න

    එහෙනම් විවුර්ත මනසකින් ධර්මයට බහින්න. බැහැල අත්හදා බලන්න.

    1)බස්වල ලස්සනට ඇඳගෙන උජාරුවට අසපුවලට ට්‍රිප් ගිහිනුත් බලන්න.
    2)වාඩිවෙලා අර කිරණ එලියට යවෙව මෙව්වා එලියට, ආලෝක නිවනයි, උපේක්ෂාව මොක්ෂයයි කියල අල්ලාගෙන ප්‍රපංච කරලාත් බලන්න.
    3)වර්තමාන මොහොතේ අනිත්‍ය,දුක්ක,අනාත්ම ස්වභාවය පෙනෙන ආකාරයට සිහිය පිහිටුවලත් බලන්න(සතිපට්ඨානය)

    එතකොට තමන්ටම තේරේවි බුදුන් වන් විතරාගී, අල්පේච්ච, හුදෙකලාව ප්‍රියකළ, වහවහා කුසල් දහම් කරව කියපු ගුරුවරයෙක් ඉහත ක්‍රම තුනෙන් කුමක් දේශනා කලාද කියල.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කවුරු හරි මේ මත චාර්ට්‍ / ටේබල් එකක් ගහන්න සුත්‍ර සහිතව. එතකොට පහදාගන්න පුලුවන්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත නැත අන්ත දෙකම බුදු දහමෙ ගන්නෙ නැහැ. බට් සතර මහ භුතයො නැහැ, ඉන් සැදුනු කයක් නැහැ කියනව නම් ටොක්කක් ඇනගෙන බැලුවොත් තේරෙයි.

    මෝඩයා! සතර මහා භුතයෝ නැහැ කියන්නේ නැහැ. කය පච්චුපන්නයි, ඒ ඒ හේතු නිසා ඇතිවුනා, ඒ හේතු නැති වන විට නැහැ, එහෙනම් තියෙනවා කියලා ගන්නෙත් නැහැ.

    පොල්ලකින් අභයගේ ඔලුවට ගහපං, 2+2=4 වගේ අති සරල තර්ක වලට බුද්ධ වචනය විකෘති කරාට! ලොකු පිනක්!
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    කැන්සර් එක හොඳ උන එකත් නිත්‍ය නැහැනේ, දුකම තමයි.

    ලෙඩක් තියෙන්නේ කාටද/කොහෙද? පංච උපාදනස්‌ඛන්ධයම නිත්‍ය නැතිනම්, පංච උපාදනස්‌ඛන්ධයම දුකක් නම්, පංච උපාදනස්‌ඛන්ධය නිසා ඇතිවෙන වේදනාව / ලෙඩ හොඳ වෙන එකත් සැපක් කියල ගන්න බැහැ.

    "මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: රූපය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි." - අනිච්‌ච සූත්‍රය


    " එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි "

    මේ තියෙන්නෙ බන් ලස්සනට...... හම දේම අනිත්‍ය බව ඇත්ත. එව්වා දුකක් වෙන්නෙ ඒවා ගැන ඇල්මක් ඇතිකරගත්තොත් තමයි.
    දැන් අපිට එළවළුවකට ලුණු පොඩ්ඩක් අඩුවුනොත් හිතට දුකයි. මොකද කන්න බෑ , රස නෑ. මොකද අපි ලුණු රසත් එක්ක දැඩි ඇල්මක් ඇතිකරගෙන ඉන්නෙ.
    ඔය කෑම එකම චීනෙකුට කන්න දුන්නොත් ගින්නක් නැතිව කනවා. මොකද උන් ලුණු රස බලාපොරොත්තු වෙන්නෙ නෑ.
    එතකොට දුක තියෙන්නෙ ලුණු වල නෙමෙයි බන්... හිතට දුක දැනෙන්නෙ හිතේ සංසන්දනය කරන්න මීට පෙර යමක් හිතෙ තියෙනව තදින් අල්ලගෙන. එහෙම දෙයක් නැත්තනම් ඉතින් දුකක් නෑ. කොයි දේත් එහෙම තමයි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    " එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි "

    මේ තියෙන්නෙ බන් ලස්සනට...... හම දේම අනිත්‍ය බව ඇත්ත. එව්වා දුකක් වෙන්නෙ ඒවා ගැන ඇල්මක් ඇතිකරගත්තොත් තමයි.
    දැන් අපිට එළවළුවකට ලුණු පොඩ්ඩක් අඩුවුනොත් හිතට දුකයි. මොකද කන්න බෑ , රස නෑ. මොකද අපි ලුණු රසත් එක්ක දැඩි ඇල්මක් ඇතිකරගෙන ඉන්නෙ.
    ඔය කෑම එකම චීනෙකුට කන්න දුන්නොත් ගින්නක් නැතිව කනවා. මොකද උන් ලුණු රස බලාපොරොත්තු වෙන්නෙ නෑ.
    එතකොට දුක තියෙන්නෙ ලුණු වල නෙමෙයි බන්... හිතට දුක දැනෙන්නෙ හිතේ සංසන්දනය කරන්න මීට පෙර යමක් හිතෙ තියෙනව තදින් අල්ලගෙන. එහෙම දෙයක් නැත්තනම් ඉතින් දුකක් නෑ. කොයි දේත් එහෙම තමයි.

    කිව්වට වැඩක් නැහැ. දැන් කියයි ලුණු කියලා දෙයක් නැහැ කියලා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මෝඩයා! සතර මහා භුතයෝ නැහැ කියන්නේ නැහැ. කය පච්චුපන්නයි, ඒ ඒ හේතු නිසා ඇතිවුනා, ඒ හේතු නැති වන විට නැහැ, එහෙනම් තියෙනවා කියලා ගන්නෙත් නැහැ.

    පොල්ලකින් අභයගේ ඔලුවට ගහපං, 2+2=4 වගේ අති සරල තර්ක වලට බුද්ධ වචනය විකෘති කරාට! ලොකු පිනක්!

    උගතා.. සතර මහ භුතයොත් පචුප්පන්නයි. නාමරූප වල රූප (අවිද්‍යා පච්චයා සංකාර වු විට) කියන්නෙ සතර මහා භුතයො. අස්මිමානය අරහත් ඵලයෙදි ප්‍රහාණය වෙන්නෙ. ඔබ සෝවාන් වෙන්නත් කලින්ම එය අයින් කරලා. කන්ග්‍රෑට්ස්
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    මෝඩයා! සතර මහා භුතයෝ නැහැ කියන්නේ නැහැ. කය පච්චුපන්නයි, ඒ ඒ හේතු නිසා ඇතිවුනා, ඒ හේතු නැති වන විට නැහැ, එහෙනම් තියෙනවා කියලා ගන්නෙත් නැහැ.

    පොල්ලකින් අභයගේ ඔලුවට ගහපං, 2+2=4 වගේ අති සරල තර්ක වලට බුද්ධ වචනය විකෘති කරාට! ලොකු පිනක්!

    ධර්මය අනිත් උන්ට දෙන්න දගලන්නනම් දගලනවා.හොයන්ගේ පොඩි මිනිහගේ ධර්ම අඩුපාඩු නෙවෙයි දර්ම දේශකයන්ගේ ඒවා.මට්ටම ඒතරමට දිවුනුවෙලා. නමුත් දහම්පාසලක ප්‍රාථමික ලමයකුට ඉගැන්වෙන හික්මීමක්, වාචික සන්වරයක් තමුන් තුලනෑ.
    තමුන්ගේ මතයට නොගැලපෙන දෙයක් හාමුදුරුනමක් හරි කිව්වොත්, උන්හිටිතැන අමතකවෙලා,ගොරවලා,පුප්පලා බැනලා කෑගහලා ඇනිමල් සටයිල් එක රගපාන මෙතුමලා තමයි අපිට දහම කියලදෙන්න ඇවිත් ඉන්නේ.අනේ වාසනාවන්
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ලෙඩ හොද වෙන එක සැපක් නෙවෙයි නම් ඔබට මානසික රෝගයක් ඇත. වහාම ඩොකා හමු වන්න. පිටකයේ කයට සැප දුක් වේදනා පනවනවා.

    පැහැදිලි කරගන්න බැරිඋනාම 'greenthunder ' තියරිය දැම්ම. ඔහොම ලොජික් නෑ බුදුදහමේ. උත්තරදෙන්න බැරි උනම 'එහෙම දෙයක් පවතින්නෑ' කියනවා. හැබැයි, එයාට අමතකයි එයා මුලින් තර්ක හැබැයි, එයා මුලින් තර්ක කලේ පවතින දෙයක් ගැන කියලා.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පැහැදිලි කරගන්න බැරිඋනාම 'greenthunder ' තියරිය දැම්ම. ඔහොම ලොජික් නෑ බුදුදහමේ. උත්තරදෙන්න බැරි උනම 'එහෙම දෙයක් පවතින්නෑ' කියනවා. හැබැයි, එයාට අමතකයි එයා මුලින් තර්ක හැබැයි, එයා මුලින් තර්ක කලේ පවතින දෙයක් ගැන කියලා.

    මොනව කරන්නද මචන්

    අනාථයො සෙට් එක සංඝයාට බැනලා ආර්‍ය් උපවාද කරගන්නවා විතරක් නෙවෙයි අනුන්වත් අනාථ කරනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක දැක්කම අර සින්දුවේ ඉන්න පාන්කිරිත්තට එන්න කියන්න හිතුනා. මෙන්න මේ ටික කියල දෙන්න.

    "අනුන්ගේ දේවල් විවේචනය කර කර ඉන්නවට වඩා, තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා....."

    හෙළ භාෂාවයි සංස්කෘතයි පාලියි තුන අච්චාරු වෙලා තියෙන දේ හරිය කියන්න දඟලන දැඟලිල්ල.








    අනිච්ජ හා අනිච්ච වෙනස හඳුනාගනිමු
    බුද්ධ ශාසනය රැකගනිමු


    GwwTVax.jpg


    පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2018. 01. 28 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සිදුකල දේශනාව ඇසුරෙන්

    අද වර්තමානයේ මේ ශාසනයේ දිහා ගත්තහම මටම ලැජ්ජයි බෞද්ධයෝ මෙච්චර මෝඩද කියල. බෞද්ධයෝ කියන පිරිස හරියට කිරිසප්පයෝ වගේ. වචන ටිකක් අරගෙන වචන හරඹයක් තුල පැටලිලා ඉන්නවා. ඒකේ තමන් කථා කරන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. අහන කෙනාටවත් තේරෙන්නේ නැද්ද මේ හුදු වචන සටහනක් මිසක, මේක තව පද පෙරලියක් මිසක ජීවිතය පිලිබදව යථාර්තවාදීව පෙන්වීමක් මේ තුල කොහෙවත් නැහැ කියන එක බණ අහන කෙනෙකුටවත් හිතාගන්න බැරිද...අපි අදහසක් හැටියට ගත්තොත් අද කරන ගොඩක් දේශනා තියෙනවා, මමත් අහලා තියෙනවා සම්පුර්ණ පෙළ දහම විකෘති කරලා වැරදියට කරන දේශනා. හැබැයි කරන්නේ මෙහෙම, බණ අහන කට්ටිය දන්නේ නැහැ 'පොත පෙන්වලා පොත පෙන්වනවා'. ඒ කියන්නේ අපි කියමු ත්‍රිපිටකය ගන්නවා. ඉස්සෙල්ලා බලන්න ඕගොල්ලෝ මුලික හරය බුදු දහමේ දන්නේ නැහැ කියන්නකෝ. හැබැයි බණ අහන්න ඇවිල්ලා ඉන්නේ.

    ඕගොල්ලෝ ඇත්තටම කැමති ත්‍රිපිටකයට. ඉස්ස්සෙල්ලම ත්‍රිපිටක පොත අරගෙන මේ බලන්න සුත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ සතිපට්ඨාන සුත්‍රය බලන්න නැද්ද කියල සතිපට්ඨාන සුත්‍රය පෙන්වලා ‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො" මහණෙනි මේ එකම මඟයි කියල බලන්න මේ පොතේමයි තියෙන්නේ එකම මඟයි කියලා හොඳට ඉස්සෙල්ලා පොත පෙන්වනවා. (පොත දාලා පොත පෙන්වනවා ඕගොල්ලොන්ට ) ‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො කියල පෙන්වලා මොකක්ද එකම මඟ කියල මෙන්න මේ විදිහට බලන්න කියල තමන්ගේ අදහස කියනවා. පොත පෙන්වලා තමන්ගේ මිථ්‍යා දෘෂ්ඨිය කියනවා. බණ අහන අය හිතන්නේ හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන්මනේ කිවුවේ කියල. ‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො" කියල ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පෙන්වන ඔය අදහසම කියලා කොහොමද ඔප්පු කරන්නේ කියල කථා කරන්න කිසිම කෙනෙක් නැහැ. ඊගාවට එනකොටත් පුළුවන්නේ ඕකම පෙන්වලා ඔය විදිහටම වෙන යමක් කියන්න.

    ඒ නිසා බෞද්ධයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා. මීට අතීතයේ හිටපු ස්වාමින්වහන්සේලා, ගිහි පින්වතුන් මේ පෙළ දහම විකෘති කරලා විනාශ වෙන විදිහට එක එක දේශනා කරලා තිබුනා නම් අද අපිට ධර්මයක් කියන එකක් තියෙයිද කියන්න. නිවන් දකින එක පැත්තකින් තැබේවා. හොඳ නරක දෙක තේරුම් කරගන්න පෙළ දහමක් තියෙයිද කියන්න. අපේ වගකීමක් නෙමෙයිද මෙච්චර කාලයක් අවුරුදු දහස් ගාණක් ගෙනාපු මේ නිර්මල බුද්ධ ශාසනය එහෙන් පිටින්ම ආරක්ෂා කරලා ඉදිරි පරපුරට දායාද කරන එක ස්වාමින් වහන්සේලා හැටියටත්, ගිහි පිංවතුන් හැටියටත් ඔබෙත් මගෙත් යුතුකමක්, වගකීමක්. ඊගාවට අද ගොඩාක් දෙනෙක් අද හිතන්නේ මේ ත්‍රිපිටකයට අළුත් අදහසක් දෙන එක මහා ලොකු දෙයක් හැටියට. නමුත් තේරුම් ගන්නට ඕනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කල පරියාප්තියට විකෘති නැත්නම් අමුතුවෙන් අදහස් දක්වන්න හදනවා කියන එක බයක් හැටියට දකින්න ඕනේ, කාලකන්ණිකමක් හැටියට දකින්න ඕනේ, තුච්ඡකමක් හැටියට දකින්න ඕනේ මිසක ඒක මහා පෞර්ශවයක් හැටියට දකින්න එපා.

    බුදුරජාණන් වහන්සේ පෙන්වන්න තියෙන හැම දහමක්ම පෙන්නලා තියෙන්නේ. කාටවත් අමුතුවෙන් පෙන්වන්න දෙයක් ඉතුරු කරලා නැහැ පෙළ දහමේ. හොඳට එක දෙයක් මතක තබාගන්න කොතැනක හරි ස්වාමින්වහන්සේ නමක් කොතැනක හෝ ගිහි පිංවතෙක් හරි තනියම කැලේකට ගිහිල්ලා භාවනා කරලා ධර්මය අවබෝධ වුනා, ගල් ගුහාවක ඉඳලා භාවනා කරලා ධර්මය අවබෝධ වුනා, විශ්වයේ ඉඳලා පහල වුනා කියලා කියනවා නම් එයා බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි. එයාට පෙන්වන්න පුළුවන්කමක් නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන නියම ධර්මයක අර්ථයක්. අපි බුද්ධ ශ්‍රාවකයෝ නම් අපි පිළිගන්න ඕනේ ත්‍රිපිටකය ඉගෙනගෙන උගන්වන තැනක් මිසක, ත්‍රිපිටකය හොඳට හදාරලා හදාරලා ඉගෙනගත්ත, ඉගෙනගෙන උගන්වන තැනකින් මිසක ඉබේ පහල වෙච්ච තැනක් තියෙනවා නම් ඒක බුදු දහම නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න තරම් ඕගොල්ලොන්ට කොන්ද කෙලින් තියෙන්න ඕනේ.

    අපි දන්නවා තනියම ධර්මය අවබෝධ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටයි, පසේ බුදුරජාණන් වහන්සේ නමකටයි විතරයි. එහෙනම් සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ ඒ දේ කියන ස්වාමින් වහන්සේ එහෙම නැතිනම් පච්චේක බුද්ධ වෙන්න ඕනේ.පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැහැ. සම්මා සම්බුද්ධ වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ශාසනයක් පෙර පසු දෙක එකට පවතින්නේ නැහැ. ඒ නිසා එහෙම යම්කිසි කෙනෙක් කැලේකට ගිහිල්ලා භාවනා කරලා හිත වඩපු හැටියෙන් රහත් වෙනවා නම්, නිවන් දකිනවා නම් එදා ආලාර කාලම, උද්දකරාම පුත්ත වගේ අය තමයි ඉස්සෙල්ලාම රහත් වෙන්නේ. එයාලටත් තියුණු සමාධි තිබුනානේ. නමුත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත කොච්චර ගැඹුරුද කියනවා නම් ඒක සාමාන්‍ය ලෝකයකට පෙන්නේ නැහැ. කැලේකට ගිහිල්ලා භාවනා කරලා හිත වඩලා තේරුම්ගන්න පුළුවන් නම් ඒ අයටත් කියනවා සම්මා සම්බුද්ධයි කියල.

    හොඳට මතක තබාගන්න කවුරු හරි කෙනෙක් කොතැනකින් හරි තමන්ට තනියම ධර්මය අවබෝධ වුනා, අවබෝධ කරගත්තා කියලා කිවුවා නම් ඒ වචනේ හොඳටම ප්‍රමාණවත් මේක මගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය දේශනා කරන කෙනෙක් නෙමෙයි මෙයා කියන එකට. මෙයා පිරිසිඳු ත්‍රිපිටක ධර්මයට අර්ථය දෙන කෙනෙක් නෙමෙයි මෙයා. එයා තනියම හොයාගත්ත කෙනෙක් කියන එක තේරුම් ගන්න පිංවතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. ඔගොල්ලොන්ගේත් යුතුකමක්, ඔගොල්ලොන්ගේ වගකීමක් නිර්මලව ගෙනත් දුන්න මේ ශාසනය ඉදිරියටත් මේ විදිහට නිර්මලව පවත්වලා දෙන එක. එක එක දේශනා ක්‍රම තියෙනවා ත්‍රිපිටකයේ නිච්ඡ අනිච්ඡ කියල තියෙනවලු. නිත්‍ය කියල එකක් නැහැ, නිච්ඡ - අනිච්ඡ කියල තියෙනවලු. යම්කිසි කෙනෙක් වචනයක් කථා කරනකොට හොඳට මතක තබාගන්න ඉස්සෙල්ලාම ඔය වචනය චතුරාර්ය සත්‍යයේ කුමන කොටසකට අයිති වචනයක්ද කියන එක ග්‍රහණය කරගන්න.

    බුදුරජාණන් වහන්සේ කොතැනකවත් නඉච්ඡ - අනිච්ඡ කියන එකක් පනවලා නැහැ. 'යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං' කියල පෙන්වලා තියෙනවා, කැමතිවෙන දේ නොලැබීම දුකයි කියන එක . නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහල වෙන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්නමයි. ඒ අනිච්ච කියන වචනය අයිති චතුරාර්ය සත්‍යයේ මොන සත්‍යයටද කියල දන්නවාද? දුක්ඛ සත්‍යට. ඒක සමුදය සත්‍යයට බහාලන්න පුළුවන් වචනයක් නෙමෙයි. අනිච්ච,දුක්ඛ, අනාත්ම - රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි. වේදනාව අනිත්‍යයි, වේදනාව දුකයි, වේදනාව අනාත්මයි. සංඥාව, සංඛාරය, විඤ්ඤාණය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ස්කන්ධ ටික අයිති දුක්ඛ සත්‍යයට. මේ අනිච්ච, දුක්ඛ, අනත්ත කියන වචන තුන තියෙන්නේ මොකේටද? දුක පිරිසිඳ දකින්න.

    "යද නිච්චං තං දුක්ඛං" - යමක් අනිත්‍ය නම් එය දුකයි. අනිත්‍ය වන බැවින්ම දුක පැනෙව්වා මිසක කැමැත්ත ඇතිවුණත් නැතත්, ඔබතුමන්ලා මේ රූපය කැමති වුනත් නැතත් මේ රූපය විපරිනාම වන බවම දුකක්. අතපය වලංගු නැතිවෙන බවට පත්වීම එයා රූපෙට කැමති වේවා අකැමැති වේවා කන්දක් නගින්න වුනොත් නගින්න පුළුවන්ද, ගමනක් යන්න ගියොත් යන්න පුළුවන්ද මේ රූපේ දිරනකොට? බැහැ. අනිත්‍ය වෙන ධර්මතාවයම දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් පෙන්නුවා ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්න සුදුසුද? නොහෙතං භන්තෙ - භග්‍යවතුන් වහන්ස සුදුසු නැහැ. අන්න කැමතිවෙන්න සුදුසු නැහැ කියලා පැනෙව්වේ එතනින්. මම, මගේ, මගේ ආත්මය හැටියට ගන්නවා කියන තැන තමයි තණ්හාව. නැත්තම් ඡන්දය කියන්නේ.

    "නෙතං මම, නෙසොහමස්මිං නමෙසො අත්තා ති" මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් එය මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසු නැහැ. "නෙතං මම, නෙසොහමස්මිං නමෙසො අත්තා ති" කියන තැනිනුයි මම කියල ගන්න සුදුසු නැහැ කියන වචනේ පනවන්නේ මිසක 'ඉච්ඡ' කථාවක් ඕකට අයිතිම නැහැ. ඊගාවට 'ඉච්ඡ' කියල යමක් තියේ නම් ඉච්ඡාව කියලා කියනවා කැමැත්තට. ඉච්ඡාව, කැමැත්ත, තණ්හාව, ඡන්දය, ආශාව, ප්‍රේමය, මඤ්ඤණා කියන මේ වගේ නම් වලින් හැඳින්වුයේ සමුදය සත්‍යය. හොඳට මතක තබාගන්න. අනිච්ච, දුක්ඛ, අනත්ත කියන ලක්ෂණය අයිති දුක්ඛ සත්‍යයට, තණ්හාව, ඡන්දය, රාගය, ප්‍රේමය කියන ටික අයිති සමුදය සත්‍යයට. දුක්ඛ සත්‍යයේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනුව බලනකමක් තියේ නම් ඒ බලනකම අයිති මාර්ග සත්‍යයට. මාර්ගයෙන් කරන්නේ හැම වෙලාවකම දුක පිරිසිඳ දකින එක. දුක පිරිසිඳ දකිනකොට තණ්හාව නැතිවෙනවා.

    ඒ විදිහට තියෙන්නේ මිසක මේක පද පෙරලලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ආපහු මතක් කලොත් කැමති විදිහට නොලැබීම දුකයි කියල . එතැන පවතින ධර්මතාවය බලන්න. එතැන ධර්මතා දෙකක් තියෙනවා. ඒක දෙකට කඩන්න. කැමති විදිහට නොපැවතීම දුකක් නම් - කැමැත්ත කියන එක වෙනම එකක් නොපැවැත්ම කියන එක වෙනම එකක්. ඒක තනි වචනයකින් මේ ඔක්කොම බහාලන්න බැහැ. නොපැවතීමට තමයි අනිත්‍යය කියල කියන්නේ. කැමැත්ත කියන එක හඳුන්වන්නේ 'එතං මම, එසො හමස්මිං, එසො මේ අත්තා ති' කියන තැනින්. මම, මගේ, මගේ ආත්මයයි කියල ගන්නවා කියන තැනින් තමයි කැමැත්ත හඳුන්වන්නේ.රූපය මම, මගේ, මගේ ආත්මය කියල ගත්තා කියන්නේ කැමැත්තෙන් බැඳුනා කියන එක. එහෙම නැතුව ඕකට 'ඉච්ඡ' කියන තැනක් තබන්න බැහැ.

    ආනාපනාසතියට පෙන්නනවලු අස්කරනවා, පස්කරනවා අස්පස්කරනවා කියල. දීර්ඝ කොට අස්පස් කරනවා ලුහුඬු කොට අස්පස් කරනවා කියලත් තියෙනවද? නමුත් හැම වචනයක් වචනයක් ගානෙම සම්මා දිට්ඨිය හොයන්න කඩ කඩා බලන්නේ සම්මා දිට්ඨිය ගැන නොදන්නා නිසයි. මේ ශාසනයට සම්මා දිට්ඨිය වචන විතරද තියෙන්නේ. ඇයි මේ සීලය ඇතිකරගන්න වචන නැද්ද, සමාධිය ඇතිකරගන්න වචන නැද්ද, විමුක්තිය ඇතිකරගන්න වචන නැද්ද, විමුක්ති ඥාණදර්ශනය ඇතිකරගන්න වචන නැද්ද? හැම වචනයක් වචනයක් ගානෙම සම්මා දිට්ඨිය හොයන්නේ සම්මා දිට්ඨිය දකින්න විතරද වචන තියෙන්නේ? පද, වචන නැද්ද සීලය හඳුන්වන්න, සමාධිය ඇතිකරගන්න. ආශ්වාස ප්‍රශ්වාස කියල කියන්නේ චිත්ත සමාධිය ඇතිකරගන්න සමාධිය පිණිස පවතින පදව්‍යංජනයක් . මාර්ග සත්‍යයටයි වැටෙන්නේ. ඒකද සම්මා සමාධිය ඇතිකර ගැනීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ වායාම, සති, සමාධි කියන අංග තුන අන්තර්ගතව පවතින්නේ.

    ඒ විතරක් නෙමෙයි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියල අනේ මේච්ච කල් මේ ශාසනයේ මහණ කරන්නවත් තිබුනේ ඔය ටික, ද්වතිංසාකාරය. මහණවෙන කුලදරුවාට කෙස් රොදක් අතට කපලා දීලා තමයි 'කෙසා ලොමා නඛා දන්තා තචො' කිවුවේ. දැන් ඒකත් වැරදිලු නේ. 'ලොමා' කියල එකක් නැහැලු "ලොව අමාවක් සේ ගත්ත හින්දා" ලොමා ලු. දැන් හොඳට බලන්න පෙළ දහම ලොමා , ඊටපස්සේ පෙළ දහම උදව් කරගෙන අර්ථ දෙන්නේ නැහැ ඕගොල්ලොන්ට. ලොව අමාවක් සේ ගත් නිසා කියලා පෙළෙන් එයා අළුත් පෙළක් හදාගන්නවා. හදාගෙන දැන් අර්ථ විවර කරනවා ලොව අමාවක් සේ ගත්තා කියල කියන්නේ කොහොමද කියල මෙන්න මෙහෙමයි කියල පෙන්වනවා. දැන් ඒ අර්ථය පෙන්වන්නේ තමන් හදාගත්ත එකකට මිසක මේ පෙළ දහමේ තියෙන එකකට නෙමෙයි.

    පිංවතුන්ට මතක් කරන්නේ මේ ශාසනය නසන්න දායක වෙන්න එපා ඕගොල්ලෝ. නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කලාට නිවන් දකින්නේ නැහැ. ඔය පද පෙරළුවා කියල ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධියක් වෙනවා නම් ඒ පෙනෙනවා කියන සිද්ධිය වූ ආකාරය ඔය පද වලින් හොයාගන්න පුළුවන්ද කියන්න. ඔය පද වෙනස් කරලා බලන්න පුළුවන්ද කියන්න. ඒ වගේ මෙතැනදී ගොඩාක් දෙනෙක් කියනවා ඒ වගේ තැන් වලට යන්නේ දොස්තර මහත්වරු, ඉංජිනේරු මහත්වරු කියලා. නමුත් අපි දෙයක් තේරුම් ගන්න ඕනේ ඒ පිංවතුන් ඒගොල්ලොන්ගේ ක්ෂේත්‍රයේ තුල දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් වෙන ක්ෂේත්‍රයකට ගියොත් එයා ඒ ක්ෂේත්‍රයක ඉන්න ළදරුවෙක්ටත් වඩා ළදුරුයි කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කියමු වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් බාහිර ගොඩනැගිලි හදන ඉංජිනුරේ අංශයකට ගියොත් ඒ ඉංජිනේරු අංශයේ මුල් අවුරුද්දේ මුල් මාසේදී ඒ ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ගේ තරම්වත් දැනුම නැතිවෙයි අර දොස්තර මහත්මයාට ඒ ගැන නේද

    එහෙම ගත්තහම ඉංජිනේරුවරු, දොස්තරවරු කියල එයාලගේ ක්ෂේත්‍රය තුල දොස්තර කෙනෙක්, ඉන්ජිනියා කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සතියක් දෙකක් වනපොත් කරපු කුඩා සාමණේර කෙනෙක්ගේවත් දැනුමක් තියෙයිද කියන්නකෝ? සේඛ්යා හැත්තෑපහම දන්නවද කියල අහන්නකො? එයාගේ කේෂ්ත්‍රය ඉංජිනේරුවෙක් වුනාට , දොස්තර කෙනෙක් වුනාට වෙනත් කේෂ්ත්‍රයකට ගියහම එයා ළදරුවෙක්ටත් වඩා ළදරුවෙක් කියන එක තේරුම් ගන්න ඕනේ. අපි පොඩි කාලේ ස්කොලේ පොත්වල කථාවක් තිබුනා. හාවෙක් හිටියාලු තල ගහක් යට නිදාගෙන තල් ගෙඩියක් තල් අත්තට වැටුනහම හාවා බයවෙලා එක පාරටම දුවන්න ගත්තා. ඉස්සරහට හම්බුනා නරියෙක්. නරියා ඇහුවලු කොහෙද යාළුවේ දුවන්නේ? කථා කර කර ඉන්න වෙලාවක් නැහැ දුවනවා දුවනවා ලෝකේ පෙරලීගෙන එනවා කිවුවා. දැන් නරියයි හාවායි දෙන්නම දුවනවා.

    ඉස්සරහට කොටියෙක් ආවලු. මොකද කියල ඇහුවහම? මොකද කියල අහන්නේ කථා කරන්න වෙලාවක් නැහැ දුවනවා දුවනවා ලෝකේ පෙරලිගෙන එනවා කිවුවා. ඔහොම දැන් කථා කරන කරන අය දුවනවා දුවනවා ඔක්කොමලා ලෝකේ පෙරලීගෙන එනවා කියල. සිංහයා ගාවට යනවා. කොහෙද මේ දුවන්නේ කියල ඇහුවා.? නෑ දේවයන් වහන්ස, කථා කර කර ඉන්න වෙලාවක් නැහැ දුවන්න දුවන්න. ඇයි? ලෝකේ පෙරලීගෙන එනවා. එතකොට සිංහයා ඇහුවලු හිටපන් හිටපන් කවුද කිවුවේ කියල ඇහුවාලු? මෙයා කිව්වේ මට. ඔයාට කවුද කිවුවේ?අරයා. ඔයාට කවුද කිවුවේ? කොටියා, ඔයාට කවුද කිවුවේ? නරියා? නරියා උඹට කවුද කිවුවේ? හාවා. උඹට කවුද කිව්වේ? දේවයන් වහන්ස මමයි දැක්කේ? උඹ දැක්කද?ඔව්. හා එහෙනම් යමං බලන්න කියලා තල් ගහ ළඟට ගියා. මෙන්න මේ තල් ගහ යට මම නිදාගෙන හිටියේ කියල පෙන්නුවා. හොයලා බලනකොට තල් ගෙඩිය වැටිලා තල් අත්තට.

    ඒ වගේ එක එක දෘෂ්ඨි දේශනා කරනවා. අනේ නියමයි , නියම දේශනාව යමුකෝ, අනේ නියම දේශනාව යමුකෝ කියලා කියාගෙන කියාගෙන යනවා.. ඔයාට කවුද ඒ දේශනාව ගැන කිවුවේ කියල ඇහුවහම? අහවලා. එයාගෙන් ඇහුවාම කවුද ඔයාට ඒ දේශනාව ගැන කිවුවේ අරයා. ඔහොම ඔහොම කියාගෙන කියාගෙන මුලට ආවොත් ස්වාමින්වහන්සේ නමකගේ හෝ ගිහි කෙනෙකුගේ සාමන්‍ය හිතක ඇතිවුන විතර්ක මාත්‍රයක් තමයි මේ උස්සල්ලා තියලා අරගෙන යන්නේ අන්තිමට ගත්තහම. තව කෙනෙක් නිකන් ඔහේ වළඳලා නිදාගෙන ඉන්නකොට හිතෙන්න ඇති බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා නම් කියලා. ඒ විතර්කය කොච්චර ඇත්ත වුනාද කියනවා නම් ඔය විදිහට බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා. ඇත්තද බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා... කියල ඔය විදිහට දිගින් දිගටම ගිහිල්ලා ඕක ආපහු හරවාගෙන ගියා නම් මොකද වෙන්නේ අන්තිමට වළඳලා නිකන් සැතපිලා ඉන්නකොට ඇතිවුන විතර්ක මාත්‍රයක්.

    නමුත් ලැජ්ජයි කියන්න පැවිදිවෙලා වස් හතළිහක් පනහක් වෙන ස්වාමින්වහන්සේලා පැවිදි ජීවිතයටත් ලැජ්ජයි, සිවුරටත් ලැජ්ජයි. මේ වගේ විතර්ක ටිකක් ඔළුවේ තියාගෙන කරපින්නාගෙන යන ස්වාමින්වහන්සේලාත් ඉන්නවා. ඉතින් මම කියන්නේ බුද්ධ ශාසනය නැති කරන්න බොහෝ දෙනෙකුට උවමනාව තියෙන්නේ. මම කියන්නේ මේ ශාසනයට මොනවා හරි අර්ථ කථනයක් අලුතෙන් දෙන්න හදනවා නම් යම් කෙනෙක්, දෙනවා නම් යම්කෙනෙක් එයා විතර ශාසනයට හතුරුකමක් කරන කෙනෙක් තව නැහැ. ඉතින් හැමදෙනාගෙන්ම මතක් කරලා ඉල්ලන්නේ එකම එක දෙයයි. බොහොම සිහි බුද්ධියෙන් නුවණින් යුක්තව කටයුතු කරන්න. ඊගාවට මේ සත්‍යය කියන එක පදයක් පෙරලලා දකින්න පුළුවන් එකක් නෙමෙයි. මම මේ ළඟදී වලස්මුල්ලේ අභය කියන ස්වාමින්වහන්සේගේ දේශනාවක් ඇහුවා. ඡඵස්සායත සුත්‍රය කියල. සංයුක්ත නිකායේ ඡඵස්සායතන සුත්‍රයක් තියෙනවා.

    චඃ චඃ කියන්නේ නරක දේට. ඡඵස්සායතය, ඒ නිසා ඵස්සායතනය හොඳ නැහැ කියල.. අමු අමුවේ භාෂාවක් මරනවා. 'ඡ' කියන්නේ පාලියෙන් හය. එයද සිංහලෙන් චඃ චඃ.කියන එකේ අර්ථය අරන් වෙනස් කරනවා ඉතින් අම්මෝ මේ වගේ අර්ථකථන දෙන උත්තමයෝ දැකලවත් නැහැනේ කියලා මේ වගේ මිථ්‍යා දෘෂ්ඨි ඔසවලා උඩින් තියන මැටීම මොලේ තියෙන බෞද්ධයෝ කියන පිරිසකුත් ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ ලෝකෝත්තර දෙයක් පැත්තකින් තැබේවා භාෂා ඤාණයවත් තියෙනවද කියන එක හිතන්න. භාෂාවක් ගත්තහම ඒකට නීති රීතියක් තියෙයි, ව්‍යාකරණයක් තියෙයි. භාෂාවක තියෙන ව්‍යාකරණයවත් දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තැන් වලින් තමයි අද මහා ගැඹුරුයි කියලා පෙන්වන්න හදන්නේ. නමුත් අපිට නම් ඉතින් පද පෙරලියක් විනා මොකුත් ගැඹුරක් නම් පෙනෙන්නේ නැහැ.

    නමුත් පිංවතුන් හැමකෙනෙක්ටම කියන එක දෙයක් තියෙනවා. අපිට වගකීමක් තියෙයි. අවුරුදු දහස් ගානක් නිර්මලව පැවත ආ මේ බුද්ධ ශාසනය අපිට ගොඩාක් කරන්න බැරි නම් දන්නේ නැත්නම් මේ තියෙන දේට දන්නා ටික විතරක් කියල නිකන් ඉන්න. ඒකට අමුතුවෙන් යමක් කියන්නවත් කරන්නවත් යන්න එපා ඒක මහා අකුසලයක් කියන එක මතක් කරනවා. මොකද මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක්. මේක සෙල්ලම් කරන එකක්, සෙල්ලම් කටයුතු එකක් නෙමෙයි. අපිට අද තෝරා ගන්න බැරි නම් මේක අනාගතයේ මේක තෝරලා දෙන්න පුළුවන් අය පහල වෙයි. එතෙක් පරිස්සම් කරදීම හරි අපේ යුතුකමක් කියන එක මතක් කරනවා. හැම දෙනාටම මතක් කරනවා මේ කාලය තුල සිහි ඇතුව නුවණ ඇතුව කටයුතු කරන්න කියන කාරණාව මතක් කරනවා. පොත පෙන්වල පොත පෙන්වන එකට රැවටෙන්න එපා. ඔය කියන වචනයට ඕකමද අර්ථය කියල බලන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. හැමකෙනාවම ඒ පිලිබදව දැනුවත් කරන්න කියන එකත් මතක් කරනවා.

    තෙරුවන් සරණයි.

    පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2018. 01. 28 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සිදුකල දේශනාව ඇසුරෙන්

    සම්පුර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට

    http://mediafire.com/file/957kbedj05d3fsu/2018-01-28_Peradeniya_University.mp3

    https://www.facebook.com/path.nirva...1828.509526319114695/1595669573833692/?type=3
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0





    පිස්සු හුටං අභය ලිඳේ බැහැල නානවා!:lol::lol:

    අභය හාමුදුරුවොත් අනිත්‍ය එකේ මොකටද මේ කලබල වෙන්නෙ......

    "මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: රූපය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි." - අනිච්‌ච සූත්‍රය

    තොප වහාම ඒ කෙරෙහි වූ ඇල්ම දුරු කරගන්න......

    එතකොට ඔය තරහ යන එක සම්පූර්නයෙන්ම නතර වෙලා යාවි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සෝවාන් වෙන්න නම් සෝවාන් හෝ ඊට වඩා ඉහල කෙනෙක්ගෙන් බණක් අසා ධර්ම ඥානය ලබාගත යුතුමයි.

    අපි මේ හැම දේටම කරන බණ බණ කියන සංකල්පයේ ආරම්භයත් එතන. නැතුව කාලීන බණ කවි බණ කියන්න නෙමෙයි. මිනිස්සු සෝවාන් කරන්න. ත්‍රිපිටකයේ හොයල බලන්න වැඩි විස්තර.

    භාවනා කරන්න කියල තියෙනවා, සෝවාන් වෙච්ච මනුස්සයට එතනින් ඉදරියට යන්න.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අභය හාමුදුරුවොත් අනිත්‍ය එකේ මොකටද මේ කලබල වෙන්නෙ......

    "මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: රූපය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි." - අනිච්‌ච සූත්‍රය

    තොප වහාම ඒ කෙරෙහි වූ ඇල්ම දුරු කරගන්න......

    එතකොට ඔය තරහ යන එක සම්පූර්නයෙන්ම නතර වෙලා යාවි.

    ඉතිං මොකද්ද ඔබ ඕක මෙතන අමුතුවෙන් දාන්න තරම් ඕකේ විශේෂත්වය? ??
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කිව්වට වැඩක් නැහැ. දැන් කියයි ලුණු කියලා දෙයක් නැහැ කියලා.

    ඔව් ලුනු කියලා දෙයක් නෑ... ඇත්තටම... ඇභිධර්මය පොඩ්ඩක් කියවන්න... ඔය සූත්‍ර පිටකය කියන්නේ බේත් තුණ්ඩු වගේ,. වෙද සස්ත්‍රය තියෙන්නේ අභිදර්මයේ...(මම නෙමේ කියන්නේ රෙරුකානේ හමුදුරුවෝ ) ඔබලාගේ බුද්ධිමට්ටම අනුව බේත් තුණ්ඩු වලින් ධර්මය ඉගෙන ගන්නවද හරි පොතෙන් ඉගෙන ගන්නවද තීරණ්ය කරන්න :lol::lol::lol:

    දැන් කියන්න පුලුවන් නම් රෙරුකානේ හාමුදුරුවන්ගේ පොත බොරු කියල ත්‍රිපිටය බොරු කියන ඔබලාට ඒක කරන්නත් පුලුවන්..