අභ්‍යවකාශයේ ඉදිවන ප්‍රථම නගරය “ඇස්ගාඩියා

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අභ්‍යවකාශයේ ඉදිවන ප්‍රථම නගරය “ඇස්ගාඩියා

    අභ්‍යවකාශයේ පාවෙන නගර නිර්මාණය කිරීමත් ඒවාගේ දිවි ගෙවීමත් පිලිබඳව කතා පුවත් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ හෝ ඒ ආශ්‍රිතව නිර්මාණය වූ සිනමා කෘති ආදිය ඔස්සේ ඔබ දැක ඇති. එසේම බොහෝ දෙනා එවැනි නගරයක දිවි ගෙවීමට සිහින දකින්නට ඇතිවාටද සැක නැහැ. එහෙත් එය තවදුරටත් සිහිනයක් නොවී සැබෑවක් වීමට යන බවටයි තොරතුරු වාර්තා වෙන්නෙ. එනම් ලොව ප්‍රථම අභ්‍යවකාශ නගරය වන ඇස්ගාඩියා නම් ව්‍යාපෘතිය මේ වන විටත් ආරම්භ වී තිබෙනවා.

    මෙම නගරය නිර්මාණය කිරීම හා සම්බන්ධ සැලසුම් ලෝකයට අනාවරණය කර ඇති අතර එහි ඉදි කිරීම් පළමු අදියරේ කටයුතුද නුදුරේදීම ඇරඹෙනු ඇති. මේ එම අභ්‍යවකාශය නගරය පිලිබඳව තොරතුරුයි.


    02-680x383.jpg


    ඇස්ගාඩියා යනු?

    ඇස්ගාඩියා විශ්ව නිවහන පිලිබඳව අදහස යතාර්ථයක් බවට පත් වන්නේ ලොව රටවල් රැසක විද්‍යඥයින්ගේ එකමුතුවෙනුයි. එහිදී ඇස්ගාඩියා යනුවෙන් හඳුන්වනු ලබන්නේ අභ්‍යවකාශයේ මිනිස් වාසය සඳහා ඉදි කෙරෙන යෝධ නගරයක්. කෘතීම ජලාශ , වැව්, පොකුණු, තෘණබිම්, මෙන්ම වනාන්තර වලින් මෙම නගරය අලංකාර කරන්නටද නියමිත වෙනවා. මෙම අභ්‍යවකාශ නගරය යන සංකල්පය ප්‍රධාන කොටස් තුනකින් යුතු වෙනවා. එනම් දර්ශනවාදී අදහස්, නීතිමය සංකල්ප, හා විද්‍යාත්මක/තාක්ෂණික සංකල්ප වශයෙනුයි.

    මෙම නගරයට නමක් තෝරා ගන්නා අවස්ථාවේදී සිට මූලික වී තිබෙන්නේ දර්ශනවාදී අදහසුයි. එනම් නොර්වෙනියානු දේවකතා සාහිත්‍යයට අනුව ආකාශයේ පැවති නගරයක් ඇස්ගාඩි යන නමින් හඳුන්වා තිබෙනවා. එය ඔවුන් හඳුන්වා ඇත්තේ දෙවියන්ගේ දේශය යනුවෙනුයි. ඒ අනුව මෙම ආකාශ නගරයටද ඇස්ගාඩියා යන නම ලබා දී තිබෙනවා. එසේම ඉන් අභ්‍යවකාශයේ නිදහස යන්නද අර්ථවත් වෙනවා.


    03.-cnn.com-%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A_%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-680x383.jpg

    ඇස්ගාඩියා අභ්‍යවකාශ ගම්මානයේ කල්පිත පින්තුරයක්

    මෙම ඇස්ගාඩියා පුරවරය සම්බන්ධ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන්නේ රුසියන් ජාතික ආචාර්ය ඊගොර් අශුර්බෙලි (Dr. Igor Ashurbeyli) වන අතර එතුමා ජාත්‍යන්තර ගගන පර්යේෂණ ආයතනයේ ප්‍රධානියාද වෙනවා. එතුමා පවසන අකාරයට මෙම විශ්ව නගරයෙහි ජීවත් වන සියලුම දෙනා එක ජාතියක් ලෙස පිළිගන්නවා. එහිදී මෙම ඇස්ගාඩි වැසියන්ට පෘථිවිය කෙරෙහිද පෘථිවි වාසීන්ට මෙම නගරය කෙරෙහිද බලපෑමක් එල්ල කිරීමට නොහැකි වනවා. ඇස්ගාඩි වාසින් ඇස්ගාඩියන්වරු යන එක නමකින් හඳුන්වන අතර ඔවුන් නිදහස් ජාතියක්ද වනවා. එසේම මෙහි පළමු ඇස්ගාඩියන්වරුන් අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු හා ගවේෂණ කටයුතු සඳහා තම සේවාව ලබාදිය යුතු වෙනවා.

    04.-businessinsider.com-%E0%B6%91%E0%B7%84%E0%B7%92-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B6%B1-%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-680x647.jpg

    එහි ඇතුලත ඉදිකිරීමට බලාපොරොත්තු වන ආකාරය දැක්වෙන පින්තුරයක්

    එසේම මෙම අභ්‍යවකාශ නගරය ඉදි කිරීමේ ප්‍රධානතම විද්‍යාත්මක හා තාක්ෂණික අභිමතාර්ථ ලෙස අභ්‍යවකාශ තර්ජන වලින් පෘථිවිය ආරක්ෂා කිරීම, දියුණු වෙමින් පවතින රටවලවල ඇති භූමිය සම්බන්ධ ගැටළු වලට පිලියම් සෙවීම ආදිය හඳුනා ගැනීමට හැකි වෙනවා. එසේම මෙහි තාක්ෂණික සැකැස්ම කොටස් තුනකින් සමන්විතය. එනම් මධ්‍යගත චන්ද්‍රිකා එකක් හෝ කිහිපයක් තිබීම, ජාල කේන්ද්‍රීය චන්ද්‍රිකා කිහිපයක් තිබීම හා ආරක්‍ෂිත අභ්‍යවකාශ වේදිකාවක් තැනීම ආදී වශයෙනුයි.

    විශේෂත්වය

    මෙයට වසර මිලියන ගණනකට පෙර මෙලොව දිවි ගෙවූ ඩයිනෝසරයන් මෙලොවින් තුරන් වූයේ යෝධ ග්‍රාහක දෙකක් පෘථිවියේ ගැටීම නිසායි. ඉන්පසු ද විවිධ අවස්තාවන් වල අභ්‍යවකාශයේ ග්‍රාහක පෘථිවිය හා ගැටුණු නමුත් එය මහා විනාශයක් කිරීමට තරම් ප්‍රබල නොවිණි. එලෙස ග්‍රාහක ගැටීමේ අවදානමෙන් මිදීමට, පෘථිවිය ආරක්ෂා කිරීමේ නව සැලැස්මක් ලෙසද මෙම ඇස්ගාඩි පුරවරය නිර්මාණය වනු ඇත. මෙම පුරවරය ලේසර් කිරණ අවිවලින් සහ රොකට් මිසයිල වලින් සන්නද්ධ වනු ඇත. ඒ, ග්‍රාහක හෝ පිටසක්වලින් සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා වීම සදහායි. එමෙන්ම ඇස්ගාඩි පුරවරයේ වැසියන් පෘථිවියේ ආරක්ෂකයන් වනු ඇත. මෙම යෝධ නගරය අභ්‍යවකාශයේ සදාකාලික නවාතැන්පොලක් ද වනු ඇත.

    අභ්‍යවකාශ කසල

    මෙම පුරවරය නිර්මාණය නිසාවෙන් ඇති වන අතුරු පලයක් ලෙස පෘථිවි කක්ෂය කසල ගොඩක් බවට පත් වීමේ අවදානමක් පවතින බවටද මතයක් පවතිනවා. එනම් එයින් බැහැර වන අපද්‍රව්‍ය අභ්‍යවකාශයට එකතුවීම නිසායි. මේ වන විට ද අභ්‍යවකාශය කසල වලින් යුතු වෙනවා. ඒ ෂටල හෝ චන්ද්‍රිකා අභ්‍යවකාශයට මුදා හැරීමෙන් පසු අක්‍රිය වී පෘථිවි කක්ෂයේ රැඳී පා වෙමින් පවතින රොකට්ටු ආදියයි. එලෙස පෘථිවි කක්ෂයේ රැදී පා වෙමින් තිබෙන සුන්බුන් හා යානා කැබලි අභ්‍යවකාශ කසල ලෙස හැදින්වෙනවා.

    05.-cnn.com-%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%84%E0%B7%92-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-680x383.jpg

    ඇස්ගාඩියාහි ඇතුලත සැකැස්ම දැක්වෙන පින්තුරයක්

    ලබන වසරේ චන්ද්‍රිකාවක් කක්‍ෂගත කිරීමෙන් පසු ඇස්ගාඩි අභ්‍යවකාශ නගරය සදහා මුල්ගල තැබීම සිදු වනු ඇත. මේ වනවිට මෙම ඇස්ගාඩියා නගරයේ පුරවැසියකු වීමට පෘථිවි වැසියන්ට අවස්තාව ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් ඇති වෙබ් අඩවියට ගොස් එහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකියි. 2016 වසරේදී මෙය හා සම්බන්ධ යෝජනාවන් මුල්ම වරට ලොවට ඉදිරිපත් කෙරුණා. එය ඉදිරිපත් කිරීමෙන් පසුව පැය 40ක් ගතවන විට ලක්ෂයක ක පමණ පිරිසක් එයට ඉල්ලුම් කර තිබෙනවා. ඉන් සති තුනකට පසුව ඉල්ලුම් කළ පිරිස 500 000 දක්වා වැඩි වී තිබෙන අතර ඉන් වැඩි පිරිස වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් වෙනවා. එහෙත් මුල්ම වටයේදී පුද්ගලයින් ලක්ෂයකට පමණ අවස්තාව ලැබෙනු ඇති බව වාර්තා වනවා. ලබන වසරේ මෙහි කටයුතු ආරම්භ වුවද එය නිම කිරීමට නම් වසර ගණනාවක් ගත වනු ඇති.

    උපුටා ගැනීම
    https://asgardia.space/en/page/concept )/( http://edition.cnn.com/style/article/asgardia-satellite-launch/index.html
    https://roar.media/sinhala/science-tech/what-is-asgardia
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයාගෙන් මිට වඩා උත්තරයක් බලාපොරොත්තු උනා.. :(

    එහෙනං ඕක හදන්න උඩට යවන එක රොකට් එකක් හරි මඟදි පුපුරනව :(
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒ දවස් වල මමත් ඕකට රෙජිස්ටර් උනා.උන් ඊට පස්සෙ මට මගේ ඇස්ගාඩියන් ID එකයි member certification එකයි එවල තිබ්බ :rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනං ඕක හදන්න උඩට යවන එක රොකට් එකක් හරි මඟදි පුපුරනව :(

    මු යකෝ... :lol::lol: අන්න ඉන්නවා පහල මේකේ රෙජිස්ටර් වෙච්ච එකෙක්.. :eek::eek:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ දවස් වල මමත් ඕකට රෙජිස්ටර් උනා.උන් ඊට පස්සෙ මට මගේ ඇස්ගාඩියන් ID එකයි member certification එකයි එවල තිබ්බ :rolleyes::rolleyes:

    සිරාවට.... :shocked::shocked::shocked:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිරාවට.... :shocked::shocked::shocked:

    ඔව් බන්. ඔය තියෙන්නෙ ඒක. ඔය ගේම් ගහල, ෆිල්ම් බලල ආසාවට තමා ඕක දැකල දැම්මෙ :lol:. මේ දවස් වල ඒකෙත් චන්දෙ. :rofl:

    qxjjx2.jpg