සෙම්ගෙඩි සුව කරන විශ්මිත බෙහෙත් වට්ටෝරු

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    සෙම්ගෙඩි සුව කරන විශ්මිත බෙහෙත් වට්ටෝරු

    සෙම්ගෙඩි කියන්නේ මේ දවස් වල බොහෝ දෙනෙක්ට අැතිවන රෝගී තත්වයක්. ඒ වෙලාවකට හැමෝම වගේ කරන්නේ ලොකු මුදලක් වියදම් කරලා බටහිර වෛද්‍යවරයෙකු සොයා යාම. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ සෙම් ගෙඩි ඉතාම පහසුවෙන් සුවකළ හැකි ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම කර ගත හැකි බව. මේ සදහා කිසිදු වියදමක් වැය නොවන අතර බටහිර ඖෂධ වල මෙන් අතුරු විපාකද නොමැත. මේ පහසු ප්‍රතිකාරය ගැන කියලා දෙන්න තමයි අද විශ්ම ලෝකයේ මේ ලිපිය සැකසෙන්නේ
    සෙම් ගෙඩි සුව කරන බෙහෙත් වතුර

    සාමාන්‍යයෙන් සෙම් ගෙඩි වැළදෙන්නට පය 24 කට පමණ පෙර අපේ උගුර රිදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේ සිට තමයි අපි කියන මේ ප්‍රතිකාරය කරන්න ඕනේ. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු මද උණුසුම් ජලය සමග දියකර උගුර සෝදන්න. මෙය පැය 4 න් 4 ට සෙම් ගෙඩි සුව වන තුරු සිදු කරන්න ඕනේ. මෙමගින් උගුරේ බැක්ටීරියා අසාධන විනාශ කරලා පැය කිහිපයක් තුල ඔබට විශාල සහනයක් ලබා දෙනවා .
    සෙම්ගෙඩි සුව කරන කළුදුරු බෙහෙත

    අවශ්‍ය ද්‍රව්‍ය

    සුදුරු හෝ කළුදුරු ග්රෑම් 80
    පිරිසිදු පානිය ජලය( පෙරණයකින් පිරිසිදු කර ගත් ) මිලි ලීටර් 250
    විස්කි මේස හැඳි 1



    සාදා ගන්නා ආකාරය

    මුලින්ම මුට්ටියක් අරන් එයට වතුර මිලිලීටර් 200ක් එකතු කර ගන්න. වතුරට සුදුරු හෝ කළුදුරු ග‍්‍රෑම් 80 දමා හොදින් නටවා ගන්න.වතුර හොදින් නටන කොට ඔබට පෙනේවි මිශ‍්‍රණය ඝන හා කළු පැහැයකට හුරු පාටකට හරි ඇති බව. දැන් මේ මිශ‍්‍රනය පෙරා ගෙන අර ඉතුරු වතුර මිලි ලීටර් 50 එකතු කර ගෙන නැවත වරක් හොදින් නටවා ගන්න. පසුව විස්කි මේස හැන්ද එක් කර ගන්න.


    රෝගී තත්වයකදී මේ බෙහෙත සැම විනාඩි 30 කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න. පැය 2ක් බොනකොට ඔබට ලොකු සහනයක් දැනේවි. පැය 4ක් සම්පුර්ණ වන විට සියලූ රෝග ලක්ෂණ පහ වී සෙම් ගෙඩි දියවී යාවි.
    සෙම් ගෙඩි සුව කරන අාලේපයන්

    මී ගසේ අරටුව මී පැණියෙන් අඹරා දිනපතා උදේ සවස සෙම් ගෙඩි වැළදී ඇති ප්‍රදේශයේ ආලේප කරන්න.


    වැලමි, තිප්පිලි, වියළි ඉඟුරු, සහිඳ ලුණු, සමව ගෙන මී පැණියෙන් අඹරා සෙම්ගෙඩි වල දිනපතා උදේ සවස ආලේප කරන්න


    සර්ව විෂාදී තෛලය. අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම්ගෙඩි වල දිනපතා ආලේප කරන්න.
    ඉහත සඳහන් කල සර්ව විෂාදී තෛලය පමණක් පිටතින් ආලේප කර බුලත් කොළයක් පොල්තෙල් පහනකට අල්වා රත්කර තැවීමද ගුණ දායකය.

    සෙම් ගෙඩි සුව කරන පානයක් ලෙස

    නිල් කටරොඩු මුල්, මුරුංගා පොතු සිවිය හා නික මුල් සමානව ගෙන , තම්බා , මී පැණි මිශ්‍රකර, දිනපතා උදේ සවස , අඬු කෝප්ප භාගය බැගින් පානය කරන්න.



    මුලාශ්‍රය :විශ්ම ලෝකය
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    :) :) :)
    මටත් ඔය සෙම්ගෙඩි නිතර නිතර එනවා එපා වෙනවා බන්
    කූල් මොකුත් කන්න බොන්න කරන්න බෑ වැඩිය මට

    TFS! මචං REP 10+
     
    • Like
    Reactions: Kevita

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :) :) :)
    මටත් ඔය සෙම්ගෙඩි නිතර නිතර එනවා එපා වෙනවා බන්
    කූල් මොකුත් කන්න බොන්න කරන්න බෑ වැඩිය මට

    TFS! මචං REP 10+

    මේකත් පට්ට.:yes:


    betadine-throat-spray-with-box_360x416.png
     
    • Like
    Reactions: Kevita and HKavinda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඔය මොනවත් නැතිව නිකන් මී පැණි පොඩ්ඩක් කෑවත් හරි බන් (එහෙම නැත්නම් සෙම්ගෙඩි වල ගෑවත්)

    සෙම්ගෙඩි වලට මීපැණි හොදයි කියන එක ලංකාවෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල සෑහෙන්න කල් ඉදන් කරන දෙයක්