Arduino මුල සිට

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
අද ලෝකයේ දකින බොහෝ Programming Language අතර Arduino කියන්නේ පොඩි ළමයාගේ සිට වැඩිහිටියා දක්වා භාවිතා වෙන්නා වූ භාශාවකි. මෙය තාක්ෂණයේ දියුණුවට බොහෝ සෙයින් ඉවහල් වී ඇත.

අද සිට මම කතාකරන්න බලාපොරොත්තු වන්නේ මෙන්න මේ Arduino platform එක ගැනයි.ඉස්සෙල්ලාම අපි බලමු Arduino වල භාවිතයන් කිහිපයක්👇.


20180213_103629-1-700x394.jpg

උඩ පිංතූරේ තියෙන්නේ 3D printer එකක්.මේකෙන් අපිට ත්‍රිමාන ආකෘති නිර්මාණය කරගන්න පුලුවන්.මේකට පාවිච්චි කරන්නෙ Arduino board එකක් .

20180213_103507-700x394.jpg


මේ තියෙන්නේ line following සහ object detecting රොබෝවෙක්.මෙයාට සුදු හා කලු වර්ණ සහිත ඉරි වෙන් කර හදුනා ගන්න පුලුවන් සහ ඉස්සරහ තියෙන බාධක හදුනාගන්න පුලුවනි.

දැන් අපි බලමු සාමාන්‍යයෙන් භාවිතා වන Arduino board වර්ග මොනවද කියලා 👇.
20180213_112355-700x394.jpg



මේ තියෙන්නේ Arduino UNO board එකක්.මේක arduino වලට ආධුනිකයන්ට කියාපු board එකක් සහ මේ board එකේ Digital pin දාහතරක් PWM pin හයක්(Digital pin වලින් හයක් මේ PWM විදියට පාවිච්චි කරන්නේ) වගේම Analog pin හයක් තියෙනවා.මේකට උපරිම මිලි ඇම්පියර් හතලිහක් ලබාදෙන්න පුලුවන්. ATmega328 කියන Microcontroller එක දාපු 32 KB ධාරිතාවක් සහිත 2 KB මතකයක් සහිත පුවරුවකි.(දිග IC එක තමා microcontroller එක) මේක පාවිච්චි කරලා ඉස්සෙල්ල තිබුන රොබෝවා වගේ දේවල් නිර්මාණය කරන්න පුලුවනි.

මෙතනින් ගිහින් ඔයාලට UNO Board එකක් මිලදී ගන්න පුලුවන් -:

https://make.lk/recommends/uno/

20180213_112406-700x394.jpg


මේ තියෙන්නේ Arduino MEGA 2560 කියන board එක.නමෙන්ම තේරෙනවනේ මෙයා ටිකක් විශාල වැඩ වලට ගන්නවා ඇති කියලා.මේ board එකේ Digital pinම 54 ක් තියෙනවා.ඒවායෙන් pin 14ක් PWM pin විදියට පාවිච්චි කරන්න පුලුවන්.මීට අමතරව pin 16 ක් Analog pin විදියට තියෙනවා සහ මේකටත් මිලි ඇම්පියර් හතලිහක ධාරවක් ලබා දෙන්න පුලුවන්. MEGA board එකෙත් ATmega2560 කියන microcontroller එක තියෙනවා සහ 256KB ධාරිතාවක් ද 8KB මතකයක් තියෙනවා. 3D Printer නිපදවන්නේ මේ board වලින්😉.

මෙතනින් ගිහින් ඔයාලට MEGA 2560 Board එකක් මිලදී ගන්න පුලුවන් -:

https://make.lk/recommends/a-mega/

20180213_112314-700x394.jpg


මේ ඉන්නේ Arduino nano හෙවත් Pro mini board එක.නමෙන් පොඩි උනාට මෙයාගෙන් ලොකු වැඩ කරගන්න පුලුවන්.මේ Board එකේ Digital pin 14 ක් සහ එව්වගෙන් 6 PWM විදියට පාවිච්චි කරන්න පුලුවන් වගේම Analog pin 6 ක් තියෙනවා. මේ board එකටත් උපරිම ධාරව මිලි ඇම්පියර් හතලිහයි. ATmega168 කියන microcontroller එකක් මේ pro mini board එකට සවි කරලා තියෙනවා. මෙයට 16KB ක ධාරිතාවක් සහ 1KB මතකයක් තියෙනවා. සාමාන්‍ය භාවිතයන් වන්නේ හුගක් ඉඩ ඉතුරු කරගෙන smart විදියට හදන්න අවශ්‍ය දේවල් වලට පාවිච්චි කරනවා.

මෙතනින් ගිහින් ඔයාලට Pro mini එකක් මිලදී ගන්න පුලුවන් -:

https://make.lk/recommends/a-nano/


20180213_112339-700x394.jpg

මේ තියෙන්නෙත් arduino board එකක්ම තමා හැබැයි මේක එක කාර්යක් සදහාම නිපදවන ලද්දක්.මේකට කියන්නේ flight controller කියලා සහ මේකටම විශේශිත වූ Modules එක්ක මේ Board එක නිපදවනවා(Barometer,compass…).මේ board එක ගන්නේ drone යානා නිශ්පාදනයටයි.

මෙතනින් ගිහින් ඔයාලට flight controller එකක් මිලදී ගන්න පුලුවන් -:

https://make.lk/recommends/flightcontroller/

අද පොස්ට් එක මෙතනින් නිමයි.ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම අනිවා comment එකක් දාන්න👇👇👇.ඔබට ජය සහ සතුට☺️..

Source -: https://make.lk/arduino-මුල-සිට/
 
Last edited:

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ela ++
    arduino pro mini eke nano eke wage usb interface ekkak nene bn, eka programme karanna USB to serial module ekkak ganna one neda