Bandarawela bus ekak pupurala

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,766
    9,458
    113
    බණ්ඩාරවෙල – කහගොල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අතර හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වන බව ය.

    යුද හමුදා සාමාජිකයින් 7 දෙනෙක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර සිටිති.

    සිද්ධියෙන් සිවිල් වැසියන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර කාන්තාවක ද ඒ අතර වන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ය.

    ඔවුහු මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති.

    එම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව ඔහු අවධාරණය කළේ ය.

    අද අලුයම 5.30ට පමණ පිපිරීමත් සමග එලෙස ගිනි ගැනීමට ලක් වුණේ, දියතලාව සිට දෙබරවැව දක්වා ගමන් ගත් බස් රථයකි.

    මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැඳවා ඇති බව ය.

    Newsfirst
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,458
    113
    YcrmgEc.jpg