STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    STUDY TIPS.. පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම

    ..පාඩම් කරන අයට මතක තබාගැනීමේ ක්‍රම 10ක් - විස්තර සහිතව..​

    study-happy.jpg



    627DBCA9-575B-40B3-95A3-E3AD41D61EDA_cx0_cy19_cw0_w1023_r1_s.jpg



    පාසල්/ විශ්වවිද්යාල ඇත්තේ ඉගෙන ගැනීමටයි, නමුත් අප පාසලෙදී නොකරන්නේද එයමයි.මෙයට හේතුව කුමක්ද? ඉගැන්වීමේ වරදක්ද? ඉගෙනගන්නා විදිහේ වරදක්ද?
    ඒ කෙසේ වෙතත් අප දන්නා එක් දෙයක් නම් අපට උගන්වන අකාරය වෙනස් කල නොහැකි බවයි, නමුත් අප ඉගෙන ගන්නා ආකාරය අපට වෙනස් කල හැකියි.

    නමුත් ඒ කෙසේද? මෙම නූලෙන් එවැනි පාඩම් ක්රම කීපයක් ගැන කියන්නයි මම හදන්නේ..
    වසර කීපයකට පෙර කරන ලද විශ්ලෙශණ්යක ප්රතිඵලයක් වශයෙන් පාඩම් කිරීමේ ක්රම 10ක් එහි ඇති ඵලදායීතාව අනුව 1 සිට 10ට ශ්රේනිගත කිරීමක් සිදු කර තිබෙන්වා... පහතින් දැක්වෙන්නේ ඒ ගැන කෙටි පැහැදිලි කිරීමකි.


    learning-techniques-effectiveness.jpg

    එක් එක් ක්රමයන්
    1. අඩු ඵලදායීතාව.
    2. මධ්‍යස්ත ඵලදායීතාව
    3. අධි ඵලදායීතාව

    යන ආකරයට වර්ගීකරණය කිරීමක් සිදු කරනවා.


    එවා නම්, අධි ඵලදායීතාව සිට අවම ඵලදායීතාව දක්වා පිලිවෙලින්..

    අධි ඵලදායීතාව
    1. බෙදාගෙන පුහුණුවීම.(Distributed practice)
    2. ස්වයං පරීක්ශාව. (Practice testing/self-testing)

    මධ්‍යස්ත ඵලදායීතාව
    3. මිශ්ර කොට පුහුණුවීම. (Interleaved practice)
    4. ස්වයං පැහැදිලි කිරීම. (Self-explanation)
    5. විවෙචනාත්මක ප්රශ්න නැගීම. (Elaborative interrogation)

    අවම ඵලදායීතාව
    6. සාරාංශගත කිරීම. (Summarizing)
    7. නැවත කියවීම. (Rereading)
    8. මතක තබගැනීමෙ කෙටි ක්රම(කෙටි වචන ) (Keyword mnemonics)
    9. කියවූ කොටස මනසේ රූපයක් සේ මවාගැනීම. (Imagery of text)
    10. හයිල්යිට් කිරීම/ යටින් ඉරි ගැසීම. (Highlighting/Marking/Underlining)


    දැන් අපි එකිනෙක වෙන වෙනම බලමු..

    අධි ඵලදායීතාව
    1. බෙදාගෙන පුහුණුවීම.(Distributed practice)

    මෙයින් කියැවෙන්නේ කාලය බෙදාගෙන පඩම් කරන්න කියයි, පැය ගනනක් පුරා/ මුලු දවස පුරා එකම ඩෙය නොකර, දිනය කොටස් වලට බෙදගන්න.. උදාහරනයක් විදිහට දිනයකදී පාඩම් කරන ඒකක, ඒ සදහා කාලය, එලකිරි යන්න, ෆේස්බුක් බලන්න, පොඩ්ඩක් එලියෙ අවිදින්න, සෙල්ලන් කරන්න වෙලව දාගන්න (හැමදාම නම් ඔය ඔක්කොම කරන්න යන්න එපා ).. මෙසේ කිරීමේදී අපි මොලයට අප කරන දෙය ධාරනය කරගන්නට අවශ්ය කාලාය ලබා දෙනවා, එය වෙහෙස නොකර.
    පහත දැක්වෙන වගුව බලන්න...


    focused-vs-diffused-attention-e1424920009756.jpg


    මෙහි Focused Mode යනු - එක් දේකට පමනක් අවදනය යොමු කිරීමයි., Diffused Mode යනු වැඩ බෙදගෙන වැඩ සියල්ලටම අවදානය යොමු කිරීමයි. එහි වෙනස බලන්න.


    2. ස්වයං පරීක්ශාව. (Practice testing/self-testing)

    මෙහිදී තමන්, තමාවම පරීක්ශනයට ලක් කරනවා, නමුත් විභාගයක් ආකාරයට නොවේ, ඔබට මෙය ඔනෑම මොහොතකදී කල හැක... උදහරන විදිහට - මෙ එලකිරි එකෙ පොස්ට් එකක් බල බල ඉන්න ගමන්, එක පාරටම තමන් පාඩම් කල දෙයකින් ප්රශ්නයක් තමන්ම අහගන්න, තව ටොයිලට් එකේ උනත්, නිදාගන්න ඇදට ගිහිල්ල මිනි.10ක් වගෙ අරගෙන, බස් එකේ ක්ලාස් යන වෙලවට, මේ ඕනෙ වෙලවක..
    නමුත් මෙහිදී අපි මේ මොහොතේ පාඩම් කල දෙයක් මතක් කිරීමෙදීට වඩා පෙර දවසක කරන ලද දෙයක් කිරීමේදී මතකය වැඩියි. හැකිනම් ෆ්ලෑශ් කාර්ඩ් උනත් භාවිතා කල හැකියි.

    මෙහිදී අපි මොලය ක්ශනිකව උත්තේජනයකට ලක් කරලා, අපිට නොදැනෙන්න තැන්පත් වෙලා තියෙන මතකය අවදි කරනවා, එවිට එය අපගෙ ගැඹුරු මතකයට තැන්පත් වෙනවා.



    මධ්‍යස්ත ඵලදායීතාව

    3. මිශ්ර කොට පුහුණුවීම. (Interleaved practice)

    මෙය විශේශයෙන් විද්යව හා ගණිතය වැනි විශය වලදී වැදගත් වෙන්වා. මෙහි සිදු කරන්නේ දැන් අප පාඩම් කරන දෙය පෙර පාඩම් කල දේවල් සමග සසදමින් පාඩම් කිරීමයි, මෙහිදී පරන දෙවල් මතක් වෙන්ව වගේම , පාඩම් අතර අති සම්බන්දයද හොදින් වැටහෙනවා.. නමුත් දැන් පාඩම් කරන දෙයට වැඩි කාලයක් ගැනීමට වග බලාගන්න.


    4. ස්වයං පැහැදිලි කිරීම. (Self-explanation)

    මෙහිදී තමන් තමන්ගේම ප්රශ්න කිරීමක් සිදු කෙරෙනවා, නමුත් පෙර කල ආකරයට ඔනෑම තැනකදී නෙවි.
    පාඩම් කරන විටදීම තමන් පසුව තමන්ගෙන්ම ඇසිය යුතු ප්රශ්න කොලයක ලියගන්න (මෙයට වෙනම පොතක් තියාගන්න පුලුවන්නම් වඩාත් හොදයි.) පසුව විභාගයක් යැයි සිතා ඒ ප්රශ්න වලට පිලිතුරු සපයන්න.. නමුත් පෙර කිව්වා වගෙම, ඒ දිනයේ පාඩම් කල දේ එදාට කරන්න එපා.



    5. විවෙචනාත්මක ප්රශ්න නැගීම. (Elaborative interrogation)

    මෙහිදීද තමන් තමන්ගේම ප්රශ්න කිරීමක් සිදු කෙරෙනවා, නමුත් මෙය සිදු කරන්නේ පාඩම් කරන අතරතුරමය.
    උදාහරනයක් ලෙස තමන් පාඩම් කරන කොටස/ මාතෘකාව ගැන ඒ වෙලාවේදීම ප්රශ්න කරගන්න.

    එහෙම වෙන්නේ ඇයි? එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙම නොවී වෙන විදිහක් වෙන්න බැරිද? කොහොමද එහෙම උනේ? වගේ ප්රශ්න අහගන්න පුලුවන්, එවා විසදමින් පාඩම තේරුම්ගන්න.



    අවම ඵලදායීතාව

    6. සාරාංශගත කිරීම. (Summarizing)

    සාරාංශ කිරීම අවම ඵලදායීතාවයක් වෙන්නේ කොහොමද?? කෙනෙක් හිතන්න පුලුවන්, මෙන්න මෙකයි....

    ඔබ ඉගෙන ගැනීමට උත්සාහ කරන පරිච්ඡේදයේ කොටසක් සාරාංශ කිරීමේ ක්‍රමයයි. මෙමගින් අප ඉගෙනගන්නා කොටසේ සංකල්මය වටහා ගන්න පුලුවන්. මෙම ක්‍රමයෙ මතකයෙන් ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු සපයීමට හැකියි,එනම් තමුන් පාඩම් කල දෙය එහෙම්මම ගෙඩි පිටින් ලියන විභාග වලදී හොදයි. නමුත් බහුවරණ වැනි පිලිතුරු නොලියා කල්පනා කරන දේ වලදී එතරම්ම සාර්තක නැත.

    ඒ පමනක් නොවෙයි, අපි හැමෝටම එකම විදිහට සාරාංශ හදන්න බැහැ,,, එ කියන්නේ අපිට සාරාංශ හදන්න තියෙන හැකියවත් මේකට බලපනවා. මොකද සාරාංශ හදන කොට ඔනෙම කරුනු අපිට මග හැරුනොත්???
    එහෙනම් මෙකේ ඵලදායීතාව පුද්ගලයා අනුව වෙනස් වෙන්වා, එ හින්දා ඔබට දැනටත් මෙ ක්‍රමය හුරුනම් කලබල වෙන්න දෙයක් නැහැ.



    7. නැවත කියවීම. (Rereading)

    මෙයද හොද ක්‍රමයක් නේද කියල හිතෙන්න පුලුවන්,
    එය නිකන් කාලය වැය වන වැඩක්, එකම දෙය නැවත නැවත කියවනකොට අපි නොදැනීම අපේ මොලයේ එම කරුන ධාරනය වන ප්‍රමානය අඩු වෙන්වා, අපි වගෙම තමයි, අපේ මොලයත් කම්මැලි වෙනවා, අපෙම මොලේනෙ නේ?
    නමුත් අපිට ගුරුවරු කියනවා නැවත කියවන්න කියලා, ඔව් මොකද ඒ වැඩේ ලේසියි,
    නමුත් නැවත කියවීමයි, නැවත ආවර්ජනයයි කියන්නේ දෙකක්.



    8. මතක තබගැනීමෙ කෙටි ක්රම(කෙටි වචන ) (Keyword mnemonics)

    මේකත් අර සාරාංශ කිරීම වගෙ තමයි, මතක තියගන්න වචන හදන එකත්. මතක තියගන්න ක්‍රම හදල, අන්තිමට වචනෙ මතකයි, මොකටද ඒක හැදුවෙ කියන එක මතක නැහැ..
    මතක තිබ්බත් මෙමගින් අපිට මුලු පාඩමක්ම මතක තියගන්න බැහැ.. පොඩි කරුනු කීපයක් පමනයි,
    ඒ වගෙම ලිඛිත පරීක්ශනයකදී යම් ආකරයෙන් ප්‍රයෝජනයක් වුවද, වාචික පරීක්ශන වලදිනම් වචනෙත් මතක් කරගෙන, එයින් කියැවෙන දෙවල් මතක් කරගන්න තරම් කාලයක් ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. මේ හේතු නිසයි මෙය අඩු ඵලදායී ගනයට වැටෙන්නේ.



    9. කියවූ කොටස මනසේ රූපයක් සේ මවාගැනීම.. (Imagery of text)

    මෙය මතක තබගැනීමෙ කෙටි ක්රම(කෙටි වචන ) වලට වඩා ටිකක් වෙනස්, මෙහිදී අපි පාඩම් කරන ලද පොතේ පඩම් කල ඡේදයන් ඒ තිබෙන අකරයෙන්ම මනසේ රූපයක් සේ තැන්පත් කරගන්නවා, අපිට අවශ්‍යය වෙලවට එම රූපය මවගන්න එකයි කරන්නෙ, මොකද වචන වලට වඩා රූප අපිට හොදින් මතක තියෙනවා.
    ඇයි එහෙනන් මේක අඩු ඵලදායී වෙන්නේ?
    මෙම ක්‍රමයට අපගේ මොලය ඉතා ඉහලින් පුහුනු වෙන්න ඔනේ, ඡේදයක්, දෙකක් නම් මතක තියගන්න පුලුවන්, මෙ සියලුම ඡේද එක වගේ, එකිනෙකට වෙනස් වෙනස් රූප මතක තබගැනීම පහසු වුවද, එක වගෙම රූප විශාල ප්‍රමනයක් මනසේ රූපයක් ආකරයට ගබඩා කිරීමට යමෙන් මේ සියල්ල මිශ්‍ර වෙන්න පුලුවන්.



    10. හයිල්යිට් කිරීම/ යටින් ඉරි ගැසීම. (Highlighting/Marking/Underlining)

    මෙන්න හැමෝගේම වගේ පුරුදු දේ. පොත් පිටින් පාට කරන්න දක්ශයි අපි, ලේසිම දේ, ඉතින් බලමු මේක ඇයි අඩු අය අතරෙත් අඩුම ඵලදායීතාව වෙන්නෙ කියල.
    මෙහි තියෙන ප්‍රශ්නය නම් හයිල්යිට් කිරීම/ යටින් ඉරි ගැසීම මතක තබගැනීමේ ක්‍රමයක් නොවේ, එය පසුව මතකය ආවර්ජනය කරන විට, අමතක වූ කොටස් පහසුවෙන් සොයගන්නට කරන දෙයකි.
    අපට අමතක වේ යයි සිතන කොටස් අපි සලකුනු කිරීමක් පමනයි මෙයින් සිදුවන්නේ,
    හයිල්යිට් කිරීම/ යටින් ඉරි ගැසීම ඵලදායී කරගන්න නම්, එය ඉහලින් කතා කල මධ්‍යස්ත ඵලදායීතාව හෝ අධි ඵලදායීතාව සහිත ක්‍රමයක් සමග එකතු කරගන්න,,, එනම් මෙම ඉහලින් කත කල ක්‍රමයන් තව තවත් ඵලදායී කිරීමට යොදා ගන්න පුලුවන්...



    ඉතින් පාඩම් කරන අය ඉන්නවනම් මෙ ක්‍රමයන් අත්හදා බලන්න, පුරුදු උනොත් වැඩේ අමාරු වෙන එකක් නැහැ.. මුලදි ටිකක් අමාරු වෙයි, පුරුදු උනාම හරි..

    හිතනවා ප්‍රයොජනවත් වෙයි කියල
    එහෙනම් සුබ පතනවා,
    සුභ දවසක්..

    :):):):):)

    Source - http://examinedexistence.com
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    behethak nadda , mathakaya wadi karana

    nope... leda thiyena ayata denwa.. alzeimers wage, memory eka adu wena eka slow karanna,, but not recommended for normal ppl..

    Do excercises, meditation,
    take good sleep, be relaxed,
    take omega 3, vitamines..
    limit alcohol and smoking..

    and study.. thats all bro..
     
    Last edited:
    • Like
    Reactions: hodakolla