පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    පරමාණු_බෝම්බ_අත්හදාබැලීම

    පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීම සහ ජපානයේ නාගසාකි නගරය.

    පළමු පරමාණු බෝම්බ පරීක්ෂණය ට භාවිතා කල නම හෙවත් කෝඩ් එක වූයේ ‘ට්‍රිනිටි’ යන්නය. පරමාණුක උපකරණය [Atomic device ] යන්නට කියන ලද්දේ ‘ගැජට්’ යන්නය. 1945 ජූලි මාසයේ 16 දින මේ පරමාණුක බෝම්බය පරීක්ෂා කර පුපුරවන ලද්දේ, නිව් මෙක්සිකෝ හී ‘ට්‍රිනිටි’ යන ස්ථානයේ විය.

    මෙයට ‘ට්‍රිනිටි’ සේ නම ලැබුණු ආකාරයත් අමුතුය. පරමාණු බෝම්බයේ පියා යයි හැඳින්වෙන ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් විසින් ඒ නම දෙන ලදී. හින්දු ආගමේ ඇති ‘ත්‍රිත්වය’ යන්න මෙයට පාදක විය. එනම් ඇතිවීම, පැවතීම සහ විනාශය යන තත්වයන් හඳුන්වන දෙවියන් වන බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන දෙවියන් තිදෙනාට මෙන්ම ඒ අවස්ථාවන් වලට ‘ත්‍රිත්වය’ යයි කියනු ලැබේ.

    එහෙත් තවත් සමහර අය කියන පරිදි ආචාර්ය ඔපන්හයිමර් විසින් මේ නම දෙන ලද්දේ ‘ජෝන් ඩොන්’ [John Donne poetry] ගේ කවි වල ඇති පදයක් අනුවය.

    පරමාණු බෝම්බය පිපුරුණු අවස්ථාවේ, ආචාර්ය ඕපන්හය්මර් භගවත් ගීතාවේ ඇති මේ ශ්ලෝකය කියූ බව කියත්.

    “අහසේ දහසක් හිරු පායා ඇත”-“මෙය ඒ අවස්ථාවයි”

    ජපානයේ නාගසාකි නගරයට හෙලන ලද ‘මහත මිනිහා’ [Fat man] බෝම්බය ඉහත සඳහන් “ගැජට්” යන්නේම ආකෘතියක් විය. එහිදී මිනිසුන් 39,000 – 80,000 ක් පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගියෝය. ක්ෂණිකව මිය ගිය භාගයක් පමණ දෙනා සත්‍ය වශයෙන්ම වාසනාවන්තයන් වූහ.

    අනෙකුත් දෙනා මහත් වේදනාවෙන් පෙළෙමින් සෙමෙන් මිය ගියහ. මේ විනාශයේ තරම කොපමනක්දැයි බෝම්බය හෙලීමෙන් සහ, හෙලීමට ප්‍රථම නගරයේ පින්තුර බැලීමෙන් යම් අදහසක් ගන්නට හැක.

    එහෙත් මේ විනාශයෙන් පසු ජපානය යටත් විය. ‘යටත් වීම’ යනු ජපන් ජාතිකයන් ඊට පෙර දැන නොසිටියහ. ගොඩ බිම කල සටන් වලදී මිත්‍ර හමුදා ජය ගන්නා බව හොඳින් දැන දැනම ජපන් හමුදා දහස් ගණනින් ඔවුන්ගේ දිවි පිදූහ. මේ ජපන් ජාතිකයාගේ තත්වය අද වුවද, ඔවුන් සමඟ වැඩ කරන කෙනෙක් දකින්නට ඇත. එනම් වැඩ පොළක් පාඩුවෙන් පාඩුවට ගියද, ඔවුන්ගේ දිරිමත් බවේ අඩුවක් වන්නේ නම් නැත.

    නාගසාකි නගරයට හෙළු බෝම්බය ‘හිරෝෂිමා’ නගරයට හෙළු බෝම්බයට වඩා විශාල වුවද, නගරයේ ස්වභාවය අනුව බලාපොරොත්තු වූ තරම් එම විනාශය විශාල වූයේ නැත.

    මෙය නාගසාකි නගරයට දැමූ ප්‍රථම බෝම්බය නොවේ. මින් පෙර දැමූ නොයෙක් ආකාරයේ බෝම්බ වල තිබුණු වෙඩි බෙහෙත් ප්‍රමාණය ටොන් 350 ක් පමණ විය.

    28279245_10157146700066729_6694672526673845990_n.jpg

    28378338_10157146700071729_5490084294381909927_n.jpg

    පිපිරුමෙන් පස්සෙ මේ ටවර් එකයි බිම තිබුන කොන්ක්‍රීට් බේස් එකයි වාෂ්ප වෙලා තිබුණලු.

    28168839_849087968597433_5480717515469893325_n.jpg

    https://web.facebook.com/lalith.karunaratna/posts/10157146700246729
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    කොහේද කියලා තියෙන්නේ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    ඒ ගැන මන් දැනගෙන හිටියෙ නෑ.. එහෙනම් මං විශ්වාස කරනව. රාම රාවණ යුද්ධයේදි රාවණ වෙන්න ඕන පරමාණු භාවිත කරල තියෙන්නෙ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කොහේද කියලා තියෙන්නේ?

    Ancient Aliens S12E11 Voices of the Gods එපිය බලන්න.එකෙ විස්තරාත්මකව තියෙනවා.තව රයිට් සහොදරයො ගුවන් යානය හදන්න තාක්ශණය අරන් තියෙන්නෙත් ඉන්දියාවේ සංස්කෘත් ලිපි වලින්ලු.අපි හිතන් හිටියෙ රාවණාගේ දඩු මොනරෙන් කියලනෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ancient Aliens S12E11 Voices of the Gods එපිය බලන්න.එකෙ විස්තරාත්මකව තියෙනවා.තව රයිට් සහොදරයො ගුවන් යානය හදන්න තාක්ශණය අරන් තියෙන්නෙත් ඉන්දියාවේ සංස්කෘත් ලිපි වලින්ලු.අපි හිතන් හිටියෙ රාවණාගේ දඩු මොනරෙන් කියලනෙ.

    Ancient Aliens :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    Ancient Aliens S12E11 Voices of the Gods එපිය බලන්න.එකෙ විස්තරාත්මකව තියෙනවා.තව රයිට් සහොදරයො ගුවන් යානය හදන්න තාක්ශණය අරන් තියෙන්නෙත් ඉන්දියාවේ සංස්කෘත් ලිපි වලින්ලු.අපි හිතන් හිටියෙ රාවණාගේ දඩු මොනරෙන් කියලනෙ.

    :rofl::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo

    :lol::lol::lol:
    පට්ට සෝස් එකකින් නේ අරන් තියෙන්නෙ
    මුලු ලෝකෙම දන්නවා ඕකෙ කිවුවෙ අමූලික බොරු කියලා, උබලා තාම ඒව විස්වාස කරනවා

    දැං ඉතිං කට්ටිය රෙද්ද උස්සගෙන ඇවිත් කියාවි උබල වගේ එවුන් නිසාය ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ අරකය මේකය කියලා
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :lol::lol::lol:
    පට්ට සෝස් එකකින් නේ අරන් තියෙන්නෙ
    මුලු ලෝකෙම දන්නවා ඕකෙ කිවුවෙ අමූලික බොරු කියලා, උබලා තාම ඒව විස්වාස කරනවා

    දැං ඉතිං කට්ටිය රෙද්ද උස්සගෙන ඇවිත් කියාවි උබල වගේ එවුන් නිසාය ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ අරකය මේකය කියලා

    HISTORY චැනල් එකේ බොරුද දාන්නෙ ? දන්නෙ නැති නිසා අහන්නේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    :eek:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    HISTORY චැනල් එකේ බොරුද දාන්නෙ ? දන්නෙ නැති නිසා අහන්නේ.

    ඔය ඒන්ශන් ඒලියන්ස් එකේ උන් කරේ වෙන පැහැදිලි කිරීම් තියන ඒවත් ඒලියන්ස් ලා පටලවගෙන විස්තර කරපු එක
    අර දාල තියන ඩිබන්ක්ඩ් වීඩියෝ එක බලපන්කෝ එතකොට තෙරෙයි අරුන් අර ඒලියන්ස්ලා අල්ලගෙන නටන ඒවයෙ ඇත්ත මොකද්ද කියලා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    වෙන මොනවද බන් ඕකෙ තිබිල තියෙන්නෙ
    නත්තල් සීය තෑගි බෙදන විදිය එහෙම විස්තරලා කොරල නැතෙයි? :lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කරන්න කරුණු හොයා ගත්තේ ඉංදියාවේ බගවත් ගීතවෙන්ලු.රාම රාවණ යුද්ධයේ පරමාණු භාවිත කරපු නිසා,එ කරුණු අධ්‍යයන්යෙන් තමයි පරමාණු බෝම්බය හදලා තියෙන්නෙ.

    ඒක නම් වෙන්න බෑ. අයින්ස්ටයින් ගේ සාපේක්ෂතවාදය තමයි පරමාණු බෝම්බය හදන්න මුල් වුනේ. රාම රාවණා කේස් එකේදි පරමාණු බෝම්බයක් පාවිච්චි වුණාම කියමු. ඒත් බෝම්බෙ තාක්ෂ්ණේ ගැන පොත්වල ලියවිලා නෑ නේ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඒක නම් වෙන්න බෑ. අයින්ස්ටයින් ගේ සාපේක්ෂතවාදය තමයි පරමාණු බෝම්බය හදන්න මුල් වුනේ. රාම රාවණා කේස් එකේදි පරමාණු බෝම්බයක් පාවිච්චි වුණාම කියමු. ඒත් බෝම්බෙ තාක්ෂ්ණේ ගැන පොත්වල ලියවිලා නෑ නේ.

    technology eka genath pothe thiyenawalu.season 12 episode 11 eka tikak balanna.
     
    Similar threads