පරමාණු_බෝම්බ_අත්හදාබැලීම
පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීම සහ ජපානයේ නාගසාකි නගරය.
පළමු පරමාණු බෝම්බ පරීක්ෂණය ට භාවිතා කල නම හෙවත් කෝඩ් එක වූයේ ‘ට්‍රිනිටි’ යන්නය. පරමාණුක උපකරණය [Atomic device ] යන්නට කියන ලද්දේ ‘ගැජට්’ යන්නය. 1945 ජූලි මාසයේ 16 දින මේ පරමාණුක බෝම්බය පරීක්ෂා කර පුපුරවන ලද්දේ, නිව් මෙක්සිකෝ හී ‘ට්‍රිනිටි’ යන ස්ථානයේ විය.
මෙයට ‘ට්‍රිනිටි’ සේ නම ලැබුණු ආකාරයත් අමුතුය. පරමාණු බෝම්බයේ පියා යයි හැඳින්වෙන ආචාර්ය රොබට්ර් ඔපන්හයිමර් විසින් ඒ නම දෙන ලදී. හින්දු ආගමේ ඇති ‘ත්‍රිත්වය’ යන්න මෙයට පාදක විය. එනම් ඇතිවීම, පැවතීම සහ විනාශය යන තත්වයන් හඳුන්වන දෙවියන් වන බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන දෙවියන් තිදෙනාට මෙන්ම ඒ අවස්ථාවන් වලට ‘ත්‍රිත්වය’ යයි කියනු ලැබේ.
එහෙත් තවත් සමහර අය කියන පරිදි ආචාර්ය ඔපන්හයිමර් විසින් මේ නම දෙන ලද්දේ ‘ජෝන් ඩොන්’ [John Donne poetry] ගේ කවි වල ඇති පදයක් අනුවය.
පරමාණු බෝම්බය පිපුරුණු අවස්ථාවේ, ආචාර්ය ඕපන්හය්මර් භගවත් ගීතාවේ ඇති මේ ශ්ලෝකය කියූ බව කියත්.
“අහසේ දහසක් හිරු පායා ඇත”-“මෙය ඒ අවස්ථාවයි”
ජපානයේ නාගසාකි නගරයට හෙලන ලද ‘මහත මිනිහා’ [Fat man] බෝම්බය ඉහත සඳහන් “ගැජට්” යන්නේම ආකෘතියක් විය. එහිදී මිනිසුන් 39,000 – 80,000 ක් පමණ මිනිසුන් ප්‍රමාණයක් මිය ගියෝය. ක්ෂණිකව මිය ගිය භාගයක් පමණ දෙනා සත්‍ය වශයෙන්ම වාසනාවන්තයන් වූහ.
අනෙකුත් දෙනා මහත් වේදනාවෙන් පෙළෙමින් සෙමෙන් මිය ගියහ. මේ විනාශයේ තරම කොපමනක්දැයි බෝම්බය හෙලීමෙන් සහ, හෙලීමට ප්‍රථම නගරයේ පින්තුර බැලීමෙන් යම් අදහසක් ගන්නට හැක.
එහෙත් මේ විනාශයෙන් පසු ජපානය යටත් විය. ‘යටත් වීම’ යනු ජපන් ජාතිකයන් ඊට පෙර දැන නොසිටියහ. ගොඩ බිම කල සටන් වලදී මිත්‍ර හමුදා ජය ගන්නා බව හොඳින් දැන දැනම ජපන් හමුදා දහස් ගණනින් ඔවුන්ගේ දිවි පිදූහ. මේ ජපන් ජාතිකයාගේ තත්වය අද වුවද, ඔවුන් සමඟ වැඩ කරන කෙනෙක් දකින්නට ඇත. එනම් වැඩ පොළක් පාඩුවෙන් පාඩුවට ගියද, ඔවුන්ගේ දිරිමත් බවේ අඩුවක් වන්නේ නම් නැත.
නාගසාකි නගරයට හෙළු බෝම්බය ‘හිරෝෂිමා’ නගරයට හෙළු බෝම්බයට වඩා විශාල වුවද, නගරයේ ස්වභාවය අනුව බලාපොරොත්තු වූ තරම් එම විනාශය විශාල වූයේ නැත.
මෙය නාගසාකි නගරයට දැමූ ප්‍රථම බෝම්බය නොවේ. මින් පෙර දැමූ නොයෙක් ආකාරයේ බෝම්බ වල තිබුණු වෙඩි බෙහෙත් ප්‍රමාණය ටොන් 350 ක් පමණ විය.
පිපිරුමෙන් පස්සෙ මේ ටවර් එකයි බිම තිබුන කොන්ක්‍රීට් බේස් එකයි වාෂ්ප වෙලා තිබුණලු.
https://web.facebook.com/lalith.karunaratna/posts/10157146700246729

Last edited: