ප්‍රකම්පනය වන චතුරාර්‍ය සත්‍යය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් Harvard-Bio,

ඉහත දැක්වෙන වීඩියෝව බොහොම අපූරුයි. ඉන් අභය බමුණාගේ මුළාව හොඳට පැහැදිලි වෙනවා. මේ වීඩියෝව මගේ වෙබ් අඩවියටත් එක් කොට තවත් අයට පෙන්වන්න ඕනෑ.

Skylark
 

elagayan

Member
Sep 30, 2007
7
0
0
"සබ්බං" කියන එකට ධර්මතා ඇතුළු කිරීම ධර්මානුකූල නැහැ. වරදක්.

~~

හැබැයි මේකත් කියන්න ඕනි..,
ධර්ම කරුණ පමණක් පෙන්නුවානම් වැඩි පරිසක් අහන්න ඉඩ තිබ්බ. (අවශ්‍යත් එච්චරයි නේ)

පුද්ගල විවේචන (කිරීමේ පුරුද්ද) කියන්න බැරි තරම් භයානක වැඩක්. අත්හැරගන්න ඕනි කුණක්. අනිවාර්ය කොහේදී හරි ගිහින් ආර්ය උපවාදයක් කරගන්නවාමයි. මාර්ග ඵලයක් ලබල තිබුනානම් මග වැහිලා අතරමන් වෙලා යනවා, නැත්නම් ඉවරයි කල්ප ගානකට. කරද්දී හැබැයි හාස්‍ය/විනෝද ජනකයි තමයි.

මහා ප්‍රඥා සම්පන්න, ධර්ම සෙන්පති, සැරියුත් මහා තෙරුන්ටත් පුද්ගල විවේචනයට අවසර නැහැ. අනාවරණ ඥාන සහිත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි පුද්ගල විවේචන කරන්න පුළුවන්. ඒ සියලු හේතු පෙනෙන නිසා.

ඇරත් පුද්ගල විවේචන කෙසේ වෙතත් උපසම්පදා භික්ෂුන් සම්බන්ද විවේචන මහා භයානකයි. හැසිරීම, කියන දේ, උසද, මිටිද, කළුද, සුදුද, තමා දරන මතයට සමාන දෙයක්ද කියන්නේ, නැද්ද, මේවා එකක්වත් අදාළ නැහැ.

ඒ නිසා කාට හරි, ඕනෑම භික්ෂුවක් විවේචනය කරන්න හිතෙනවානම්,
කලිසන් shirt ඇඳන්, keyboard ඉස්සරහ ඉඳන්,
අරිහත් දජය දරා සිටින, වටාපත් රැගත් භික්ෂුවක්
විවේචනය කරන එක හරිද කියලා, ඊළඟ පාර කන්නාඩියක් ඉස්සරහට ගියාම තමන්ගෙන්ම අහලා බලන්න.
 
Last edited:

elagayan

Member
Sep 30, 2007
7
0
0
තව පොඩි දෙයක් හිතලා බලන්න... [කිසිම ස්වාමින් වහන්සේ නමක් ගැන සිතා නෙමෙයි මේ කියන්නේ, thread එකේ reply නිසා එහෙම හිතෙයිද දන්නේ නැහැ]

අපේ මානසිකත්වයට ගෝචර නොවන තරම් ප්‍රඥා සම්පන්න වූ, අප මහ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටියේ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ උනේ නැහැ බුද්ධ පාරමිතාව නිසා. දැන් මේ කාලේ උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කළා නම් අඩු පාඩු බොහෝ තියෙන්න පුළුවන්, මොදක්ද උන්වහන්සේ ආර්ය ධර්මයේ අවබෝධය නැති නිසා, මග ඵල නොලබපු නිසා.

නමුත් උන්වහන්සේ එල්ල කරලා පුද්ගල විවේචන කරලා අපහාස උපහාස කරපු අයට මොනවා වෙන්න ඇතිද? ආර්ය උපවාදයට අහු වෙන්නේ නැහැ, නමුත් විපාකය තීරණව වෙන්නේ ගුණ මහත්වයට අනුව. පාරමිතා පුරන බෝසත්වරුන් කියන්නේ අප්‍රමාන ගුණයක් ඇති උත්තමයෝ. පොඩි අපහාසයක් උපහාසයක් කරානම් නිරයෙන් මෙහා බේරෙන්න අමාරුයි.

ඒ නිසා, පුද්ගල විවේචන පුරුද්ද ඇර ගන්න, කොහේදී හරි අහු වෙනවා. බුද්ධ ශාසනයක් පවතින මේ වගේ කාලෙක අහු වෙනවාමයි.
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් Harvard-Bio,

ඔන්න මම කලින් කී පරිදි ඔබ දක්වන ලද වීඩියෝව
මගේ වෙබ් අඩවියට එක් කළා. ඔබට බොහෝම පින් එම වීඩියෝව දැක්වූවාට. කවරෙක් හෝ වේවා එම වීඩියෝව සැකසූ සහ ඊට නන් අයුරින් දායක වූ හැමෝටමත් පින්! එම යහපත් ක්‍රියාවන්ගේ විපාකය සැපය පිණිසත්, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසත් වේවා!

තවත් පින් ඉපදවීම පිණිස මම මෙන්න මේ වීඩියෝවත් මෙතැන පළ කරනවා:





Skylark
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පින්වත් Harvard-Bio,

ඔන්න මම කලින් කී පරිදි ඔබ දක්වන ලද වීඩියෝව
මගේ වෙබ් අඩවියට එක් කළා. ඔබට බොහෝම පින් එම වීඩියෝව දැක්වූවාට. කවරෙක් හෝ වේවා එම වීඩියෝව සැකසූ සහ ඊට නන් අයුරින් දායක වූ හැමෝටමත් පින්! එම යහපත් ක්‍රියාවන්ගේ විපාකය සැපය පිණිසත්, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසත් වේවා!

තවත් පින් ඉපදවීම පිණිස මම මෙන්න මේ වීඩියෝවත් මෙතැන පළ කරනවා:





Skylark

:yes::yes::yes: