Walahaka sutta.. how it rains..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0

මේ සූත්‍රය ටිකක් contraversal අපේ belief වලට පටහැනි සූත්‍රයක්.
හැබැයි අපේ තියන දිඨ්ඨි/ මත බිඳ වට්ටල සත්‍ය අවබෝද කරගන්නනම් මේ සූත්‍රය ඉතාම වැදගත් වෙයි.

11. වලාහක සංයුත්තය
1. දේසනා සූත්‍රය
2. සුචරිත සූත්‍රය
3-12. අන්නදායක සීතවලාහක සූත්‍ර දහය
13-52. උණ්හවලාහක ආදී වූ සූත්‍ර සතලිහ
53. සීත සූත්‍රය
602
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් සමහර දිනක සීත වේද (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, සීත වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක මෙබඳු සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු කියායි.’ ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම සීතවෙයි. යම් හෙයකින් ඇතැම් කලක සීත වේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
54. උණ්හ සූත්‍රය
603
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක උණුසුම වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ උෂ්ණ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක මෙබඳු සිතෙක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ පැතීම අනුවම උණුසුම් වෙයි. යම් හෙයකින් ඇතැම් කලක උණුසුම් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
55. අබ්භ සූත්‍රය
604
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල්වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ, ‘අබ්භ’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වැසි වලාකුල් වෙයි යනුයි. යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
56. වාත සූත්‍රය
605
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, ඇතැම් දිනක වාතය වෙයි, (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ ‘වාත’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වාතය වෙයි. යම් හෙයකින් ඇතැම් දිනක වාතය වේද, මහණ (එයට) මේ හේතුවයි, මේ ප්‍රත්‍යයයි.”
57. වස්ස සූත්‍රය
606
(මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං.
එකොළොස්වෙනි වලාහක සංයුත්තය නිමි.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හේතුවද නැත්තං හේතුවක්ද ? මොකක් හරි පරිවර්තන දෝශයක් තියෙනව වගේ.

    පොඩ්ඩක් ප්‍රභාකරන් මැරුණ කියල කියපු දවසෙ කාලගුණේ අරං බලපං. net එකේ තියෙනව. ඊට සතියක වගේ උඩ ඉඳන් සතියකට විතර වගේ පස්සෙ වෙනකංම බලපං. අමුතු දෙයක් වෙලා තියෙනව
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේක හේතුවද නැත්තං හේතුවක්ද ? මොකක් හරි පරිවර්තන දෝශයක් තියෙනව වගේ.

    පොඩ්ඩක් ප්‍රභාකරන් මැරුණ කියල කියපු දවසෙ කාලගුණේ අරං බලපං. net එකේ තියෙනව. ඊට සතියක වගේ උඩ ඉඳන් සතියකට විතර වගේ පස්සෙ වෙනකංම බලපං. අමුතු දෙයක් වෙලා තියෙනව

    'හේතුව' මචං.. ඒ කියන්නෙ. වලාහක දෙවියොන්ගෙ විඥ්ඥානය නැතුව වහින්නෙ නෑ. වෙන හේතුවක් නිසා වැස්ස ඇති වෙන්න බෑ. වලාහක දෙවියන්ගෙ විඥ්ඥානයම තමයි හේතුව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    'හේතුව' මචං.. ඒ කියන්නෙ. වලාහක දෙවියොන්ගෙ විඥ්ඥානය නැතුව වහින්නෙ නෑ. වෙන හේතුවක් නිසා වැස්ස ඇති වෙන්න බෑ. වලාහක දෙවියන්ගෙ විඥ්ඥානයම තමයි හේතුව.

    වෙන්න බෑ බං. කෘතිමව වැසි ඇති කරන්නෙ. ඕකෙ ඉතිං පාලි සූත්‍රය අරගෙන ඒක කියෝල බලන්න ඕනෙ පාලි බෑනෙ. හේතුව නෙමේ හේතුවක් වෙන්න ඕනෙ මම හිතන විදිහට. අනික හීතල සෘතු නිසාත් ඇතිවෙනවනෙ. එතකොට දෙවියන්ගෙ සම්බන්ධයක් නෑනෙ
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වෙන්න බෑ බං. කෘතිමව වැසි ඇති කරන්නෙ. ඕකෙ ඉතිං පාලි සූත්‍රය අරගෙන ඒක කියෝල බලන්න ඕනෙ පාලි බෑනෙ. හේතුව නෙමේ හේතුවක් වෙන්න ඕනෙ මම හිතන විදිහට. අනික හීතල සෘතු නිසාත් ඇතිවෙනවනෙ. එතකොට දෙවියන්ගෙ සම්බන්ධයක් නෑනෙ

    exactly. fridge එක on කරපුහාමත් සීතල වෙනවනෙ. එතන සීත වලාහක දෙවියො ඉන්නවද?
    හීටරේ on කරපුහමා රත් වෙනවනෙ. එතන උණ්හ වලාහක දෙවියො ඉන්නවද?

    හේතුව, @විඥ්ඥානය මචං. වස්ස වලාහක, සීත වලාහක , උණ්හ වලාහක දෙවියන්ගෙ විඥ්ඥානයයි හේතුව.

    කෘතිම වැස්සට හේතුව, අදාල මනුස්සයගෙ විඥ්ඥානය.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    පොඩ්ඩක් ප්‍රභාකරන් මැරුණ කියල කියපු දවසෙ කාලගුණේ අරං බලපං. net එකේ තියෙනව. ඊට සතියක වගේ උඩ ඉඳන් සතියකට විතර වගේ පස්සෙ වෙනකංම බලපං. අමුතු දෙයක් වෙලා තියෙනව
    මොකක්ද බන් ඒ සීන් එක ලින්ක් එකක් දාපන් කෝ බලන්ඩ
    :baffled::baffled::baffled:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    'හේතුව' මචං.. ඒ කියන්නෙ. වලාහක දෙවියොන්ගෙ විඥ්ඥානය නැතුව වහින්නෙ නෑ. වෙන හේතුවක් නිසා වැස්ස ඇති වෙන්න බෑ. වලාහක දෙවියන්ගෙ විඥ්ඥානයම තමයි හේතුව.

    walahaka deyyonge uttak nisa newe yako wahinne.. :rofl::rofl: jala washpa ahasedi ghanibawanaya wela :rolleyes::rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    walahaka deyyonge uttak nisa newe yako wahinne.. :rofl::rofl: jala washpa ahasedi ghanibawanaya wela :rolleyes::rolleyes:

    ජල වාශ්ප උඩට ගියා කියල හැම වෙලේම වහින්නෙ නෑනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමකය ආසන්නයේ උෂ්ණ වලාහක දෙයියෝ තමා බහුතරේ :oo: ධ්‍රැව ආසන්නයේ සීත වලාහක දෙයියෝ තමා බහුතරේ :baffled:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    දැන් උඹ කියන්නෙ බුදුබණ බොරු කියලද?

    2500 years ago, minissu nodanna nisa haduna katha mewa :lol::lol: budu hamuduruwo mewa kiwwa wenna ba, passe apuwa wenna oni, hena gobbai ne ban
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    2500 years ago, minissu nodanna nisa haduna katha mewa :lol::lol: budu hamuduruwo mewa kiwwa wenna ba, passe apuwa wenna oni, hena gobbai ne ban

    දැන් එතකොට ත්‍රිපිටකයෙ තියන ඒව ඇත්තද බොරුද කියල දැනගන්න උබෙන්ද අහන්න ඕනෙ?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    දැන් එතකොට ත්‍රිපිටකයෙ තියන ඒව ඇත්තද බොරුද කියල දැනගන්න උබෙන්ද අහන්න ඕනෙ?

    moke tibbath vichara buddiyak nathuwa okkoma piliganna kiyalada budu hamuduruwo kiyala tiyenne? :lol:

    tawa tika dawasakin kiyay wassa walahaka deyyo chu karala tamai wahinne kiyala :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba mona siyawaseda ban jiwath wenne :baffled::baffled:

    දෙවියො වැස්සට බලපානව. කාලගුණ අනාවැකිවත් හරියට කිව්වෑකිද සෑහෙන්න වරදිනව. ලෝකය නිශ්චිත නීති වලට අනුව ක්‍රියා කරන යන්ත්‍රයක් වගේ පද්ධතියක් කියන මතේවත් ඔප්පු කලෑකිද ? හරියනව ඒත් හරි නෑ. වැස්සට දෙවියො බලපාන්නෑ කියල තර්ක කරන්නෙත් ඒත් ඒ වගේම ඔප්පු කරල නැති මතේක ඉඳගෙන මිසක් වැස්ස ගැන ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කරගෙන නෙමේ. ප්‍රභාකරන් මැරුන කිව්ව දවසෙ අරං බලපං. රටේ ගොඩක් පැති වලට සතිගානක් වලාකුලක්වත් නෑ හෙන අව් කාශ්ටෙ. ප්‍රභාකරන්ගෙ මිනිය හම්බවුනා කිව්ව දවසෙ එක පාරට රටේ සෑහෙන පැති තොගේකට පොදයක් ගියා එදා විතරයි ආයෙ සති ගානක් යනකං වැස්සක් නෑ අව් කාශ්ටෙ. එහෙම වුනේ දෙවියන් සතුටු වුන නිසා වෙන්න තියෙන ඉඩ වැඩියි. විද්‍යාවෙ වුනත් කතන්දරේක ඉඳගෙන අනාගතය ගැන යම්පුරෝකථනයක් කල්ල අසත්‍යකරනය කරන්න පුලුවන් කතන්දරයක් විදයාත්මකයි කියලනෙ සලකන්නෙ. ඒ අනුව ඕකඅනුව කිව්වෑකි පෝය දවස් වලටත් වැහිබර කාලගුණයක් තියෙනව කියල. ලෝකෙ අනික් රටවල් ගොඩක නැති වුනාට ලංකාවෙ බොහෝ වෙලාවට පෝය කිට්ටු වෙලා වහින්න එනව. ඒ නිසා දෙවියො නිසා වැස්ස ඇතිවෙන්න පුලුවන් කියන එක ලේසියෙන් ප්‍රතික්ශේප කරන්න පුලුවන් ප්‍රකාශයක් නෙමේ.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    දැන් එතකොට ත්‍රිපිටකයෙ තියන ඒව ඇත්තද බොරුද කියල දැනගන්න උබෙන්ද අහන්න ඕනෙ?

    ත්‍රිපිටකය කියන්නෙ 100% ක් බුදු වදන් නෙමෙයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්නෙ වළගම්බා රජතුමා. එතකල් ස්වාමීන්වහන්සේලා කට පාඩමින් අවුරුදු සිය ගානක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාපුවා. ඕකේ වචන කියක් වෙනස් වෙලා ඇති ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    moke tibbath vichara buddiyak nathuwa okkoma piliganna kiyalada budu hamuduruwo kiyala tiyenne? :lol:

    tawa tika dawasakin kiyay wassa walahaka deyyo chu karala tamai wahinne kiyala :lol::lol::lol::lol:

    ඔය විචාර බුද්ධි කතාව හේතුවාදියො (බුද්ධිවාදියො?ඓහිකවාදියො?කොවුර්වාදියො?) ඉදිරිපත් කරන තර්කයක්නෙ. ඕක කවදාවත් ප්‍රායෝගික නෑ. බුදු හාමුදුරුවො වුනත් කියල තියෙන්නෙ තමන් විමසල තමන්ට තේරෙනවනං හරි විඤ්ඤුන් කියන නිසා හරි පිලිගන්න කියල. දැන් ඉන්න උන්ගෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො. අපේ විඤ්ඤුන් බුදු හාමුදුරුවො. ඔය විචාර බුද්ධියෙන් තර්ක කල්ල පිලිගන්න කියන කවුරුවත් මේ ලෝකෙ තියෙන විශයන් ඔක්කොම ඉගෙන ගෙන නෑනෙ. එහෙම ඉගෙන ගන්න එකත් ප්‍රායෝගික නෑ. තමන් පිලිගන්න කෙනෙක් (විඤ්ඤුන්) කිව්ව නිසා තමා හැමෝම පිලිගන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ත්‍රිපිටකය කියන්නෙ 100% ක් බුදු වදන් නෙමෙයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්නෙ වළගම්බා රජතුමා. එතකල් ස්වාමීන්වහන්සේලා කට පාඩමින් අවුරුදු සිය ගානක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාපුවා. ඕකේ වචන කියක් වෙනස් වෙලා ඇති ද?

    මේක නං අනිවාර්යයෙන්ම වෙන්න පුලුවන් දෙයක්. ඒත් කිසිම දෙයක් එහෙම ලේසියෙන් අනික් පැත්ත ගහන්නෑ. සමහරු කියනව වගේ සංසාරය කර්මය අපාය දිව්‍ය ලෝක මේ සේරම ඔහොම වෙනස් වෙලා බුදුදහමට ඇතුලු වෙච්ච ඒව වෙන්න බෑ. ඒගොල්ලන්ට අනුව කර්මය සංසාරය බුදුදහමට හින්දු බලපෑමෙන් එකතු වෙච්ච ඒ වුනාට සියල්ල දුකක් බව කාමසුකල්ලිකානු යෝගය තේරුමක් නැති බව බුදුහාමුදුරුවන්ගෙ අදහස්. මල හත්තිලව්වෙ කරුමයක් නැත්තං සංසාරයක් නැත්තං කාමසුකල්ලිකානු යෝගෙ තේරුමක් නැති වෙන්නෙ පිස්සුවටයැ ? මේ පාර විතරයි මෙතන විතරයි ජීවත් වෙන්නෙ ඒ ටිකේ ජොලි කරල මැරිල ඉවරයක් වෙලා යනවනෙ. සංගත නෑනෙ. කරුණු එකතු වෙලා ඇති කරුණු හැලිල ඇති. ඒත් ඔය කියන තරම් ලොකුවට නෙමේ.