Balapan anduwa apita kochchara adareda

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල පාඩුවක් විඳිමින් – ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය

    COLOMBO (Newsfirst) – ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල වශයෙන් පාඩු විඳිමින් බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය පවසයි.

    එහි ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 6ත් 7ත්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14ත් 16ත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 48ක් රජයට පාඩු සිදු වන බව ය.

    මේ අතර ලංකා IOC සමාගම පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9කින් මිල ඉහළ දැමුවේ ය.

    ලංකා IOC සමාගමේ උප සභාපති සිද්ධාර්ත් අග්‍රවාල් මහතා ප්‍රකාශ කළේ, රජය මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා අපොහොසත් වීම මත තමන්ට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට සිදුවූ බව ය.

    මේ අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, නුදුරේදී ම රජය මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇති බව ය.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    "නුදුරේදී ම රජය මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇති බව ය."

    අනේ හිනස්සන්න එපා බං :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    "නුදුරේදී ම රජය මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇති බව ය."

    අනේ හිනස්සන්න එපා බං :angry:

    මොන සූත්තරද ආයිබෝං... මේ දවස්වල විශ්වාසභංගෙන් ගැලවෙන්න ගහන සූත්තර තමයි..ඒකට නම් මිළ සූත්තරයකුත් ගහනව කියල ආරංචියි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව ඉන්දහන් උපාලියෝ. ගහන්න තියෙන ඔක්කොම බදු ගහල එන අවසාන මිලට කීයක් හරි අඩු කරන එක සහනයක්ලු.

    ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල පාඩුවක් විඳිමින් – ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය

    COLOMBO (Newsfirst) – ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල වශයෙන් පාඩු විඳිමින් බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය පවසයි.

    එහි ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 6ත් 7ත්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14ත් 16ත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 48ක් රජයට පාඩු සිදු වන බව ය.

    මේ අතර ලංකා IOC සමාගම පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9කින් මිල ඉහළ දැමුවේ ය.

    ලංකා IOC සමාගමේ උප සභාපති සිද්ධාර්ත් අග්‍රවාල් මහතා ප්‍රකාශ කළේ, රජය මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා අපොහොසත් වීම මත තමන්ට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට සිදුවූ බව ය.

    මේ අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, නුදුරේදී ම රජය මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇති බව ය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    මගුල

    ලාබෙ අඩු වෙන්න ඇති පාඩු නම් නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මල් වැහි ගැන සිතා ගියමුත් .................නින්දට
    තෙල් මිළ වැඩිවෙලා ඇහැ ඇරී ............බැලුවිට
    අයි. ඕ. සී. බළල් අත බාපු ..............කොස් ඇට
    සිපෙට්කෝව පැන පැන කාවි .............අදහෙට