Convert to our religion & talk to Rishad Bathuideen
Insha Allah he will help you
watta legend
Convert to our religion & talk to Rishad Bathuideen
Insha Allah he will help you
උබ අත්සන් කරනකොට කලේ ඒ පොතේද. මොකද උන ලොකු පොතට දාන්න ඔනේ උබේ කට උත්තරය. අතේ තියෙන එකේ එකක් ලියලා ලොකු පොතට වෙන එකක් දලද කියලා පොඩ්ඩක් බලන්න.
අනිත් එක තමයි වෙන ලොයර් කෙනෙක්ට කියලා බලන්න. ඔය රථවාහන නඩු වලට ඉන්න උන් දෙපැත්ත කනවා
පුළුවන් තරම් ධාර්මික වන්න
මිනිස්සුන්ට අපහාස උපහාස කරන තැනැත්තා නිරන්තරයෙන් ආපධාවන්ට ලක්වෙනවා
බලපන් උබේ ප්‍රොෆයිල් පික් එක
රටේ නායකයට ගරු කරපන් මොනා උනත් රටේ ජනපති


we have here nash_node in elakiri , he might give you good advice. send him PM, there are few names I cant remember.
පුළුවන් තරම් ධාර්මික වන්න
මිනිස්සුන්ට අපහාස උපහාස කරන තැනැත්තා නිරන්තරයෙන් ආපධාවන්ට ලක්වෙනවා
බලපන් උබේ ප්‍රොෆයිල් පික් එක
රටේ නායකයට ගරු කරපන් මොනා උනත් රටේ ජනපති


බම්ප් කරලා advice දුන්න ඔක්කොටම, ස්තුති, පිං !! අද මම උසාවි ගියා, මගේ වෙලාවට අද හිටියේ. හොද විනිසුරු කෙනෙක් රු 20000 දඩය රු 40000ක් කරා, එත් විල් කාරයට දෙන්න පුලවන් 35000ක් කිවුවා. මම අයෙ ඇදී මදි කරන්න ගියේ නැ. එගණන බාරගත්තා. මට රු 10000ක දඩයක් 3විල් කරුට 14000ක දඩයක් නියම කරා. කවදාවත් මනුස්සකම පෙන්න එපා මිනිස්සුන්ට විශේෂයෙන් සමහර බෞද්ධ කට්ටියට. මෙ අනතුර සිදුවෙච්ච වෙලාවේ මම අදික කම්පනයට පත් උනා මගේ කකුල දැකලා, කකුලේ ඇගිලි හතර ඇටකටු මතුවෙලා අනිත් පැත්තට වැටිලා හුළගට හෙල්ලෙනවා. එක මට කවදාවත් අමතක කරන්න බැරිවේවි. මම අහල පහළ ඉන්න කට්ටියට කෑගහල කිවුවා... අනේ මාව ඉක්මනට Hospital එකට ගෙනියන්න කියලා. එවෙලාවේ මම කාටවත් බනින්න ගියේ නැ. මම ඇහුවේ ඇයි ඔයා මගේ පැත්තට අවේ කියලා විතරයි ? අන්න එතකොට පාරේ එහාපැත්තෙ නවත්වලා තිබ්බා රතු පාට විල් එකක් පෙන්නලා මට කිවුවා. බලන්න අර විල් එක පාරේ මැද්දේ නවත්වලා එකයි මම මෙ පැත්තට ඇල්ලුවේ කියලා. මම එතනින් එහාට කල්පනා කරේ මගේ කකුල නෙති උනොත් මගේ ජීවිතය මොන වගේ වේවිද කියලා විතරයි. ඒ දැනෙන හැගීම මට වචන වලින් කියන්න තේරෙන්නේ නැ. Hospital එකට යද්දී විල් එකේ තට්ටුව වැහෙන්න ලේ. ටක්ගලා මාව ඇතුලට ගත්තා ඇදන් හිටපු ඇදුම් සේරම කතුරෙන් කපලා දැම්මා, මුළු ඇගෙන්ම දාඩිය වැගිරෙනවා. හරියට freezer එකෙන් ඒලියට ගත්ත වතුර බෝතලයක් වගේ. මගේ කුකුල සුද්ද කරා ඒගේ තිබ්බ තුවාල සේරම සුද්දකරා ඇගපුරා. පුදුමේ කියන්නේ මට ඒගැන කිසිම තේරුමක් නැ මගේ මනස දිගින් දිගටම කකුල අහිමි වෙයි කියලා පසුතැවෙනවා මැවිලා පේනවා. ගිලන්රථය දානකම්ම මගේ හිට මගෙන්ම විමසනවා!!! මගේ ජිවතයේ සැලසුම් කරපු හැම දේම ඉවරද? ඊටපස්සේ කළුබෝවිලට ගෙනියනවා. accident වෝඩ් එකට දානවා, පෝලිමේ ඉන්නවා කකුලේ බැන්ඩේජ් එක රතුම රතු පාටයි ,දොස්තරලා කකුල තුවාලේ බලලා කිවුවා... ඇගිලි ටිකනම් අයින් කරන්න වෙනවා! ඇගිලි තිබ්බත් වෙඩක් නැනේ කකුලේ ඇගිලි වලින් ප්‍රයෝජනයක් නැ නේ. කියලා මම බල කරනවා කප්පන් එපා, අපි තියලා බලමු කියලා. එතකොට අර දොස්තරට ටිකක් විතර කේන්ති යනවා. හරි මම ඔයාට 48 hours දෙන්නම් කළු උනොත් කපන්න වෙනවා කියලා. උගුර කට වේලලා, තොල් එකී නෙකට ඇලිලා.පැය 3කට පසු මාව operation theater ගන්නවා එතැන හරිම පුදුම තැනක්. නන්දා මාලිනීගේ සින්දු දාලා තිබ්බා, දොස්තර මගෙන් අහනවා ඔයා අහන්නේ කාගේ සින්දුද ? ආසම සීනුව මොකක්ද? ඔයවගේ ප්‍රශ්ණ. කොහොමහරි operation theater ඉවර වෙලා වාට්ටුවේ ඉඩ නැ. කොහොමහරි ට්‍රොලියේම දවසක් හිටියා පැත්තකට කරලා. ඊටපස්සේ නිකන් වාට්ටුවක දවස් 2 හිටියා දැන් පැය 72 ක් කකුල ගැන විශ්වාසය ගිලිහිමින් යනවා මගේ මනස තුල. ඔන්න අනිත් දවසේ accident වෝඩ් එකට දානවා කුකුල ගලවලා බලනවා. ඇති යන්තම් ඇගිලි කලුවෙලා නැ. ඔයවිදියට operation 4ක් කරනවා. අන්තිම එකේදී වළලුකර විදලා ඇගිලි යටින් යකඩ කුරු දානවා. මාසයක් Hospital එකේ toilet එකටවත් යන්න බැ. ට්‍රොලි දිගේ යන්නේ. මස 4 එක්තෙම් වෙලා හිටයා..... ඒ අතරතුර විල් එකේ එක්කෙනා රු 500 ක් දීලා ගියා, මුලදී හොදින් කතාකර, call කරා. බුද්ධ පුජා තියන්නම්ප කවුවා, පස්සේ පස්සේ පැත්ත පළාතේ ආවේ නැ. ඔන්න ඕකයි සිංහලයාගේ හැටි. මුලින්ම අවදානය දෙනවා. කාලයක් යද්දී ඒවගෙන් මග ඇරලා යන්න එක එක මාර්ග හොයනවා. ඔයගොලොත් පාරේ යනවා, කවදාවත් මනුස්සකම් පෙන්නන් යන්න එපා! අනතුරක් උනාද,සිං එක දැක්ක වටේ කට්ටියගේ no 2,3,ක් ගන්න. phone එකෙන් record කරගන්න. මොකද මට මෙ උනදේ හොද පාඩමක්!! ඔක්කොටම !!! කොහොම උනත් accident වෝඩ් සිටියදී මම දැකපු දේවල් සමග,ජීවිතාන්තය දක්වා bike පැදීමට සමුදුන්නා.



