වැලිකඩ ගොන් ආතල්
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ බවට සැකකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඊයේ (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
රංගජීව මහතා පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ පිහිටි නිවස වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලකින් පසු එහි රඳවා සිටි සැකකරුවන් 27 දෙනකු තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක අංශ පිරිසක් වෙත චෝදනා එල්ල වී තිබේ.
එම ඝාතන සිදුවුණු අවස්ථාවේ රංගජීව මහතාද එහි සිට ඇති බවත් ඝාතනය කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු සකස් කිරීමට ඒ මහතා කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රංගජීව මහතාගේ නිවස සහ ඒ මහතා සම්බන්ධතා පැවැත්වූ කිහිප දෙනකුගේ නිවාසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීමට නියමිතව තිබිණි.
රංගජීව මහතා ඊයේ (29 දා) රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර අද (30 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය කාල සීමාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදුකළ නිලධාරියකු වන රංගජීව මහතා පිළියන්දල ප්‍රදේශයේදී පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සගයන් විසින් එල්ල කළ ප්රහාරයකින්ද බරපතළ තුවාල ලබා සිටියේය.
නෙත් NEWS
නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද???

ඇයි හිරකාරයෝ ඒ වෙඩි තියෙන වෙලාවේ උන්ගේ බෙල්ලේ බෝර්ඩ් එකක් එල්ලන් හිටියද දන්නේ නැහැ උන්ගේ නම ගහගෙන.ගොන් ආණ්ඩුවේ ගොන් ආතල්.

වැලිකඩ සිද්ධියට රංගජීව අත්අංගුවට ගනී - නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද? දීර්ඝ ප්‍රශ්ණ කිරිම් ඇරඹෙයි!

.