විදේශ_වේතන_ලැබීම්_බද්ද

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආදායම්_බදු

    Original Content DELETED due to incorrect/bias information.


    නව දේශීය ආදායම් බදු පනතෙන් බදු බර වැඩි වේවිද?


    නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග ලබන අප්‍රේල් මස 01 සිට බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    විවිධ ක්ෂේත්‍රවල නියැලී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය පිළිබද දැනට විවිධ අදහස් පළ වෙමින් ඇත.

    "රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි, එසේම ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි," නව ආදායම් බදු පනත ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

    කෙසේ වෙතත් විපක්ෂය පවසන්නේ රජය මෙම පනත මගින් ජනතාව තවත් පීඩාවට පත් කරන බවකි.

    "බද්දෙන් ඉවත්කරන ලද ආදායම් අඩු වෙලා තිබෙනවා, බද්ද ගණනය කරන කොට අඩු කළ හැකි වියදම් අඩු වෙලා තිබෙනවා. ඊට අමතරව බදු අනුපාතවල වෙනස්කම් වෙලා තියෙනවා." KPMG විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ බදු උපදේශකවරයෙකු වන සුරේෂ් පෙරේරා නව ආදායම් බදු පනත ගැන බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

    "යම් කෙනෙක් තමන්ට තිබෙන දෙවැනි නිවස හෝ ඉඩමක් විකිණීමේදී මේ බද්දට යටත් වෙන්න පුළුවන්, උදාහරණයකට ආයෝජන වත්කමක් වන 'අපාර්ට්මන්ට් එකක්' යම් පුද්ගලයෙක් විකිණීමේදී එහි විකුණුම් මිල හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත් වෙනවා," ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සුරේෂ් පෙරේරා පැහැදිලි කර සිටියේය.

    ප්‍රාග්ධන බද්ද බලපාන්නේ යම් පුද්ගලයෙක් ආයෝජන සඳහා ලබාගෙන තිබෙන වත්කම් සඳහා බව ඔහු වැඩිදුරටත් පවසයි.

    ආණ්ඩුව පවසන පරිදි 'ඇති හැකි අයට වැඩි බදු වගකීමක් ලබා දීම' මෙම පනතෙන් සිදුවී ඇද්දැයි විමසූ විට ඔහු පැවසුවේ එවන් නැඹුරුතාවයක් එහි ඇති බවය.

    "තමාගේ ආදායම මාසයකට ලක්ෂ තුනකට වඩා වැඩිනම් විතරයි - මේ බදු පනත අහිතකර ලෙස බලපාන්නේ, වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් වැනි වෘත්තිකයන්ට මේක අහිතකර ලෙස බලපානවා," සුරේෂ් පැවසුවේය.

    "වර්ෂයකට රුපියල් මිලියන 25.5ක ආදායමක් උපයන වෘත්තිකයන්ට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය වුනේ 12% යි. දැන් ඒක 24% දක්වා වැඩිවෙනවා"

    'උපයන විට ගෙවීමේ (PAYE) බදු' සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර ඇත. එමගින් දැනට PAYE බදු ගෙවමින් සිටින පිරිස යම් දුරකට නිදහස් වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය.

    "හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

    කෙසේ වෙතත් වැඩි ආදායම් ලබන විදේශයක සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයෙක් ශ්‍රී ලංකාවේ බැංකුවක රඳවා ඇති මුදලට ලැබෙන පොලිය මත 5% බද්දක් පැනවෙනු ඇත. මින් පෙර විදේශ මුදල් රඳවා තැබීමේදී එවන් බද්දක් නොතිබූ අතර, එය ශ්‍රී ලංකාවේ සියළු බැංකු ගිණුම්වලට ලැබෙන පොලියට බලපාන බව සුරේෂ් පෙරේරා පෙන්වා දෙයි.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට පළ වන වාර්තා ගැන විමසීමේදී ඔහු පැවසුවේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 වඩා වැඩිනම් පමණක් පොලිය මත 5% බද්දක් අය කර ගැනීම සිදු කෙරෙන බවය.

    මුදල් අමාත්‍යාංශයට අනුව මසකට රු.125,000 කට වැඩි පොලී ආදායමක් ලබන්නට රුපියල් ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවක් තිබිය යුතුය.

    ලෝකයේ අනිකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලාංකිකයන් ආදායම් බදු ගෙවන ප්‍රමාණය ඉතා අවම අගයක් ගන්නා අතර, මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු බදු ගෙවන ප්‍රමාණයේ වැඩි වීමක් සිදු වෙනු ඇති බව සුරේෂ් පෙරේරා පවසයි.

    "රටක් ගෙන යාමේදී වියදම් තියෙනවා, ඒ වියදම් ක්‍රම දෙකකින් පියවා ගන්න පුළුවන්, එකක් බදු ආදායම.අනික ණය ගැනීම. දැන් ලංකාවට වෙලා තියෙන්නේ ණය ඕනෑවට වඩා අරගෙන ආර්ථිකය විශාල අමාරු තත්වයකට වැටිලා තියෙන එක. මෙයින් ගොඩ එන්න නම් බදු එකතු කිරීම වැඩි කර ගැනීම අවශ්‍ය පියවරක්"

    පසුගිය වසරේ වසරේ සම්මත වූ මෙම පනත අප්‍රේල් පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.


    source: http://www.bbc.com/sinhala/sri-lanka-43597162
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොන මගුලට ලංකාවට සල්ලි එවනවද බන්.. මම නම් එවන්නේ නැ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රට ඉඳල එන එකෙකුට ඩියුටි ෆ්‍රී එකෙන් AC එකක් ගන්න බෑ. ඒ උනාට හම්බකරලා එවන තුට්ටු දෙකට ටැක්ස් ගහන්න පුළුවන්. :angry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    Gedara seppuwak hadala eke dapan, ethakota tax walata ahu wen na. ara indiawe un karanne.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොන මගුලට ලංකාවට සල්ලි එවනවද බන්.. මම නම් එවන්නේ නැ

    අම්මට තාත්තට, දුප්පත් නෑයෙකුට මාසෙකට දාන ගානක් තමයි බන්.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    අම්මට තාත්තට, දුප්පත් නෑයෙකුට මාසෙකට දාන ගානක් තමයි බන්.

    Transfer walata Tax ekak gahanne na, Uba Ewana Ewa Banku pothe dala ekata poliyak hambunoth ekata thamai 5% tax ekak wadinne. eka nisa podi ganak ewapan wiyam walata witharak. Save karapan ohe bank ekaka.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Gedara seppuwak hadala eke dapan, ethakota tax walata ahu wen na. ara indiawe un karanne.

    වැඩි කල් නොගිහින් එහෙම තමයි කරන්න වෙන්නෙ.
    මම මචන් ටැක්ස් වලට විරුද්ධ නෑ. මුල ඉඳන්ම මම කිවුවෙ ටැක්ස් හරියට කළමනාකරණය කරන්න ඕන කියල. ඒ උනාට මේක මචන් daylight robbery එකක්නෙ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මට තාත්තට, දුප්පත් නෑයෙකුට මාසෙකට දාන ගානක් තමයි බන්.
    ඔහොම එවන්න එපා මචන්, අර උබ ට්‍රආන්ස්ෆර්වයිස් එක යුස් කරපන්. නැතිනම් හෝල්ඩින් අකවුන්ට්ස් යුස් කරලා ගෙදර ඩෙබිට් කාඩ් දීපං. අත්දැකීමෙන් කියන්නේ පට්ටා පාඩුයි ලංකාවට සල්ලි එවන එක.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Transfer walata Tax ekak gahanne na, Uba Ewana Ewa Banku pothe dala ekata poliyak hambunoth ekata thamai 5% tax ekak wadinne. eka nisa podi ganak ewapan wiyam walata witharak. Save karapan ohe bank ekaka.

    උඹට ෂුවර්ද එහෙම වෙන්නෙ කියල? නිව්ස් එකේ ලියල තියන විදිහට මම තේරුම් ගත්තෙ ලංකාවට එවන එකට ගහනවා කියල.
    බැංකු පොත් වලනම් රැඳෙන්නෙ නෑ බන්. දාන එක ඒ වෙලාවේම distribute කරලා දානවා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කාලකන්නි වේ%34 ල මුන්. යකෝ හම්බකරලා සල්ලි එවන්නේ රටට. රටින් පිට කරන සල්ලි වලට මොන ටැක්ස් එකක් ගැහුවත් කමක් නෑ. ඇගේ මාලු නටනවා මේවාට. නොදකින් මේ වගේ කාලකන්නි දේශපාලකයෝ ඉන්න රටක ඉපදුන එකත් මහා කරුමයක්. සහ ගහනවා අපතයොන්ට. මෙහේ බලු දුක් විදලා වේලකට කුබුස් එකක් කාලා තේ එකක් බීලා කීයක් හරි ඉතුරු කරලා හම්බ කරන ගෘහ සේවිකාවෝ කම්කරු වගේ වැඩ කරන අය එවන සොච්චමටත් බදු ගහන මේ වගේ දේශපාලකයො මැරෙන්නේ කුනු පනුවෝ ගහලා.. ඇස් දෙකට දකිනවා බන් අහින්සක මිනිස්සු විදින දුක.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    උඹට ෂුවර්ද එහෙම වෙන්නෙ කියල? නිව්ස් එකේ ලියල තියන විදිහට මම තේරුම් ගත්තෙ ලංකාවට එවන එකට ගහනවා කියල.
    බැංකු පොත් වලනම් රැඳෙන්නෙ නෑ බන්. දාන එක ඒ වෙලාවේම distribute කරලා දානවා.

    News Dana un Hariyata Danne na ban, Oya Tibba 2.5 Interest ekata gahana WHT (withholding Tax) eka dan 5% karala,. Echcharai, Wena Mukuth Aluth Tax ekak na.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔහොම එවන්න එපා මචන්, අර උබ ට්‍රආන්ස්ෆර්වයිස් එක යුස් කරපන්. නැතිනම් හෝල්ඩින් අකවුන්ට්ස් යුස් කරලා ගෙදර ඩෙබිට් කාඩ් දීපං. අත්දැකීමෙන් කියන්නේ පට්ටා පාඩුයි ලංකාවට සල්ලි එවන එක.

    transferwise තමයි බන් යූස් කරන්නෙ. ඒ විදිහට කරත් උන් monitor කරලා ටක්ස් ගහනවා ඇති.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩි කල් නොගිහින් එහෙම තමයි කරන්න වෙන්නෙ.
    මම මචන් ටැක්ස් වලට විරුද්ධ නෑ. මුල ඉඳන්ම මම කිවුවෙ ටැක්ස් හරියට කළමනාකරණය කරන්න ඕන කියල. ඒ උනාට මේක මචන් daylight robbery එකක්නෙ.

    කල්පනාවෙන් පුටා සල්ලි සේප්පුවල දාල තියෙද්දී ලොකු කොළ තහනම්කරාම බඩු බනිස්...... අතේ ගානක් තියන් ඉතිරිව ඉන්වෙස්ට් කරපං.....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Transfer walata Tax ekak gahanne na, Uba Ewana Ewa Banku pothe dala ekata poliyak hambunoth ekata thamai 5% tax ekak wadinne. eka nisa podi ganak ewapan wiyam walata witharak. Save karapan ohe bank ekaka.

    එහෙම කේස් එකක්ද? ඉතින් බන් මෙහේ බෑන්ක් එකක ඉතුරු කරත් ආයේ ලංකාවට එන දවසක සල්ලි ගන්නම වෙනවනේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    එහෙම කේස් එකක්ද? ඉතින් බන් මෙහේ බෑන්ක් එකක ඉතුරු කරත් ආයේ ලංකාවට එන දවසක සල්ලි ගන්නම වෙනවනේ

    Ow ithin, issara idanma Savings/FD walata hambena Interest ekata 2.5% WHT ekak gahuwa, Eka thami 5% k karala tiyenne. Wena aluth deyak na.