Plug & Socket Types_ඉතා_වැදගත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Plug & Socket Types_ඉතා_වැදගත්

එළකිරියේ ඉන්න සාමාජිකයින් බොහෝ අය පිට රටවල සංචාරය කරලා ඇති. තව සමහරු පිට රට වල සංචාරය කිරීමට බලා පොරොත්තුවෙන් සිටිනවා වෙන්නට පුළුවනි. මේ හැමෝටම වටිනා ත්‍රෙඩ් එකක් තමයි මම මේ පල කරන්නේ. මේ ත්‍රෙඩ් එක මාගේම නිර්මාණයක් වන අතර විශේෂ මහන්සියක් යොදවා ඔබ වෙනුවෙන්ම ගෙන එමි.

අපි වෙනත් රටවල සංචාරය කරනකොට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඒ ඒ රටවල පාවිච්චි කරන වෝල්ටීයතාවයන් කෙවෙනි සහ විදුලි පේනු වල හැඩය පිළිබඳව. නැත්නම් අපි ගෙනියන ලැප්ටොප්, ජංගම දුරකථන චාර්ජර් , කැමරා චාජර් සහ අනෙකුත් විද්‍යුත් උපකරණ පාවිච්චි කිරීමට නොහැකි වෙනවා. මේ වන විට ලොව පුර විවිද කෙවෙනි සහ පේනු වර්ග 15 පමණ පරිහරණය කරයි. මා මේ සම්බධයෙන් ලද අද්දැකීමක් ලෙස මා ඇමරිකාවට ගිය මුල් වර මගේ ලැප්ටොප් පරිගණකය ඇමරිකානු විදුලි සොකට්ටු වලට සම්බන්ධ කිරීමට නොහැකි විය. ඉන් පසුව අමතර වියදමක් දරා ඒ සඳහා අවශ්‍ය කන්වර්ටරයක් මිලදී ගැනීමට සිදු විය. එම නිසා අපි වෙනත් රටකට සංචාරය කිරීමට පෙර මේ පිළිබඳව දැනුවත් වීම අතිශය වැදගත්.

ප්‍රථමයෙන්ම ඔබ ගෙනියන විදුත් උපකරණවල ලබා ගන්නා වෝල්ටීයතාවයන් පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. එය ඔබ හරියටම නොදන්නේ නම් ඔබගේ විද්‍යුත් උපකරණ විසින් ලබා ගන්නා වෝල්ටීයතාවය, සංඛ්‍යාතය සහ වොට් ප්‍රමාණය උපකරණයේ පිටුපස නිවැරදිව සටහන් කරලා තියනවා. වර්තමානයේ නිපදවා ඇති බොහොමයක් විද්‍යත් උපකරණ ලොව පුර ඇති විවිද වොල්ටියත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් නිපදවා ඇති බැවින් ගැටළු ඇතිවීම අවම වේ. නමුත් භාවිතයට පෙර පරික්ෂා කොට තබා ගැනීම නුවනට හුරුය. නතකොත් ඔබගේ විදුලි උපකරණ විනාශ වී යා හැකිය. තවද කෙවෙනි සහ පේනු වල හැඩයන් විවිද රටවලට අනුව එය වෙනස් වේ.

අපි ප්‍රථමයෙන්ම බලමු ලෝකෙයේ සියළුම රටවල භාවිතා වන කෙවෙනි සහ පේනු ( Plug & socket types ) වල හැඩයන් කොහොමද කියලා. මෙම කෙවෙනි සහ පේනු A සිට O දක්වා වර්ග කොට තිබෙනවා.

Type A & B

electricity-tiles-type-A-200-px.jpg
electricity-tiles-type-B-200-px.jpg

A වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඇමරිකා එක්සත් ජනපදය , කැනඩාව , මැක්සිකෝව සහ ජපානය වගේ රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types A & B

100 – 127V වොල්ටීය පරාසයක් සහිතයි.

Type C

electricity-tiles-type-C-200-px.jpg

C වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ යුරෝපය , දකුණු ඇමරිකාව , සහ සමහර ආසියාතික රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type C

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type D

electricity-tiles-type-D-200-px.jpg

D වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type D (partial and unsafe compatibility with C, E & F)

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type E

electricity-tiles-type-E-200-px.jpg

E වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ බෙලිජියම , ප්‍රංශය , පෝලන්තය, චෙක් වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C, E & F

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type F

electricity-tiles-type-F-200-px.jpg

F වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ යුරෝපය, රුසියාව , ප්‍රංශය ,එංගලන්තය , අයර්ලන්තය වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C, E & F

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type G

electricity-tiles-type-G-200-px.jpg

G වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ එංගලන්තය , ශ්‍රී ලංකාව, අයර්ලන්තය , මෝල්ටාව, මලයාසියාව,සිංගප්පූරුව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type G

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

Type H

electricity-tiles-type-H-200-px.jpg

H වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඊශ්‍රායෙලය, ගාසා තිරය , West Bank වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C & H (unsafe compatibility with E & F)

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type I

electricity-tiles-type-I-200-px.jpg

I වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඔස්ට්‍රේලියාව , නවසීලන්තය , චීනය , ආර්ජන්ටිනාව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type I

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type J

electricity-tiles-type-J-200-px.jpg

J
වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ලිච්ස්ටන්ට්ටයින් , ස්විට්සර්ලන්තය, රුවන්ඩාව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C & J

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type K

electricity-tiles-type-K-200-px.jpg

K
වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඩෙන්මාර්කය ග්‍රීන්ලන්තය වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C & K (unsafe compatibility with E & F)

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type L

electricity-tiles-type-L-200-px.jpg

L වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ ඉතාලිය , චිලී රාජ්‍ය වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

10 A socket compatible with plug types C & L (10 A version) / 16 A socket compatible with plug type L (16 A version)

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

මේ ත්‍රෙඩ් එක මම විසින්ම නිර්මාණය කරන ලද්දක් වන අතර මෙය වෙනත් වෙබ් අඩවියක පල කරන්නේ නම් මාගෙන් පුර්ව අවසරය ලබා ගත යුතුය. එසේ අනවසරයෙන් යම් අයෙක් පල කලොත් කොපිරයිට් පැමිණිල්ලක් යොමු කරනු ලැබේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Type M

electricity-tiles-type-M-200-px.jpg

M වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ දකුණු අප්‍රිකාව වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug type M

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type N

electricity-tiles-type-N-200-px.jpg

N වර්ගයේ පේනු සහ කෙවෙනි වැඩි වශයෙන් භාවිතා වන්නේ බ්‍රසීලය වැනි රටවල වේ.

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C & N

100 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

Type O

electricity-tiles-type-O-200-px.jpg

මේ හා සමාන කෙවෙනි සහ පේනු භාවිතා කරන අනෙකුත් රටවල් සඳහා කරුණාකර පහතින් දක්වා ඇති වගුව බලන්න.

socket compatible with plug types C & O (unsafe compatibility with E & F)

220 – 240 V වොල්ටීය පරාසයක් සහිතයි.

ලොව පුරා ජනතාව භාවිතා කරන විවිද වෝල්ටීයතාවයන් සහ සංඛ්‍යාත පරාසයන් සහිත වගුව.

https://www.worldstandards.eu/electricity/plug-voltage-by-country/

මෙම ත්‍රෙඩ් එක වෙනත් වෙබ් අඩවියක පල කිරීම සපුරා තහනම් වේ. යමෙකුට එය පල කිරීමට අවශ්‍ය නම් මාගෙන් පුරවා අවසරයක් ලබා ගත යුතු වේ. එසේ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියක පල කළහොත් එය Copy right Low Claim එක යටතේ ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][/SIZE][/SIZE][/SIZE][/SIZE][/B]මෙම ත්‍රෙඩ් එක වෙනත් වෙබ් අඩවියක පල කිරීම සපුරා තහනම් වේ. යමෙකුට එය පල කිරීමට අවශ්‍ය නම් මාගෙන් පුරවා අවසරයක් ලබා ගත යුතු වේ. එසේ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියක පල කළහොත් එය Copy right Low Claim එක යටතේ ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
    [/SIZE]

    උබ අනුන්ගේ ඒවා මේකේ දානකොට සෝර්ස් දානවද?:rolleyes: