උදුගොව්වන් කෑම

chanaka

Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    උදුගොව්වන් කෑම

    උබලට මතක ඇති මම ත්‍රෙඩ් එකක් දැම්මා කොන්ඩේ යන case මේ තියන්නේ ඒ link එක උබලට update එකක් දෙන්න ඕනේ කියලා හිතුනා :(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1846791

    මචං අද ගියා Dr Kandapillai Satgurunathan ගිහින් පෙන්නුවා Dr කිව්වා උදුගොව්වන් කියලා සත්තු ජාතියක් නැ සමහර වෙලාවට ජාන නිසා එහෙම වෙනවා එකට කියන්නේ alopecia areata කියලා ප්‍රතිශක්තිය අඩු උනහම එහෙම වෙනවලු ඇගට ඇතුල් උන විෂබීජ වලට එරෙහිව ඇග ඇතුළෙන්ම ප්‍රතිශක්තිය නිර්මාණය වෙලා ඒවාට විරුද්දව සටන් කරන කොට ඇගේ ප්‍රතිශක්තිය අඩුනිසා ඔලුවේ කෙසුත් දකින්නේ විෂබීජ හැටියට ඒ නිසා ඒවා ඇගෙන් ඒවත් කරලා දානවා එනිසා තමා කොන්ඩේ හැලෙන්න ගන්නේ සමහර විට ඉබේම හරි ගියත් පස්සේ එක වැඩි වෙන්නත් පුළුවන් කිව්වේ මට කිව්වේ හොද වෙයි කියලා බෙහෙත් වගයක් දුන්නා මාස 2කින් අපහු එන්න කිව්වා මේ තියන්නේ දීපු බෙහෙත් තමා ගත්තේ නැ හොද වෙයි කියලා හිතනවා උබලව දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණා මානසිකව වැටිලා හිටපු වෙලාවේ වචනෙන් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි

    මේ තියන්නේ දුන්නු බෙහෙත්

    15x2zk6.jpg
    මට පොඩි article එකක් හම්බ උනා internet එකේ උබලත් දැන්වත් වෙයන්​

    උදුගොව්වන් කෑම ගැන ඔබ දැනුවත් ද?​
    උදුගොව්වන් කෑම ගැන මිතුරන් අසා ඇති. හිසේ තැනින් තැන රවුම් හැඩයකට කෙස් හැලියාම සිදුවෙනවා.
    උදුගොව්වන් කෑම කිව්වාම බොහෝ දෙනෙක්ට හිතෙන්නේ මොනයම් හෝ සතෙක් විසින් මෙය සිදුකරනවා කියලා.
    නමුත් මේ ලිපියෙන් පසුව ඔබ බොහෝ දේ දැනගනිවි.

    alopecia-areata-definition.jpg


    හිසේ තැනින් තැන කාසියක පමණ ප්‍රමාණයේ රවුම් ලෙස කෙස් රහිත කැලැල් ඇතිවිම, උදුගොව්වන් කෑම ලෙස ප්‍රකටයි. වෛද්‍ය විද්‍යාවේදි මෙම තත්ත්වය Alopecia areata ලෙස හදුන්වනවා.මෙය වේදනා රහිත තත්ත්වයක්. ලමාවියේ අය අතර සුලබය. නමුත් මැදිවියේදිද දැකගත හැක.​

    මෙය ඇතිකරන්නේ සතෙක් කෑම විසින්ද?​
    නැත. කොහෙත්ම නැත. උදුගොව්වන් කෑම ලෙස පැවසූවත් මෙය සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සබැදි දෝශයක් හේතුවෙනි.
    ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුරේ ඇති කේෂ මූලයන් ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස හදුනාගෙන එයට පහර දී ඉවත්කිරිමට උත්සහ කරයි. මෙහි ප්‍රතිපලක් ලෙස රෝම විනාශ වේ.

    බෝ නොවන රෝගයකි.

    අලොපීසියා ඇතිවන්නේ හිසේ පමණද?
    හිසට අමතරව සිරුරේ අනෙකුත් ප්‍රදේශ වලද මෙය ඇතිවිය හැක. රැවුල, ඇහිබැම වැනි ස්ථාන වලද ඇතිවිය හැක. Alopecia totalis තත්ත්වයේදි හිසේ සම්පූර්ණ කෙස්ම ඉවත්විය හැකි අතර, සිරුරේම රෝම ඉවත්වන තත්ත්වයට පත්වීම Alopecia universalis ලෙස හැදින්වේ.

    බලපාන හේතු මොනවාද?​
    පවුල් පසුබිම/පවුලේ සාමාජිකයන්ට වැළදී තිබිම.
    ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු හා රෝග
    මානසික තත්ත්ව​

    වරදවා වටහා ගැනීම.​
    දිලීර රෝග හා යම් යම් රෝග නිසා ද උදුගොව්වන් කෑමට සමාන කෙස් හැලීම් දැකිය හැක. එවැනි අවස්ථා රෝගින් වැරැදි ලෙස වටහා ගනි. විශේෂඥ වෛද්‍යවරයකු හමුව රෝගය නිෂ්චය කරගැනිම වැදගත් වේ.​

    ප්‍රතිකාර මොනවාද?
    උදුගොව්වන් කෑම සුවකිරිමට නිෂ්චිත ප්‍රතිකාරයක් නැත. නමුත් කෙස් වර්ධනය වේගවත් කිරිම සදහා ප්‍රතිකාරයන් සිදුකල හැක. කෙස් හැලිමෙන් මද කලකට පසුව නැවත එම ස්ථානයන්ගේ කෙස් වර්ධනය වීම දැකගත හැක. වඩා වැදගත් වන්නේ නිෂ්චිතව රෝගය හදුනාගැනිමයි.​
     

    chaminda1978

    Junior member
  • Nov 8, 2017
    70
    4
    8
    උදුගොව්වන් kana aka hodatama sanepa wanna bahathak thiyanawa ma wadde උදුගොව්වන් kama nesa konda geya aya goda danak a bahath walen hoda wala thiyanawa ona nam pm akak danna maka sinhala bahathak ..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    thanks machan info welata maget oka raule yata awa, habai dan hari

    rep++
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,168
    2
    10,786
    113
    Home Sweet Home
    ඉක්මන් සුවය ලැබේවා !
    අපිවත් දැනුවත් කරාට බොහොම ස්තුති
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉත්මනින් පුතාට හොද වෙන්න කියලා පතනවා!! උදු ගොවුවා කිවුවාම මම පුංචි දවස්වල හිතුවේ වැලිගොවුවා වගේ එකෙක් කියලා:P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    ඉත්මනින් පුතාට හොද වෙන්න කියලා පතනවා!! උදු ගොවුවා කිවුවාම මම පුංචි දවස්වල හිතුවේ වැලිගොවුවා වගේ එකෙක් කියලා:P

    :(:( එහෙම එකෙක් නැ බන්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    දැන් දන්නවා පුතී මං කිවුවේ මං පොඩි කාලේ එකදාස් නවසිය බර ගනන් වල හරිය:P

    :sorry::sorry::sorry: මම Docter ජයමිණි සෙනෙවිරත්නේට පෙන්නුවා බෙහෙත් වගයක් දුන්නන තව cream 2 දුන්න Mix කරලා ගාන්න අයෙ එන්න ඕනේ නැතැයි කිව්වේ මාසයක් විතර ගැව තම වෙනසක් නැ බන්​
    vr7j13.jpg

    මේ තියන්නේ දුන්න බෙහෙත් 2500 විතර ගිය සියේ බෙහෙත් වලට විතරක්​
     
    Last edited: