Huawei සමාගමට මේ වන විට එක්සත් ජනපද සමග කටයුතු කිරීමේදී නරක කාලයක් උදාවී තිබෙනවා.එක්සත් ජනපද නීති දෙපාර්ථමේන්තුව මේ වන විට හුවාවි සමාගමට විරුද්ධව අපරාධ පරීක්ෂණයක අරඹා තිබෙනවා.ඒ ඇමරිකාවට විසින් ඉරාණයට පනවන ලද සම්බාධක උල්ලංගනය කිරීමක් සම්බන්ධවයි.
මීට පෙර ඇමරිකාවේ ප්‍රධනා ඔත්තුසේවාන් හුවාවි දුරකථන භාවිතය පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.කෙසේවුවත් හුවාවි සමාගම ඔව්න්ගේ නිශ්පාදන මේවනවිට සිදුකරන්නේ ඇමර්කාවට සම්බන්ධ තාක්ශණික ආයතනවල සහය මතයි.ඔවුන්ගේ දුරකථන වලට මෙහෙයුම් පද්ධතිය ලෙස Google සමගමේ Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අතර,චිප්සෙට් ලෙස Qualcomm සමගමේ චෙප් බාවිතා කරයි.
කෙසේ වෙතත් නොබෝදා South China Morning Post පුවත්පත ප්‍රකාශ කලේ හුවාවි සමගම Android මෙහෙයුම් පද්ධතිය පිළිබඳ plan B එකක් ඇතිබවයි.ඒ ඔව්න් 2012 සිට ඔව්න්ගේම මෙහෙයුම් පද්ධතියක් වැඩි දියුණු කිරීම සිදුකරන බවයි.මෙලෙස ඔව්න්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නේ ඉදිරියේදී හුවාවි සමාගමට ඇමරිකානූ නිශ්පාදනය භාවිතා කිරීම පිළිබඳව යම් ගැටලුකාරි තත්වයක් මතුවුවහොත් එමගින් බෙරී සිටීමටයි.
වර්ථවන පරිදි හුවාවි සමගම නිපදවමින් සිටිනා නව මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් දුරකථන,ටැබ් සහ පරිගණක වලට භාවිතා කල හැකි ආකරයේ මෙහෙයුම් පද්ධතියක් බවයි පැවසෙන්නේ. Android අතහැර වෙනම මෙහෙයුම් පද්ධතියකට මාරුවීම නුවනට හුරු ක්‍රියාවක්ද යන බොහෝදෙන්නා ප්‍රශ්ණ අකරයී.
ඒ නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණයක කරනවිට එයට ගැලපෙන නව ඇප්ස් නිර්මාණය කිරීමට වෙනම වෙහෙසක් දැරිය යුතුය.iOS සහ Android වලට විකල්ප ලෙස Microsoft සමාගම Windows මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් දුරකථනවලට හදුන්වා දුන්නත්, එය සාර්ථක නොවිය.
BlackBerry සමාගම BlackBerry OS නිර්මාණය කලත් එම මෙහෙයුම් පද්ධතියද සර්ථක නොවීය.Samsung සමාගම ඔව්න්ගේ දුරකථන සදහා Tizen OS හදුන්වාදිමට ක්‍රියාකරමින් සිටියත් එහිද යම් යම් ගැටලුකාරි තත්වයන් මේ වන විට ඇතිවී ඇත.
source

illan araganna hadanne.




