බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

    බෙලිහුල්ඔය හැඩ කරන සුන්දර හාවාගල.....

    ඕනෙම දෙයක සුන්දරත්වය අපිට දෙවිදිහකට බලන්න පුළුවන්,ඒ කිව්වේ බාහිරින් සහ ඇතුලතින්.
    කන්දක, දිය ඇල්ලක උනත් ඒක එහෙමයි. කඳු ගැටයක සුන්දරත්වය එහි පාමුල සිට වගේම
    මුදුනේ සිට පහල සුන්දරත්වයත් දෙ ආකාරයක ලස්සනක් තමා.
    ඉතින් කඳු නගින එකට ආස වෙච්චි කාලේ ඉඳල කඳු නැග්ගට කඳු මුදුනක රැයක් ගත කරලා නම් තිබුනේ නෑ.ඒ කිව්වේ Camping night එකක් අත් විඳලා තිබ්බේ නෑ.
    කොහොම කොහොම හරි සල්ලි ටිකක් එකතු කරලා පුංචි කූඩාරමක් එහෙම අරගෙන ගමේ යාළුවො ටිකත් සෙට් කරගෙන හා හා පුරා කියල පලවෙනි කෑම්ප් නයිට් එකවිදිහට '' හාවාගල '' කඳු මුදුන තෝර ගත්තා.

    IAc84O2.jpg

    ගමනට සියල්ල සුදානමින්....

    ලක්දසුන් එකේ ට්‍රිප් රිපෝට් එකකින් තොරතුරු අරගෙන අපි ඔක්කොම 5 දෙනෙක් ඕනේ කරන අඩුම කුඩුම ලැස්ති කරගෙන කොළඹ - බදුල්ල බස් එකකින් බෙලිහුල්ඔයට ආවා.
    කොහොම හරි බෑග් ටිකත් උස්සගෙන පස්සහාම සීට් එකේ ඉඳල බස් එකෙන් බහින කොට පඹහින්නට ම ආව.එතකොට පාන්දර 3 විතර ඇති.හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ.
    පඹහින්න හන්දියේ පුංචි තේ කඩේට (සබරගමු කැම්පස් එකේ ළමයි අතර හරි ජනප්‍රියයි) ගොඩවෙලා උණු රොටියක් එක්ක
    කහට තේ එකක් එහෙම බීලා, ඉස්සරහ තිබුණු වැසිකිලියෙන් අවශ්‍යතා එහෙම සම්පුර්ණ කරගෙන පාන්දර 5 පහු වෙද්දී ආපහු බෙලිහුල්ඔයට වෙනකන් පල්ලම් බැස්සා.

    jxma4Sa.jpg

    පඹහින්න කඩෙන් රොටි කන ගමන්...

    dFX3ybd.jpg


    RA4cldZ.jpg


    HvjOPDz.jpg

    බෙලිහුල්ඔය සාන්ත මරියා දේවස්ථානය

    MjyjBr8.jpg


    බෙලිහුල්ඔය සාන්ත මරියා දේවස්ථානයටත් ගොඩ වැදිලම යන්න අමතක කලේ නෑ.
    බෙලිහුල්ඔය - ලඳු යාය - ඉහල ගලගම බස් එකේ ඇවිත් ලඳු යාය ඉස්කෝලේ ගාවට එනකොට උදේ 8 විතර ඇති.එතන ඉඳල ගමන පයින් තමා.
    එතන ඉඳල අපිට පුංචි යාලුවෙකුත් එකතු උනා. දැන්නම් මේ යාලුවා හරි ප්‍රසිද්ධයි.
    අපිත් ඊටත් අවුරුදු දෙකකට විතර පස්සේ තමා අහන්න ලැබුනේ මෙයාගේ වීරකම්.
    නමුත් මේ කියන කාලේ මෙයා ජාත්‍යන්තරේ දිනාගෙන උන්නේ නෑ.
    මෙයාගේ නම '' චූටි ''.පස්සේ තමා දැනගන්න ලැබුනේ.එදා අපි නම් මෙයාට කිව්වේ ''වුල්ෆි'' කියල.
    මොකද එයාගේ පෙනුම නිකන් වෘකයෙකුට කිට්ටු නිසා.මුළු ගමන පුරාවටම මෙයා හොඳ ආරක්ෂකයෙක් උනා.

    evj1r0A.jpg

    වුල්ෆි....අපේ ගමන් සගයා වගේම ආරක්ෂකයා

    එතන ඉඳල තේ වතු පහු කරන් උඩටම යද්දී, තේ වතු වල වැඩ කරමින් හිටි නෝනලා ටිකක් අපිට කිවේ ''තේ කෑල්ල ඉවර වෙන තැන කැලේ දිගටම අඩි පාර තියේ එහම යන්ට පුළුවන්,
    කැමති නම් ඔය තේ කෑල්ල පැත්තෙන් මාන තලාවට ගොඩ වෙලා දිගටම උඩට යන්නත් පුළුවන්''
    ඉතින් මේ දෙකෙන් අපි තෝර ගත්තේ දෙවෙනි විදිහ. මොකද උඩටම යනකන්
    ලස්සන විඳිමින් යන්න හැකි නිසා.නමුත් පළමු ක්‍රමේ හරිම ලේසියි.

    u6IwxZN.jpg


    pAsnQNc.jpg


    n3JRD0e.jpg

    කඳු වලල්ලත් එක්ක මීදුම නිකන් පින්තුරයක වගේ......

    rHaZX1g.jpg

    පොඩ්ඩක්වත් බය නැති සතෙක්

    fU37tJP.jpg

    මගදී පොඩි විවේකයක් ගන්න නැවතුනා

    PLNTx4r.jpg


    PMjRJVN.jpg

    තව යන්න තියෙන දුර ගොඩයි.....

    Zh0LL7B.jpg


    උඩට ගියාට පස්සේ මාන තලාවත් පල්ලමක් එක්ක යන්න අමාරු නිසා එතනින් කැලේට
    ගොඩ වෙලා අඩි පාර හොයාගෙන කන්දේ පළමුවෙනි මුදුනට ආව. එතනට ඇවිත් පුංචි විවේකයක් අරගෙන පාන් කෑල්ලක් එහම කාලා,කූඩැල්ලෝ ගලවාගෙන කන්දේ ඉතිරි පොඩ්ඩත් නැග්ගා.
    කොහොම හරි දවල් 12 විතර වෙද්දී අපි කන්දේ මුදුනේ තියෙන ගල් තලාවට සේන්දු වෙලා පොඩ්ඩක් ගිමන් හැරියා.

    qWJZKrg.jpg

    කැලේට ඇතුල් වුනා...

    wEK1je8.jpg



    KVC7l4j.jpg

    මුළු ගමන පුරාවටම ගත්තු ආසම ඡායාරුපය.....

    ඊට පස්සේ කූඩාරම එහෙම අටවලා උයන්න කියල ලෑස්ති වෙද්දීම වගේ මහා වැස්සක් කඩා පාත් උනා.කට්ටිය ඉක්මනටම කූඩාරමට උඩින් එලන්න ගෙනාපු ඉටි කොලෙන්
    පොඩි ගැජමැටික් එකකුත් අටවාගෙන කොහොම හරි දවල්ට කෑම ටික උයල ඉවර වෙලා ටික වෙලාවකින් වැස්ස එහෙම්මම තුරල් වෙලා ගියා.

    JelRCpZ.jpg


    APIgcxd.jpg

    කුඩාරම අටවල කෑම උයන්න ලැස්ති වෙද්දී වැස්සක් කඩාපාත් වුනා.....

    IAp3sM7.jpg


    odzvtRH.jpg

    :P:P:P

    xtSjYrh.jpg

    දවල්ට බත් එක්ක සොසේජස්, සැමන් , චිලිපෙස්ට්


    ඊට පස්සේ බඩකට පිරෙන්න බත් ටිකක් කාලා වටේ පිටේ සුන්දරත්වය නරඹන්න කියල ගියා.
    ඇත්තටම හාවාගල හරිම ලස්සනයි.ඒ ලස්සන දකින්න නම් ඉතින් උඩට නගින්නම වෙනවා.
    මම අහලා තියෙනවා දියතලාව මිනින්දෝරු පාසලේ ශිෂ්‍යයෝ අවුරුද්දකට සැරයක් ප්‍රායෝගික
    කඳු මැනීම් කටයුතු වලට හාවාගල කන්දට එනවා කියල.මොකද කන්ද මුදුනේ විශාල තැනිතලා
    එක්ක අංශක 360 භුමි දර්ශනයක් දකින්න පුළුවන්.හැබැයි එහෙම බලන්න කන්ද මුදුනේ වටේට ඇවිදින්න ඕනේ.ඉතින් කාලගුණය යහපත්වුනු නිසා අපි වටේට ඇවිදලා ඒ ලස්සන ඇත්තටම විඳ ගත්තා.අපිට ඉස්සරහින් ආදර කන්ද, වංගෙඩි ගල ගොම්මොල්ලිය කඳු වළල්ල,හෝටන් තැන්නට ඉදිරියෙන් තියෙන නිම්නය නන්පෙරියල් පැත්ත, ඉහල ගලගම,බෙලිහුල්ඔය,බදුල්ල - කොළඹ පාර,හුළුගල තැන්න,සමනල වැව ජලාශය, වගේම සුන්දර ගලගම ඇල්ල
    ( මගේ ජීවිතේ දිය ඇල්ලක සුන්දරත්වය ඈත ඉඳල දැකපු ලස්සනම විදිහ) දකින්න පුළුවන්.
    ඒ වගේම කන්දේ අනෙක් පැත්තෙන් බලන්ගොඩ, පෙට්ටිගල පැත්තත් දකින්න පුළුවන්.
    ඉතින් ඔහොම රසවත් කතා එක්ක බොහොම සන්තෝසෙන් ඉර බහින අලංකාරය විඳින ගමන්ම අපි
    රෑට පාවිච්චියට ගන්න දරත් එකතු කළා. නමුත් වැස්සත් එක්ක දර බොහොමයක් තෙමිලා තිබුනේ.

    lkcD7vE.jpg

    අපි නිකන් ස්වර්ගේ ඉන්නවා වගේ තමා දැනුනේ.... පරිසරය එච්චරට ලස්සනයි.

    LSIBrDi.jpg


    zR8gkgd.jpg


    RKOVP4G.jpg

    '' ගලගම ඇල්ල ''නැත්තනම් කැතිගහන ඇල්ල....දිය ඇල්ලක් ඈතට දැකපු ලස්සනම විදිහ....මේක නිකන් අහස ගව්වෙන් කඩා හැලෙන මනමාලියකගේ වේල් පොටක් වගේ...

    Si4YMR0.jpg

    ආදර කන්ද, වංගෙඩි ගල ගොම්මොල්ලිය කඳු වළල්ල

    OpP68JY.jpg

    බැහැගෙන යන ඉර නිකන් මකර කටින් ගිනි පිඹිනවා වගේ...

    GxrkeOT.jpg

    රෑ යාමයට ඕනේ කරන දර එකතු කරනවා....

    76Z582W.jpg

    ගිනි මැලය නම් සාර්ථක වුනේ නෑ...එත් උයා ගන්න තරමේ එකක් අවුළුව ගත්තා

    ඉතින් එදා රෑ අපි බලාපොරොත්තු වුනු විදිහට හොඳ ගිනිමැලයක් ගහන්න නම් හම්බ වුනේ නෑ.
    මොකද දර ඔක්කොම වගේ තෙමිලා තිබුණු නිසා.කොහොම හරි රෑට කෑම ටිකක් හදාගෙන
    අපේ බලු යාලුවටත් දීලා සැහෙන වෙලාවක් කයියක් එහෙම ගහල නිදා ගන්න ගියා.
    වුල්ෆි යාලුවා එදා රෑ අපි වටේට හිටිමින් අපිව ආරක්ෂා කරන්න තරම් කරුණාවන්ත වුනා.
    කොහොම හරි පාන්දර අපි දෙන්නෙක් ඇහැරිලා එලියට ඇවිත් බැලුව.
    කන්දක් උඩ ඉඳල රෑ අහසේ තරු කොච්චර ලස්සනද, ක්ශීරපථය හරියටම දැක්කේ එදා.
    ඊට පස්සේ අපි තව පැයක් විතර එහෙම්මම උන්නා ඉර සේවේ බලන්න කියල හිතාගෙන.
    එදා උදේ අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමින් බොහොම ලස්සන ඉර සේවයක් දැක ගැනීමේ
    වාසනාව අපිට හිමි වුනා.

    O8k7xzY.jpg


    biqlFrE.jpg


    xTSwErE.jpg

    බොහොම ලස්සනට ඉර සේවේ නම් බලාගන්න හැකි වුනා.......

    Du3QMv3.jpg

    උදේ අවට පරිසරය පුදුමාකාර පැහැදිලි ලස්සනක් තිබුනේ..

    SQo7oUE.jpg


    කලින්දා වැස්සත් එක්ක මුළු පරිසරයම අලුත් පෙනුමක් තිබුනා.
    හරියට ඇඳුමක තිබුණු කුණු සේරම හේදිලා අලුත් නැවුම් පෙනුමක් ලැබිලා වගේ.
    උදෑසන පරිසරය නිකන් චිත්‍රයක් වගේ. පුදුම ලස්සනක් තිබුනේ.
    උදේට කන්න නූඩ්ල්ස් එකක් එහෙම කාරිය හදාගෙන, කූඩාරමත් ගලවල,
    වටේ පිටේ සේරම තිබුණු විදිහට අස්පස් කරලා, කුණු ටිකත් ඔක්කොම බෑග් එකකට දාගෙන,
    පල්ලම් බහින්න තමා ලැස්ති වුනේ.අපේ වුල්ෆි යාලුවත් අපි එක්කම යන්න ලැස්ති වුනා

    j7KpfQj.jpg

    උදේ කෑම

    rREWYgx.jpg

    වටේ පිටේ සේරම කුණු එකතුකරලා බෑග් එකක දාගෙන, සේරම අස් කරලා ආපහු පල්ලම් බහින්නයි සුදානම

    නමුත් අපි පොඩි වෙනසකටත් එක්ක අවදානමකුත් අරගෙනම,පොඩි ත්‍රාසජනක
    අත්දැකීමකටත් එක්ක අපිට ඉස්සරහින් තියෙන මාන තලාව දිගේ බෙලිහුල්ඔයට
    බැහැලා ඔය තරණය කරලා ගම්මානයට සේන්දු වෙන්න තීරණය කළා.
    නමුත් '' කන්දක් මුදුනේදී දිග පළල අපිට පේනවට වඩා ඇත්තටම වැඩියි.''
    අන්න ඒ බව අපි එදා හවස් වෙද්දී තේරුම් ගත්තා.
    මුළු ගමන පුරාවටම වුල්ෆි යාලුවත් අපි එක්කමයි
    ඔහොම පල්ලම් බහින අතරේ එක තැනකදී අපි කන්ද මුදුනේ ඉඳල ගලන දිය පාර හරහා
    අනෙක් පැත්තට වැදිලා තමා පල්ලමට ගියේ.මොකද දිය පාරට වම් පස සීඝ්‍ර ආනතියක් තිබුනේ.
    ඔහොම භාගයක් පල්ලම් බහින අතරේ අපි ගෙනා වතුර ඉවර වෙන්න වගේ ආපු නිසා
    අපි නැවත දිය පාරට කිට්ටු කළා.ඒ හරියේ ගස් කොලන් වලින් වැහිලා වගේ තිබුනේ.
    එතන දැක්කා විතරයි අපිට පිස්සු නොහැදුනා විතරයි.අපි දෙපාරක් හිතන්නේ නැතිව
    එතන හොඳට නා ගන්න තීරණය කළා.

    fFUOE4f.jpg

    ඔය පෙන තලාව දිගේ බැහැල බෙලිහුල්ඔය තරණය කරන්න තමා තීරණය කලේ...

    O7Hjzyg.jpg


    vX3uF0z.jpg

    මාන තලාව දිගේ පල්ලම් බසින්...

    imH07iQ.jpg


    2bms9lg.jpg


    8GekUNd.jpg

    වතුර පුරවන්න කියල නැවත දිය පාර අසලට කිට්ටු කළා

    0qRryUU.jpg

    මෙතන දැක්කා විතරයි අපිට නිකන් පිස්සු වගේ....එක නිසා මෙතන නාන්න අපි දෙපාරක් හිතුවේ නෑ

    1zaRdF1.jpg

    වැටුනොත් නම් පුතෝ අඩි 50,60 ගල පල්ලේ කෑලි තමා හොයන්න වෙන්නේ

    rDML5CG.jpg


    05MinLP.jpg

    අපි පැයක් විතර නෑවා

    kcrs0T9.jpg


    YwEDbKI.jpg


    පැයක් විතර වතුරත් එක්ක සෙල්ලම් කරපු අපි නැවත පල්ලම් බහින්න පටන් ගත්තා.
    නමුත් මාන තලාව එක්ක ලොකු ගල්පොත්තක් තිබුණු නිසා ඒ ටික මග හැරලා කැලේට වැදිලා
    ඉතුරු ටික බැස්සා. අන්න ඒ ටික නම් හිතුවට වඩා පොඩ්ඩක් විතර අමාරු වුනා.
    ඔහොම පල්ලම් බැහැල අන්තිමට අපි ලොකු ප්‍රපාතාකාර බෑවුමක හිර වුනා.
    එතනින් මීටර් 100,150 පහලින් තමා ඔය ගලා බහින්නේ.
    ඉතින් හිතේ හයිය කකුල් වලට දීල ඒ ටිකත් කොහොම හරි බැහැල අපේ
    අරමුණ වුනු බෙලිහුල්ඔය කරා පැමිණියා. එතැනදී පොඩ්ඩක් විඩා නිවල
    හවස 2 විතර වෙද්දී අපි ගම්මානයට සේන්දු වුනා.ඒ වෙද්දී අපි කලින්දා
    ගමන පටන් ගනිපු තැනට වඩා කිලෝමීටර් 2 විතර තව බෙලිහුල්ඔය
    නගරෙට කිට්ටු කරලයි බැස්සේ.

    av2B2qI.jpg

    නැවතත් වනගත වීමට සුදානමින්...

    lDG2y9x.jpg


    kP45Bqb.jpg


    S5c4tqF.jpg

    සමහර තැන් වලින් මේ විදිහට තමා බහින්න සිද්ධ වුනේ....

    ZtMA1Pp.jpg

    අපි අන්තිමට මෙතැනදී තමා හිර වුනේ....කොහොම හරි කකුල් දෙකට ශක්තිය දීලා,හිතේ ගැම්මත් අරගෙන මේ පෙන පල්ලම බැස්සා.එතනින් තමා බෙලිහුල්ඔය ට ගොඩ වුනේ.

    iBZD0uq.jpg

    බෙලිහුල්ඔය තරණය හරහා ගම්මානයට

    ඉතින් අපි හාවාගල කන්දටයි, අපේ ආදරණීය වුල්ෆි මිත්‍රයටයි ආයුබෝවන් කියල සමුඅරගෙන
    ආපු බස් එකේ බෙලිහුල්ඔය හරහා කොළඹට ඇවිත් අපේ පළමුවෙනි කඳවුරු රාත්‍රිය
    අන්න ඒ විදිහට බොහොම සාර්ථකව අවසන් කළා...

    Kxk8T3X.jpg

    ආයුබෝවන් හාවාගල.....

    r2HRPbF.jpg

    නැවතත් ගෙවල් කරා

    මේ ගමනේදී ඉගෙන ගත්තු පාඩමක්,
    අපි බෙලිහුල්ඔය ට බැස්සේ '' පහන්තුඩාව '' කියන දිය ඇල්ලට බොහොම කිට්ටුවෙන්...ඒ කියන්නේ අඩුම කිලෝමීටරයකටත්
    මෙහා.නමුත් අපි ඒක පස්සේ දවසක තමා දැන ගත්තේ.....එදා දැනන් උන්නා නම් අනිවාර්යයෙන් එතනත් බලාගෙනම යන්න තිබුන.
    ඒක නිසා අනිත් දවසේ තමුන් කොහේ හරි මේ වගේ ගමනක් යනවා නම් යන පාර දෙපැත්තේ ලඟා වෙන්න
    පුළුවන් සීමාවේ තියෙන්නේ මොනවද කියල කලින් හොයල බලලා යන්න.එක වැදගත් වෙයි.
    උදාහරණයක් හැටියට , හිතන්න රාජකාරි ගමනක් යෙදුනා කියල කොළඹ ඉඳල බලංගොඩට,
    අන්න ඒ වගේ වෙලාවට ඔය පාර දෙපැත්තේ තියෙන දියඇලි , ලස්සන තැන්, ආගමික ස්ථාන හෙම කලින් හොයල දැනගෙන යන්න.
    එතකොට එක ගමනින් ඒවත් බලන් ආහැකි.ගූගල් මැප් වල එහෙම ඔව්ව තියෙනවා.නැත්තන් දන්න කෙනෙකු ගෙන් අහගන්න.

    ඉතින් මේ වගේ සංචාරක හුයක් එක්ක ආයේ දවසක හම්බු වෙමු.
    එතකන් කිරී වාසි ඔබට ජයවේවා....
    :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    සුපිරිම ගමනක් මචං :cool:


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:sorry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Ela machan :) giya sathiye gihin awa apith .. oya balla apith ekkath udata gihin awa :yes:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    නකල්ස්, ලකේ, හාගල මගපෙන්නන බල්ලේක් බොහෝ විට හමුවෙවී. එක දවසක් ලුල් වත්තේදී වාහනයක නැගල යන්න හදද්දී බල්ලා වාහනේ පස්සෙන් දුවන් ආව දවස් තුනක් අපිත් එක්ක හිටපු එකානේ අන්තිමට අපේ එකෙක් ඌව ගෙදර අරන් ගියා.