2025-07-05 සෙනසුරාදා උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 5.30 කිරිබත්ගොඩ ආවා. 5.42 ට ආව කදුරුවෙල බස් එකට නැග්ගා. රු.465 ට ටිකට් ගත්තා. උදේ 9 ට දඹුල්ල හන්දිය පහු කරලා බැස්සා. එතන බස් හෝල්ට් එකේ ඉද්දි ආව ගල්කිරියාගම බස් එකට නැගලා වාඩි වුනා. නාමල් උයන හරහා යන බස් තිබ්බත් අඩුයි, ඉතින් මෙ බස් එකේ ගියා. 9.30 ට බසය පිටත්වුනා. රු.140 ටිකට් ගත්තා. උදේ 9.55 ට පුබ්බෝගම හන්දියෙන් බැස්සා. 4 මං හන්දියේ පාර පැනලා 3 වීල් එකකින් රු.400 ක් දීලා උදේ 10 ට විතර නාමල් උයන පිවිසුමට ආවා. ටිකට් කවුන්ටරේන් රු.60 ක ටිකට් එකක් අරන් පාර පැනලා. නාමල් උයන පිවිසිමට ඇතුලට ගියා. සිමෙන්ති පාර දිගේ කැලේ මැදින් දිගටම ඇවිද්දා. මග තියන නටබුන් දාගැබ බැලුවා. රෝස තිරිවාන කන්ද නැග්ගා. අවට බැලුවා. කන්ද මුදුනේ බුද්ධ ප්‍රතිමාවක්ද තිබෙනවා... පැය 2 ක් විතර නාමල් උයනේ ගත කරලා, නැවත පහලට ඇවිත් පාර පැනලා හිටියා. එතනට ආව සීටිබී බස් එකක නැගලා, රු.140 ටිකට් අරගත්තා. විනාඩි 30 ක් විතර ගමනකින් පසු දඹුල්ලෙන් බැස්සා. බැස්ස තැනම කොළඹ, නුවර යන දුරගමන් බස් නවත්වන හෝල්ට් එකක්. එතන කඩේකින් දවල්ට කෑවා.. කාලා ඉවර වෙලා පාරට ආව ගමන් එතන නවතලා තිබ්බ කදුරුවෙල ඉදලා ආව බස් එකට නැග්ගා. රු.467 ටිකට් ගත්තා. මගදි තේ බොන්නත් නවතලා හවස 6 ට කිරිබත්ගොඩ බැහැලා. තවත් බස් එකක ඇවිත් ගෙදර ආවා.
* නාමල් උයන අක්කර 760 විශාලයි . අනුරාධපුර යුගයේ පැරණි නටඹුන් රැසක් තියනවා. ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානයයි. ප්‍රමුඛතම ශාකය නා. බටු නා, දිය නා, හල්මිල්ල, කළුවර, මිල්ල ආදිද ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන අක්කර 250 ක රෝස තිරිවාන නිධියක් ද තියනවා. මෙය දකුණු ආසියාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය. සංරක්ෂිත වනාන්තරයක්. භාරකාරත්ව වනවාසී රාහුල හිමියන් විසින් දරන්නෙ..
.
* මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න.. :
.
* කිරිබත්ගොඩ -> දඹුල්ල : පැය 3 යි විනාඩි 30 | ටිකට් රු.465/-
* දඹුල්ල -> පුබ්බෝගම හංදිය : විනාඩි 30 | ටිකට් රු140/-
* පුබ්බෝගම හංදිය -> නාමල් උයන : 3.3 km | ත්‍රීවීල් රු.400 යි
* දඹුල්ල -> කිරිබත්ගොඩ : පැය 4 යි - with Tea Stop | ටිකට් රු.465/-
# වියදම රු.1900 ක් විතර
.
මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
* පසුගිය සියලුම සංචාරයන් Index >>
Point of View videos (POV) Solo Travel Videos බලන්න
.
Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Jathika Namal Uyana