1979 කොත්මලේ ජලාශය හා ජල විදුලි බලාගාරය ඉදිකි&

monson

Well-known member
  • May 7, 2007
    25,299
    27,757
    113
    1979 කොත්මලේ ජලාශය හා ජල විදුලි බලාගාරය ඉදිකි&

    1979 වසරේ කොත්මලේ ජලාශය හා ජල විදුලි බලාගාරය ඉදිකිරීම් සිදු වූ අයුරු

    32188182_2005531692852100_4063577702454525952_n.jpg

    32215227_2005532666185336_7439633674573709312_n.jpg

    32215552_2005532616185341_4705469781841543168_n.jpg

    32231545_2005532819518654_3740655870430674944_n.jpg

    32231624_2005532579518678_5135348570257358848_n.jpg

    32257880_2005532199518716_7075182115842686976_n.jpg

    32260596_2005531946185408_3102251639495458816_n.jpg

    32260616_2005532419518694_5597813056504594432_n.jpg

    32260784_2005533079518628_5832581161519415296_n.jpg

    32290781_2005531892852080_6411105894716669952_n.jpg

    32294130_2005532539518682_3480652796737355776_n.jpg

    32349921_2005533142851955_8132728434213257216_n.jpg

    32169559_2005532942851975_5538217365910585344_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,888
    34,221
    113
    ඒ කාලේ අනෙක් ආසියතික රටවල් වලට වඩා කොච්චර ඉදිරියනේ හිටපු රටක් මේක:(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කව්රු හරි අහල තියෙනවද, ඉස්සර කාලෙක උන්නු කොත්මලේ ගණිතයා, මේ වේල්ල ගැන ඉඟි පල කරපු කතාව. දන්න කෙනෙක් නැද්ද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කව්රු හරි අහල තියෙනවද, ඉස්සර කාලෙක උන්නු කොත්මලේ ගණිතයා, මේ වේල්ල ගැන ඉඟි පල කරපු කතාව. දන්න කෙනෙක් නැද්ද?

    කොත්මලේ ගණිතයා පිළිබඳව කතාවත් තවමත් මිනිසුන් අතර ප්‍රකට ජනප්‍රවාදයක්. කිර්ති ශ්‍රී රාජසිංහ රජ කාලේ සිටි කොත්මලේ ගණිතයා එකල පැවසූ පරිදි අනාගතයේ දවසකදී කඳු දෙකක් යා වෙලා කොත්මලේ ඔය උතුරු දෙසට ගලාගෙන ගොස් රට සශ්‍රික වෙනවා ලු. ඒ අනාවැකිය පසු කලෙකදී සැබෑ වෙන්නේ කඩදොර සහ තිත්පනේ කඳු යා කිරීමෙන් කොත්මලේ ඔය හරහා ඉදි වූ වේල්ලෙන්.

    කොත්මලේ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ ව සිංහල විශ්වකෝෂයෙහි මෙලෙසින් සඳහන් වෙනවා.

    “කාවන්තිස්ස රජු ගේ කාලයේ දී ත් මේ පෙදෙසට කොත්මලය යන නම පාවිච්චි වී ඇත. මෙහි ඉතිහාසය එයට ද වඩා පැරැණි ය. සීතාඑළිය, රාවණා ඇල්ල වැනි ස්ථාන නාමවලින් ඒ බව පෙනේ. මෙහි බොහෝ ස්ථානවල පස කළු පැහැති වීමට හේතුව ප්‍රවාද අනුව හනුමා විසින් ගිනි තැබීම ය. කුවේණි ගේ දරුවන් පලා ගිය බව කියනුයේ ද කොත්මලයට ය. ගැමුණු කුමරු පලාවුත් වාසය කළේ කොත්මලේ කොටගේපිටියේ ය. කාලිංග මාඝගේ කාලයේ දී දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ සඟවා තැබුවේද කොත්මලේ ය. ඉංගී‍්‍රසින් මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලාවුත් සැඟ වී සිටියේ කොත්මලේ ය. 1818 කැරැල්ල අවස්ථාවේ කැප්පෙටිපොළ, කිවුලේගෙදර, කැටකැලේ ආදී කැරලි නායකයන් රක්‍ෂාවරණය සොයා ආවේ කොත්මලයට ය.”

    “නවීන මාර්ග ඇතිවීමට පෙර කොත්මලේ ගමනාගමනයට දුෂ්කර ප්‍රදේශයක් ව පැවතුණි. එහෙයින් සෙසු ප්‍රදේශ වාසීන් ගේ ඇසුර මෙහි වැසියන්ට ලැබුණේ අල්ප වශයෙනි. මෙහෙයින් ඉතා පැරැණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර, ගති පැවතුම් සහ භාෂා ව්‍යවහාර මෙහි පැවතුණි. දැනට නම් කොත්මලය සිංහලයන්ට වඩා වතු කම්කරු ද්‍රවිඩ ජනයා පදිංචි ප්‍රදේශයකි.”

    “පුහුල්පිටියේ රජ මහ විහාරය, දිඹුල විහාරය, දොරුවාදෙණියේ රංසිමාලකාරාමය, ක්ෂේත්‍රාරාමය, පි‍්‍රයබිම්බාරාමය, සුභද්‍රාරාමය, රාජගිරිලෙන විහාරය ආදී පෞරාණික විහාර බොහෝ ගණනක් කොත්මලේ ඇත්තේ ය. මෙයින් පුහුල්පිටියේ විහාර භූමිය ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාවෙන් හටගත් දෙසිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් රෝපණය කරන ලද සිද්ධස්ථානයකි. එ පමණක් නො ව මලියදේව රහතන් වහන්සේ දඹදිවින් වැඩමවන ලද දඹරන් පිළිමයක් ද වඩා හිඳුවා තිබෙන ස්ථානයක් හැටියට ද මෙය සැලැකේ. ගැමුණු කුමරු සිටි ස්ථානය සිහි වීම පිණිස ගල් තලාවක් මත ගොඩනැඟූ චෛත්‍යයක් ද මෙහි ඇත. දිඹුල විහාරය ක්‍රි.ව. 1237 පමණේ දී කරවූවක් බව එහි තිබී හමු වූ ලිපියකින් හෙළි වේ.”
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආහ්....බොහොම ස්තුතියි EK KILLER . මමත් ඔය ජනප්‍රවාදය අහල තියෙනවා.තව මොකක්ද තරුවක් කඩන් වැටෙද්දී එක අහුලපු කතාවකුත් තියේ.දැන් හරියට මතක නෑ.
    හරි ලස්සන පැත්තක්....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආහ්....බොහොම ස්තුතියි EK KILLER . මමත් ඔය ජනප්‍රවාදය අහල තියෙනවා.තව මොකක්ද තරුවක් කඩන් වැටෙද්දී එක අහුලපු කතාවකුත් තියේ.දැන් හරියට මතක නෑ.
    හරි ලස්සන පැත්තක්....

    ගණිතයගේ කතන්දර සෑහෙන්න තියෙනවා බන්.... මාරම අසයි කියවගෙන යනකොට