උපත්පාලන 16+

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය ඉතා කුඩා මාත්‍රාවකින් ශරීරයට නිකුත් වෙලා ඩිම්බ මෝචනය වැළැක්වීම සහ ගැබ්ගෙල ශුක්‍රාණුවලට ගමන් කිරීමට නුසුදුසුභාවයට පත් කිරීම හරහා උපත් පාලනය සිද්ද කරවනවා.කූරු හයක් සහිතව වෙළඳපොලට ආව නෝප්ලාන්ට් දැන් භාවිතා වෙන්නේ නෑ.දැන් ප්‍රචලිතම වෙළඳනාමය තමයි 'ජඩෙල්' කියන්නේ. ජඩෙල්වල තියෙන්නේ කූරු දෙකක් විතරයි.මේ කූරු බොහොම නම්‍යශීලී ඒවා නිසා කිසිම අපහසුවක් දැනෙන්නේ නෑ.ඒ වගේම මේවා තැන්පත් කිරීමේදී අදාල ප්‍රදේශය හිරිවැට්ටීමට ලක් කරන නිසා වේදනාව පිළිබඳ ගැටළුවක් ඇති වෙන්නෙත් නෑ.

    ah8.jpg

    ඇඟිලි දෙක මැදින් අතේ හමට යටින් තියෙන පුංචි කූර පේනවද?

    දැනට තියෙන උපත්පාලන ක්‍රම අතරින් ආරක්ෂිතම ක්‍රමයක් විදිහට ජඩෙල් හඳුන්වන්න පුළුවන්.ඒක ගැබ් ගැනීමකට එරෙහිව 99.9%ක් පමණ ආරක්ෂාවක් ලබා දෙනවා.මෙය ගර්භාශයේ සහ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරනවා වගේම ඔසප් වීමේදී වේදනාව ඇතිකරවන එන්ඩොමෙට්‍රියෝසිස් නම් තත්ත්වයට ප්‍රථිකර්මයක් විදිහටත් යොදාගන්ඩ පුළුවන්.නමුත් මේත් එක්ක ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් වීම සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්.ඔසප් වීම නැවතුනා කියලා ශරීරයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ.ඒ නිසා ඒ ගැනනම් බය වෙන්ඩ ඕනේ නෑ.ඒ වගේම මේ ක්‍රමයෙදිත් ආහාර රුචිය වැඩි වීම නිසා මහත් වීම සිද්ධ වෙන්ඩ පුළුවං.කෑම පාලනය සහ ව්‍යායාම මඟින් ඒ තත්ත්වය පාලනය කර ගන්ඩ හැකියාව තියෙනවා.මේක අවුරුදු පහක් ක්‍රියාත්මක වෙනවා.පෙති ගන්නවා වගේ දවස ගානේ ගන්ඩ සිද්ධ නොවීම මේකේ තවත් වාසියක්.ඒ වගේම මේක අවශ්‍ය වෙලාවකදි ඉවත් කර ගත්තම බොහොම කෙටි කාලෙකින් නැවත් ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

    මේකේ මිලනම් ටිකක් වැඩියි.රුපියල් 6000ක් විතර වෙනවා.ඒ වගේම තැන්පත් කරගන්ඩත් තව 2000ක් විතර ගියොත් ඔක්කෝටම රු.8000ක් විතර යනවා.නමුත් මේක අවුරුදු පහක් ක්‍රියාත්මක නිසා සතියක වියදම රුපියල් 30ක් වගේ ගාණක් වෙන්නේ.සතියකට තුන් පාරක් ලිංගිකව එක්වෙන දෙන්නෙකුට කොන්ඩම්වලට යන වියදමම තමයි ජඩෙල් එකක් දැම්මත් යන්නේ.

    %E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%9D%E0%B6%B1-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94.jpg



    ජඩෙල් ගැන අහලා නැති උනාට ලූප් ගැනනම් කවුරුත් වගේ අහලා ඇති කියලා හිතනවා.ලූපය එහෙම නැත්තං IUCD කියන්නේ ගර්භාශය ඇතුලේ තැන්පත් කරන පුංචි ප්ලාස්ටික් කෑල්ලක්.මේ වගේ බාහිර ද්‍රව්‍යයක් තියෙන කොට ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන ප්‍රතික්‍රියා නිසා ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ.ඉස්සර විවිධ හැඩතලවල ලූප් භාවිතා කළාට දැන් බහුලව භාවිතා කරන්නේ 'T' අකුරක හැඩය ගත්තු ලූප්.

    images

    විවිධ හැඩවලින් යුක්ත ලූප්


    ලංකාවේ බහුලවම භාවිතා වෙන්නේ 'කොපර් T' කියන ලූපය.මේකේ ප්ලාස්ටික් කෑල්ලේ තඹ කම්බියක් ඔතලා තියෙනවා.මේ තඹවලට තියෙනවා ශුක්‍රාණු වගේම ඩිම්බත් විනාශ කිරීමේ හැකියාවක්.මේ කොපර් T කියන ලූපය රුපියල් 400ක් විතර තමයි වෙන්නේ.ඒ වගේම රජයේ රෝහල්වලින් සහ පවුල් සැලසුම් සායනවලින් මේක නොමිලේ ලබා දෙනවා වගේම තැන්පත් කරලත් දෙනවා.කොපර් T එකක් සාමාන්‍යයෙන් අවුරුදු දහයක් වගේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්ඩ පුළුවං.ඒ වගේම මේක ඉවත් කරපු ගමන් නැවත ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.ගැටළුවක් විදිහට මම දකින්නේ සමහරුන්ට තමන් ලූපයක් දාගෙන ඉන්නේ කියලා අමතක වෙන එක.ඒකෙ ඉතිං ලොකු ගැටළුවක් නෑ.නමුත් වැඩිපුර ඔසප් රුධිරය පිට වීම නම් ඇතිවෙන්ඩ පුළුවන්.ඒකත් ටික දවසකින් සාමාන්‍ය තත්ත්වයට හැරෙන්ඩ පුළුවන්.ඒ වගේම මේකේ හෝමෝන අඩංගු නැති නිසා මහත් වෙන්ඩ තියෙන හැකියාවත් අඩුයි.

    iud.jpg

    කොපර් T ලූපය

    මේක ගර්භාශයට ඇතුල් කරන්නේ ඒ සඳහා පුහුණුව ලබපු තැනැත්තෙකු විසින්.ඒ සඳහා මිනිත්තු පහක් දහයක් වගේ බොහොම සුළු කාලයක් තමයි ගත වෙන්නේ.ලූපය දැම්මට පස්සේ ගර්භාශයේ ඉඳං ගැබ්ගෙල හරහා යෝනි මාර්ගය ඇතුලට පුංචි නූලක් පැමිණ තියෙනවා දකින්න පුළුවන්.මේ නූල එළියට පේන්නේ නෑ.තමන්ටම යෝනි මාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂා කරලා බලන්ඩ පුළුවන්.ඉඳලා හිටලා එහෙම පරීක්ෂා කරලා බලන එක හොඳයි.මොකද කළාතුරකින් ලූපය ඉවතට හැලෙන්න පුළුවන්.එහෙම උනොත් උපත් පාලනය සිද්ධ වෙන්නෙ නෑනේ.ඒ නිසා විශේෂයෙන් ඔසප් වීමෙන් පස්සේ නූල යෝනි මාර්ගය තුල අහුවෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක හොඳයි.ඒ වගේම කියන්ඩ ඕනෙ දෙයක් තමයි මේ ලූපය නිසා ලිංගික කාර්යට කිසිම බාදාවක් වෙන්නේ නෑ.

    si55551653_IUD+Insertion.jpg


    තවත් වැදි දියුණු කළ ලූප් වර්ගයක් තමයි මිරේනා කියන වෙළඳ නාමය යටතේ එන්නේ.මේ ලූපයේ තඹ අඩංගු වෙන්නේ නැති උනාට දවසකට ඉතාම කුඩා ප්‍රමාණයකින් ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය නිදහස් කරන්ඩ හැකියාවක් තියෙනවා.ඒ හෝමෝන ගර්භාශය මත සෘජුවම ක්‍රියා කරන හින්දා ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට හෝමෝනයෙන් වෙන බලපෑම ඉතාම අඩුයි.මිරේනා එකක් අවුරුදු පහක් පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී ඇතිවෙන වේදනාව වගේම ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරන්ඩත් ප්‍රථිකර්මයක් විදිහට බාවිතා කරන්ඩ පුළුවන්.මේකේ අතුරු අබාධ අඩු නිසාම ගාණ නම් ටිකක් සැරයි.මිරේනා එකක් සාමාන්‍යයෙන් රුපියල් 25000-27000ක් විතර වෙනවා.ඒත් ඉතින් ගන්ඩ පුළුවන්නම් ගොඩක් හොඳ උපත් පාලන ක්‍රමයක්.අනිත් හැම අතින්ම වගේ කොපර් T එකට සමානයි.

    4588303_f520.jpg

    මිරේනා



    ඔන්න දැං තමයි වැදගත්ම එක ගැන කියන්ඩ යන්නේ.හොඳට කියවලා මතක තියාගන්ඩ ඕනේ මේක ගැන නම්.

    අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකින් පස්සේ, ඒ කියන්නේ කිසිම උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකර හදිසි තීරණ මත සිද්දවෙන ලිංගික ක්‍රියාවකට පස්සේ මොනවද කරන්ඩ පුළුවං??

    මේකට ගන්ඩ පුළුවං ආරක්ෂක ක්‍රම කිහිපයක් තියෙනවා.එකක් තමයි 'ප්‍රොස්ටිනෝර්-2' කියන්නේ.මේ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පැවැත්තුවට පස්සේ ගැබ් ගැනීම වලක්වන්ඩ ගන්නා පෙති වර්ගයක්.මේකෙන් ගබ්සා වීමක් නම් සිද්ධ වෙන්නේ නෑ.ඒක හින්දා තමුන් ගැබ් ගත්තට පස්සේ මේක බොන්න යන්න එපා.ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම් වගේම ජීවිතේටත් ලොකු තර්ජනයක්.ඒ නිසා ගබ්සාවක් දක්වා යන්ඩ කලින් ගැබ් ගැනීම වලක්වා ගත්තොත් හොඳයිනේ.අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට පස්සේ චුට්ට වෙලාවකින් කට්ටියට තාර්කික ශක්තිය ලැබෙනවනේ.එතකොට තමයි දැං මොකද කරන්නේ කියලා කම්පා වෙන්ඩ පටං ගන්නේ.ඒ නිසා හොඳම දේ තමයි හදිස්සි නොවී හැම තිස්සේම ලිංගික සම්බන්ධයක් මනා සැලැස්මක් සහිතව පවත්වන එක.උදාහරණයක් විදිහට බැඳපු දෙන්නෙක් නම් අසල්වැසියන්ගෙන් නෑදෑයින්ගෙන් වගේම ළමයින්ගෙනුත් කරදරයක් නැති නිදහස් තමුන්ගෙම කියලා වෙලාවක් කළිං ඉඳං සැලසුම් කරගෙන හොඳ උත්තේජනයක් යටතේ එකතු වෙනවානම් උපත් පාලන ක්‍රමය අමතක වෙන්නේ නෑනේ.නොබැඳපු දෙන්නෙක් නම් ඒකත් කාටවත් අහු නොවෙන තැනක් කළිං සැලසුම් කරගෙන වෙලාවක් වෙන් කරගෙන එහෙම ලෑස්ති වෙනවා නම් උපත්පාලන ක්‍රමයක් අමතක වෙන්නේ නෑනේ.

    හරි ඔන්න නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිද්ධ උනා කියමුකෝ.එතකොට තමයි මේ ප්‍රොස්ටිනෝර්-2 කියන පෙති පාවිච්චි කරන්ඩ ඕනෙ.මේ පෙති පැකට්ටුවක තියෙන්නේ පෙති දෙකක් විතරයි.ලිංගික සම්බන්ධතාවයෙන් පස්සේ හැකිතරම් ඉක්මනට එක පෙත්තක් ගන්ඩ ඕනේ.පරක්කු වෙන්ඩ වෙන්ඩ මේ පෙත්තෙන් ලැබිය හැකි ආරක්ෂාව අඩු වෙනවා.පැය 72ක් ඒ කියන්නේ දවස් තුනක් ඇතුලත ගත්තොත් ප්‍රථිපලය හොඳයි.පැය 24ක් ඇතුලත ගන්ඩ පුළුවන්නම් ප්‍රථිපලය වඩාත් හොඳයි.ඊටත් පරක්කු වෙන්ඩ වෙන්ඩ ප්‍රථිපලය අඩු වෙලා යනවා.හැකි ඉක්මනින් එක පෙත්තක් අරගෙන පැය 12කට පස්සේ අනිත් පෙත්ත ගැනීම හෝ පෙති දෙකම එකවර අර ගැනීම හෝ කරන්ඩ පුළුවන්.

    පෙත්තක් අරගෙන පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් නැවත පෙත්තක් අරගන්ඩ ඕනේ.පෙති දෙකම ගත්තු වෙලාවක පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් පෙති දෙකක්ම ආපහු ගන්ඩ ඕනේ.

    ප්‍රොස්ටිනෝර්-1 කියලත් පෙති ජාතියක් තියෙනවා.ඒකේ තියෙන්නේ පෙති එකයි.හැකි ඉක්මනින් ඒ පෙත්ත ගන්න එක තමයි කරන්ඩ තියෙන්නේ.එහෙම නැත්තං මිතුරි පෙති පැකට් එකක් අරගෙන ඒකේ කහ පාට පෙතිවලින් හතරක් හැකි ඉක්මනින් අරගෙන පැය දොළහකට පස්සේ තවත් හතරක් අරගන්න එකත් කරන්ඩ පුළුවං.


    මෙතනදි මතක තියාගන්ඩ ඕනේ දේ තමයි මේක දිගින් දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්ඩ හොඳ නෑ.මොකද මේකෙදි හෝමෝන විශාල ප්‍රමාණයක් සිරුරට මුදා හැරෙනවා.ඒකෙන් ඇතිවන අතුරුඵල එච්චර හොඳ නෑ.හැම දෙයක්ම එහෙමයිනේ.සීනි ටිකක් කෑවම රසයි ඇඟට හොඳ ශක්තිය ලබා දෙන දෙයක් උනාට සීනි ගොඩ ගොඩ ගොඩක් කල් කෑවොත් දියවැඩියාව හැදෙන්ඩ ඉඩ තියෙනවා වගේ මේකත් එහෙමම තමයි.

    තවත් ක්‍රමයක් තමයි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ ඉක්මනින්ම ගිහිල්ලා ඒ වෙනකොටත් ගර්භනී නොවන බව තහවුරු කරගෙන ලූපයක් දාගන්ඩ පුලුවන්.ඒකෙන් ඒ වෙලාවේ ගැබ් ගැනීම නවතිනවා වගේම ඉස්සරහටත් ආරක්ෂාවක් ලබා දෙනවනේ.ප්‍රොස්ටිනෝර් ගත්තත් වෙනත් උපත් පාලන ක්‍රමයකට යන එක තමයි හොඳ.

    ප්‍රොස්ටිනෝර්-1 පෙත්තක් රුපියල් 150ක් විතර වෙනවා.ප්‍රොස්ටිනෝර්-2 පෙති දෙකක් තියෙන පැකට් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ.මිතුරි පැකට් එකක් රුපියක් 100ක් විතර උනාට රජයේ තැන්වලින් ගොඩක් අඩු මිලට ගන්ඩ පුළුවන්.


    පෑල දොර ඇසුරෙනි
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට පස්සේ චුට්ට වෙලාවකින් කට්ටියට තාර්කික ශක්තිය ලැබෙනවනේ.එතකොට තමයි දැං මොකද කරන්නේ කියලා කම්පා වෙන්ඩ පටං ගන්නේ:lol::lol: REP +
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට පස්සේ චුට්ට වෙලාවකින් කට්ටියට තාර්කික ශක්තිය ලැබෙනවනේ.එතකොට තමයි දැං මොකද කරන්නේ කියලා කම්පා වෙන්ඩ පටං ගන්නේ:lol::lol: REP +
    :lol::lol:

    Owa use karala gab ganime hakiyawa nati unama tamayi aathal eka.

    ganakata pawichchi karapuwama awulak naha.:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කූරේ නම් ලොකු සීන් එකක් නෑ ඒත් ලූප් එක නම් හෙන කේස් එකක් හරියට දැම්මේ නැත්තම් , මම දන්න අක්කා කෙනෙක් ලූප් එක දාලා ටික දවසක් යද්දි අම්බානට අමාරු උනා , සීන් එක වෙලා තියෙන්නේ ලූප් එක හරියට වැටිලා නැති නිසා.
    ඒක අයින් කරා , ඊට පස්සේ මොනා කරාද දන්නේ නෑ.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    bump
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Fakeman again.
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    godak aya 32-33 weddi lamai hadala iwarai. eeta passe mewa dana eka awulak nehene ban.

    පිස්සුද අයියේ මගුලක් කතා කරනවා අපි බදින්න හිතන්නේත් 35 පැනලා නේ ලමයි හදන්න හිතන්නේ 45 පැන්නම ඉතින් ඊට පස්සේ මල් පහන් වතුර අරන් ගස් වගේ දුවනවයි දේවාලේ ගානේ යනවයි වෙදමහත්වරු හොයනවයි :lol::lol: