චීනා_වලේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    චීන ජාතිකයා දන්දෙණිය රක්ෂිතයේ වළක වැටී සිටියදී සොයා ගනී

    මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවයට පැමිණ දන්දෙණිය රක්ෂිතය තුළදී අතුරුදන් වු 33 හැවිරිදි චීන ජාතික තරුණයා එම රක්ෂිතයේ වළක වැටී සිටියදී දින හතකට පසු සොයා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි.


    හෙක්ටයාර් 417 ක විශාලත්වයකින් යුත් රක්ෂිතය මායිමේ ඉඩමක් සුද්ධ කිරීමට පියෙකු සමඟ ගිය දරුවන් දෙදෙනෙකුට කැලෑව දෙසින් කිසිවකු කෙදිරි ගාන හඩ ඇසී ඔවුන් ඒ දෙසට ගොස් පරික්ෂා කර තිබේ.


    එහිදී අසාධ්‍ය තත්වයෙන් වළක වැටී සිටි චීන ජාතිකයා දැක ඔහුට බොන්නට වතුර ගෙනවිත් දී ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබේ.


    අනතුරුව වහා ක්‍රියාත්මක වු පොලීසිය එම ස්ථානයට ගොස් චීන ජාතිකයා ගොඩට ගෙන කරමතින් කැලෑවෙන් පිටතට රැගෙනවිත් ගිලන් රථයක නංවා මාතර මහ රෝහලට ඇතුළු කළේය.


    ලංකාදීප



    මූ ගංජා ගහලා කැලේ රිංගුවාද?:oo:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    avatar562642_9.gif
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගැරඬියෙක් පස්සේ ගියාද දන්නේ නැහැ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ෂින්හලයෙක් ඔහොම හම්බ උනා නං උව දඩයමේ ගියා ගංජා වවන්න ගියා අපරාධයක් කිරීමට ගියා කියල අත්අඩංගුවට ගන්නෝ.