හනිමූන් යන්න ලංකාවේ ඔබ නොදු‍ටු තැන් 7ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හනිමූන් යන්න ලංකාවේ ඔබ නොදු‍ටු තැන් 7ක්



    කසාද බඳින්නද යන්නේ? එහෙනම් හනිමූන් යන්න තැනක් හොයාගත්තද? මේකත් මනමාලි කවුද කියන එක තරමටම වැදගත් ප්‍රශ්නයක් තමයි. ලංකාවේ සියයට අනූවක්ම මධුසමය ගත කිරීම සඳහා ‍තෝරාගන්නේ එක්කෝ නුවර එළියේ එහෙමත් නැතිනම් දකුණු පළාතේ තියෙන තරු පහේ හෝටලයක් හෝ රිසෝට් එකක් තමයි. ඒත් ඔබට කවදාවත් හිතිලා නැත්ද ඔබේ මධුසමය ගත කිරීම සඳහා වෙනස් විදියේ තේරීමක් කරන්න? තරු පිරුණු අහස යට? නැතිනම් වැඩි පහසුකම් නැති වුනත් මුහුද අයිනේ තියෙන සාමකාමී කුඩා බංගලාවක? මේ කතා කරන්න යන්නේ විවාහ වී මධුසමය ගත කරන්නට යන ඔබටත්, ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක නිදහසේ සති අන්තයක් ගත කරන්නට හිතන ඔබටත් වෙනස් අත්දැකීමක් අනිවා ලබාදෙන ශ්‍රී ලංකාවේ අප්‍රකට තැන් කිහිපයක් ගැන.



    1. මුහුද අසබඩ නිසංසල නවාතැන – Emerald Villa



    Honeymoon-Destinations-01.jpg



    Source – emeraldvillasrilanka.com
    පයාගල තියෙන මේ ඕලන්ද ක්‍රමයට හදපු පුංචි බංගලාවේ කාමර තුනයි තියෙන්නේ. කෑම බීම සඳහා බඩු ගෙනාවහම හදලා දෙන්න කුක් කෙනෙක් ඉන්නවා. බංගලාවම හිතාගන්න බැරි තරම් සුළු මුදලකට ගන්න පුලුවන්. පි‍ටුපස මිදුල අවසන් වෙන්නේ මුහුදු වෙරළෙන්. ඕන නම් හවස් වරුවේ මුහුදේ නාන්න වගේම, මුහුදු වෙරළේ පු‍ටුවකට වෙලා තේ කෝප්පයක් තොලගාන ගමන් ඉර බහිනවා බලන්නත් පුලුවන්. ගෙදර ඉන්නවා වගේ නිසංසලේ මධුසමය ගත කරන්න වගේම සති අන්තයක් ගත කරන්නත් මේ තැන කදිමයි.



    2. කඳු මුදුනේ සොඳුරු ආශ්‍රමය – Adisham :cool::cool::cool:
    Source - wikipedia.org
    Source – wikipedia.org
    හපුතලේ වගේ සැපවත් දේශගුණයක් තවත් තියෙනවද? මේ සුන්දර හපුතලේ කඳු මුදුනක තියෙන සාම්ප්‍රදායික තාපසාරාමයක විවේක සුවය විඳින එකත් අපූරු අත්දැකීමක් වෙනවාට සැක නැහැ. හැබැයි ඇඩිෂම් ගෙස්ට් හවුස් එකෙන් තරු හෝටලයක සැප බලාපොරොත්තු වෙන්න එපා. මත්පැන් වගේ දේවල් ගෙනියන්නත් හිතන්න එපා. ඒක එහෙම වුනත් ඇඩිෂම් ආශ්‍රමයේ ගත කරන කාලය ඔබට ජීවිතයට අමතක කරන්න බැරි අත්දැකීමක් වෙනවා සහතිකයි.



    3. තරු පිරුණු අහස යට – River Garden Resort :eek::eek::eek::yes:;)

    Source – homepy.korean.net
    බෙලිහුල් ඔය සුන්දර පරිසරයක පිහිටා තියෙන මේ නවාතැනට යන ඔබට ජල පහරවල් ගලන හඬ, කුරුළු හඬ සමගින් වනෝද්‍යානයක තියෙන ශාන්තභාවය අත්විඳින්නට පුලුවන්. ඒ වගේම පෞද්ගලික පරිසරයක වෙන් වෙලා තියෙන නිසා මධුසමය ගත කරන්න යන යුවළකට මෙතැන හොඳින් ගැලපෙනවා කියලා කියන්න පුලුවන්. පැරණි පන්නයේ මැටි ගෙයක වගේම තරු එළිය යට කඳවුරු අත්දැකීමක් විඳින්නත් මෙතැන අපූරුයි.



    4. ලෝකයේ සුන්දරම නවාතැනක – 98 Acres Resort






    Source – resort98acres.com
    ලෝකයේ සුන්දරම හෝටලයන්ගෙන් එකක් විදියට සැලකෙන 98 Acres Resort තවදුරටත් අප්‍රකට ස්ථානයක් නෙවෙයි. ඒත් සුන්දර කඳු මුදුන් වලින් වටවුණු තේ වත්තක් සමගින් ඇති 98 Acres Resort කියන්නේ ඇල්ල බණ්ඩාරවෙල සැපවත් දේශගුණයත් එක්ක මධුසමය ගත කරන්න කදිම ස්ථානයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කුරුල්ලන් බැලීම, කඳු නැගීම වගේ කරන්නට දහසකුත් එකක් දේවලුත් මෙතැන තියෙනවා. තරු පංතියේ තැනක් නිසා සැපපහසුකම් අවශ්‍ය කෙනෙක්ට වුනත් මෙතැන කදිමයි.



    5. ශ්‍රී පාදය ආසන්නයේ හුදෙකලා නවාතැන – Fishing Hut

    Honeymoon-Destinations-05.jpg



    Source – geoview.info
    ශ්‍රී පාදයට ආසන්නයේ වන රක්ෂිතයක කෙළවරේ තියෙන ලීයෙන් ඉදිකරපු මේ පුංචි කැබින් නවාතැන් පොල ගැලපෙන්නේ ස්වභාවික සුන්දරත්වය ඒ ආකාරයෙන්ම විඳින්නට ආශා කරන, ඇඩ්වෙන්චර් කියන වචනයේ තේරුම දන්න යුවළකට තමයි. අවුරුදු ගණනාවකට කලින් තේ වතු හිමියන් විසින් ට්‍රවුට් මසුන් අල්ලන්නට නවාතැනක් විදියට හදපු මේ සුන්දර, සාමකාමී තැන පහසුකම් නැතත් ඔබේ ජීවිතයට වටිනා කියන අත්දැකීමක් වෙනවා නියතයි.



    6. සිහිල් පරිසරයක ගැමි සුන්දරත්වය මැද – Saraii Village



    Honeymoon-Destinations-06a.jpg

    Source – Saraii Village
    වීරවිල පුද්ගලික වතුයායක් මැද පිහිටා තියෙන පරිසර හිතකාමී හෝටලයක් වෙන Saraii Village හි නවාතැන් ගන්න යන ඔබට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගැමි නිවෙසක සුන්දරත්වය සමගින් සැප පහසුකම් ඇතිව සති අන්තයක් නැතිනම් මධුසමය ගත කරන්නට හැකියි. විශේෂයෙන්ම ඉහළ පන්නයේ හෝටලයකින් ලැබෙන සුඛෝපභෝගී බව වුනත් මෙහිදී ඇතුළත් කර ඇත්තේ මැටි නිවස්න, බට පැළලි වැනි සාම්ප්‍රදායික අංග මුහුකරගනිමින් වීම විශේෂත්වයක්.



    7. ඌව පළාතේ සුන්දරත්වය රසවිඳින්නට – Melheim Resort



    Honeymoon-Destinations-07.jpg

    Source – ceylonlanka.info
    සුන්දර වනගහනයෙන්, පැතිර ගිය තේ වතු වලින් වගේම උත්තුංග කඳු මුදුන් වලිනුත් මායිම් වුණු දර්ශනයක් සහිත Melheim Resort හෝටලයත්, හපුතලේ බෙරගල කලාපයේ තියෙන සෞම්‍ය දේශගුණයත් නිසාම මධුසමය ගත කරන්න යන යුවළකට කදිමයි කියන්න පුලුවන්. මනා සැපපහසුකම් ඇති හෝටලයක ඉඳන් ඌව පළාතේ ස්වභාවික සෞන්දර්යය රස විඳින්න Melheim Resort අපූරුයි. ඒ වගේම තමයි බඹරකන්ද, දියලුම සහ තවත් බොහෝමයක් දිය ඇලි බලන්න යන්න, ලෝකාන්තය, ඇඩිෂම් වගේ තවත් සුන්දර තැන් බලන්න යන්නත් මෙතන ඉඳන් වැඩි වෙලාවක් යන්නේ නැහැ. :cool::cool::cool::cool::cool::cool::cool:

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ස්තුතියි බෙදා ගත්තට Rep +....මේකටම තවත් තැනක් එකතු කරන්නම්...
    ටිකක් Luxury, වගේම සුන්දරත්වයෙන් පිරුණු දර්ශනීය වටපිටාවක,සැපපහසු විදිහට හනිමූන් යන්න කැමති කෙනෙකුට ගැලපෙන තැනක්.
    ද ආර්ක් ( The ark ) මතුගම තියෙන්නේ..:yes::yes:

    7fksYfS.jpg


    q3ztH5d.jpg


    Zi3r04D.jpg
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ස්තුතියි බෙදා ගත්තට Rep +....මේකටම තවත් තැනක් එකතු කරන්නම්...
    ටිකක් Luxury, වගේම සුන්දරත්වයෙන් පිරුණු දර්ශනීය වටපිටාවක,සැපපහසු විදිහට හනිමූන් යන්න කැමති කෙනෙකුට ගැලපෙන තැනක්.
    ද ආර්ක් ( The ark ) මතුගම තියෙන්නේ..:yes::yes:

    7fksYfS.jpg


    q3ztH5d.jpg


    Zi3r04D.jpg

    thnx mcn :yes::yes::yes: