හෙරොයින්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් "බම්බලපිටියෙන් හෙරොයින් මිලදී ගත්තා"





_101935222_594a2c35-8ec8-4076-b6f2-0ce8aef2e60d.jpg





ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.



පොලිසිය ඒ බව සඳහන් කළේ සුහද රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය 'Clems Pirates Rugby' කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුගිය මැයි මස මුලදී කොළඹදී අභිරහස් ලෙස මිය යාම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව කැඳ වූ අවස්ථාවේදීය.
තෝමස් බැටී සහ තෝමස් හවර්ඩ් යන රග්බි ක්‍රීඩකයන් හදිසියේ මියගියේ සිය සංචාරය අතරවාරයේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විනෝදවීමෙන් අනතුරුවය. ඔවුන් ගේ මරණ පිළිබඳ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ එම මරණ වලට හේතුව තුවාලයක් හෝ ස්වභාවික හේතුවක් නොවන බවය.


ඔවුන් ලබාගත් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍යයක් ඔවුන්ගේ මරණවලට හේතුවී ඇත්දැයි සොයා බැලීම පිණිස වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ගේ සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට මරණ සිදුවූ අවස්ථාවේදී තීරණය කෙරිණ. කෙසේ වෙතත් එම රස පරීක්ෂණ වාර්තා තවමත් පොලිසියට ලැබී නොමැති නිසා එම මරණවලට නිශ්චිතම හේතුව තවමත් නිගමනය කිරීමට හැකිවී නැත.



මේ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබාදීමට අනුබල දුන් බවට සැක කෙරෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරෙකුගේ සාක්ෂි ද අධිකරණය විසින් පසුගියදා සටහන් කරගෙන තිබේ. එහිදී සාක්ෂිකරු රාසික් මොහොමඩ් රියාස් පවසා තිබෙන්නේ ඉකුත් මැයි 12 වන දා රාත්‍රීයේ කුලී ගමනක් යාම සඳහා මියගිය සුදු ජාතිකයන් දෙදෙනා තම ත්‍රිරෝද රථයට ගොඩ වූ බවය.




_101935225_0e57c3c1-cc3d-4d91-a2a9-2a8a2ba5e753.jpg



ක්‍රීඩකයන් දෙදෙනා මියගියේ කොළඹ නවලෝක රෝහලේදීය




"මෙසේ ගමන් කරද්දී එම පුද්ගලයින් දෙදෙනා හෙරොයින් මිලදී ගත හැකි ස්ථානයක් පිළිබඳව මාගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී මා ඔවුන්ට පැවසුවා බම්බලපිටිය ප්‍රදේශයේ ඒවා මිලදී ගත හැකි බව. ඒ අනුව බම්බලපිටිය ප්‍රදේශයට රැගෙන යන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටියා," යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු ඔවුන්ගේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා බම්බලපිටිය දුම්රිය පොල අසල මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයෙකු වන "සනා" වෙත රැගෙන ගිය බව පවසා තිබේ. එහිදී බම්බලපිටිය දුම්රිය ස්ථානය පිටුපස මත්ද්‍රව්‍ය සැපයීමේ නිරත පුද්ගලයෙකු ඔවුන්ට හඳුන්වාදුන් බවත් රුපියල් 17000/- මුදලකට ඔවුන් ඔහුගෙන් හෙරොයින් මත්කුඩු පැකට් හතක් මිලදී ගෙන ඇති බවත් ත්‍රිවිල් රථ රියදුරු රාසික් මොහොමඩ් රියාස් සාක්ෂි දෙමින් කියා සිටියේය.



"රාත්‍රී කාලයේ අඳුරු ස්වභාවයක් පැවතීම නිසා සුදු ජාතිකයන් දෙදෙනා තම ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා එම පැකට් තුළ තිබෙන්නේ හෙරොයින් ද යන්න පරික්ෂා කර බැලුවා. එසේ පරීක්ෂාකර බලා හෙරොයින් බව තහවුරු කරගැනීමෙන් පසුව ඔවුන් රුපියල් 17000/- ඔහුට මුදලක් ලබා දුන්නා."





_101935227_c4f08523-28b1-46a5-ae09-3c3762181dc5.jpg



බ්‍රිතාන්‍යයේ දී හෙරොයින් තොගයක් අලාගත් අවස්ථාවක්



එම මුදලින් රුපියල් 2,000ක් "සනා" තමාට ද ලබාදුන් බව පැවසූ ඔහු ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සිය ත්‍රිරෝද රථයෙන් කොළඹ කිංස්බරි හෝටලය වෙත ගොස් ඇරලවූ බවත් සඳහන් කළේය.මෙම සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළේ යම්කිසි පුද්ගලයෙකුට මත්කුඩු විකිණීම හෝ ඒවා මිලදී ගැනීම සඳහා ආධාර අනුබල දීම ද මත්ද්‍රව්‍ය පනත යටතේ වැරදි ක්‍රියාවන් බවය.



මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා මෙන් ද මහේස්ත්‍රාත්වරිය කොටුව පොලිසියට නියම කළාය.නඩුව ලබන ජුනි මස 29 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර එදින බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



bbc-blocks-dark.png

 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/CC1D/production/_101935225_0e57c3c1-cc3d-4d91-a2a9-2a8a2ba5e753.jpg[/IMG

    [SIZE="3"]අඩෝ මේ බිල්ඩිම කඩාවැටෙන්න නේ යන්නෙ ? :shocked: මේ කොහෙද ? :shocked:[/SIZE]
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/CC1D/production/_101935225_0e57c3c1-cc3d-4d91-a2a9-2a8a2ba5e753.jpg[/IMG

    [SIZE=3]අඩෝ මේ බිල්ඩිම කඩාවැටෙන්න නේ යන්නෙ ? :shocked: මේ කොහෙද ? :shocked:[/SIZE][/QUOTE]

    bro oya gangarame

    kadawatenne na

    e building eke hati
     

    Similar threads