නිම්නාවි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
නිම්නාවි


නිම්නාවි….

“සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා… සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා… කිරි ආහාර පූජාවට අළුත් සහල් පුදලා…සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා…”

ගෑණු වුණත් අම්මලා පතන්නෙම පිරිමි පුතෙක්. ඇයි ගෑණු පුත්තු හොඳ නැද්ද…? පුතෙක් ඉන්න එක හයියක්. ගෑණු ළමයි එහෙමයැ. පරිස්සම් කරන්න එපායැ. ඇස් දෙකේ තියන් පරිස්සම් කළත් පොඩ්ඩ බැරි වුණ ගමන් ඉවරයි. කොච්චර ලස්සනට හැදුවත් කෙල්ලෝ කවදත් පිටටමනේ. අනුන්ගේ පරම්පරාවල් හදන එක තමයි ගෑණුන්ගේ වැඩේ. ඔන්න ඔහොමයි ගෑණු ළමයි ගැන සමාජේ කතා වෙන්නේ. මේ එකක්වත් බොරු නෙමෙයි. ඇත්ත.

ගෑණු වෙලා ඉපදෙන්නේ සංසාරේ පව් කරලා. එහෙමයි බුදු බණෙත් තියෙන්නේ. පිරිමි ඉපදෙන්නේ පිං කරපු නිසා. බුදු වෙන්නේ පිරිමි කෙනෙක්. සක්‍ර දෙවියෝ වෙන්නේ පිරිමි කෙනෙක්. යම රජු වෙන්නේ පිරිමි කෙනෙක්. කොටින්ම මාරයත් පිරිමි කෙනෙක්. පිරිමියෙක් වෙලා ඉපදෙන්නේ වාසනාවට. සංසාරේ පිං කරපු නිසා.

හැබැයි ඒ පිං පුරලා ලබන පිරිමි ආත්මේ ගැන උද්දච්ච වෙන පිරිමි හිතන් ඉන්නේ ගෑණියෙක් බඩ කරන එක තමයි පිරිමිකම කියලා. මේක අවාසනාවට ඇත්ත කතාවක්. ගෑණු ඉන්නේ එයාලගේ ලිංගික අවශ්‍යතා පිරිමහන්න කියලා. සරළවම කිව්වොත් එයාලගේ පාවිච්චියට තියෙන සෙල්ලම් බඩුවක් කියලා තමා පිරිමි හිතන් ඉන්නේ. ලැබුණු පිරිමි ආත්මේ වටිනාකම නොදන්න පිරිමි ගොඩක් ඊළඟට ඉපදෙන්නේ ගෑණු ආත්ම වල. එහෙමත් නැත්තන් ගෑණුත් නොවෙන පිරිමිත් නොවෙන ආත්ම වල.

ඒත් සිදුහත් කුමාරයා බුදු වෙන්න පාරමිදම් පුරන්න පටන් ගත්‍ත ආත්මේ ඉඳන් ළඟින්ම හිටියේ යශෝධරා. ඒත් ගෑණු ආත්මයක්. ඒ තමයි මේ සංසාරේ අපි අහපු ලස්සනම ආදර කතාව.

ගෑණු ළමයෙක් ඉපදුනු දවසේ ඉඳන්ම අම්මලා තාත්‍තලා එයාව හදන්නේ මලක් වගේ. කවුරු කොහොම කිව්වත් කෙල්ලෙක් ඉන්න ගෙදරක තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්. දිග කඩා හැලෙන කොණ්ඩයක් එක්ක දිලිසෙන ඇස් එක්ක තොරතෝංචියක් නැතුව කෙල්ලෙක් ගෙදර ඉඳලා අවුරුදු 20 පහුවෙනකොට තවත් ගෙදරක නවත්තලා එන්න වුණාම අම්මලා තාත්තලා කොයි තරම් අඬනවද…? අයියලා මල්ලිලා කොච්චර රණ්ඩු වෙවී හිටියත් නංඟි, අක්කා වෙන කොල්ලෙක් ළඟට යන දවසට කොයි තරම් නම් බදාගෙන අඬනවද…?

වැඩිය ඕන නෑ…කොල්ලෙක් එක්ක යාළුවෙලා කියලා දැනගත්තම අර කොල්ලා එක්ක මරාගන්න වුණත් ලෑස්තිවෙන අයියෙක්ම මල්ලියෙක්ම තමනුත් ඒ වගේමයි කියලා තේරුම් ගන්නේ එයාලත් ආදරේක පැටළුනාම. ඒක තමා සොබාදහම.

ගෑණු ළමයෙක් අම්මලා තාත්තලා දාලා පිරිමි ළමයෙක් එක්ක එන්නේ ජීවිතේ හැමදාමත් එයා ආදරෙන් බලාගනියි. පරිස්සම් කරගනියි. කොයිම වෙලාවකවත් වචනෙකින්වත් හිත රිද්දන එකක් නෑ කියන බලාපොරොත්තුවෙන්. අම්මා තාත්තා වුණත් බලාපොරොත්තු වෙන්නේ පුංචි දෝණි තමන් ළඟ හිටියට වඩා සැපවත් ජීවිතයක් ගත කරයි කියලා.

ගෑණු ළමයි විවාහ වෙන්න කලින් ඒ ජීවිතේ ගැන සුන්දර හීන මවනවා. ගෙයක් දොරක්, වාහනයක්, දරු පැටියෙක් හදාගෙන තමන්ගේ පවුල් ජීවිතේ රැජිණක් වගේ ඉන්න, ස්වාමියාට රජෙකුට වගේ සළකන්න ගෑණු ළමයි හීන දකිනවා. විවාහයෙන් පස්සේ ගෑණු ළමයෙකුගේ මුළු ජීවිතේම වෙන්නේ ස්වාමියයි දරුවොයි. සමහරවිට අම්මා තාත්තාට වඩා තමන්ගේ පවුල ගැන කෙල්ලෙක් හිතන්න පෙළඹෙන එක නතර කරන්න බැහැ. ඒක ඉබේම සිද්ධවෙන දෙයක්.

ඒ වගේ කැපකිරීම් එක්ක ආදරේ විතරක්ම බලාපොරොත්තුවෙන් පිරිමියෙක් ළඟට එන ගෑණු ළමයෙකුට ප්‍රතික්ෂේප කිරීම්, ඇනුම් බැනුම්, රැවුම් ගෙරවුම්, පහර දීම් මේ කිසිම දෙයක් දරාගන්න බැහැ. මනුස්සයා බීලා ඇවිත් ගහනවා නම්, තමන්ට ලැබෙන්න ඕනේ අවධානේ වෙන කෙනෙකුට ලැබෙනවානම්, යාළුවෝ ඉස්සරහ තමන්ව ලැජ්ජාවට පත් කරනවා නම් අර හීන මවන් ආව ලෝකේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහම කඩන් වැටෙද්දි ගෑණු පපුවක් කොහොමද ඒ දේවල් දරාගන්නේ…? කෑගහලා අඬනවා මිසක් ගෑණියෙක් වෙන මොකක් කරන්නද…? ඇඳක් උඩ පෙරළිලා දඟලන්න විතරක් නෙමෙයි ගෑණියෙක් කසාද බඳින්නේ. මොන වේදනාව තිබුණත් ගෑණු තමන්ගේ ස්වාමියාගේ සතුට වෙනුවෙන් ඒ වේදනාවල් දරාගෙන ඉන්නවා. හැබැයි ඒ දරාගැනීම් කිසියම් කාලසීමාවකට විතරයි. එතනින් එහාට ඒ බොළඳ ගෑණු හිත ගලක් වෙනවා. ආයේ ඒ හිතෙන් තෙත් ආදරයක්, අනුකම්පාවක්, කරුණාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. දිව්‍යලෝකයක් වගේ තිබුණු විමානය අපායක් වෙන්න ඒ හැටි කාලයක් යන්නෙත් නෑ. පිරිමියෙකුට මේ දේවල් තේරුම් ගන්න කාලයක් ගත වුණත් ඒ වෙනකොට එයාලා හොඳටම පරක්කුයි.

නිකන් හිතලා බලන්න දුවෙක් ලස්සනට හදන තාත්තා කෙනෙක් නම් කැමතිද තමන්ගේ දුවට වද දෙනවට වෙන පිරිමියෙක්…? අන්න ඒ වගේ තමයි තමන් වෙනුවෙන් කැපවෙන බිරිඳට, තමන්ගේ ලේ උරුමය රකින බිරිඳත් ඒ වගේම දුවෙක්. තමන් වගේම තාත්තා කෙනෙකුගේ දුවෙක්. නරුම හිතක් තියෙන පිරිමියෙක් ළඟ වුණත් ගෑණියෙක් හැමවෙලේම සංවේදි වෙයි කියලා හිතන්න එපා.

ඔය වගේ හයිරංකාරකම් ගෑණුන්ට පෙන්නන ගොඩක් පිරිමින්ට අමතකයි ඒ හයිය ආවෙත් ගෑණියෙකුගේ බඩක් ඇතුළේ මාස ගාණක් ඉඳලා ඒ ගෑණිගෙම ලේ ටික කිරි කරන් බීලා කියලා. ඔය වේදනාවල් දන්න නිසා තමා අම්මට ඕනේ පුතෙක්. මලක් වගේ ලස්සන, සමනළියක් වගේ පියාඹන, කිරිල්ලියක් වගේ කිචි බිචි ගාන කෙල්ලෙකුට අම්මා කෙනෙක් කොච්චර කැමති වුණත් ඉපදෙනවට බය මේ හයිරංකාරයෙක්ට අහුවුණොත් මුළු ජීවිතේම ගිණි ගොඩක් වෙන නිසා.

ගෑණියෙකුට ලේසියකින් තමන් පණ වගේ ආදරේ කරන කෙනෙක්, තමන්ගේ ජීවිතේ කරන් ආදරේ කරන කෙනෙක් එපා වෙන්නේ නෑ. හැබැයි එපා වුණොත් ඒ සදහටම. ආයේ එකම එක මොහොතකටවත් ඕනේ වෙන්නෙත් නෑ. ඒ ගෑණුන්ගේ හැටි.

ඒක නිසා, ගෑණුන්ට ගෑණුකම රැකගන්න පිරිමි තමන්ගේ පිරිමිකම රැකගන්න.





( මෙම ලිපියෙන් කියවෙන්නේ මෙම ගීතය පිලිබඳව හෝ රූප රචනය පිළිබඳව කරන විචාරයක් නොවෙයි. මෙම රූප රචනයෙන් කියන්න උත්සහ කරන එක් සමාජ පැතිකඩක් ගැන කරන විග්‍රහයක් පමණි. )





Source http://thewoman.lk/iraj-new-song-video-iraj-production-nimnawi/
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,819
    40,502
    113
    අනේ බන් මේ තොපේ වෙබ් සයිට් රැක ගන්න මුළු දවස කිම්#ක නහය ගහගෙන ගෑනුන්ගෙ කෙස් ගහේ ඉඳන් නියපොත්ත දක්වාම ලියලා ලියලා. තොපිට ලියන්න දෙයක් නැති උනාම දැන් තොපි බුදු දහමත් ඒකට ගාවගන්න ගත්තද? තොපිට පින් සිද්ද වෙයි ගෑනුන්ගෙ සරීරෙ ගැන විතරක් ලියපන්.

    කොහෙද කියපන්කො බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ ගැහැනු වෙලා ඉපදෙන්නෙ පව් කරලා කියලා?
     
    • Like
    Reactions: Rahula Kasun

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,890
    113
    Oya widihata pirimi api ganath liyapan. Meka gaanunta withrak adala liyapu ekak.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකට හේතුව ඉතින් ලංකාවෙ වගේ රටක කෙල්ලෙක් කියන්නෙ මෙලෝ රහක් නැති දෙයක් හින්ද. ඉතින් ඒක තමා මේ සිංදුවෙන් කියන්නෙ. ලංකාවෙ ගෑනු කියන්නෙ රටටත් බරක් පවුලටත් බරක්. මෙලෝම දෙයක් කරගන්න බැරුන පිරිමින්ගෙන් යැපෙන ජාතියක්. වෙන රටවල කෙල්ලො වගේ නෙමේ. ලංකාවෙ කොල්ලෙක් කියන්නෙ ඕන දෙයක් කරගන්න පුලුවන් කොල්ලෙක්. ලංකාවෙ කොල්ලෙක් වෙච්ච එක ගැන මට ආඩම්බරයි. උඹලටත් එහෙම කියල හිතෙනව ඇති.