ncbrando

Member
Jan 31, 2014
838
115
0
“චේ”-


එන්න නුඹ “චේ”
රැවුල් කපා හිස්වැසුම් ගලවා
කීදෙනෙකු තේරුම් ගනීවිදැයි දැන්
නුඹ සෙවූ සත්‍යය අසා බලා බලමු අපි


තට්ටු කර බලමු අපි
හදවතට නොව මොළයට
අරීවිදැයි ඔවුන් නුඹට
දොර පියන් තට්ටු කළ විලසට


අසා බලමු අපි
ජීවත්වනවාදැයි නුඹ
පොත්වල නොව හිත්වල
සත්‍යයේ නාමයෙන්
හෙට දවසේ නාමයෙන්


-මාලන් විදානපතිරණ
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    චේ ගැන කතාවක් කියන්නම්
    මං යාලුවෙක් එක්ක කඩේකට ගියා ෂර්ට් එකක් ගන්න
    යාළුවා කඩේ එකාගෙන් ඇහුව අයියා චේ ඉස්සරහ ගහපු ෂර්ට් නැද්ද කියලා
    කඩේ එකා අහනව කවුද මල්ලි ඒ සතෙක්ද කියලා
    ඔන්න ඕකයි රටේ තත්ත්වේ