චේ....
අපි ඔහු ගැන කියෑවීම අරඹමු
චේ ඇල්ලූ සී. අයි. ඒ. කාරයා කියන කතාව
බොලීවියානු විප්ලවයේ නායකයා වූ චේ ඇල්ලීම සඳහා සී. අයි. ඒ. සංවිධානය විසින්, ෆිදෙල් කස්‌ත්‍රොගේ පරම සතුරකු වූ කියුබන් ජතික ෆිලික්‌ස් අයි. රොඩ්රිගුවෙස් 1967 දී බොලීවියාවට යවන ලදී. රාමෝස් යන සංකේත නාමයෙන් පෙනී සිටි ඔහු බොලීවියානු හමුදාව චේ මරා දැමූ පසු එම මළ සිරුර හෙලිකොප්ටරයක පටවාගෙන බොලිවියානු අගනුවර වු ලාපාස් වෙත ගෙනවුත් භාර දෙන ලද්දේ රොඩ්ගුවේස් ය. චේ අවසන් වරට දුම් පානය කළ පයිප්පය රොඩ්රිගුවේස්‌ගේ එක් මිනීමරු ගෝලයකු විසින් තබා ගන්නා ලද අතර චේ ගේ රොලෙක්‌ස් අත්ඔරලෝසුව සහ පයිප්පයේ ඉතිරිව තිබූ දුම්කොළ ස්‌වල්පය රොඩ්රිගුවේස් සිහිවටනයක් ලෙස ළඟ තබා ගත්තේය. 1976 දී රොඩ්රිගුවේස් සී. එයි. ඒ. ඔත්තු සේවයෙන් විශ්‍රාම ගත් පසු චේ අල්ලා ගත් මොහොත හා ඔහු මැරීම ගැන ප්‍රකාශයක් කළේය. ඔබ මේ කියවන්නේ ඔහුගේ එම ප්‍රකාශයයි.
මා වටා ඇත්තේ බොලිවියාවේ 'ල හිගුවේරා' ප්‍රදේශයට අයත් කවර කඳු වළල්ලක් ද යන්න මට නොහැඟේ. සමහර විට මේ කඳු ලතින් ඇමරිකානු මහාද්වීපයේ තැනින් තැන මතුව ඇති අන්දිස් කඳු යායේ කොටස් වීමට පුළුවන්. දශක ගණනාවක් තිස්‌සේ ඔත්තු සේවා ක්‍ෂේත්‍රයේ නිලධාරියකුව සිටින මම මා නොදන්නා තැනකට යන විට එහි භූගෝලීය පිහිටීම උෂ්ණත්වය සහ වර්ෂාපතනය ගැන තොරතුරු ලබා ගන්නෙමි. එහෙත් 'චේ' අත්අඩංගුවට ගත් බවට ලැබුණු පණිවුඩය නිසා සියල්ල අමතක කළ මම දිව ගොස් හෙළිකොප්ටරයට නැග ගත්තෙමි. මා සතුව ඇත්තේ පිස්‌තෝලයත්, කැමරාවත් පමණි. පළපුරුදු සී. අයි. ඒ. කාරයකු වන මට ඕනෑම බාධකයක් ජය ගැනීමටත්, එසේ ජයගත් බාධකවල පින්තූර ගැනීමටත් මේ උපකරණ දෙක හොඳටම ප්‍රමාණවත් ය. මා හැමදාමත් මෙහෙයුමකට ගියේ ආපසු පනපිටින් එන අදහසින් නොවේ. එහෙත් මම හැමදාමත් ආපසු පනපිටින් ආවෙමි. මෙයට පෙර අවස්‌ථා කිහිපයකදීම ෆිදෙල් කස්‌ත්‍රො මැරීමට කියුබාවට රිංගූ මම එය කර ගත නොහැකිව වුව ද පණ පිටින් ආපසු ආවමි. මට ෆිදෙල් සමඟ පෞද්ගලික ආරවුලක් තිබේ. 1959 දී චේ සමඟ එකතු වී කියුබාව අල්ලා ගත් ෆිදෙල් මගේ පවුලට අයත් ඉඩම් අක්‌කර දහස් ගණනක් අත්පත් කරගෙන දුප්පත් ගොවීන් අතර බෙදා හැරියේය. මේවා අපේ ප්‍රවේණි ඉඩම් ය. අපේ සීයාත් ඔහුගේ සීයාත් විසින් පණ සේ රැක ගත් ඉඩම් ය. ෆිදෙල් අපේ ඉඩම් කැබලි කර බෙදන බව ආරංචි වන විට මා සිටියේ ඇමරිකාවේය. එදා සිට මම දිගටම ඔහුට වෛර කරමි.
කඳුකරයේ හමුදා කඳවුර පිහිටා තිබූ තැනට පහළින් බෑවුමෙහි කුඩා පාසලක් පිහිටා තිබේ. පිදුරු සෙවිල්ලන ලද පාසල් ගොඩනැඟිල්ල හිස් ය. මේ නිවාඩු කාලය නොවේ. සමහර විට චේ ඇතුළු ගරිල්ලන් පනස්‌දෙනකුගෙන් පමණ සමන්විත හමුදාවක් මේ කඳුකරයේ සිට බොලීවියානු ආණ්‌ඩුව පෙරැළීමට සටන් කරන ආරංචියට පාසලට නිවාඩු දෙන්නට ඇත. කඳුකරයේ හැම තැනකම තුවක්‌කු දිගු කරගත් බොලීවියානු සොල්දාදුවන් සිටින හැටි මම දුටිමි. කිසිදු කෙනකුට කිසිදු ආකාරයකින් පැන යැමට බොලීවියානු හමුදාව ඉඩ තබා නැත. ඔවුන්ට සිරකරුවන් අවශ්‍ය නැති බව මම දනිමි. ඔවුන්ට අවශ්‍ය ගරිල්ලන්ගේ මළ කඳන් ය. මම බෑවුම දිගේ පහළට බැසගෙන ගොස් චේ රඳවා තිබූ කුඩා කාමරයට ඇතුළු වීමි. මැටි බිත්ති සහ පිදුරු වහලයක් ඇති අඩි 10 ක් දිග අඩි 08 ක් පළල ඒ කුඩා කාමරයේ තිබණේ දොරක් සහ ජනේලයක් පමණි. එහි මේසයක් සහ දිග බංකුවක් විය. සමහර විට මෙය පාසලේ මුල් ගුරුතුමාගේ කාර්යාල කාමරය වෙන්නට පුළුවන. කුඩා ජනේලයෙන් කාමරය තුළට ඉරු රැස් ගලා ආවේය.
zචේ' මරණ ලද විශාල සතකු මෙන් අත් පා සතර බැඳ බිමට ඇද දමා සිටින හැටි මම දුටුවෙමි. ඔහුගේ පපුවෙන් අමුතු හඬක් නැඟිණ. ඔහුගේ ඇඳුම් අපිරිසිදුය. ඔහුගේ උඩුකය වැසී තිබූ ජැකට්‌ටුවේ එකම බොත්තමක්‌වත් තිබුණේ නැත. ඔහුගේ දෙපාවල සපත්තු වෙනුවට යටි පතුල්වල තබා රෙදිවලින් බඳින ලද කැන්වස් කැබලි දෙකක් විය. දිගු කාලයක් මේ කඳුකරයේ ඉහළ වනාන්තරය තුළ සැඟවී බොලිවියානු හමුදාව සමඟ සටන් කළ ඔහු ආහාර හිඟය, ආයුධ හිඟය, සෙසු ගරිල්ලන් විසින් තමා හැර යනු ලැබීම නිසා අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටිතැයි මම අනුමාන කළෙමි. ඇදුම යනු ගරිල්ලකුට කිසි විටෙකත් නොවැළඳිය යුතු රෝගයකි. බෙහෙත් ඉවර වූ බව දැනගත් වහාම ඇදුම රෝගියාට නිකම්ම ඇදුම සෑදෙයි. අප්‍රමාණ අධිෂ්ඨාන ශක්‌තියත් තිබූ විප්ලවකාරයකු වුවද zචේ' සිටියේ ද ඒ නොවැළැක්‌විය හැකි තත්ත්වයේ ය. සාමාන්‍යයෙන් චේ ට මර බිය නොදැනෙන බව මම අසා ඇත්තෙමි. එහෙත් කොතරම් පළපුරුදු ගරිල්ලකු වේවා මා පෙර කී සටනේදී ඇදුම රෝගයට ද භාජන වූ විට ප්‍රාර්ථනය කරන්නේ මරණයයි.
මේ සියලු කරදර අස්‌සේත් චේ ගේ ඇස් කුඩා දීප්තිමත් පහන් දෙකක් මෙන් තියුණු ලෙස බැබලුණ හැටි මම දුටුමි. දීර්ඝ දුක් කරදර සමුදායකට මුහුණ දීමෙන් පසු වුවද ඔහුගේ ඇස්‌වලත් හිත තුළත් ප්‍රාණය ඇති බව මට පසක් විය. ඔහු දෙපස බිම දමනු ලැබ සිටියේ තවත් බොලීවියානු ගරිල්ලන් දෙදෙනකුගේ මළ සිරුරු ය. එකකුගේ නම අන්තොනියෝ ය. අනෙකා අර්තුරෝ ය. මම චේ දෙසට පහත් වී ඔහු වඩාත් හොඳින් නැරඹුවෙමි. ඒ සමගම මට චේ පිළිබඳ පරණ කතාවක් මතක් විය. පිදෙල් සහ චේ කියුබාවේ බලය අල්ලාගෙන ටික කලකට පසු ඔවුන් බලයෙන් පහ කිරීමට ඇමරිකාවට වුවමනා විය. මේ අනුව මගේද සහභාගිත්වය සහ ෆිදෙල්ට විරුද්ධව කියුබානුවන්ගේ සහභාගිත්වය ඇතිව 2506 අංකය දරන හමුදාවක් සාදන ලදී. මේ සේනාංකය කියුබාවේ Bay of Pigs නමැති වෙරළාසන්න බොක්‌කට පැමිණ කියුබාවේ ඉලක්‌කවලට පහර දෙන්නට පටන් ගත්හ. එහිදී නෙස්‌ටර් පිනෝ නමැති අපේ සෙබළෙක් ෆිදෙල්ගේ හමුදාවට හසුවිය. අද අත්පා හතර බැඳ 'චේ' බිම දමා තිබූ ආකාරයෙන් ෆිදෙල්ගේ සෙබළුන් පිනෝට පහර දී ඔහුගේ අත් පා සතර බැඳ බිම දැමූහ. තමාට අගෞරව නොකරන ලෙසත්, තමා හමුදාවක කෝකියකු හෝ ගුවන් විදුලි කාර්මිකයකු නොව හමුදා ඛණ්‌ඩයක් භාර නිලධාරියකු බව පිනෝ මෙවිට ෆිදෙල්ගේ සොල්දාදුවන්ට කීය. සොල්දාදුවෝ ඔහුට පා පන්දුවකට ගසන්නාක් මෙන් පා පහර දෙන්නට පටන් ගත්හ. හිටි හැටියේම පහර දීම නැවතින. පිනෝ දැස් හැර බැලූ අතර මුලින්ම දුටුවේ ඉතා හොඳින් ඔප දමන ලද බූට් සපත්තු දෙකකි. සපත්තු දෙක දිගේ ඇස් උඩටම යෑවූ ඔහුට තමා අසලට විත් නැඹුරු වී බලා සිටින චේ ගෙවාරා දක්‌නට ලැබිණ. අද මා චේ වෙත නැඹුරු වී සිටින ආකාරයෙන් ම එදා චේ පිපෝ වෙත නැඹුරුව සිටියේය.
ස්‌වල්ප වේලාවක් පිනෝගේ දැස දෙස බලා සිටි චේ මෙසේ කීය. "අපි දැන් නුඹව මරන්නයි යන්නේ....." එහෙත් චේ මැදිහත්ව පිනෝ මරණයෙන් බේරුවේය. එසේ වුවද සියලු චර්යාධර්ම ආපස්‌සට කරකැවී ඇති මේ මොහොතේදී චේ මරණයෙන් ගලවා ගැනීමට මට හැකිද?
"චේ ගෙවාරා මට නුඹත් සමඟ කතා කරන්නට ඕනෑ........" මම ඔහුට කීවෙමි.
සිය මරණ මංචකයේ සිටින මේ මොහොතේදීත් බොලිවියානු විප්ලවයේ නායකයා තමා බව චේ අමතක කර තිබුණේ නැත. ඒ නිසා ඔහු මට මෙසේ කීය
"කවුරුත් මගෙන් ප්‍රශ්න කරන්නේ නෑ."
"සහෝදරයා" මම ඔහු ඇමතීමි. "මා ආවේ නුඹෙන් ප්‍රශ්න කරන්නට නොවෙයි. නුඹත් සමඟ කතා කරන්ටයි. අපි දෙන්නාගේ අරමුණ එකිනෙකට වෙනස් බව ඇත්ත. අපි විශ්වාසය තබා තිබෙන දේවල් එකිනෙකට වෙනස් බවත් ඇත්ත. ඒත් මට නුඹ ගැන සන්තෝෂයි. නුඹ ගැන ප්‍රසංශාවක් මගේ හිතේ තිබෙනවා. නුඹ කියුබාවේ ඇමැති කෙනෙක් හැටියට සිටියා. ඒත් නුඹ හරි කියලා විශ්වාසය තබපු දේ වෙනුවෙන් ඒ සියල්ල අත්හැර දාලා ඇවිත් අද මේ අවදානම් තත්ත්වයට වැටිලා ඉන්නවා. මා ආවේ නුඹත් එක්‌ක කතා කරන්නයි."
තමාට ඉඳගැනීමට අවශ්‍ය බව 'චේ' කීවේය. ඔහු ඔසවා බංකුව මත හිඳවනු ලෙස මම සොල්දාදුවකුට කීවෙමි. ඔහුගේ බැමි ලිහින ලදුව ඔහුගේ පයිප්පයට දුම්කොළ පුරවා පත්තු කර ගැනීමට උදව් කර ඔහු කතා කරන තුරු බලා සිටියෙමි.
"මට බොලීවියානු අරගලයේ ක්‍රමෝපායන් ගැන හෝ න්‍යායාත්මක පැත්ත ගැන කතා කරන්නට බෑ. අනෙක් දේවල් ගැන කතා කරන්නම්." ඔහු කීවේය.
බොලීවියාවට ගොඩබැසීමෙන් පසු ඔහු විසින් එල්ල කෙරුණු සමහර ප්‍රහාර ගැන මම ප්‍රශ්න කළෙමි. "නුඹ දන්නවා ඒවා ගැන කතා කරන්නට මට බැරි බව" ඔහු සන්සුන්ව කීවේය. ඒවාට උත්තර ඉල්ලා මම ඔහුට වද නොකළෙමි.
"සහෝදරයා එහෙනම් මට කියපන් නුඹ විප්ලවය බොලීවියාට ගෙන ආවේ ඇයි කියලා. මේ අහල පහළ ලතින් ඇමරිකානු රටවල් කොයි තරම් තිබෙනවාද? ඒ හැම රටකම මේ දුප්පත්කම තිබෙනවා......"
ඔහු මට ඒ ගැන ඉතා කෙටි විග්‍රහයක් ඉදිරිපත් කළේය. "ඇත්ත, වැනිසියුලාව, මධ්‍යම ඇමරිකාව. ඩොමිනිකන් ජනරජය වගේ රටවලට යන්නට මගේ අදහසක් තිබුණා. ඒත් ඒ රටවල් ඇමරිකාවට කිට්‌ටු වැඩියි. එහෙම රටවල විප්ලව කළා. ඇමරිකාව බොහොම සාහසික විදියට ඒ විප්ලව මර්දනය කරනවා. වැනිසියුලාව සහ නිකරගුවාව වගේ රටවල් ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට ඉතාම අවශ්‍යයි. ඒ රටවල විප්ලව කරන්න බෑ. ඒත් ඇමරිකාවට ඈතින් තියෙන රටක හදිසියේම කැරැල්ලක් පටන් ගත්තම ඇමරිකන් කාරයන්ට හිතා ගන්න අමාරුයි කරන්න ඕනෑ මොනවාද කියලා. ඒත් බොලීවියාව ඇමරිකාවට සෑහෙන දුරින් තියෙන රටක්. මම මේ රට තෝරාගත්තේ ඒකයි.
"ඒ එක්‌කම තව කාරණයක් නුඹට කියන්නම්. බොලීවියාවේ ජනතාව හුඟක් දුප්පත් . අනෙක මේ රට දේශ සීමා පහකින් වටවෙලා. විප්ලවය සාර්ථක වුණානම් ඒ දේශ සීමා හරහා ආර්ජන්ටිනාව, චිලි, බ්‍රසීලය, පැරගුවේ, පේරු කියන රටවලට ගිහින් විප්ලව ආරම්භ කරන්නට අප හිතාගෙන සිටියා.
මතු සම්බන්ධයි.....
අනුර සොලමන්