ඔබේ ව්‍යාපාරයත් අසාර්ථක වුනාද ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ඔබේ ව්‍යාපාරයත් අසාර්ථක වුනාද ?

ඔබේ ව්‍යාපාරයත් අසාර්ථක වුනාද


attachment.php


ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක් මොනයම් වූ හේතුවක් මත කඩා වැටෙන්නටත් ඇති. සිතේ දිරියෙන් ගතේ වීර්යයෙන් ඔබ ආරම්භ කල ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී යම් තැනකදී ඔබ තව දුරටත් ඉදිරියට යා නොහැකිව හිර වෙන්නත් ඇති. සමහරවිට පාඩු ලබමින් තවමත් ඔබ ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යනවත් ඇති. ඔබ මේ කුමන තැනක හිටියත් ඔබ ව්‍යාපාරය සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති බව නම් පැහැදිලියි.



ගැටළු නැතුව අභියෝග වලට මුහුණ නොදී බිස්නස් කරන්න බැහැ. ඒ වගේම යම්කිසි හේතුවක් නිසා ඔබේ ව්‍යාපාරික ගමන අඩපණයි නම්, තව දුරටත් ඉදිරියට යාම දුෂ්කරයි නම්, පටන් ගත්ත ව්‍යාපාරය ඒ දුෂ්කරතා මැද කඩා වැටිලා නම් ඔබ මොකද කරන්නේ. වැඩේ අතැරලා දානවද? නෑ. ඔබට දියුණු වෙන්නට අවශ්‍ය නම්.. ඔබට ජීවිතය දිනන්නට අවශ්‍යයි නම් කිසිම හේතුවකට ඔබ පරාජය විය යුතු නැහැ. එත් ඔබ දැනටමත් පැරදිලා නම්…



ඉතින්… ඔබට කොතනද වැරදුනේ?

අපි ඔබට දක්වන මේ කරුණු එකින් එක ඔබේ ව්‍යාපාරය සමඟ සම්බන්ධ කොට බලන්න. එවිට ඔබට වැරදුන තැන හරියටම හසුවේවි.



ඔබේ ව්‍යාපාරය ( Business ) හරියට සැලසුම් කලාද ?
ඕනෑම ව්‍යාපාරයක පැවැත්මට එය ආරම්භයට පෙර කරනු ලබන නිවැරදි සැලසුම් වඩාත් තදින් බලපානවා. ලොව බොහෝ දුර දිග දකින ව්‍යාපාරිකයින් යම් ව්‍යාපාරයක් ආරම්භයට පෙර එහි පැවැත්ම වෙනුවෙන් එවැනි සැලසුම් රැසක් ඉදි කරනු ලබනවා.

ව්‍යාපාරය සඳහා යට කල යුතු මුල්‍ය පිරිවැය.

භෞතික සම්පත්, සේවකයින් ගණන.

ඔවුන්ගේ වැටුප් සහ ඒවා ගෙවන ආකාරය.

ව්‍යාපාරික අරමුණ යමක් නිෂ්පාදනය කිරීම නම් එම නිෂ්පාදනය පිලිබඳ අධ්‍යනය සහ පුහුණුව.

තාක්ෂනය සහ යන්ත්‍ර සුත්‍ර භාවිතය.

නිෂ්පාදනයේ තත්වය.

ඉලක්ක කරන වෙළඳපොල.

කුමන පාරිභෝගිකයින් සඳහා ද යන වග.

අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ ඉල්ලුම.

වෙළඳපොල හිඩසේ ප්‍රමාණය හා ඔබ එම හිඩස පිරවීමට ඇති හැකියාව.

නිෂ්පාදන වියදම් හා ලාභය පිලිබඳව ගණිතමය සැලසුම්.

බෙදාහැරිම.

විකිණීම සහ ලාභය උපයන ආකාරය.

ණය අයකර ගැනීමේ සැලසුම්.

ආයතනය/ සේවකයින්/ නිෂ්පාදනය/ වෙනත් වත්කම් ආදිය නඩත්තුව පිලිබඳ සැලසුම්.

ආදී බොහෝ දේ පිළිබඳව ඔවුන් එහිදී සැලකිලිමත් වෙනවා. ඉතින් ඔබ ඔබේ ව්‍යාපාරය පිළිබඳව එසේ සකස් කල සැලසුම් ප්‍රමාණවත් ද? එය එසේ නොවේ නම් ලබන අවුරුද්දට යන්න කලින් ඒ වැරැද්ද අදම හදා ගන්න.





ඔබේ ව්‍යාපාරය ( Business ) සැලසුම් කල විදිහටම වැඩ කළා ද?
බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු නොකල ද ඕනෑම ව්‍යාපාරයක පැවැත්ම සඳහා සැලසුම් ප්‍රකාරව වැඩ කිරීම අනිවාර්ය වෙනවා.

” කලින් කළ සැලසුමේ යම් දෝෂයක් තිබුනොත් එය වෙනස් කල හැකිද? ”

දැන් ඔබට එවැනි ප්‍රශ්නයක් ඇති. ඔබ ව්‍යාපාරය ආරම්භයට පෙර නිවැරදිව සැලසුම් කළා නම් එසේ සැලැස්මේ නැවත සකස් කල යුතු වැරදි තියෙන්න බෑ. හැබැයි ඔබේ සැලැස්මේ නව සංවර්ධන සැලසුම් සඳහා නම් ඉඩක් තියෙන්න පුළුවන්.

මෙන්න මේ වැඩේ හරියට කරගෙන යන්න තමයි ඕනෑම ආයතනයක ඉදිරි දැක්ම තිබෙන නායකයකු අවශ්‍ය වන්නේ. ඔබේ ව්‍යාපාරයේ නායකත්වය නිසැකවම හිමිව ඇත්තේ ඔබට බව අපි දන්නවා. ඒ නායකත්වය යම් තැනක දුර්වල වුණා නම් එය සමස්ත ව්‍යාපාරයේම කඩා වැටීමට තදින්ම බලපානවා. අන්න ඒ නිසා දැන් ආපස්සට හැරිලා බලන්න ඔබේ නායකත්වයේ දුර්වලතා ඉස්මතු වුනේ කොතනින් ද. ඔබට ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නට අපහසු බව දැනුනේ කවද ද ? එදා ඔබ ගත තීන්දු තීරණ මොනවා ද? ඒ තීන්දු තීරණ ගනිද්දී ඔබ වරක් දෙවරක් නොව දහස් වාරයක් කල්පනා කලාද? සැලසුම් කලාද? නො එසේනම් අදම ඒ වැරදි ටික හදාගෙන නව වසරේදී හෝ ඔබේ ව්‍යාපාරය දියුණුව කරා රැගෙන යන්නට අවැසි පියවර ගන්න. නිවැරදි සැලසුමකට වැඩ කරන්න.



සුපිරි කණ්ඩායමක් ඔබට හිටිය ද?
සාමුහුකත්වය නොඑසේ නම් කණ්ඩායම් හැඟීම ඕනෑම ව්‍යාපාරයක දියුණුවට ඉතා ප්‍රබල ලෙස බලපානවා. සමහර විට ඔබේ කුඩා ව්‍යාපාරයේ කණ්ඩායම ඔබේ පවුලේම සාමාජිකයන් වෙන්න ඇති. ඔබේ අම්මා, තාත්තා, සැමියා/ බිරිඳ, දුව, පුතා සහ වෙනත් නෑදෑයින් මේ කටයුත්තට හවුල් කර ගන්න ඇති. සමහර විට පිටස්තර සේවකයෝත් ඔබේ ව්‍යාපාරයේ කොටස්කරුවෝ හෝ සේවකයෝ වෙන්න පුළුවන්. ඔවුන් කවුරු වුණත් ඔබ ඔවුන් සමඟ වැඩ කල ක්‍රමය ඔබේ ව්‍යාපාරයේ පැවැත්මට බෙහෙවින් බලපානවා.

සාමුහිකත්වය ගැන කතා කිරීමේදී එය එය ආයතනය ඇතුලට පමණක් සිමා වෙන්නේ නැහැ. ඔබට දියුණු වෙන්න අවශ්‍ය නම්.. නොවැටී පවතින්නට අවශ්‍ය නම් ගනුදෙනු කරන සියලු පිටස්තර ආයතන සහ පුද්ගලයින් සමඟ වඩාත් යහපත් සාමුහිකත්වයක් ගොඩ නගා ගැනීම අනිවාර්යයි. එහිදී හොඳ හිත සමඟ මිත්‍රත්වයේ ඇත දිගු කරන්නට ඔබ ලෝභ විය යුතු නැහැ.

එසේම එහිදී ඔබටත් ඔබේ ඔබේ ව්‍යාපාරික මිතුරන්ටත් අන් කිසිවෙකුටත් හානිදායක නොවන ව්‍යාපාරික උපක්‍රම භාවිතා කරන්නට සිදු වුනොත් ඒ සඳහාත් ඔබ පසුබට විය යුතු නැහැ. මෙන්න මේ ක්‍රමවේදය පසුගිය වසරේ ඔබට මඟ හැරුනා නම් ආපහු ඒවා අල්ලා ගන්නතත් ක්‍රියාත්මක කරන්නටත් දැන් කාලේ හරි.







අභියෝගවලට මුහුණ දුන්නද නැත්නම් පැනලා දිව්වද?
බොහෝ දෙනෙක් ව්‍යාපාරයක් වෙනුවට රැකියාවක් තෝරාගන්නට පෙළඹෙන ප්‍රධානතම හේතුව තමයි අභියෝගවලට මුහුණ නොදී නම් කවදාවත් දිගු ගමනක් යන්න බෑ. ඔබ අද දකින දැවැන්ත ව්‍යාපාර සියල්ලම පාහේ අභියෝගයක් නැතිව එක වර නැගී සිටි ව්‍යාපාරයක් නෙමෙයි. සමහර විට තම ව්‍යාපාරය ආරම්භයේදීම ඔවුන් අසාර්ථක වුනා. ඒ අසාර්ථකත්වය පාඩමක් කරගෙන නැවත වෙනත් සැලසුමක් හරහා නැගී සිටියා. තරඟකාරී දැවැන්ත ආයතන පුංචි බිම්මල් පොහොට්ටු වගේ ඔවුන්ව පාගලා බිමට සමතලා කරලා දැම්මා. එත් ඔවුන් සෙමින් සෙමින් හිස ඔසවා නැගී සිටියා. වසර කිහිපයක්ම පාඩු පිට දුවපු ආයතනත් ඒ අතර තිබුනා. හැබැයි ඔවුන්ට එක පැහැදිලි අරමුණක් තිබුණා. ඒ තමයි කුමන බාධකය පැමිණියත් ඊට නොබියව මුහුණ දෙමින් කවදා හෝ ජයග්‍රහණය හිමි කරගන්නා බව.

එසේ බාධක මැදින් වෙළඳපොල ජයගත් නිෂ්පාදන රැසක් අද ඔබේ නිවසේ මුළුතැන්ගේ දුවගේ පුතාගේ පොත් මල්ලේ ප්‍රථමාධාර පෙට්ටියේ පවා තිබෙනවා. මොකද අද ඔවුන්ට නොමිලේ වෙළඳ දැන්වීම් අවශ්‍ය වන්නේ නැහැ. එදා කාත් කවුරුත් දැනගෙන හිටියේ නැති.. කවුරුත් ගණන් ගත්තේ නැති.. සමහරු බැනලා පාරට විසි කරලා දාපු නිෂ්පාදන දැන් ගොඩක් ජනප්‍රියයි.



ඉතින් ඇයි ඔබට තවමත් දියුණු වෙන්න බැරි වුනේ. ඒ ඔබ අභියෝග හමුවේ පසු බැස්ස නිසයි. බැරි බැරියාවේ ආකල්ප මත ඔබ මානසික වශයෙන් කඩා වැටුන නිසයි. එක දවසක ලෝකේ ලොකුම ව්‍යාපාරය බවට පත් වුනත් පත්වෙන්නට හැකියාව තිබුණු ඔබේ ව්‍යාපාරය අභියෝග වලට බයේ ඔබ අත හැර දැමු නිසයි.

ඉතින් දැන් ඒ මෝඩ කමට සමුදෙන්න. කාලේ හරි, නැගිටින්න. අපි කල වැරදි ආපහු හදාගෙන.. කාටවත් අත නොපා කාගේවත් ළඟ හිස නොනමා තනිව නැගිටින්නට යැයි හිත ඉල්ලන ඔබේ ඒ ව්‍යාපාරික සටන නව මුහුණුවරකින් පටන් ගමු.



source : http://thewoman.lk/business-issues-raise-beginning/
 

Attachments

  • Business thewoman.lk.jpg
    Business thewoman.lk.jpg
    66.5 KB · Views: 255
  • Like
Reactions: hchri

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    පළමු වියාපාරය බිඳ වැටුනා business partner වංචාකරා.
    දෙවන වියාපාරය මිලියන ගානක වියාපාර අදහස,මග පෙන්වීම,තනිවම ගොඩනැගූ customer base සමගම business partner බලෙන් අයිති කර ගත්තා.

    තව එකෙකුට හිඟා කකා හිඟා කන කාලෙක 1M දුන්නා, මාස 6 කට පාස්සේ extra රු. 60,000 දුන්නේ ඇපයට තැබූ වාහනය ට ( නවත්වා තැබූ ) rent අඩු කළ පසුවයි.

    මාගේ අදහස් මගින් ගොඩ නැගූ වියාපාරකින් 100 M උපයාගත් සමාගමක් පොරොන්දුවූ ලාභයෙන් 2% නොදී මග හැරියා.

    නීතිය ඇති, අවංක රටක හිටියා නම් අපිත් සල්ලි කාරයෝ තමයි.

    තවත් බොහෝ වියාපාරික අදහස් තිබුනත් අයේ නම් වෙනත් අයට පිනට දෙන්නේ නැත.
     

    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    පළමු වියාපාරය බිඳ වැටුනා business partner වංචාකරා.
    දෙවන වියාපාරය මිලියන ගානක වියාපාර අදහස,මග පෙන්වීම,තනිවම ගොඩනැගූ customer base සමගම business partner බලෙන් අයිති කර ගත්තා.

    තව එකෙකුට හිඟා කකා හිඟා කන කාලෙක 1M දුන්නා, මාස 6 කට පාස්සේ extra රු. 60,000 දුන්නේ ඇපයට තැබූ වාහනය ට ( නවත්වා තැබූ ) rent අඩු කළ පසුවයි.

    මාගේ අදහස් මගින් ගොඩ නැගූ වියාපාරකින් 100 M උපයාගත් සමාගමක් පොරොන්දුවූ ලාභයෙන් 2% නොදී මග හැරියා.

    නීතිය ඇති, අවංක රටක හිටියා නම් අපිත් සල්ලි කාරයෝ තමයි.

    තවත් බොහෝ වියාපාරික අදහස් තිබුනත් අයේ නම් වෙනත් අයට පිනට දෙන්නේ නැත.




    bmp