චීස් කේක් එකක් හදමු ද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
චීස් කේක් එකක් හදමු ද

රස වෑහෙන චීස් කේක් එකක් හදමු ද​


attachment.php

විවිධ රසට කේක් කන්න කැමති කාටත් අපුර්ව ගෙනත් දෙන කේක් එකක් තමයි මේ චීස් කේක් කියන්නේ. බේක්ඩ් ලෙමන් චීස් ( Cheese ) කේක් නමින් හඳුන්වන මෙම චීස් කේක් එක ඔබත් සාදා රස බලන්න.



චීස් ( Cheese ) කේක් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් ග්‍රෑම් 250 ක්

උණු කරගත් ලුණු රහිත බටර් ග්‍රෑම් 60ක්

කාමර උෂ්ණත්වයේ තබාගත් ක්‍රීම් චීස් කිලෝ ග්‍රෑම් 1ක්

සීනි ග්‍රෑම් 300ක්

කොන් පිටි ග්‍රෑම් 50ක්

සම්පුර්ණ බිත්තර 3ක් ( කාමර උෂ්ණත්වයේ තබාගත් )

බිත්තර කහමද 3ක් ( කාමර උෂ්ණත්වයේ තබාගත් )

ලොකු ලෙමන් ගෙඩියක ග්‍රේට් කරගත් ලෙලි හා යුෂ

මස්කාපොන් චීස් හෝ හෙවී ක්‍රීම් ග්‍රෑම් 300ක්

වැනිලා තේ හැඳි 1ක්

අඟල් 9 විෂ්කම්භය ඇති රවුම් කේක් තැටියක්




චීස් ( Cheese ) කේක් එක සාදා ගන්නා ආකාරය
පළමුව අවන් එක සෙල්සියස් අංශක 150 ට සකසා ගන්න. කේක් තැටිය ගෙන බටර් ගා තෙල් කඩදාසිය දෙකට, හතරට, අටට නමා තැටියේ අරය මැන කතුරෙන් රවුමට කපා ගත පසු රවුම් කොටසක් ලැබේ. එය තැටියේ අතුරා ගැනීම පහසුය.

බිස්කට් ටික ඉටි කවරයක් ඇතුළට දමා හොඳින් වසා රෝලින් පින් එකෙන් තලා ගන්න. එය හොඳින් කුඩු විය යුතුයි. දැන් බෝල් එකක් ගෙන එයට බිස්කට් කුඩු දමා ගන්න.

බටර් කොටස ගෙන උණු කර ගන්න. එය මයික්‍රෝවේව් අවන් එකේ තබා ද උණු කරගත් හැකියි. ඒ සඳහා බටර් සහිත බඳුන විනාඩි 2ක් අවන් එකේ තැබීම සෑහේ.

දැන් බිස්කට් කුඩු දැමු බඳුනට උණුකර ගත බටර් සහ සීනි මේස හැන්දක් දමන්න. එම මිශ්‍රණය හොඳින් කවලම් කරන්න. දැන් සකසා ගත තැටියට බිස්කට් මිශ්‍රණය දමා ගානට තද කර ( එය හැන්දකින් හෝ පිරිසිදු විදුරුවක අඩියෙන් තට්ටු කර ) පෙර රත් කරගත් අවන් එකට දමා සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වයේ බේක් කර ගන්න.

විනාඩි 10කින් පසු පිටතට ගෙන තබන්න. වෙනත් බඳුනක් ගෙන එයට ක්‍රීම්, චීස්, සීනි, කොන් පිටි දමා හොඳින් බේක් කර ගන්න. මෙය මඳ වේගයකින් බීට් කර ගත යුතුයි.

එම මිශ්‍රණය හැන්දෙන් එක්තැන් කර නැවත බීට් කරන්න. වෙනත් බඳුනක් ගන්න. එයට සම්පුර්ණ බිත්තර 3 සහ බිත්තර කහ මද 3 දමන්න. එය චීස් ( Cheese ) මිශ්‍රණයට ටික ටික දමමින් පරිස්සමට මඳ වේගයෙන් බිට් කරගන්න.

පසුව මස්කාපොන් චීස් ( Cheese ) හෝ හෙවී ක්‍රීම්, වැනිලා, ලෙමන් යුෂ, බිට් කරගත් ක්‍රීම් චීස් මිශ්‍රණයට දමා නැවතත් මෘදුව බීට් කරගන්න.

පසුව පෙර බිස්කට් දමා බේක් කරගත් තැටිය ගෙන එහි උඩ වටේට බටර් ගා ගන්න. සකසා ගත් මිශ්‍රණය බිස්කට් මිශ්‍රණය උඩට දමා උඩට දමා Flat Knife එකෙන් මට්ටම් කරගන්න.

වෙනත් ලොකු බේකින් තැටියක් ගන්න. ඒ මත අත පිහදාන පිරිසිදු ලේන්සුවක් නමා දමන්න. කේක් මිශ්‍රණය සහිත තැටිය යටින් ෆොයිල් කොළ ඔතා ගන්න. දැන් එම කේක් තැටිය රෙදි කොටස එලා ගත් තැටිය මතින් තබන්න.

වෙනත් බඳුනක වතුර හොඳින් උතුරුවා ගන්න. පෙර රත් කරගත් අවන් එක විවෘත කර ඒ තුල කේක් තැටිය දමන්න. දැන් රත් කරගත් වතුර රෙදි කොටස එලාගත් තැටියට දමන්න. ඒ තැටියෙන් අඩකට වතුර දැමීම සෑහේ. දැන් විනාඩි 70ක් සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයේ බේක් වීමට තබන්න.

විනාඩි 70 පසු වූ පසු අවන් එක ඔෆ් කරන්න. එහෙත් අවන් එක විවෘත කරන්න එපා. එලෙස පැය 2 – 3ක් තබා අවන් එකෙන් පිටතට ගන්න. ඉන් පසුව එම කේක් එක සම්පුර්ණයෙන්ම නිවෙන්නට තබන්න.

පසුව කේක් එක ලන්ච් ෂිට් එකකින් සම්පුර්ණයෙන්ම කවර්කර හොඳින් සෙට් වන තුරු අවම වශයෙන් පෙය 4ක් හෝ සම්පුර්ණ රාත්‍රියක් ශීතකරණයේ තබන්න. සංග්‍රහ කිරීමට පිටතට ගත පසු රත්කරගත් පිහියක් ගෙන උණු වතුරේ බහා තෙත් කරගෙන පසුව කේක් එක කපන්න. මෙම කේක් බෙරි කොයුලිස් සමඟ පිළිගන්වන්න.



බෙරි කොයුලිස්

මෙම බෙරි කොයුලිස් සැදීමට සම ප්‍රමාණ වලින් ස්ට්‍රෝබෙරි, රාස්බෙරි සහ බ්ලු බෙරි භාවිත කරයි. ඒ සඳහා එම ද්‍රව්‍ය ග්‍රෑම් 125 බැගින් ගෙන එයට සීනි ග්‍රෑම් 75ක් දමා බ්ලෙන්ඩ් කර ගන්න. මෙය හොඳින් පෙරා ශීතකරණයේ තබා සිතලකර පිළිගන්වන්න. ඔබට ලබා ගත හැක්කේ ස්ට්‍රෝබෙරි පමණක් නම් ඉහත ක්‍රමයට එය සකසා චීස් කේක් සමඟ පිළිගන්වන්න.




source http://thewoman.lk/cheese-cake-delicious-cake-recipe/
 

Attachments

  • Cheese cake thewoman.lk 2.jpg
    Cheese cake thewoman.lk 2.jpg
    27.1 KB · Views: 275

naziz

Banned
Jun 23, 2018
80
10
0
උදේට ඔසුපැන් දවල්ට ෆ්රුට්ජුස් හවසට ඉතින් සුප් තමයි