යුරෝ4

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ (Euro 4) ප්‍රමිතියෙන් යුතු ඉන්ධන


    ජූලි මාසයේ සිට දැනට භාවිතා වන ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ ෆෝ (Euro 4) ප්‍රමිතියෙන් යුතු ඉන්ධන හඳුන්වා දීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබීම එම කතාවයි. මෙම නවතම පුවතට පාදක වී ඇත්තේ 2018 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලියේ එන යුරෝ ෆෝ කාබනික දුම් පිළිබඳ ප්‍රමිතිය හඳුන්වා දීමේ යෝජනාවයි.

    යුරෝ ෆෝ ලෙස හඳුන්වනු ලබන්නේ යුරෝපා කොමිසම විසින් දෙන ලද ප්‍රමිතියකි. මෙම ප්‍රමිතිකරණය කරන ලද ඉන්ධන යුරෝ ෆෝ ඉන්ධන ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව යුරෝ ෆෝ යනු පෙට්‍රල් ඩීසල් මෙන් ඉන්ධන නාමයක් නොවේ. අද වනවිට යුරෝපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක මේ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන භාවිතය ආරම්භ කර ඇත.

    වායු දූෂණය අවම වීම හා පරිසර හිතකාමීබව ඉහළ මට්ටමක පැවතීමට මෙම ප්‍රමිතිය ලද ඉන්ධනවල ප්‍රධාන ලක්ෂණයයි. ඊට අමතරව යුරෝ ෆෝ ඉන්ධන භාවිතයෙන් වාහනවල කාර්යක්ෂම බව ඉහළ යන බවද සඳහන් වෙයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු මේ සම්බන්ධව කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තීරණය කර ඇති යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතු රථ වාහන සඳහා මෙම ඉන්ධන භාවිතය අත්‍යවශ්‍ය වනු ඇති බවයි. ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය තුළින් යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතු වාහනවල දෝෂ හටගැනීමේ හැකියාවන් පැවතීම ඊට හේතුවය.

    මෙම ප්‍රමිතිකරණය සමඟ ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව දැනට භාවිත කරනු ලබන ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 148.00ට ද ලංකා සුපර් ඩීසල් රුපියල් 119.00ට ද යන මිල මට්ටමට යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතුව ඉදිරියටත් නිකුත් කෙරෙයි. මෙම නව ඉන්ධන හරහා යම් පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාවට සිදු වුවද එය සංස්ථාව විසින් දරාගනු ලබන බවය. මෙම නව ඉන්ධන හඳුන්වා දීම හරහා ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළෙඳපොළෙන් ඉවත් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි. එසේ වුවද ඉහළ ප්‍රමිතියකින් ඉන්ධන නිතරම භාවිත කරන ලෙස ඉතා ඕනෑකමින් තමන් ඉල්ලා සිටින ඉව ද ඔහු සඳහන් කර තිබිණි.

    ශ්‍රී ලංකාව සඳහා යුරෝ ෆෝ ඉන්ධන භාවිතය ආරම්භ වන විට ලෝකය තුළ යුරෝ ෆෝ ප්‍රමිතියෙන් යුතු රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ද යෝජනා පළවිය. ඒ අනුව ආරක්ෂිත බවින් ඉහළ, පරිසර හිතකාමී, වායු දූෂණය අවම වාහන ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට ඉඩ ඇත. 1992 වර්ෂයේදී යුරෝපා කොමිසම යුරෝ වන් (Euro 1) හඳුන්වා දීමත් සමඟ ආරම්භ වූ මෙම පරිසර හිතකාමී ප්‍රමිතිකරණය අද වනවිට යුරෝ සික්ස් (Euro 6) දක්වා ඉදිරියට පැමිණ තිබේ.

    මුළු මහත් ලෝකයම පරිසර හිතකාමී තාක්ෂණික දියුණුවක අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.

    එවන් තත්ත්වයන් තුළ මෙරටට ද යුරෝ ෆෝ හඳුන්වා දීම යම් සාධනීය කටයුත්තක් ලෙස හැඳින්විය හැකිය. එසේම වඩාත් පුළුල් වැඩපිළිවෙළක් හරහා වායු දූෂණය අවම කිරීමේ හා පරිසර සංරක්ෂණය සිදු කිරීම අද වනවිට යුගයේ අවශ්‍යතාවයක්ව පවතී.


    source - https://www.petroleummin.gov.lk
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    auto mobile ගැන දන්නා කෙනෙක් කියන්න කො ඕවා අපේ hybrid නොවන (පරණ) වාහන වලට දැම්මට වැඩක් තියනවද කියල. මට මතකය් මේකේ කව්රුහරි කිව්වා indian bike බොහොමයකට, පාරණ car බොහොමයකට 95 ගහන එකත් වැඩක් නෑ කියලා
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Euro 3 තියනවා IOC එකේ. දවස් 2ද කොහෙද නෝමල් පෙට්‍රෝල් නැතුව මන් ඕක ගහන් ගියා. එහෙම වෙනසක් නන් නැ. ඒ උනාට මොකක්හරි ඇති.

    "XtraPremium Euro 3 is recommended by the Ceylon Motor Traders Association, for all petrol engines. XtraPremium offers the best engine performance, and helps contribute towards a greener environment."


    logo-car.png
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,826
    1,441
    113
    ගෙදර
    auto mobile ගැන දන්නා කෙනෙක් කියන්න කො ඕවා අපේ hybrid නොවන (පරණ) වාහන වලට දැම්මට වැඩක් තියනවද කියල. මට මතකය් මේකේ කව්රුහරි කිව්වා indian bike බොහොමයකට, පාරණ car බොහොමයකට 95 ගහන එකත් වැඩක් නෑ කියලා

    :nerd::nerd:
     
    • Like
    Reactions: jsandun

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යුරෝ 4 පෙට්‍රල්
    ඊයේ මම හා හා පුරා කියලා වාහන දෙකටම මේ තෙල ගැහුවා

    150 නොර්මල් කරන්නේ 95 ට 7.4 KM / L
    නමුත් ඊයේ මාතර කොලබ - තිස්ස total 540 km 9.8 km/l කළා :love::love:


    නෝනගේ CHR එක 15.1 කළා .

    මටනම් හිතෙන්නේ මේ යුරෝ 4 එක නම් මරු. එකම අවුල තෙල් සංස්ථා තෙලේ මි
    ල වැඩිකළ එකට.