අහසින් තරුවක් කඩා වැටෙනවා
විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරන මේ ගීතය ( Song ) ” අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ ” ඉතාමත් ජනප්‍රිය ගීතයක් ( Song ) . මේ ගීය ලිව්වෙ ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන් විසින්.
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ
අහසයි වැළපෙන්නේ …
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ
සුළඟයි වැළපෙන්නේ …..
පෑහිමක් නැ නොකෙරෙන දීගේ සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ
හිත හොද වැඩිකමලූ …
මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ ….
Song
අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ ( Song ) සැඟවුන අරුත
තරුවක් කඩා වැටෙන වෙලාවට ඒ දිහා බලාගෙන මොකක් හරි ප්‍රාර්ථනා කලොත් ඒ දේ ලැබෙනව කියල කතාවක් තියනව..
ඒක කොහොම උනත් අහස දිහා බලාගෙන ඉන්නකොට මට මේ ගීය මතක් උනා..ආදරයෙදි කෙනෙකුගේ හැරයාම අනිත්කෙනාට දැනෙනෙ විදිය ගැන කියවෙන මේ ගීය හිතට ගෙනාවෙ සියුම් කම්පනයක්..තරු පිරිච්ච අහස යට ඉඳගෙන කල්පනා කරන මේ වෙලාවේ තරුවක් ගැන කියල ඇරඹෙන ගීතයක් තමයි මේ..ඒත් මේ ගීතයෙන් කියවෙන්නේ තරුවක් වගේ ලස්සන කතාවක් නම් නෙමෙයි.ඒක දුක හිතෙන කතාවක්.මේ ඒ කතාවයි…
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ
අහසයි වැළපෙන්නේ …
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ
සුළඟයි වැළපෙන්නේ …..
අහසින් තරුවක් වැටෙනව.තරුවට ඒකේ ගානක් නෑ..ඒත් දුක් වෙන්නෙ අහසයි..මොකද තරුව දරාගෙන උන්නෙ අහස. ආදරෙත් මේ වගේමයි. ඇයගෙන් ඔහු වෙන්වෙලා.ඒත් ඔහුට ගානක් නෑ..ඔහුට ආදරය කරපු ඇය ලතවෙනව..
සුළගට මලක් වැටෙනවා .ඒක සාමාන්‍යයි..ඒත් මෙතන වැටෙන්නේ නෑඹුල් මලක්.මලේ සුවඳ විදිමින් මල වටා ගියපු සුළඟ ඒ වැටුන මල වෙනුවෙන් දුක් වෙනව..
මේ ආදර කතාවෙ ඔහු හිටියෙ එක තැනක. හිත දැඩියි… ඒත් ඇය එහෙම නෙමෙයි ඇය ඔහුට නොසෑහෙන්න ආදරය කලා. මේ හැරයාම ඇයට වේදනාවක්…ඔහු තරුවක් වෙද්දි අහස වගේ වැලපෙන ඇයම ඔහු මලක් වගේ වැටෙද්දි සුළඟ වෙලා වැලපෙන්නේ ඒ නිසයි..

හෙවනැල්ලක් ඇද නෑ..භෞතික වස්තුවේ හැඩය යම්සේද හෙවනැල්ලත් ඒ ආකාරමයි..ඒත් මෙතන කතාවෙ හෙවනැල්ල ඇදවෙලාලු.ඒ කියන්නෙ නැති වැරදි සෙවීමක්.ඔහුට ඇයගෙන් ඈත් වෙන්න ඕන..ඒත් ඔහුට ඒ සඳහා සාධාරණ හේතුවක් නෑ.ඔහු ඇයගේ නැති වැරදි හොයනව.
මොකද්ද මේ දවල් වැටුන වලේ කතාව.සාමාන්‍ය කියමන නම් රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියන කියමනයි.නමුත් මෙතැන ඒකෙ අනිත් පැත්තයි කියැවෙන්නේ..ඒ කියන්නෙ දවල් පෙනි පෙනි වැටුන වලේ රෑත් වැටිල..ඒක මේ විදියයි..ඇය එක පාරක් රැවටීමකට ලක්වුන තරුණියක්..ඒත් ඇය දෙවනි වතාවටත් ඔහුව විශ්වාස කරල ආයෙමත් රැවටීමකට – අමාරුවෙ වැටීමකට ලක්වෙනවා ..පළවෙනි පාර නොදැන. දෙවනි වතාවට පළවෙනි පාර සිදුවීම පාඩමකට නොගෙන විශ්වාසය මත , හිත හොඳ වැඩි නිසාවූ රැවටීමක්.
මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ ….
සියුම් උපහාසයකින් ඇය ඔහුට පහර ගසන්නේ මෙතනදි..ඔහු වෙනත් විවාහයකට සැරසෙනව..මෙච්චර කාලයක් තමන් එක්ක හිටිය ඔහුට තමන්ව අගේ නැතිවෙලා වෙනත් කෙනෙකුගේ අත් ගැනීමකට සැරසෙද්දි ඇය මෙහෙම කියනව.මට වඩා හොඳ පත්තිනියක් කොහෙද..එහෙම කෙනෙක් හොයාගෙන ආවොත් එදාට මම ඇස් කූඩෙන් වතුර අදින්නම්.ඇස් කූඩය කියන්නේ ලොකු සිදුරු තියන් කූඩයට.ඒකන් වතුර අදින්න බෑ..හිල් වලින් වතුර එළියට එනව.. පත්තිනි දේවිය වගේ කියල කියන්නේ පතිවත සුරකින සුපිරිසිදු කාන්තාවන්ට.
තේරෙන්න කිව්වොතින් ඇය කියන්නෙ මෙහෙමයි..මාව අතහැරල ගිහින් ඔය ගේන කෙනා පත්තිනි අම්ම වෙනවනම් මම එදාට හිල් කූඩෙකට වතුර ඇදල පෙන්නන්නම් කියල.
ආදරයෙදි කෙනෙක් තමන් හැරදාල යන එකත් තමන් විසින් අනෙකාව හැරදමා යන එකත් දෙකක් නෙමෙයි එකක් ..දෙපැත්තෙන් කෙනෙකුට රිදෙනව..ඉතිං මේ වගේ සුන්දර වදන් වලින් මේ ගීය ලිව්වෙ ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන්.මේ ගීය බිහිවුනේ මොන කාලෙද කියල අහගන්න බුලත්සිංහල මහතාණන්ව සම්බන්ධ කරගන්න කීහිප පාරක් උත්සාහ කලත් දුරකථන මාර්ගවල තිබූ අවහිරතාවක් නිසා එය බැරිව ගියා..කොහොම හරි ඒදේ මම ඉස්සරහදි අහල ලියන්නම් …සංගීත වේදී එච් .එම් ජයවර්ධන සංගීතවත් කල මේ ගීය ගැයුවෙ අකාලයේ කඩා වැටුන තවත් තරුවක්….ඒ කවුද කියල ඔබ දන්නව ..
source http://thewoman.lk/song-music-malli/
අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ සැඟවුන අරුත

Attachments
Last edited: