උපුටා ගත්තේ - අරුණාලෝකය Group එකට Chinthaka Wijayaweeraපළකල ලිපියකින්
තායි බුරි
තායිලන්තයේ යන යන තැන බුරිය.
මගේ සිත පැහැර ගත් බුරිය කාන්චනා බුරියයි.
ප්‍රෙචා බුරි, රත්චා බුරි, ප්‍රාන් බුරි, සුපාන් බුරි, නොන්ත බුරි ආදී බොහෝ බුරි තිබේ.
තායි බසින් බුරි යනු අපේ පුර මැයි. කාන්චනාබුරි යනු කාන්චනා පුර ය.
සංස්කෘත මූලයෙන් 'නගරය' ට යෙදෙන 'පුර' ආසියාව පුරා පැතිරෙන විට පුර, පූර් , බුරි ආදී ලෙස පරිණාමය වී තිබේ.
සිංගපූර් , ක්වාලාලම්පූර්, නාග් පූර්, අනුරාධ පුර ...
තායි බස සංස්කෘත-පාලි මූලයෙන් යුතුව චීන බාශාවෙන් වර්ධනයවූ එකකි.
පාලි හා සිංහල එකම මුලයක් නිසා තායි බසේ කිමිදුන හොත් එම පොදු සාධක දැකිය හැකි වේ.
බැංකොක් සිට කාන්චනා පුර වෙත යන ගමනේ අතරමඟ හමුවන නගරය නඛොන් පථෝම් ය. සුප්‍ර සිධ 'ප්‍රා පතෝම් චේදී' දාගැබ තිබෙන්නේ එහිය.
'නඛොන් පථෝම්' හා 'ප්‍රා පතෝම් චේදී' තායි බාශාවේ භාවිතා වන ස්ථාන නාමය. සිංහල අපට එක වරම එහි තායි වචන මිස වෙන යමක් නොහැඟේ .
එහි ඇති ප්‍රා පතෝම් චේදී චෛත්‍යය එමරටේ පිහිටි වෙනත් දෑගැබ් වල රූපයට වඩා වෙනස් ව ලාංකික චෛත්‍යයක හැඩ යෙන් තනා ඇත.
එම දාගැබ සියමේ මුල්ම දාගැබ බවත්, එම නගරයටද ප්‍රථම නගරය කියන බවත් එම වෛත්‍ය කර්මාන්තය සඳහා සඳහා සිංහලේ දාගැබ් ඉංජිනේරුවන් ගේ සහාය ලැබුන බවත් එහි ගිය විට දැනගන්න ලැබුණි.
එම කරුණ සමගම මේ නම් වල අරුත් ද ඔබට වැටහෙනු ඇත.
සිංහල බසේ විශේෂනය මුලටත් නාම පදය අගටත් යෙදෙන නමුත් තායි බසේ එය අනික් පැත්තටය.
අපට Yellow Taxi එහි Taxi Yellow ය
අපට හොඳ ළමයා එහි ළමයා හොඳ ය.
'නඛොන් පථෝම්' යනු 'නගරය ප්‍රථම' ය . ප්‍රථම නගරය තායී ඌරුව අනුව 'නගරය ප්‍රථම' වේ.
'නගරය ප්‍රථම' අද වනවිට 'නඛොන් පථොම්' ලෙස පරිණාමය වෙලා !
ප්‍රා යනු ගරු, ශුද්ධ අරුත ට යෙදෙන වචනයකි .
ඒ අනුව ප්‍රා පථොම් චේදී යනු ශුද්ධ වූ ප්‍රථම චෛත්‍යය වේ.
නඛොන් පතොම් ප්‍රා පතොම් චේදී යනු ප්‍රථම නගරයේ ගරු ප්‍රථම චෛත්‍යය වේ !.
තායි ජාතිකයින් කතා කරන විට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.
නමුත් ආසියාව පුරා බස් වහරේ සංස්කෘත මූලයන් ගෙන් නිපන් ශබ්ධ, වචන කෙතරම් පැතිර තිබේද කියා තේරෙන්නේ ඒ කතා බස් තුලට රිංගා බැලූ විට.
මතක ඇති ලෙස තායි - සිංහල :
භූත් -බුද්ධ
මාදා, මෑ - , මව (මාතා)
බීදා - තාත්තා (පීතා )
දරූනී - තරුණිය
දාරූන් - තරුණයා
නංග් - ගැහැණිය (නංගි)
ස්ද්ස්ත්‍රී - ස්ත්‍රිය
ගූමාරී - නව යොවුන් කෙල්ලෙ , කුමාරිය
ගාන්‍යා - කන්‍යාව , තරුණිය
බූත් - පුත්‍ර
බූත්‍රී - දුව
ගබිල ඵාත් - කපිල වස්තු පුරය
අතී - සතිය
සප්දා - සතිය (සත් දින)
රෝත් - රථය
නමත් සගාන් - නමස්කාර
බූචා - පූජාව
විසාකා බූජා - වෙසක් පූජාව
සංචාරයේ දී අසමානකම් ලෙස පෙනෙන සමාන කම් දැනුන විට ඇතිවන්නේ අමුතු සොයාගැනීමක් කළාය යන වින් දනයකි.
T F S 


