විදග්ධ පුක් ශෝධක (Sophisticated Arse Wiper).
.
ප්‍රතිවාදියන්ගේ දේශපාලනික තර්ක බුද්ධිමය සංවාදයක් තුළින් පරාජය කිරීම වෙනුවට, ප්‍රතිවාදියාට නම් පටබඳිමින් අපහාස කරමින් මර්ධනය කිරීම එළකිරියට පමණක් ආවේණික කරුණක් නොව මුළු ලංකාවේම පක්ෂ/විපක්ෂ භේදයකින් තොරව එක සේ පවතින ප්‍රවනතාවයකි.
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සුනිමල් හා තවත් නම් කිහිපයකින් රාජපක්ෂ ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම සාධාරණීකරණය කළ එළකිරි පරිශීලකයෙකුට එජාප හා ආණ්ඩු විරෝධී පිරිස් විසින් එක්ව රතු කොටු 11ක් ලබා දී තිබුණේ ඒ අනුවය. (එම පුද්ගලයා නුසුදුසු ලෙස හැසිරුණු අවස්ථා නැතුවාම නොවේ)
වර්තමානය වන විට එම ප්‍රවණතාවය තවත් ඔබ්බට ගොස් ඇති බව ත්‍රෙඩයක් පිරික්සමින් සිටි මට දැකගන්නට ලැබිණ. මාගේ මතකයේ හැටියට යහපාලන ආණ්ඩුව හෝ යූඇන්පීය වෙනුවෙන් පෙනී සිටි එළකිරි පරිශීලකයෙකුට “විදග්ධ පුක් ශෝධක” යන ලේබලය අලවා තිබිණ. අවංකවම එය දුටු විට මට සිනහ ගිය නමුත් ඒ තුළ ඇත්තේ පෙර කී අවාසනාවන්ත තත්ත්වයම බව පසුව කල්පනා විය.
තවත් තැනක සමාජ ජාලාවල පොෂ් වෙන්නේ මෙහෙමයි මැයෙන් ත්‍රෙඩයක් පල කර තිබූ අතර එහි යම් සත්‍ය හා සාධාරණතාවයකින් යුත් කරුණු කිහිපයක් මුලට යොදා අවසානයේ දේශපාලනික කරුණු කිහිපයක් සූක්ෂමව ඔබ්බවා තිබිණ.
“පොෂ් වෙන්න නම් .................. මහතාට, ................... මහතාට හා ..................... වැනි අයටද බැණ වැදීමට අමතක නොකරන්න යනුවෙන් එහි සඳහන් කර තිබිණ. ”
එහි නම් සඳහන් කර තිබූ ඇතැමුන් අන්ත දූෂිතයින් හා ආත්ම වංචාකාරයින් බව යම් දේශපාලනික පසුබිමක් ඇති මා දන්නා නමුත්, සංවිධානාත්මකව සිය දේශපාලන මත සමාජ ගත කරනු වස් නිර්මාණය කර පතුරුවනු ලබන මේවායේ ඇති යටි අරමුණු පැහැදිලි මුත් බහුතරයක් දෙනා ඒවා ප්‍රශ්ණ කිරීමකින් තොරව වැලඳගනු ලබති.
2015 රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් පාවෙන ඡන්ද දායකයෙකු ලෙස මට කිව හැක්කේ විදග්ධ පුක්ශෝධක යන හැඳින්වීම යහපාලනය වෙනුවෙන් පෙනී සිටින්නන්ට පමණක් නොව, රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නන්ටද එක සේ අදාල වන බවය.